Monday, September 23, 2013

Xperia™ Z1 TV Ad - The best of Sony for the best of you

සෑහෙන කාලෙකින් දැකපු ලස්සන ඇඩ් එකක්. බලන්නකො.... ඔන්න මම සෝනි එකට කඩේ යනව කියලනම් කියන්න එපා...

Wednesday, May 15, 2013

ඇයි මල්ලි ලංකාවෙ HappyCow චීස් විකුනන්න බැරිද?



මේකත් පිටරට ගියපු වෙලාවක කතාවක්. මේ දවස්වල මතක් වෙන්නෙම ඒ වගේ කතානෙ.

ගිය මාසෙ දවසක සාජා යන්න උනා රාජකාරි වැඩකට. සාජා කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ තියන කොටසක් බව දන්නව ඇතිනෙ. ඩුබායි, අබුඩාබි එහෙම තියෙන්නෙත් ඕකෙම තමයි.

දවස් 3කට ගියපු නිසා වැඩිය ඇවිදින්න උනේ නැතත් එක දවසක් රෑ කැම්පස් කාලෙ යාලුවෙකුත් එක්ක ඩුබායි පැත්තෙ රවුමක් යන්න පුලුවන් වුනා. දන්න කියන හැමෝම ඩුබයි වල චීස් ලාබයි කියපු නිසා මමත් ගියා චීස් ටිකක් ගන්න කියල සුපර් මාකට් එකකට.

ඇත්ත තමයි, චීස් පට්ට ලාබයි. ලංකාවෙ ගානෙන් තුනෙන් එකයි. හැපී කවු චීස් ටිකක් ගන්නෙයි කියල කල් ඉකුත්වීමේ දිනය බලන්න යට පැත්ත බැලුවම තමයි තරු විසිඋනේ. Not for sale in Sri Lanka. මේ මොකෝ බොලේ මේ??? විලි ලැජ්ජාවෙ බෑ....

ප.ලි.: ආරංචි විදිහට ලංකාවෙ හැපී කවු නියෝජිතයගෙ ඉල්ලීමක් විදිහටලු මෙහෙම  කරල තියෙන්නෙ අපේ අය්යල එහෙන් චීස් ගෙනත් ලොකු ලාබ තියන් මෙහේ විකුනනවට.

Image from google search.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, May 8, 2013

Going Dutch ගියෙමි.



මම මීට කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවෙ ගිහින් ආපු බව මේ බ්ලොග් එක කියවන හැමෝම දන්නවනෙ. සිංගප්පූරුවට කෑම එකක් ගෙනියපු එක, සබ්වේ එකෙන් කාපු එක, ඇන්ටි අක්කගෙ කතාව එහෙම ඒ ගමනෙදි වෙච්ච දේවල් තමයි. දැන් කියන්න යන කතාවත් එහෙදි වෙච්ච දෙයක් තමයි.

ඔන්න ඉතින් අපේ මෙල්බර්න් ඔෆීසියෙ වැඩ කර කර ඉන්නකොට දවසක් මට ඇහෙනව අපේ ලොක්කා එක එක්කෙනා ගාවට ගිහින් මොනවද කුටු කුටු ගානව. මගේ එහා පැත්තෙ තියන කියුබිකල් එක ගාව කෙල්ලත් එක්ක මිනිහ කතා කරන වෙලාවෙ මමත් හොදට කන දාගෙන හිටිය. කතාව මෙහෙමයි, ඊට පස්සෙ දවසෙ දෙන්නෙක් අස්වෙලා යනවලු අලුත් තැනකට. ඉතින් එයාලත් එක්ක දවල් කෑමකට යනවලු එදාට.

මමත් ඉතින් බලන් හිටිය මට දැන් කියයි දැන් කියයි කියල. ඕස්ත්‍රේලියාවෙ කෑමත් ගනන් එකේ දවල් කෑමක් සෙට් වෙනවනම් කොච්චර එකක්ද. ඔන්න දවස උදා උනා. දවල් කෑම වෙලාවත් ලගට ආව. කට්ටිය එක්කෙනා දෙන්න නැගිටල යන්න ලෑස්ති උනා. මගේ මැනේජර් වෙච්ච මර්කො ලගට ඇවිල්ල ඇහුව "විදුල, අපි දවල් කෑමකට යනව, ඔයත් කෑම ගෙනල්ල නැත්නම් ඒකට සෙට් වෙන්න" කියල. මමත් ඉතින් ඌක කියන කල්නෙ බලන් හිටියෙ. හරි හරි යමු යමු කියල නැගිට්ට.

ඔන්න ඉතින් කට්ටියම මෙල්බර්න් ටවුන් එක හරහා ඇවිදගෙන ගිහින් එක ෆුඩ් කොට් එකකට ආව. ඇතුලට ගිහින් ලොකු මේසයක් එහෙම අල්ලගෙන ලොක්ක කියපි, "එහෙනම් කට්ටිය ගිහින් තම තමන්ගෙ කෑම ටික අරගෙන එන්න. මම එතකන් මේසෙ බලාගන්නම්". යකෝ කවුද දන්නෙ, අපි ඇවිල්ල තියෙන්නෙ going dutch නෙ. ලංකාව වගේ නෙමෙයි මෙහේ, කවුරුවත් අස්වෙලා යනකොට කොම්පැනිය ගානෙ කෑම දෙන්නෙ නෑ. අපි අපිම සල්ලි ගෙවල කෑම අරගෙන එකතුවෙලා කන එක තමයි කරන්නෙ.

