Showing posts with label Nature. Show all posts
Showing posts with label Nature. Show all posts

Wednesday, December 29, 2010

බුබුළු බුබුළු බුබුළු - Bubbles


Bubbles, originally uploaded by vidulahasaranga.


සබන් බුබුලු එක්ක සෙල්ලම් කරන්න අපි කොච්චර ආසද පොඩිකාලෙදි.

මේ තියෙන්නෙ නම් සබන් බුබුලු නෙවෙයි. පාසිකුඩා ගියපු වෙලාවෙ අපි පොඩි බෝට්ටු සංචාරයක යෙදුනනෙ. ඒ බෝට්ටුවෙ එන්ජිමෙන් ඇතිවුනු පෙන තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

ඡායාරූපය ගන්න එක එච්චර පහසු කටයුත්තක් උනේ නැහැ මොකද බෝට්ටුවෙ වෙගයත් එක්ක ඒක හයියෙන් පැද්දෙන නිසා. කොහොම උනත් සෑහෙන වතාවක් මහන්සි වෙලා ගත්තු ඡායාරූපය තමයි මේ.

ඔයාලත් පාසිකුඩා ගිය වෙලාවක මේ අත්දැකීම ලබන්න අමතක කරන්න එපා.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 24, 2010

පාසිකුඩාහීදී හිරු නගිනු දුටුවෙමි - Dawning at Pasikuda


Morning reflection, originally uploaded by vidulahasaranga.

මෙතෙක් කලක් ලංකාවේ නැගෙනහිර වෙරල තිබුනෙ අපිට තහනම් කලාපයක් වශයෙන්. ඒත් සාමයත් එක්ක නැගෙනහිර අසිරිය විදින්නත් දැන් අපිට පුලුවන්.

ලංකාවෙ නැගෙනහිරදි විතරක් දකින්න පුලුවන් දෙයක් තමයි සිතිජයෙන් හිරු නැගීම. පසුගිය දවසක පාසිකුඩා වෙරලෙදි මම දැකපු දර්ශනය තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

උදෑසන 5.30 ට පමන පාසිකුඩා වෙරලට එන්න පුලුවන්නම් මේ අලංකාර දර්ශනය දකින්න ඔබ වාසනාවන්ත වෙනව. ඒ සදහා රාත්‍රී 10 ට පමන කොලඹින් පිටත් වෙන්න හරි නැත්නම් පාසිකුඩා වල තියන සීමිත හෝටල් කිහිපයෙන් එකක ලැගුම් ගන්න හරි වෙනව. පොලොන්නරුවෙ වගේ නතරවෙලා උදේ පාන්දර එන්නත් පුලුවන්.

ආරාධනා කරනව ඔයගොල්ලො සැමටම මේ දර්ශනය විදගන්න කියල.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, June 14, 2010

ඡායාරූප එකතුව - හබරන

පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.

ස්ථානය: සිනමන් ලොජ්, හබරන.

මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, April 20, 2010

අඹේවෙල ලස්සන දැකල තියනවද???

ඔන්න ඉතින් ලගදි දවසක අඹේවෙල පැත්තෙ යන්න අවස්තාවක් ලැබුන. ලස්සන ඡායාරූප ටිකකුත් ගන්න අමතක උනේ නෑ.

අඹේවෙල තියන වැදගත්ම දෙය තමයි ලංකාවෙ විශාලතම කිරි ගොවිපලවල් දෙක සහ පිටිකිරි කර්මාන්ත ශාලාව. මේවායින් නැරබීමට ඉඩ තියෙන්නෙ නවසීලන්ත ගොවිපල විතරයි. අඹේවෙල ගොවිපලයි පිටි කර්මාන්ත ශාලාවයි අපිට බලන්න විදිහක් නැහැ. හැබැයි අඹේවෙල අවට දර්ශන නම් මාරම මාර ලස්සනයි.

අඹේවෙල යන්න ප්‍රධාන මාර්ග 2ක් තියනව. හොදම පාර තමයි නුවරඑලිය නානුඔය පාරෙ ඇවිල්ල මගදි වම් අත පැත්තට තියන පාරෙ ගිහින් යන එක. මේ පාරෙ කොටසක් අඹේවෙල ගොවිපල මැදින් යන එක. ඒ පැත්ත මාර ලස්සනයි. අනිත් පාර තියෙන්නෙ නුවරඑලිය පස්සර පාරෙන් ඇවිල්ල මගදි දකුනට හැරිල යන්නයි.

පාරවල් දෙකම අඹේවෙල දුම්රිය ස්ථානය ලගදි එකතුවෙනව. එතන තියන තුන්වෙනි පාරෙන් රේල්පාර හරහා ගිහිල්ල කෙලින්ම ගියාම හෝර්ටන් තැන්නට යන්න පුලුවන්. දකුනට තියන පාරෙන් ගියාම නවසීලන්ත ගොවිපලට යන්න පුලුවන්.

ඉතින් ගිහිල්ලම බලන්නකෝ......

අඹේවෙල, ශ්‍රී ලංකාව


අඹේවෙල, ශ්‍රී ලංකාව


අඹේවෙල, ශ්‍රී ලංකාව


අඹේවෙල, ශ්‍රී ලංකාව



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, February 1, 2010

හන්තාන...

හන්තාන, ශ්‍රී ලංකාව


පසුගිය දවසක මට හන්තානෙ තියන පුහුණුවීම් මධ්‍යස්ථානයකට යන්න ලැබුන. මේක ඇත්තටම අයිති කුඩා තේ වතු සංවර්දන අමාත්‍යංශයට. එතනදි ගත්ත ඡායාරූපයක් තමයි මේ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, December 15, 2009

රාවණා ඇල්ල

නුවරඑලියෙ යන ගමන් රාවණා ඇල්ල ලග නැවතුනා. බලන්නකො ලස්සන.....

රාවණා ඇල්ල

රාවණා ඇල්ල






විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments