Saturday, December 31, 2011

පිය පදවියට මාස 2 යි



2011 ඔක්තෝබර් 31 දමන්න හිටපු මේ ලිපිය ලියාගන්න බැරිවෙච්ච නිසා අද මේ විදිහට පලකරනව.

2011 ඔක්තෝබර් 31 මට විශේෂ දවසක්. ඒ මම පිය පදවිය ලබපු නිසා. මාස ගනනක, නැත්නම් අවුරුදු ගන්නක බලාපොරොත්තුවක් ඉටුවුනු දවස එයයි.



අද ගියා බබාට මාස 2කේ බෙහෙත් ගහන්න. හරියට ඇඩුව, හිගක් රිදෙන්න ඇති. ඒත් මොනව කරන්නද, ප්‍රතිශක්තිකරන එන්නත් නියම විදිහට දෙන්න එපයි.

ඉතින් අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු හුගක් තියනව. විශේෂයෙන් අපේ පොඩි දූ පැටියත් එක්ක.

සැමට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව. නව වසරෙදි ආයිමත් හමුවෙමු.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 30, 2011

සිරිමත් - කුමාරතුංග මුනිදාසයන්....




කුමාරතුංග මුනිදාසයන් ලියපු සිරිමත් කවි පංතිය මම පුංචි කාලෙ හරිම ආසාවෙන් රසවිදපු එකක්. නන්දා මාලිනිය එයාගෙ හදහාමි කැසට් පටයටත් මේ ගීතය ඇතුලත් කරා. හදහාමි කැසට් පටය ලගදි නැවතත් මිලදී ගන්න ලැබිච්ච නිසා මගේ ඒ මතකය ආයිත් අලුත් උනා...

Sirimath by vidulahasaranga

සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි


උදය ම පුබු දී
මුහුණට දිය දී
කුල දෙවි නම ඳී
ගේ දොර හම ඳී

පාඩම් කරන ට
පත-පොත ගෙන සි ට
සිත වෙන දෙය කට
නො හරී කිසි වි ට


වෙලාව  නො වැරැ ද
කෑමට ආ සඳ
ඔහුට වඩා සො ඳ
මහතෙක් කවරෙ ද


පා සල් යන්නේ
දෙව් ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ


එහි කියැවීමට
ලි‍යුමට ගැණුමට
කවි ගී කීමට
දෙ වැනි ද කා හට


සෙල්ලම් පළෙහි ද
සිරිමතු දුටු සඳ
එනු එනු  ය යි සෙද
නොකියන්නේ කො ද


වැඩිහිටියන් හට
දන්වා නිසි කොට
කටයුතු කරනට
කැමයි ය හැම විට


නින්දට යන තැන
කුල දෙවි වඳිමින
කටයුතු පසු දින
සලකයි නුවණින


සොඳ දේ සිතුමත්
සිතු දේ කීමත්
කී දේ කැරුමත්
නො හරී සිරිමත්


මවු-පිය සහ ගුරු
නැ-දෑ සොහොවුරු
සැමට ම කීකරු
සැපතෙකි මේ ද රු











විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, November 28, 2011

කැඩිච්ච දම්රෝ පුටුව

2008 අවුරුද්දේ අපි බැදල අලුත් ගෙදරක පදිංචියට ගියාම වාඩිවෙන්න පුටුවක් ඕන නිසා දම්රෝ එකෙන් ප්ලාස්ටික් පුටු 6ක් ගත්ත. ඉතින් කාලයක් යනකොට පොඩි සිද්දියක් නිසා එක පුටුවක කකුලක් කැඩුන. සිද්දිය මොකක්ද කියල ලියන්න ඕන නෑනෙ ඉතින් නේද.... :)


අපේ අල්ලපු ගෙදර ඉන්නෙ ලගදි බැදපු ජෝඩුවක්. පහු ගිය සතියෙ මම උදේ වැඩට යනකොට ඒ ගෙදර ඉස්සරහත් අර විදිහටම කැඩිච්ච පුටුවක් තියල තියනව, කුණු වාහනේට ගෙනියන්න.

මට ඇතිවුන ලොකුම ප්‍රශ්නය: ඒ පුටුව කැඩුනෙත් අපේ පුටුව විදිහටමද? නැත්නම් වෙනින් විදිහකටද???



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

image from http://planetnomad.wordpress.com/category/road-trips/page/2/

Thursday, November 17, 2011

80 දශකයේ උපන් අපි...

පසුගිය දවස්වල මූනු පොතේ තිබුනු මේ වැකිය දැක්කම මමත් මේ ගොඩේම නේද කියල හිතුන. කියවලම බලන්නකො...


I was BORN in 80's.... We are the last generation that learn to play in the street, we are the first who've played video games, seen cartoons in color and went to amusement parks. - We were the last to record songs of the radio on cassettes and we are the pioneers of walkmans and chatrooms... ...We Learned how to program the VCR before anyone else, play with the Atari......, Super Nintendo ... and believed that the Internet would be a free world. - We are the generation of the Thunder Cats, Scooby Doo, Tom And Jerry, Jungle Book, Popeye, G.I. JOE. Traveled in cars without seat belts or air-bags - lived without cell phones. Rode our bicycles down the road without brakes. We never had phones but still kept in touch. We did not have Play stations, 99 television channels, flat screens, surround sound, mp3s, iPods, tabs, computers and the Internet, ...but nevertheless we had a GREAT Childhood.!!


මම ඉපදුනෙත් 80 දශකයේ. මහ පාරෙ සහ මුහුදු වෙරලෙ ඕන තරම් ක්‍රිකට් ගහල තියනව, දුවල පැනල තියනව. ටීවි එකට සවිකරන වීඩියෝ ක්‍රීඩා යාලුවොන්ගෙ ගෙවල්වලට ගිහින් ගැහුව හොදටම මතකයි.

ඉස්සර කැසට් එකට කොච්චර සින්දු රෙකෝඩ් කරනවද. කැසට් හෙඩ් එක කාලෙන් කාලෙට ඕඩිකොලොන් දාල සුද්ද කරනවත් මතකයි. ඇයි වීඩියෝ කැසට් වල පුස් අයින් කරන හැටි. බැන බැන පුස් එක්ක ගන බලපු හැටි. :)


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, October 31, 2011

සුබ හැලොවීන් දිනයක් වේවා....


හැලොවීන් හෙවත් ඔක්තෝබර් 31 රාත්‍රිය 16 වන සියවසේ සිට පැවත එන බටහිර උත්සවයක්. All-Hallows-Even කියන ස්කොට්ලන්ත වචනයෙන් තමයි හැලොවීන් යන්න හැදිල තියෙන්නෙ. අපි ඉහලින් සැමරුවෙ නැති උනත් එන්ගලන්තය ප්‍රමුක බටහිර රටවල නම් ඉතාම ඉහලින් සමරන හැලොවීන් දිනය සමහර රටවලට නිවාඩු දිනයකුත් වෙනව.

වැඩි විස්තර සදහා....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, October 21, 2011

මේ ඩාන්ස් එක දැක්කද?

පහුගිය දවසක කොටුව දුම්රිය පොල ගාව ඇත්තටම වෙච්ච දෙයක්. මේක එයාර්ටෙල් සමාගමේ ප්‍රචාරයක් විදිහට තමයි සිද්ද වෙලා තියෙන්නෙ.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, October 20, 2011

241543903 - මොකක්ද බොල මේ....

ඉතින් මොකක්ද මේ අංකය කියල දැනගන්න කලින් මේ පින්තූර ටික බලල ඉන්නකො. එතකොට කතාව ලේසියෙන්ම තේරේවි.

ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එක ඇතුලට ඔලුව දාල ඡායාරූපයක් ගන්න. ඒක ඉන්ටර්නෙට් එකේ 241543903 අංකයත් එක්ක පල කරන්න. කවුරුහරි ඔය අංකය පාවිච්චි කරල සෙව්වොත් ඒ ඡායාරූපයත් අනිවාර්යෙන්ම සෙවුම් ප්‍රතිපල එක්ක ලැබෙනව. මේකට පොදුවෙ කියන්නෙ "Heads in Freezers" කියල.


Heads in Freezers වල ඉතිහාසය බැලුවොත් 2009 වර්ශයේ අප්‍රේල් මාසෙ තමයි පටන් අරගෙන තියෙන්නෙ. හැබැයි අදටත් දිනකට විශාල පින්තූර ගනනක් මේ නමින් එකතු වෙනව විනෝදය සදහා පමනක්ම. ඉතින් අපිත් දාමුද එකක්??


මේ තමයි පරණම විදිහට සැලකෙන පින්තූර - 1, 2





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, October 17, 2011

ටයි මාමේ, ඔබට නිවන්සුව.


මම පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිල ෆිල්ම් හෝල් එකකට ගිහින් හදය බැලුව අද වාගෙ තාම මතකයි. ඊට පස්සෙ හාහා හරි හාවා, දොස්තර හොද හිත සහ පිස්සු පූසා TV එකේ රසකර කර බැලුව අද වගේම මතකයි.

ඊලගට ටාසන් සහ ඔෂින්. විශේෂයෙන් ඔෂින් තුලින් ඉගනගත්තු පසුනොබැසීමේ පාඩම හුගක් වැදගත්.

මේ ඔක්කොටම ඔබට බොහොමත්ම පිං ටයි මාමේ. ඔබට නිවන් සැප ලැබේවා.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, October 9, 2011

දහම් පාසල් ටීචර්ගේ නිර්මාංශ කතාව

මතකද මන්ද මම මහින්දාගමනය ගැන පොඩි කතාවක් ලගදි ලියුව. මේකත් ඒකෙ හිටපු දහම් පාසල් ටීචර්ටම වෙච්ච දෙයක් තමයි.


ඔන්න ඉතින් දවසක් අපේ ටීචර් ලමයින්ගෙන් අහනව, "දැන් ලමයි කියන්න බලන්න ඔයාලගෙන් මස් කන අය කවුද කියල. හොද ලමයි බොරු කියන්නෙ නෑ හොදද" ඉතින් ඔන්න මුලු පන්තියම වගේ අත ඉස්සුව.

දැන් ඉතින් අපේ ටීචර් ආපහු කියනව, "අනේ ලමයිනේ මස් කෑවම පවු සිද්ද වෙනවනෙ. ඔන්න මමනම් මස් කන්නෙ නෑ"


ඔන්න ඉතින් පන්තියෙ ඉන්න ඇට්ටරම ලමය අත ඉස්සුව. "ඇයි පුතා??". "ඉතින් ටීචර් කොයි කාලෙ ඉදන්ද මස් කන එක නැවැත්තුවෙ?"

"මම ඉස්කෝලෙ 8 වසරෙ ඉන්න කොට තමයි මස් කන එක නැවැත්තුවෙ."

"අපෝ ටීචර්, අපි තාම ඉන්නෙ 6 වසරෙනෙ, අපිට තව කොච්චර කාලයක් තියනවද මස් කන එක නවත්තන්න???"

ඉතින් මේ 6 වරෙ ඉන්න ඇට්ටර කොල්ලොත් එක්ක තව මොන කතාද?

(සත්‍ය සිදුවීමකි)



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, September 27, 2011

ඔන්න මමත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියා....


හැමෝම පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් පොස්ට් එකක් දාන එකේ මමත් අතාරින්නෙ මොකද නේද?


ජයග්‍රාහී 10 වන වතාවට මම මේ පාර ප්‍රදර්ශනය බලන්න ගියා. පොත් ටිකකුත් ගත්තා. ටිකක්මත් නෙමෙයි, බලන්නකො දාල තියන ටික [තව අඩුයි මෙතන.. :-)].


මම හුගක් වෙලාවට ගන්නෙ පරිවර්තන පොත්. ඒකට ප්‍රධානම හේතුව මම කැමති ජාතියෙ යොවුන් සාහිත්‍ය පොත් ස්වතන්ත්‍ර විදිහට දැන් ලියවෙනව අඩුවීම, කුලසේන ෆොන්සේකා මහත්තයලගෙ කාලේන් පස්සෙ.

පොත් ප්‍රදර්ශනයට ගියාමත් මම ඇවිදින පිලිවෙලක් තියෙනව. සෙනග වැඩිවෙන තැන්වලට මුලින්ම. සාමන්‍යයෙන් හොදම පොත් ටිකක් අඩුවටම ගන්න පුලුවන් තැනක් තමයි විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය. හැබැයි දවල් වෙනකොට ලොකුම තදබදය තියෙන්නෙත් ඔතන. සෙනග වැඩිවෙන්න කලින් එතන පොත් ටික තෝරගෙන ඉක්මනටම මාරු උනා.

සිරිමාවො බන්ඩාරනායක ශාලාවෙ වැඩටික ඉවර කරගෙන ඉක්මනටම ගියා G ශාලාවට, මොකද සෙනග වැඩිඋනොත් ඒක වහන නිසා. එතනින් තමයි ඔය ආතර් C ක්ලාර්ක් මහත්තයගෙ පොත් එහෙම ගත්තෙ.

ඊට පස්සෙ බෞද්ධ පොත් ටිකකුත් තෝරගෙන ඉක්මනින්ම මාරුවුනා මොකද මේ අවුරුද්දෙ මගේ පොත් බජට් එක පැනපු නිසා. ආයිත් ඉතින් ලබන අවුරුද්දට තමයි.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, September 25, 2011

කෝච්චි ගැන එලකිරි පෝස්ට් එකක්....

ඊයෙ දැකපු වටිනා සටහනක් නිසා ඒකට පොඩි ප්‍රමෝශන් පාරක් දෙන්න හිතුන. මේක උඩුපුස්සැල්ලාව පැරනි දුම් රිය මාර්ගය ගැන. මමත් හුගක් පොඩි කාලේ ඕක පටන්ගන්න තැන ඉදන් ටිකදුරක් ගිහින් තියනව. බලන්නකො, ඒ වගේම මුල් අයිතිකාරයට සප් එකකුත් දීලම යන්නකො....

යන්න...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, July 23, 2011

ඇටි කෙහෙල්...


ඇටි කෙහෙල් දැකල තියනවද? ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? මෙන්න ලගදි මට යාලුවෙක් එවපු පිංතූර වගයක්. කාගෙද කියලනම් හරියට දන්නෙ නෑ. අයිතිකාරය ඉන්නවනම් සමාවෙන්න ඕන. කාගෙත් දැක ගැනීමට බ්ලොග් එකේ දානව.






විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, July 20, 2011

ලගකදි ත්‍රිකුණාමලයෙ යනවද? මෙන්න නවතින්න තැන්... (Trincomalee Accommodation)


පහුගිය දිග නිවාඩුවට ත්‍රිකුණාමලයෙ යන්න සෙට් උනා. ඉතින් නවතින්න හොද තැනක් හොයාගන්න පුදුම ගේමක් දුන්නෙ. මෙන්න හොයාගත්තු තැන් ගනන් හිලව් එක්කම කාගෙත් හිත සුව තකා.....

Welcombe Hotel - 026-2222373
FB - 11000
HB - 9200


Lotus Park Hotel - 026-2225327/8
FB - 11375
HB - 9975

Nilaveli garden Inn - 026-2232228

Green Park Beach Hotel - 026-2222369
FB - 7850
HB - 6600
RO - 4375

Medway Hotel - 0262227655

Sea View Hotel - Nilaveli - 026-4920016 / 026-4915224
RO - 3300 (Double room)
Family Room available for 8800 that can accommodate 8.

Hotel New Sea Lord - 026-2222396
FB - 4400
HB - 2200

New Silver Star Hotel - 026-2222348

Harbour View Guest House - 026-2222284
RO - 4500

Villa Guest house - 026-2222284

Palm Beach resort - 026-2221250
RO - 2500

Sarvodaya - 011-2647159


මමනම් නැවතුනේ Sea View Hotel නිලාවැලි වල. ලස්සන තැනක්, හැබැයි පහසුකම් වල හැටියට ගාන පොඩ්ඩක් සැරයි. හිරු උදාව බලන්නනම් නියම තැන. සාමාන්යයෙන් නිලාවැලි වල කාමර ගනන් වැඩියි ත්‍රිකුනාමලයට වඩා. ඒකත් මතක තියාගන්න.

මේ තැන් ගැන ගුන අගුන දන්නවනම් හරි තවත් තැන් ගැන දන්නවනම් හරි අදහස් එකතු කරන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 24, 2011

මහින්දාගමනයයි කිංහන්තරුයි...

ප්‍රසිද්ද අකුරු තුනේ සොෆ්ට්වෙයා කොම්පැනියක ඉන්නව අපි දන්න කියන ගැහැනුලමයෙක්. මේ ලමය ඉරිදට ඉරිදට ගමේ දහම් පාසලේ උගන්නන්නත් යනව.


ඉතින් පොසොන් පෝයට කලින් සතියෙ මහින්දාගමනය ෆිල්ම් එක බලන්න ගියපු මේ ලමය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලිලා ගිහින් ඊලග ඉරිදා දහම් පාසලට ගිහින් උගන්වන ගමන් මෙහෙම ඇහුව.

"ලමයි දන්නවද මහින්දාගමනය කියන්නෙ මොකක්ද කියල???"


ඔන්න ඉතින් අතවල් කිහිපයක්ම ඉස්සුනා. එක්කෙනෙක් නැගිටලම උත්තරය දුන්න.

"ටීචර්, ටීචර්, මහින්දාගමනය කියන්නෙ ගියමාසෙ ආපු ෆිල්ම් එකක්නෙ. දැන් තියෙන්නෙ ඊට වඩා හොද එකක්, කිංහන්තර්"

හික්ස්....



ප.ලි:
ටියුබ් ලයිට් කට්ටිය අත උස්සන්න බලන්න....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 10, 2011

මෙන්න තවත් පූසෙක්....



මෙන්න තවත් පූසෙක්.... පුලුවන් නම් හොයන්නකො බලන්න.

කලින් පූසා සොයන්න මෙතනට කොටන්න...

Tuesday, June 7, 2011

පුලුවන්නම් සොයන්න...


මේ පින්තූරෙ පූසෙක් ඉන්නව. පුලුවන් නම් හොයන්නකො බලන්න.

ඕනනම් පින්තූරෙ උඩ කොටල ලොකු කර ගන්න. ඔයාලගෙ පෙනීම කොච්චර හොදද කියල බලන්නකො...




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, May 28, 2011

අලුත් කටහඩක්, අලුත් තනුවක්, අහලම බලන්නකො...


චතුරි, මගේ කැම්පස් බැචියක්, ප්‍රථමවරට කරපු ගීතය තමයි මේ. අහල බලල ප්‍රතිචාරයක් දාල යන්න.

Seetha Pawanalla by ranGa Illeperuma


ගායනය: චතුරි දයානන්ද
තනුව: රංග ඉලේපෙරුම



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, May 14, 2011

වෙසක් සුබපැතුම්... Vesak Greetings...


ඔන්න වෙසක් එකට හැමෝටම බෙදාගන්න වෙසක් කාඩ් ටිකක් ගෙනාවා...






























































විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, May 13, 2011

රියෝ (Rio) බැලුවෙමි...