ප.ලි.: මේ සිද්දිය වෙලා ගොඩක් කල් උනත් මෙහෙම කෑමකට යන එකට කියන නම දැනගත්තෙ හුගක් ලගදි අරුනි අක්කගෙ ලිපියක් කියවල. ඉතින් මේ ලිපියෙ මහන්සියෙන් කොටසක් එයාටත් තියනව.

වැඩි විස්තර...

Image Source : http://www.coloribus.com/adsarchive/tv-commercials/dos-equis-beer-going-dutch-16200955/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 7, 2013

ගොලුවෙක් ෆෝන් කෝල් එකක් ගන්නව දැකල තියනවද?




මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල.

---------------------------------------------

මම සාමාන්ය‍යෙන් වැඩට යන්නෙ දුම්රියෙන්. ඊයෙත් පුරුදු විදිහටම ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැහැල පයින්ම යුනියන් පෙදෙසට යනකොට මට ඉස්සරහින් අමුතුම හැසිරීමක් තියන මිනිහෙක් යනව. මිනිහ හෙමින් යන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ,  මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. මමත් ඉතින් අතාරින්නෙ නැතුව පස්සෙන්ම යනව. මිනිහ පාරෙ යනගමන් මොකක් හරි එකක් අතින් කරනව, හැබැයි පිටිපස්සෙ යන මට පේන්නෙ නෑ.


කොහොමින් කොහොම හරි පාරෙ ඉද තියන තැනක් ආව මට මිනිහව ඉස්සර කරන්න ඉඩ තියන, මම මොකක්ද දන්නවද දැක්කෙ????


ඉස්සරහින් යන කෙනාගෙ වම් අතේ ජංගම දුරකතනයක්, ඒකෙ වීඩියෝ කෝල් එකක්. අනිත් පැත්තෙ එක්කෙනා හස්ත සංඥා (වෙනින් විදිහකට කියනවනම් ගොලු භාෂාවෙන්) වලින් කතා කරනව. මේයත් උත්තර දෙනව ඒ විදිහටම. කොහොමද ටිකිරි මොලේ. ඔන්න ඔය විදිහට තමයි කතා කරන්න බැරි උත්සාහවන්තයින් දුරකතන පාවිච්චි කරල සන්නිවේදනයෙ යෙදෙන්නෙ.



Image Source : http://www.123rf.com/photo_12288521_sketch-of-sign-language-hand-gestures-letter-i-vector-illustration.html


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, January 10, 2013

මුලතිවු හරහා යාපනයට - 3


හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.

------------------------------------------------------------------------------------


කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන යකඩ එකතු කරන අයත් ඒ අතර.


--

මේ හරියෙදි වාහනේ නවත්වල ඡායාරූප ගන්න නම් ඉඩ දෙන්නෙ නෑ හමුදාවෙ මහත්තුරු. හැබැයි බස් එක ඇතුලෙ ඉදන් ගත්තුව නම් කිහිපයක් තියනව.


මේ විදිහට තව කිලෝ මීටර 2ක් විතර ගියාට පස්සෙ ආපහු දකුනට හැරිල ගිහින් තමයි ෆාරා නැව ගාවට යන්න තියෙන්නෙ. හැරෙන තැන පොඩි මුර කපොල්ලක් තියනව සොල්දාදුවො කිහිප දෙනෙක් ඉන්න. එයාල හරි කැමතියි දකුනෙන් එන අය එක්ක ටිකක් කතා කරන්න, මොකද සිංහල වචනයක් වත් ඇහෙන්නෙ ඒ වෙලාවටනෙ.

ෆාර නැව ආසන්නයේ නම් ටිකක් පහසුකම් තියනව. ඒ කියන්නෙ සිසිල් බීමක් බොන්න කඩයක් (මම දැක්ක විදිහට නම් හමුදාවෙන් තමයි පවත්වාගෙන යන්නෙ ), භාවිතා කල හැකි මට්ටමේ වැසිකිලියක් වගේ දේවල්. තව එතැන මුහුදට ඉතාමත් ආසන්නයෙන් පිහිටල තියනවා ලිදක්, හැබැයි වතුර සම්පූර්නයෙන්ම මිරිදිය වෙච්ච. නැව බලන්න විතරක් එන හුග දෙනෙකුට මගහැරෙන දෙයක් තමයි ඒක.






ෆාරා නැවේ ඡායාරූප. අවාසනාවකට වගේ අර ලිදේ ඡායාරූපයක් නෑ මගේ ලග.


ෆාරා නැවේ සහ අපි ඉදිරියෙදි ගමන් කලයුතු A35 මාර්ගයේ සිතියම.


මේ ගමන්ම මුලතිවු වෙරල ගැනත් නොකියාම බෑ. ලස්සන නම් කියල වැඩක් නෑ. සුදුම සුදු වැල්ල නිල් අහසත් එක්ක මාර ලස්සනයි. හැබැයි තාම බිම් බෝම්බ ඉවත් කරල නැ කියල හැමතැනම ගහල තියනව. ඒ නිසා පරිස්සම් විය යුතුමයි.




මුලතිවු වෙරලේ ලස්සන

අදට ඇති, ඊලගට අපි යන්නෙ කොටින්ගෙ සබ්මැරීන් බලන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments