ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Tuesday, November 20, 2012
බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඇත්ත තමයි...
ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.
නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ මංදා...
බල්ලොත් එක්ක බෑ වගේම තමයි බූරුවොත් එක්කත් බෑ
නාට්‍යය පටන් ගන්නකොටම රවීන්ද්‍ර ආරියරත්න ඇවිල්ල මතක් කරනව ජංගම දුරකතන තියනවනම් නිහඩ කරගන්න කියල අනි රසිකයොන්ගෙ රස වින්දනයට බාධා නොවීම සදහා. ඒ උනත් ඒක නොතේරිච්ච 3 දෙනෙක් හිටියනෙ 100ක් වත් නොහිටපු ඒ ප්‍රේක්ෂකාගාරෙ. එයාලට කියන්න ඕන බූරුවො කියලද වෙනත් අය කියලද කියල මටනම් තේරෙන්නෙ නෑ. මමනම් හිතන්නෙ චිත්‍රපටියක්, නාට්‍යයක් පටන් ගන්න කලින් ජංගම දුරකතන නිහඩ කරගන්න කියල වෙනම කියන්න ඕන නෑනෙ. මොලේ තියන මිනිස්සුන්ටනම් ඒක තේරෙන්න ඕනනෙ.
දුක හිතෙන සිද්දිය...
කතාවෙ එක තැනක තියනව ඇමති කෙනෙක්ගෙ චරිතය රගපාන විජය නන්දසිරිට හාමුදුරු කෙනෙක් විදිහට වෙස් වලාගන්න වෙන. හැබැයි විජය නන්දසිරි එන්නෙ සපත්තු දෙකකුත් දාගෙන. මම හිතුවෙ එයා ඇමති කෙනෙක් නිසා වෙස්වලාගත්තත් සපත්තු ගලවන්න අමතක වෙච්ච බව පෙන්නනය එහෙම කලේ කියල. හැබැයි නාට්‍යය ඉවර වෙලා ගෙදර එනකොට තමයි දැනගත්තෙ දියවැඩියාව නිසා එතුමගෙ එක කකුලක් කපල බොරු කකුලකින්ය රගපාන්නෙ කියල.
කොහොම උනත් සෑහෙන කාලෙකට පස්සෙ නට්‍යයක් බලල (මට මතක විදිහට අන්තිමටම බැලුවෙ චරිත හතක් එල්පින්ස්ටන් එකේදි වසර ගනනාවකට පෙර ) හොදට සතුටු උනා.
Image Source : http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=2655:q-q-&catid=61:2011-10-16-15-03-23&Itemid=75
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, October 4, 2012
මදැයි කලින් යන්නෙයි කියල කෝච්චියට ආව...
ඊයෙ ඔෆීසියෙන් පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඕන කියල හිතුන. 5 - 5.30 වගේ වෙලාවට එලියට බහිනව කියන්නෙ එපාවෙන වැඩක්නෙ, ඉතින් හිතුවා කෝච්චියේ ගියානම් හොදයි කියල.
ඉතින් පොඩ්ඩක් කලින් ඔෆීසියෙන් පැනපු මම කොහොමහරි 5.30 වෙනකොට බම්බලපිටිය ඉස්ටේශොමට ආව. ඉන්නව ඉන්නව කෝච්චියක් නෑ. ඒ මදිවට මාර විදිහට සෙනග. කොහොමින් කොහොම හරි ගාල්ලට යන සමුද්‍රදේවි ආව. ඒක ගල්කිස්සෙ නවත්තන්නෙ නෑනෙ, රත්මලානට ගිහින් යන එකත් මහ කට්ටනෙ, ඉතින් මම ඒකත නැග්ගෙ නෑ. කොහොමත් ගාල්ල ස්ලෝ එකයි අලුත්ගම එකයි දෙකම ඊලගට එන නිසා.
දැන් 5.55ත් පහුවෙලා. ඔන්න එනව ගාල්ල ස්ලෝ එක. ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඒ මදිවට නැවැත්තුවට පස්සෙ මෙන්න කියපි අලුත්ගම එක අද නෑ කියල. බැලුව එල්ලෙන්න එක දොරක්වත්, විනාඩි 10-15ට වඩා ජීවිතය වටින නිසා එල්ලුනේ නෑ. ඔන්න ඉතින් මාතර එකත් ආව විනාඩි 5ක් විතර පරක්කු වෙලා. එකේ යන්නනම් මොරටුවට ගිහින් ආපහු එන්න එපයි. අනික ඒකෙත් ඇගිල්ලක් ගහන්න බැරිතරම් සෙනග.
ඔන්න ඉතින් තවත් බලාගෙන ඉන්නකොට වෙනද වෙලාවට ඔෆීසියෙන් පිටවෙච්ච එකා දෙන්න එනව ඉස්ටේශොමට වෙනද කෝච්චියෙන් ගෙදර යන්න. මමත් ඉතින් මගේ වගේ නෙමෙයි වගේ පරන පුරුදු 6.27තේම ගෙදර ගියා අනිත් උනුත් එක්ක. බස් එකේ ගියානම් දෙපාරක් ගෙදර.
Image from: http://article.wn.com/view/2012/07/19/China_exports_120_trains_to_Sri_Lanka/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Monday, August 20, 2012
From: Sachi To: Nimal
ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.
අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට කාල එහෙම 10ට විතර කැබ් එකක් ගෙන්න ගත්තලු බෝඩිමට යන්න.
අපි කැබ් වලට අතින් සල්ලෙ දෙන්නෙ නෑ. ණය පතක් තමයි දෙන්නෙ නැත්නම් ක්‍රෙඩිට් හයර් එකක් කියල තමයි ඕකට කියන්නෙ. ඉතින් ගමන ඉවර වෙලා පොඩි පෝරමයක් තියනව පුරවල ඩ්‍රැයිවර්ට දෙන්න. අපේ බුවත් බෝඩිම ගාවට ගිහින් ඕක පුරවන්න පටන් ගත්තලු.
ටික වෙලාවකින් මේක ඩ්‍රයිවර්ගෙ පැත්තට හැරිල, අයියෙ ඔයාගෙ නම මොකක්ද? මිනිහ ඉන්නවලු ඇහුනෙ නෑ වගේ, මේකට මොකටද මගේ නම කියල
අයියෙ, නම කියන්නකො... ආයිත් සද්දයක් නෑ. මොකක්ද අයියෙ නම කියන්නකො මට මේක පුරවල ඉවරයක් කරල දාන්න.
ඩ්‍රැයිවරයටත් දැන් මල පැනල. මල්ලි වෙනදට මගේ නම ඕන වෙන්නෙ නෑනෙ. හරි එහෙනම් ලියාගන්නවකො නිමල් කියල.අපේ බුවත් ඔන්න පුරවල දීල ආව.
බලනකොට පොර ලියල තියෙන්නෙ:
From: සචී
To: නිමල්
ප.ලි.: ටියුබ් ලයිට් කට්ටිය උඩ තියන පෝරමේ බලන්නකො. ඒත් ටියුබ් ලයිට්නම් කරන්නම දෙයක් නෑ ඉතින්.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, July 24, 2012
රතු කෙස් ළමයගෙ උත්තරේ...
මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.
පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ඒ ගමන්ම එකතුවනුත් ලියමු.
1 x 2 x 18 = 36 --> 1 + 2 + 18 = 21
1 x 3 x 12 = 36 --> 1 + 3 + 12 = 16
1 x 4 x 9 = 36 --> 1 + 4 + 9 = 14
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 x 3 x 6 = 36 --> 2 + 3 + 6 = 11
3 x 3 x 4 = 36 --> 3 + 3 + 4 = 10
දැන් මෙතනදි තමයි අපිට දෙවැනි සහ තුන්වැනි දත්තයන් ඕන කරන්නෙ. දෙවැනි දත්තය තමයි එකතුව ඉස්සරහ ගෙදර ජනෙල් ගානට සමාන වීම. අපිට ජනෙල් ගනන නොපෙනුනාට ගැහැනු දෙදෙනටම ඒක පෙනෙනව. ඉතින් එක ගැහැනු කෙනෙක් දත්තයක් අඩුයි කියන එකෙන් අදහස්වෙන්නෙ ගෙදර ජනෙල් ගනනට හරියන උත්තර දෙකක් හෝ වැඩි ගනනක් තියන බවයි.
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
ඒ කියන්නෙ ගෙදර තියෙන්නෙ ජනෙල් 13යි. මෙතන ඉදන් වැඩේ හරිම ලේසියි. එක්කො නිවුන් ලොකු පුතාල දෙන්නයි, නැත්නම් එල ලොකු පුතෙක් එක්ක නිවුන් පොඩි පුතාල දෙන්නයි. ඉතින් රතු කෙස් තියෙන්නෙ ලොකු පුතාට නිසා උත්තරය වෙන්නෙ 2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 - 2 - 9
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Monday, July 23, 2012
යුරේකා... යුරේකා... අපිට මේ පාර පඩිවැඩිවීම් නෑ...
මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක පඩි වැඩිවීමක් ලැබුන කියල. රජයේ සේවකයෙක් එක්ක එහෙම සසදල බැලුවොත් මේක එසේ මෙසේ වැඩිවීමක් නෙමෙයිනෙ. දැන් අපි උදාහරනයක් ගත්තොතින් කලින් 50000 ලැබිච්ච එක්කෙනාට දැන් 55000 ලැබෙනව.ඉතින් ඔය 50000 ලැබෙන්න ගත්තෙ කලින් පඩි වැඩිකිරීම නිසානෙ. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ ලැබිච්ච එක නිසා.
ඔන්න ඉතින් ගිය අවුරුද්දෙ මැයි මාසෙ පඩි වැඩි වෙලා 50000ක් ගත්තු මනුස්සය මේ අවුරුද්දෙ මැයි මාසෙ ඉදන් 55000 ගන්නව. අපි නිකමට වගේ බලමුද මෙයාගෙ පඩිය ඩොලර් වලින්, මොකද කොම්පැනියට සල්ලි හම්බවෙන්නෙ ඩොලර් වලින් නෙ...
ගිය අවුරුද්දෙ මැයි --> 50000/110 = 454.54
මේ අවුරුද්දෙ මැයි --> 55000/130 = 423.07
බොලේ පඩි වැඩිවෙලා නෙමෙයිනෙ, අඩු වෙලානෙ...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, July 18, 2012
රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්)
ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.
ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.
අනිත් අම්මත් ඉස්සරහ ගෙදර දිහා බල බල ටිකක් වෙලා කල්පනා කරා. කරල ඉවර වෙලා කියුව 'ඔයා කියපු කරුනු මදිනෙ ළමයින්ගෙ වයස හොයන්න'. අනිත් අම්ම කියනව, 'ආ මට අමතක උනානෙ කියන්න, මගේ ලොකු පුතාට තියෙන්නෙ රතු හිසකෙස්'.
ඔන්න ඒ පාර අනිත් අම්ම අර ළමයි තුන් දෙනාගෙම වයස හරියට කියුව.
දැන් කාටද පුලුවන් ළමයි තුන් දෙනාගෙ වයස හරියට කියන්න? උත්තරේ ලබන සතියෙ බලාපොරොත්තුවෙන්න.
Image Source: http://www.visualphotos.com/image/1x7471073/red_haired_boy_knows_the_answer_to_a_question
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, June 14, 2012
නංගි මම කොලඹ අම්පාරෙ....
ඔන්න එක අවුරුද්දක මොරටුවෙ ගෘහනිර්මාණ ෆැකල්ටියේ රැග් එක දෙන වෙලාවක අලුත් බැචේ සෙට් එකක් අල්ලගත්තු සින්නෙක් උන්ව වාත කරනවලු. ඔන්න ඉතින් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් සින්න මෙහෙම අහනවලු:
සින්නා: නංගි, තමුසෙ කොහේද?
ජුන්නියා: අයියෙ, මම කොලඹ.
සින්නා: කොලඹ කොහේද?
ජුන්නියා: කොලඹ හොරණෙ.
සින්නා: හොරණ කොහොමද යකෝ කොලඹ වෙන්නෙ?
ජුන්නියා: නෑ අයියෙ එක බස් එකයිනෙ.
ඉතින් වාත කිසිල්ල ඉවර වේගෙන එනකොට දෙගොල්ලොම හොදට සෙට් වෙනවනෙ. ඉතින් එහෙම වේගෙන එනකොට සින්න කියනවලු මෙහෙම:
සින්නා: දැන් තමුසෙලට මගෙන් මොනවහරි අහන්න තියනවද?
ජුන්නෙක්: අයිය කොහෙද ඉන්නෙ?
සින්නා: මමත් කොලඹ තමයි ඉන්නෙ.
ජුන්නෙක්: අයිය කොලඹ කොහෙද?
සින්නා: කොලඹ අම්පාරෙ, ඇයි එක බස් එකයිනෙ මෙහෙ ඉදන්. එතකොට තමුසෙ කොහෙද?
ජුන්නෙක්: මීගමුවෙ ඉන්නෙ අයියෙ.
සින්නා: යකෝ, මීගමුවෙ නෙවෙයි, ඉතාලිය කියල කියපිය.
ප.ලි.: ටියුබ් ලයිට් කට්ටියගෙ දැන ගැනීම සදහා: කලකට පෙර මීගමුවේ සිට ඉතාලියට යාම සදහා එක බෝට්ටුවක් ප්‍රමානවත් විය.
ප.ප.ලි.: මේ කතාව කියවුනේ අපේ ඔෆීසියෙ යාලුවෙක් මුල් කරගෙන. මිනිහ බුලත්සිංහල, ඒකනිසා කොලඹ කියල කියන්න බෑ, මොකද බුලත්සිංහල ඉදන් කොලඹට බස් එකක් නෑ.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Friday, June 8, 2012
රත්මලානෙ ඉදන් සිංගප්පූරුවට දොලදුක් කෑම පැකට් එකක්
මීට අවුරුදු දෙකකට විතර කලින් මට රාජකාරි වැඩකට ඕස්ට්‍රේලියාවට යන්න සිද්ද උනා. ඉතින් ටිකට් බුක් කරේ සිංගප්පූරුව හරහා යන්න. ඔය දවස්වල තමයි Airbus A380 ගුවන් යානය මුලින්ම ඇවිල්ල තිබුනෙ. සිංගප්පූරුව සහ මෙල්බර්න් අතරත් ඔයින් එකක් දිවුවා. මටත් ඕකෙම යන්න ඕන වෙච්ච නිසා ඒ විදිහට යන්න ගමන සෙට් කරගත්තා. වැඩේ උනේ එහෙම කරනකොට උදේ 6 ඉදන් රෑ 10 වෙනකම්ම සිංගප්පූරුවෙ ඉන්න වෙච්ච එකයි.
බැදගත්ත බෙරේ ගහන්නත් එපයි, මම එහේ ඉන්න යාලුවෙකුට කතා කලා දවල් වරුවෙ මොනව හරි කරන්න සෙට් වෙමු කියල. ඔන්න යන දවසෙ උදේ කෝල් එකක් එනව මචන් පොඩි පාර්සලයක් තියනව අරගෙන එන්න පුලුවන්ද කියල. මමත් ඉතින් ගොනා වගේ හා කියුව. ඔන්න රෑ 7ට විතර යාලුවගෙ නැන්දම්ම එනව තව සෙට් එකකුත් එක්ක ලොකු පාර්සල් 3ක් විතර උස්සගෙන. මම ඇහුව මොනවද කියල. බලනකොට කෑම වගයක්, දුව pregnant ලු.
මොනව කරන්නද, දොලදුක් කෑමක්නෙ. මම හා කියල බාරගත්ත. දැන් වැඩේ තමයි මේක ගෙනියන එක. මොකද මම ඕස්ට්‍රේලියාවට යන නිසා චෙක් ඉන්(Checked in) කරන බෑග් එක සිංගප්පූරුවෙදි එලියට ගන්නෙ නෑනෙ. ඉතින් ඒව ඕකෙ දාගෙන යන්න බෑ. අතේම ගෙනියන්න ඕන. ඊට අමතරව මගේ ඇදුම් දෙක තුනකුයි, ජර්සි එකයි ලැප්ටොප් එකයිත් තියනව.
මොනව කරන්නද ඉතින්, අතින් කටින් එල්ලගෙන ගියානෙ සිංගප්පූරුවට යනකම්.
හොදම වැඩේ කියන්නෙ මූ කෑම එක මගෙන් අරගෙන ගෙදර යන්න පිටත් වෙනකොට හවස 3 විතර උනා. ඒක කාල බඩේ අමාරුත් හැදුනද මන්ද.
Image Source: http://www.snurfy.com/hosted-id221-unique-lunch-packets.html
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, June 5, 2012
අපේ කට්ටිය දෙමල විභාගෙ පාස් කරපු හැටි.
රජයේ සේවයෙ ඉන්න හැමෝම සමත් වෙන්න ඕන විභාග වගයක් තියනවනෙ. ඕකට කියන්නෙ ඊබා කියලද කොහෙද. ඉතින් මගේ යාලුවෙකුත් පහුගිය දවසක ගියා ඕකෙ එක කොටසක් වෙන දෙමල විභාගෙට.
වැඩේ තියෙන්නෙ මේ දෙමල විභාගෙ කතා කරන්න ඕන ටෙස්ට් එකක් වීම. ලියල ගොඩ යනව වගේ නෙමෙයිනෙ කතාකරන එක. ඔන්න ඉතින් මගේ යාලුවා දොස්තර කෙනෙක්. කලින් වැඩකලේ නෝනා වාට්ටුවේ (LRH - Lady Ridgway Hospital). දැන් වැඩකරන්නෙ කරාපිටියෙ ETU එකේ.
කට්ටිය විබාගෙට යනකොටම දන්නම මොන වගේ දේවල්ද වැඩිපුර අහන්නෙ කියල. ඉතින් මයි සෙල්ෆ්, එතකොට ලෙඩෙකුගෙන් විස්තර අහන හැටි වගේ පොදු දේවල් ඔක්කොම වගේ ගිරව දාගෙන තමයි ගිහින් තියෙන්නෙ.
සුපුරුදු පරිදි ඉස්සෙල්ලම ඇහුවලු තමන් ගැන. ඉතින් මිනිහත් අමාරුවෙන් කියාගත්තලු තමන් ගැන. රම්පෙට පොරි හැලෙන්න, කට පාඩම් කරපුව කියාගෙන යන එකත් ගේමක්ද නේද? ඊට පස්සෙ අහනවලු කලින් වැඩ කලේ කොතනද කියල. යාලුව කියුවලු මහ ඉස්පිරිතාලේ කායික රෝග අංශයෙ කියල මොකද ලමයින්ගෙ වාට්ටුවක කියුවොත් ප්‍රශන අහනවලු හෝ ගාල දෙමලෙන්.
ඊලග ප්‍රශ්නය: දැන කොහේද වැඩකරන්නෙ? මම කලින් කියුවනෙ මිනිහ ETU කියල. හැබැයි උත්තරේ නම් මාතර රෝහලේ ලේ බැංකුව කියන එක. මොකද ETU කියුවොත් අහන ප්‍රශ්න දරුනු වැඩි නිසා.
ඔන්න ඉතින් වැඩේ නැගල යනවලු. සමහර ප්‍රශ්න වලට උත්තරේ කටේ තියනවලු, දෙමලෙන් එන්නෙ නෑලු. ඔහොම ගිහිල්ල ගිහිල්ල දොස්තරය දෙමලෙන් ඇහුවලු කෙනෙක්ගෙන් ලේ අරන් ඉවර උනාට පස්සෙ මොනවද බලන්න ඕන කියල. මෙතනදි කියන්න ඕන කලන්තෙද බලනව, බර වාහන එලවන්න එපා කියනව වගේ දේවල්. ඕකටත් යන්තන් ගලපල උත්තර දීගත්තලු.