ඔන්න සිනමා ශාලාවටම ගිහින් ... බැලුව. කියල වැඩක්නෑ, බලන්නම ඕන ෆිල්ම් එකක්.



කතාව දිගහැරෙන්නෙ බ්ලු කියන නිල් පාට මැකෝ වටා. එයා ලින්ඩා කියන ගැහැනු ලමය ගාව සැපසේ හැදෙනව. ඒ අතරෙ තමයි දැනගන්නෙ ලෝකෙ ඉන්න ඒ වර්ගයේ එකම පිරිමි සතා බ්ලු කියල. ඉතින් බ්‍රසීලයේ රියෝ නුවර ඉන්න ඒ වර්ගයේ ගැහැනු සතෙක් එක්ක එක්කරන්න බ්ලුව එක්ක යනව. එතකොට වෙන සිද්දි සමුදාය තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.

පොඩි ලමයින්ට බලන්න කියාපු ෆිල්ම් එකක්. හොදට රසවිදින්න නම් චිත්ත්‍රපටි ශාලාවටම ගිහින් බලන්න ඕන.

ඉතින් ඉක්මනටම ගිහින් බලන්නකෝ....

http://en.wikipedia.org/wiki/Rio_(film)

http://www.imdb.com/title/tt1436562/


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, May 10, 2011

රෝස පොකුරක් දෙමුද තෑග්ගට....

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න ගත්තා....


අපේ ගැහැනු ලමයි හුගක් කැමතියිනේ රෝසමල් වලට. විශෙෂයෙන් තමන්ගෙ ආදරවන්තය හරි යහලුවෙක් හරි රෝසමල් පොකුරක් තෑගි දෙනවට.

අපි කී දෙනෙක් දන්නවද තෑගිදෙන රෝසමලේ පාටෙන් හුගක් දේවල් කියවෙන බව?


රෝස පාට - රෝසපාට රෝසමලක් යොදාගන්නෙ කවුරුහරි කරපු උපකාරයකට ස්තූතිය පලකරන්න.

සුදු පාට - මට යමෙක් සමග රහසක් බෙදාගන්න තියනවනම් හරි දැනටමත් ඔහු හෝ ඇය සමග රහසක් බෙදාගන්නවනම්.

කහ පාට - මිතුරුකම ප්‍රකාශ කරන්න.

රතු පාට - ආදරය.

ඉතින් කවුරුහරි ගැහැනු ලමයෙකුට තමන් ආදරය කරන පිරිමි ලමයා කහපාට රෝසමලක් එව්වොත් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න පුලුවන් නෙ....



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, April 13, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා......!!!


ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
මූණු පොතේ අවුරුදු සුබපැතුම් වල මාව ටැග් නොකෙරේවා.
දුලිප් මෙන්ඩිස්ට ඉක්මනටම මොලේ පෑදේවා....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, March 13, 2011

කහ උණ එන්නත ගත්තාද??? - yellow fewer vaccine

මාතෘකාව දැක්කට බයවෙන එපා, මොකද ලංකාවෙ කහ උණ නැති නිසා...


හැබැයි ලංකවෙත් කහ උණ රෝගවාහක මදුරුවා ඉන්නව, ඉතින් කවුරුහරි රට තුලට රෝගය ගෙනාවොත් බඩුම තමයි.

ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පැන්නනෙ. මම දන්න විදිහට අප්‍රිකාවට හරි දකුණු ඇමෙරිකාවට හරි යනවනම් අනිවාර්යයෙන්ම කහ උණ එන්නත අරගන්න ඕන. එන්නත ගත්තට පස්සෙ දෙන කාඩ්පත ගමන් බලපත්‍රය වගේම ලග තියා ගන්නත් ඕන. හදිස්සියෙවත් ආපහු එනකොට ඒක ලග නැත්නම් රට ඇතුලට එන එකනම් බොරු. මේක බොහොමයක් රටවලට යනකොට බලපාන නීතියක්.

ඔබ කහ උණ තියන රටකට යනවනම් ඊට දවස් 10කට පෙර එන්නත ලබාගන්න ඕන. එන්නත දෙන්නෙ බොරැල්ලෙ තියන වෛද්‍ය පරීක්ශන ආයතනයෙන්(Medical Research Institute - MRI). ඒක පිහිටල තියෙන්නෙ බේස්ලයින් පාරෙ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට පාරෙ අනිත් පැත්තෙ. එන්නත ගන්න යනකොට ගමන් බලපත්‍රය සහ එහි පිටපත් 2කුත් ගුවන් ටිකට් පතත් ගෙනියන්නම ඕන. එන්නත සදහා රුපියල් 1350ක් අය කරනව. ගුවන් ටිකට් පතනම් ඕන මොකද කියල මට තේරෙන්නෙ නෑ. මොකෝ අපි ආසාවට යනවද ඕකට.

එන්නත ගැනත් දැනගත යුතු දේවල් කිහිපයක් තියනව. එන්නත ගත්තට පස්සෙ උණක් හැදෙන්න පුලුවන් සමහරුන්ට. අනිත් එක බිත්තර ඇලජික් අයට එන්නත ගහන්නෙ නෑ. ප්‍රධානම කාරනේ තමයි එන්නත අරගෙන දවස් 2-3 යනකම් මහන්සි වෙන්න හොද නෑ සහ අරක්කු සිගරට් බොන්න හොදත් නෑ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, February 22, 2011

ගණිත ගැටලුව 3 - පිලිතුර


කෝ කවුරුවත්ම කිසිම උත්සාහයක් කරල නෑනෙ. කොහොම උනත් මෙන්න පිලිතුර.

ගැටලුවට යන්න...



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com



Friday, February 18, 2011

අපේ පොලිස්පතිට පිස්සුද???

ඇයි දෙයියනේ පපර බෑන්ඩ් එකක් නැති, බැනර් එකක් නැති ක්‍රිකට් මැච් එකකින් වැඩක් තියනවද???

http://www.adaderana.lk/news.php?nid=11943

http://www.adaderana.lk/sinhala/news.php?nid=14312

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 17, 2011

නිල් මානෙල් - අපේ ජාතික පුෂ්පය??? - Blue Lotus


Lotus and Bee, originally uploaded by vidulahasaranga.

පසුගිය දවස්වල ලංකාවෙ ජාතික පුෂ්පය වැරදියි කියල ලොකු හාවක් ගියා මතකද දන්නෙ නෑ. මේ ඡායාරූපය මම ලගදි අවිස්සාවේල්ලෙදි ගත්ත එකක්. මේක අපේ ඇත්තම ජාතික පුෂ්පයද, වැරදිල අපි හිතන් ඉන්න එකද කියන්න නම් මම දන්නෙ නෑ. දන්න අය ඉන්නවනම් අදහසක් දාල යන්න.

Wednesday, February 16, 2011

ගණිත ගැටලුව 3


ඔන්න කාලෙකට පස්සෙ ගණිත ගැටලුවකුත් අරගෙන ආවා. මේක සුඩොකු වර්ගයට තරමක් සමාන ගැටලුවක්. හැබැයි ඊටවඩා වැඩිදියුනු කරපු එකක්.

කොන්දේසි මෙහෙමයි. 
1. තිරස් සහ සිරස් පේලිවල 1 සිට 4 දක්වා අංක යෙදිය යුතුයි. 
2. පේලියක හෝ තීරුවක එකම අංකය දෙවරක් යෙදිය නොහැකියි.
3. තද පැහැයෙන් වටවී ඇති කොටුවෙහි ඉලක්කම් වලට යම් ගණිත කර්මයක් (+, -, X, /) කිරීම මගින් කොටුවෙහි ඉහල කොනේ තියන ඉලක්කම ගොඩනැගිය හැකිවිය යුතුයි.

එහෙනම් උත්සාහ කරල බලන්නකො. රූපය පැහැදිලි මදිනම් ලොකු කිරීම සදහා ඒ මත ක්ලික් කරන්න.



උපුටා ගැනීම රීඩර්ස් ඩයජස්ට් සගරාවකිනි. පිලිතුරත් සමග ලගදීම හමුවෙමු.


Monday, February 14, 2011

ඔබගේ වේටර් ඔබට නොකියන කරුනු 20ක්...


මේක මට ලගදි කියවන්න ලැබුන හොද ලිපියක්. හැබැයි සමහර කරුනු අපේ රටට ගැලපෙන්නෙ නෑ. ඒත් පරිවර්තනය කරන්න හිතුනා.

===============================================================



1.ඔබ ඇත්තටම බොන්නේ මොනවද කියා දන්නවද???



බොහෝ ආපන ශාලාවල රාත්‍රී 8 න් පසු ලැබෙන කෝපි කැෆේන් රහිතයි. මෙයට ප්‍රධාන හේතුව කෝපි බාජන 2ක් පිරිසිදු කිරීමට ඔවුන්ගේ ඇති අකමැත්තයි. බොහෝ විට සිදුවන්නේ සැමටම කැෆේන් රහිත කෝපි ලැබීමයි, ඔබ සාමාන්යය කෝපි එකක් ඉල්ලූවිට පවා.

2.ඔබ දැනනොගතයුතු දෙයක්...



කුඩා ලමයින්ගේ පීසා සදහා අපි සීනි විශාල වශයෙන් යොදනු ලබනව. පැනි රස වැඩි නිසා ඔවුන් වැඩියෙන් අපේ පීසා වලට කැමති වෙනව.

3.අපි බොරු කියන්නෙ මොනව ගැනද



ඔබ ශාකභක්ෂකයකුනම් සහ අපි ආහාර සදහා බාවිතා කරන්නෙ ශාක තැම්බූ වතුර පමනද(vegetable stock) කියල ඇහුවොත් අපි හැමවෙලාවෙම කියන්නෙ ඔවු කියල. මොකද අපි හොදහැටිම දන්නව ඔබට වෙනස අදුනගන්න බෑ කියල.

4.ඔබ නොදැන සිටිය යුතු දේ...



බොහෝ ආපන ශාලාවල අද විශේෂ(today special) කියල විකුනන්නෙ ඔවුන්ට ඉක්මනින්ම විකුණල ඉවර කරගන්න ඕන දෙයයි. මෙය බොහෝ දුරට ඉක්මනින් නරක්වෙන හෝ කල් ඉකුත්වෙන දෙයක්. විශේෂයෙන් දවසේ සුප් එක බොහෝදුරට හෙට නරක්වෙන දේවල්වලින් යුක්තයි.

5.ඔබ නොදැන සිටිය යුතු දේ...



ආපන ශාලාවක සේවය කරන්නෙකු විදිහට මම කවමදාවත්ම තේත් එක්ක ලෙමන් (ලෙමන් තේ) ඉල්ලනෙ නෑ. මොකද හැමෝම ඒ ලෙමන් කෑලි අල්ලනව, හැබැයි කවුරුවත්ම ඒව හෝදන්නෙ නෑ. අපි ලෙමන් ගෙනල්ල ලේබල් එක ගලවල කෑලි වලට කපල තේ එකට දමන එක විතමයි කරන්නෙ.

— Charity Ohlund, කෙන්සාස් නගරයෙහි වේටර්වරියක්.

6.ඔබ නොදැන සිටිය යුතු දේ...



ඔබ හදිසියෙවත් කෑම වේලෙහි තියන කැලරි ප්‍රමානය මගෙන් ඇහුවොත් මම හැමවෙලේම කියන්නෙ ඒ විස්තර ඉන්ටර්නෙට් මගින් බලාගන්න පුලුවන් කියල. කැලරි ප්‍රමානය මම දැනගෙන හිටියත් ලැබෙන්නෙ ඒ පිලිතුරම තමයි.

— ප්‍රසිද්ධ පීසා ආපන ශාලා සමූහයක් වේටර්වරියක්.

7.ඔබ නොදැන සිටිය යුතු දේ...



මම කවදාවත්ම දැකල නැහැ කවුරුවත් ඔබගේ කෑමට මොනවහරි කරනව. ඒ උනාට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකටනම් එහෙම නෙමෙයි. වේටර්වරයා ඔබට කැමති නැත්නම් ඔහුට කරන්න පුලුවන් හොදම දෙයක්නම් ඔබගේ ව්‍යාපාරික සගයන් හෝ පෙම්වතිය ඉදිරිපිටදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත වැඩකරන්නේ නැතිබව පවසමින් ආපසු ගෙනත් දීමයි.

— Charity Ohlund

8.ඔබ ඇත්තටම ගිලින්නේ මොනවාද?



යොදය ඉවත් කල කිරි හැමවෙලාවෙදිම යොදය ඉවත් කල කිරි වෙන්නෙ නෑ. ප්‍රසිද්ධ ගනයේ ආපනශාලා කිහිපයක පමනයි ඔබ ඉල්ලන සෑම කිරි වර්ගයක්ම තියෙන්නෙ. මොකද ප්‍රායෝගිකව එහෙම තියාගැනීම අපහසු නිසා.

— Chris

9.ඔබ ඇත්තටම ගිලින්නේ මොනවාද?



සමහර තැන් සලාද මුසුකරන්නෙ ගැලුම් ගනනින් කඩේ විකුනන්න තියන සලාද මුසු(Salad Dressing) ගෙනල්ල ඒවට තවත් ජාති කිහිපයක් කවලම් කරල. හැබැයි කියන්නෙ නම් ගෙදර හදපු(Home Made) සලාද මුසු කියල.

— අවුරුදු 10කටත් වඩා පලපුරුද්දක් තියන හිටපු වේටර් වරයකු වන Jake Blanton

10.අපිට පිස්සු වගේ වෙන්නෙ මොනව උනාමද?




ඔබගේ වේටර්වරයා ඔබට වෛර කරවීමට කලයුතු එකම දේ තමයි උණු තේ එකක් ඉල්ලීම. තවමත් කිසිම ආපන ශාලාවක උනු තේ එකක් ලබාදීමේ නවීන ක්‍රමයක් නෑ.

ඔබ භාජනයක් සොයාගත යුතුයි, වතුර උනු කල යුතුයි, ලෙමන් සහ පැනි ලබාගතයුතුයි, කෝප්පයක් සහ හැන්දක් ගෙන ආ යුතුයි. පොඩි ලාබයකට මේක හුගක් කරදරකාරී වැඩක්.


