Tuesday, February 14, 2012

අන්තිම පූසගෙ උත්තරේ...


තාම පූස හෙව්වෙ නැත්තම් මෙතනට යන්න. පූස බලාගන්න පහලට යන්න.
































විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 9, 2012

පූසව හොයමුද???


මතකද මන්ද මම මීට කලිනුත් පූසො හොයන්න අවස්තාව ලබල දීල තියනව. දැකල නැති අය මේකෙන් යන්නකො.

1. පලමු පූසා.
2. දෙවන පූසා.


අද දෙන්න යන්නෙ ලගදි මට අහුවුනු පූසෙක්. බලන්නකො පූස ඉන්න තැන හොයාගන්න පුලුවන්ද කියල.



පින්තූරය හොයාගත්තෙ : http://ritemail.blogspot.com



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, February 3, 2012

බල්ලොත් එක්ක බෑ


15 වෙනිද බල්ලොත් එක්ක බෑ පෙන්නනව මොරටුව විශ්වවිද්‍යාලයෙදි. පුලුවන් කට්ටිය ගිහින් බලන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, January 30, 2012

මෙන්න බොලේ කරන්ට් බිල නැගලා....

අපේ ඔෆීසියෙ කරන්ට් බිල නැගල. ජෙනරල් මැනේජර් මහත්තය ඊයක් එවලම කියල තිබුන හවසට යනකොට කොම්පියුටරේ නිවල යන්න කියල. හවසට හවසට ඒ මහත්තය කොම්පුටර් නිවලද කියල ඇවිල්ල බලනවත් දැක්ක. මටනම් ඉතින් වැඩිපුර බලපෑවෙ නෑ මොකද මගේ තියන ලැප්ටොප් එක කොහොමත් හවසට අකුලල මල්ල ඇතුලට දාගන්න නිසා.

පහුගිය සතියෙ තේ මේසෙදි අපේ කෙනෙක් යෝජනා කලා ඔය විදුලි බිල ඉතිරි කරගන්න හොද ක්‍රමයක්. මේක පියවරවල් ගානකින් කරන්න ඕන සැලසුමක්.


1. හැමෝටම ලැප්ටොප් එක ගානෙ දෙන එක. ලැප්ටොප් එකකට යන විදුලි ප්‍රමානය කොහොමත් අඩුයිනෙ.

2. ලැප්ටොප් එකට වැඩිපුර බැටරියකුයි බාහිර චාජරයකුයි දෙන එක. එතකොට දවසෙ වැඩ වලට ඕන බැටරි ප්‍රමානය ගෙදරදිම චාර්ජ් කරගෙන එන්න පුලුවන්නෙ. ඔපීසියෙ කරන්ට් ඉතුරුයි.

හැබැයි දෙවෙනි පියවරට වඩා හොද එකකුත් තියනව. ඒක වෙන්නෙ මෙහෙමයි.


හැමෝටම පොඩි පඩි වැඩි වීමක් දීල ගෙදරට ඉන්ටර්නෙට් ගන්න කියනව. ලැප්ටොප් එක ගෙදර තියන් ගෙදර බිලෙන්ම ඔපීසියෙ වැඩ කරන්න පුලුවන්නෙ එතකොට. ලයිට් වලට යන වියදමත් ඉතුරුයි ඔපීසියට.

හික් හික්....



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, January 17, 2012

සබ්වේ (SUBWAY) එකෙන් සබ්මැරීන් එකක් කෑවෙමි




ලංකාවෙදි සබ්මැරීන් එකක් කන්න මොකක්ද කරන්න ඕන? ඩයිනමෝ එකට ගිහිල්ල චිකන් හරි වෙජිටබල් හරි ටූන හරි සබ්මැරීන් එකක් ඉල්ලන එක විතරයි. එයාල කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතිව ඉක්මනටම අපිට ඒක හදල දෙනව.

ඒ උනාට සබ්වේ එකට ගිහින් සබ්මැරීන් එකක් ඉල්ලුවොත් තත්වය වෙනස්.

මේක මට උනේ කලිනුත් කියල තියන විදිහට මම ඕස්ත්‍රේලියාවෙ හිටපු දවස් වල. ඔන්න ඉතින් මෙල්බර්න් වල කොලින් වීදියෙ අපේ කන්තෝරුව ගාවම වගේ තිබුන සබ්වේ එකක්. මමත් ඉතින් හැමදාමත් ඕක දිහා බල බල කෙල ගිල ගිල හිටිය දවසක් කන්න ඕන කියල.

ඔන්න ඉතින් සල්ලිය බාගෙ අතේ තිබිච්ච දවසක් සබ්මැරීන් එකක් කනව කියල මම සබ්වේ එකට ගොඩ උනා.පලමු වතාවට ආපු නිසා පොඩ්ඩක් අනිත් අය ඉල්ලන්නෙ කොහොමද කියල බලල මමත් ගියා පෝලිමේ අගට. ඔන්න ඉතින් මගේ වාරෙ ආව.

සර් මොකක්ද ඕන සයිස් එක? 
දැන් කියන්න ඕන අගල් 6 එකක්ද 12 එකක්ද ඕන කියල.

ම්ම්ම්, අගල් 12 එකක්.

සර් මොන බනිස් එකටද ඔයා වැඩිපුර කැමති? 
දැන් ඉතින් ප්‍රදර්ශනය කරල තියන බනිස් ජාති 6න් කැමති එක මොකක්ද කියල කියන්න ඕන. අනේ මන්ද මොකක්ද වෙනස කියල, ඔන්න මම එක ජාතියක් පෙන්නුව.

සර් චිකන්ද? බීෆ්ද? පෝක්ද? ටූනද? සැමන්ද?

චිකන් චිකන්.

චීස් දානවද?

ඔව් දාන්න.

මොන චීස්ද?

බ්ලා බ්ලා බ්ලා

සලාද කොලත් දාන්නද?

හා.

එතකොට සෝස්?

හා දාන්න.

මොන සෝස්ද?

මොනවද තියෙන්නෙ?

බ්ලා බ්ලා බ්ලා.

එහෙනම් මේක දාන්න.

ටොපින් එක කොහොමද?

යකෝ මීට වඩා හොදයිනෙ සබ්මැරීන් නොකා හිටියනම්. මමනම් ඊට පස්සෙ එතනට සබ්මැරීන් කන්න ගියේ නෑ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, January 13, 2012

හිගන්නෙක් බස් එකට නැග්ගොත් කීයක් දෙනවද???




ඉස්සර හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් සාමාන්යයෙන් අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.

අද මම ආපු බස් එකට හිගන මනුස්සයෙක් නැග්ගා. එක කකුලයි තියෙන්නෙ, මමනම් කලිනුත් දැකල තියනව බස් වල හිගාකනව. මම දැකපු ප්‍රධානම දේ තමයි හැමෝම වගේ දුන්නෙ රුපියල් 10 කොල බව. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙ 8 දෙනෙක් වත් මෙයාට සල්ලි දුන්න. ඒ කියන්නෙ රුපියල් 80ක්. බස් 5කින් මෙහෙම ලැබුනනම් රුපියල් 400ක්, මාසෙකට දවස් 30ක් කියල ගත්තොත් අඩුම ගානෙ 12000ක් නේද?  

අද කාලෙ දවල්ට ඇවිත් ගෙදර වැඩ කරල දෙන කෙනාටත් දෙන්නෙ රුපියල් 300ක් හරි 350ක් හරි, ගාමන්ට් එකක වැඩ කරන්න 10000ක් විතර. එහෙම බලනකොට හිගා කන එකත් නරකම නෑ නේද?



Image source: http://upload.wikimedia.org/wikipedia/commons/9/95/Jacques_Callot_Beggar.jpg

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, January 11, 2012

ඇන්ටි අක්කා

මේක උනේ ගිය අවුරුද්දෙ මම ඕස්ත්‍රේලියාවෙ ගිහින් හිටපු දවස්වල. (ඔන්න නයෙක් නෙමෙයි හොදෙයි.)

මම ඔන්න ඉතින් එක සති අන්තයක රෑ කෑම වේල ගොඩදාගනත් බලාගෙන අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. ඒ ඇන්ටි අම්මගෙ යාලුවෙක් වෙන්නෙ ලංකාවෙ හිටපු කාලේ අම්ම එක්ක එක ඉස්කෝලෙ උගන්නපු නිසා. නැත්නම් වයසින් නම් අපේ අම්මට වඩා මත තමයි කිට්ටු මම හිතන්නෙ.

ඉතින් පහුවෙනිද මගේ තව යාලුවෙක්ගෙන් දවල් කෑමකට ආරාධනයක් තිබුන. යාලුවෙක් කියුවට එයා තමයි රට යන්න කලින් මට හිටපු ඉංජිනියරින් මැනේජර්. මට වැඩිය අවුරුදු 8ක් විතර ජේ‍ය්ශ්ඨ මොරටුවෙ ඉංජිනේරුවෙක්. අපි එයාට රවි කියල කියමුකො.

ඉතින් මම කලින් දවසෙම රවිට කතාකරල කියුව මම අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙ, උදේට එයාල මාව රවිගෙ ගෙදරට ඇරලවාවි කියල. GPS එකෙන් පාර බලාගන්න ලේසියට ලිපිනයත් ඉල්ල ගත්ත.

ඔන්න ඉතින් පස්සෙන්ද උදෙන්ම අම්මගෙ යාලු ඇන්ටියි, එයාගෙ මහත්තයයි, බබාල දෙන්නයි එක්ක මම රවිගෙ ගෙදරට ගියා. නිකන් කතාකරල එන්න ඕන කියල ඇන්ටියි අන්කලුයිත් ගෙදරට ආව. දැන් තමයි හොදම වැඩේ. මම ඇන්ටි, අන්කල් කියුවට රවිත් එක්ක බලනකොට ඒ දෙන්න අවුරුදු 5ක් විතර වැඩිමල් ඇති. රවි මගේ යාලුව උනාට එයාට ඇන්ටි කියල කතා කරන්න බැහැනෙ.


රවි ඉතින් හොදට කල්පනා කරල අක්කෙ, අයියෙ කියල කාතාකරල ගේමට එන්ටර් උනා. ඔන්න ඉතින් ටිකකින් රවිගෙ නෝන කුස්සියෙ ඉදල ඇවිත් ඇන්ටි කියල බැස්සනෙ කතාවට.

රවිටයි මටයි ඇන්ටිගෙ මහත්තයටයි හිනාවෙ පන නෑ.....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

සොයන්න...

Loading...