මෙන්න බොලේ ඊට පස්සෙ අහනවලු ඔන්න එකපාරටම ලේඩාගෙ සිහිය නැති වේගෙන යනව, එතකොට ලග ඉන්න හෙදියට මොකක්ද කියන්නෙ කියල. යාලුවගෙ කටට උත්තරේ එනවලු, හැබැයි දෙමල නම් මතක් වෙන්නෙම නැතිලු. ඔන්න එතකොට තමයි මිනිහට ගනදෙවි නුවන පහල වෙලා තියෙන්නෙ. ලෙඩා එක්ක දෙමලෙන් කතා කරන්න ඕන උනාට හෙදිය එක්ක එහෙම ඕන නෑනෙ. මිනිහ කියන්න ඕන ටික ඉංග්‍රීසියෙන් කියාගෙන ගියාලු. ඉන්ටර්විව් කරපු දොස්තරයටත් කට උත්තර නැතිලු, මොකෝ වැඩේ කිසි වැරැද්දක් නෑනේ.
Image Source: http://purduecco.wordpress.com/2012/02/21/what-are-informational-interviews/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Monday, May 21, 2012
මාතර බීච් එකේ බලු ශෝ එක
මාතර නගරය දන්න අය දන්නව වෙරල පාරෙ තියන මයුර හෝටලය. හවසට මයුර හෝටලය අවට ඇවිදින්න ගියොත් මීට අවුරුදු ගනනකට කලින් (මම මෙහෙම කියන්නෙ දැන් මේ දර්ශනය තියද දන්නෙ නැති නිසා) දකින්න පුලුවන් එක වයසක නෝන කෙනෙක් වටිනා කියන බල්ලෙක් අරගෙන ඇවිල්ල මුහුදු වෙරල ගාව බංකුවක වාඩිවෙලා ඉන්න හැටි.
ඉතින් තව ටිකකින් එතනින් යන කෙනෙකුට පේනව අර නෝනම වෙනින් ජාතියක වටින බල්ලෙක්ගෙ ඔලුව පීරනව.
තව ටිකකින් තව බල්ලෙක්, තව බල්ලෙක් විදිහට මේක හුගක් වෙලා කෙරෙනව. අපිත් ඉතින් සෑහෙන කාලයක් ඕකට බලු ශෝ එක කිය කිය ඉන්නකොට තමයි දන්නෙ මේ අපේ ඉස්කෝලෙ එකටම ඉන්න හොදම යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් තමයිය ශෝ එක දාන්නෙ කියල.
අපිටනම් පෙනිච්ච විදිහට යාලුවගෙ අම්ම යාලුවන්ටත් වැඩියෙන් බල්ලන්ට සැලකුව, මොකද අපි කවදාවත්ම යාලුව අම්මත් එක්ක එතන ඉන්නව දැකල නෑ.
කොහොමින් කොහොම හරි සුනාමි ආපු වෙලාවෙ යාලුවගෙ ගෙදර හොදටම කැඩිල ගියා. බල්ලො ටිකනම් ඔක්කොම වගේ ගස් ගල් වල එල්ලිල බේරුනා කියල තමයි ආරංචිය ගෙදර කට්ටියත් එක්කම.
ඊට පස්සෙ නම් සෑහෙන කාලයක් යනකම් බලු ශෝ එක තිබුනෙ නෑ අපිට බලාගන්න.
Image Source: http://www.nutrecareblog.com/2011/06/uk-dog-shows-25-26-june-2011/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, December 29, 2010
බුබුළු බුබුළු බුබුළු - Bubbles
සබන් බුබුලු එක්ක සෙල්ලම් කරන්න අපි කොච්චර ආසද පොඩිකාලෙදි.
මේ තියෙන්නෙ නම් සබන් බුබුලු නෙවෙයි. පාසිකුඩා ගියපු වෙලාවෙ අපි පොඩි බෝට්ටු සංචාරයක යෙදුනනෙ. ඒ බෝට්ටුවෙ එන්ජිමෙන් ඇතිවුනු පෙන තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.
ඡායාරූපය ගන්න එක එච්චර පහසු කටයුත්තක් උනේ නැහැ මොකද බෝට්ටුවෙ වෙගයත් එක්ක ඒක හයියෙන් පැද්දෙන නිසා. කොහොම උනත් සෑහෙන වතාවක් මහන්සි වෙලා ගත්තු ඡායාරූපය තමයි මේ.
ඔයාලත් පාසිකුඩා ගිය වෙලාවක මේ අත්දැකීම ලබන්න අමතක කරන්න එපා.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, December 7, 2010
ඔන්න මම පියාබනවා...
මේ පනින්නෙ මම නම් නෙමෙයි. මගේ යාලුවෙක්. කැමරා එකේ බ්‍රස්ට් මූඩ් (Brust Mood) දාල යන්තම් ගත්තු පිංතූරයක් තමයි මේ.
පසුගිය දවසක අපි පාසිකුඩා වෙරලට ගියා. ලංකාවෙ තියන ලස්සනම වෙරලක් තමයි පාසිකුඩා. නිල් පාට දිය තලය. පොඩි රැල්ලක් වත් නෑ. මූද ඇතුලත මීටර 100 විතර ගියාමත් වතුර තියෙන්නෙ බෙල්ල ගාවට විතරයි. හරියට පිහිනුම් තටාකයක් වගේ.
පාසිකුඩා පිහිටල තියෙන්නෙ නැගෙනහිර වෙරල තීරයේ මඩකලපුවට ටිකක් විතර උඩින්. කඩදාසි වලට ප්‍රසිද්ධ වාලච්චේන නගරයට කිට්ටුව. කොලඹ ඉදන් යනවනම් කුරුනෑගල, හබරන, පොලොන්නරුව හරහා යන එක තමයි ලගම.
පාසිකුඩා යනවනම් පාන්දරම වෙරලට යන්න බලාගෙන යන එක තමයි සුදුසු. නිවාඩු දවසක දහවල් වෙනකොට කිට්ටු කරන්නවත් බැරිතරම් සෙනගක් එනව මෙතනට. උදෑසන හිරු නගින ලස්සන දර්ශනයත් මෙතනදි බලාගන්න පුලුවන්.
නෑමට අමතරව පොඩි බෝට්ටු ට්‍රිප් එකකුත් යන්න පුලුවන් මෙතැනදි. ඒකටනම් ටිකක් වියදම් වෙනව. බෝට්ටුවක ගෙනියන්නෙ උපරිම 6 දෙනයි. ඈතින් පෙනෙන ගල ගාවට යන්න රුපියල් 1200 ගන්නව මතක හැටියට. හැබැයි ගල උඩ නැගල පින්තූර ගන්න ඕනනම් තව 400යි :D
අවසාන වශයෙන් පොඩි දැනුවත් කිරීමකුත් කරන්න ඕන. ඒ තමයි පොලිතීන් ගෙනිහින් පාසිකුඩා වෙරල අපවිත්‍ර නොකරන්න කියල.
ඉවරයි....
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, October 19, 2010
කලමණාකරන මායම්(Management Magics)...
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, March 17, 2010
අන්නාසි බෙදීම සහ අන්නාසි කෑම.
- උබ නම් හොද අන්නාසියක් කෑව නේද?
- මචං මූ නම් අන්නාසි රට යවන එකෙක්.
- ඒකනම් නරක් වෙච්ච අන්නාසියක්.
- ඔන්න අන්නාසි බෙදන්න පටන් ගත්ත.
-
-
-
-
-
-
-
-
අපේ ඔෆිස් එකේ තියනව පොඩි බිලියඩ් මේසයක්. (දැන් දන්න කට්ටිය දන්නව ඔෆිස් එක මොකක්ද කියල.) ඉතින් ඕකෙ සෙල්ලම් කරන්න ගියාම තමයි කට්ටිය අන්නාසි බෙදන්න එන්නෙ. ඉතින් නොම්මර එකේ උපදෙස් දෙන අයට තමයි අන්නාසි රට යවන අය කියන්නෙ. උපදෙසක් අරගෙන වැඩේ ගොඩ දාගත්තනම් කියන්නෙ හොද අන්නාසියක් කෑව නේද කියල. වැරදි උපදෙසක් නම් ඒක කුනු වෙච්ච අන්නාසියක්. ඔන්න ඔහොම තමයි වැඩේ හැටි.
ඉතින් අන්නාසි ගැන කතා තියනවනම් ඔයාලත් එකතු කරන්න.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com