— Christopher Fehlinger

11.ඔබ දැනගත යුතුම කරුනක්



බොහොමයක් ආපනශාලාවල ටිප් එක අනිත් අය අතර බෙදීයනව. ඉතින් ඔබගේ වෙටර්වරයාගේ වැරද්දෙන් පාඩු ලබන්නෙ ඔහු විතරක්ම නෙමෙයි. ඔබගේ බීම හදපු පුද්ගලයා, වතුර වත්කරපු ලමයා, ඔබට ආසන පනවල සත්කාර කරන්නිය, කෑම එහෙ මෙහෙ ගෙනයන්න වගේම අනිත් වේටර්වරුනුත් මේකෙන් පාඩුලබනව.

— Christopher Fehlinger

12.ඔබ දැනගත යුතුම කරුනක්



ලෝකයේ හොදම උදෑසන ආහාර බුෆේ එකේ පවා 99%ක්ම තිබීමට ඉඩ තියෙන්නෙ කෘතීමව නිපදවන ලද ගසාගත් බිත්තර (scrambled eggs).

— Jake Blanton

13.ඔබ දැනගත යුතුම කරුනක්



අහාර වේල පරක්කුවෙන්න ප්‍රධාන හේතුව වන්නෙ ඔබගේ වේටර්වරයා නෙමෙයි. 90%ක්ම ඒකට හේතුව කුස්සියයි, නැත්නම් ඔබ ඉල්ලලා තියෙන්නෙ සෑහෙන පරිස්සමින් නිමකල යුතු ආහාරයක්.

— Judi Santana

14.ඔබ දැනගත යුතුම කරුනක්



ඔබ පැමිනියේ බිරිද නොවන වෙනත් කාන්තාවක් සමගනම් ඔබ අපිට ඉතාමත් හොදින් සලකනව. සමහරවිට ඒ ඔබගේ බිරිද නොවනබව අපි දන්නවයි කියල ඔබත් දන්න නිසා වෙන්න ඇති.

— Caroline Radaj

15.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?



ඔබ දිනපතා පැමිනෙන්නෙකු බව හදුනා ගන්න පහසු වෙන්නෙ සදුදා, අගහරුවාදා, බදාදා වගේ දවස්වලයි. එහෙම හදුනා ගත්තට පස්සෙ හොද දේවල් වෙන්න පටන්ගන්නව. හරියට ඔබගේ වයින් වීදුරුව බිලට එක්නොවෙනව, නැත්නම් කෝකියා ඔබට රස බැලීම සදහා සාම්පල් එකක් ගෙනත් දෙනව වගේ දේවල්.

— Christopher Fehlinger

16.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?



මවගේ දිනය, වැලන්ටයින් දිනය වැනි දේවල් පුලුවන් තරම් මගහරින්න. ඒව සෑහෙන්න කලබලකාරී දිනයන්. ඉතින් අපිට ඔබ ගැන හොයන්න වැඩිය වෙලාවල් ලැබෙන්නෙ නෑ. ඒවගේම කෑමවල තත්වයත් හොදවෙන එකක් නෑ. හැබැයි ගානනම් හුගක් වැඩිවේවි.

— Steve Dublanica

17.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?



ආපනශාලාවෙ සෙනග පිරිල නම් සහ ඔබගේ ලමය ලැජ්ජාශීලීනම් හොදම දේ තමයි එයා වෙනුවෙනුත් ඔබම කෑම ඕඩර් කිරීම. පොඩි ලමයට කවදාවත්ම කෑම එක ඕඩර් කරන්න බැරිවෙයි. හැබැයි එහා මේසෙ කට්ටිය ඔයාට කෑගහයි ඉක්මනට ඕඩර් එක දමන්න කියල මොකද එයාල බලන් ඉන්න නිසා.

— Derek Dudley

18.ඔබ ටිප් එක ගැන දැනගත යුත්තේ කුමක්ද?




හොදම ටිප් දෙන්නෙ මධ්‍යම පාන්තික පවුල්වලින් එන්නන්. මොකද එයාල උපයපු හැම සතයක් වෙනුවෙන්ම එයාල මහන්සිවෙලා තියන නිසා. හොදට සල්ලි තියන කෙනෙකු හරි වෙනත් අයකුගේ මුදල්වලින් යැපෙන දරුවෙක් හරි ඒ විදිහට ටිප් දෙන්නෙ නෑ.

අනිත් කරුන තමයි ඔබ කූපනයක් හෝ වෙනත් ප්‍රවර්ධන වැඩපිලිවෙලක් නිසා ආවට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ටිප් එක දීමේදි මුලු මුදලටම දෙන එක තමයි හොද. ඔබගේ බිලේ ගානට නෙමෙයි.


— Judi Santana

19.ඔබ ටිප් එක ගැන දැනගත යුත්තේ කුමක්ද?



හොදම ටිප් එක ලැබෙන්නෙ ආදරවන්තයන් මුලින්ම හම්බවුනු අවස්තාවක් නම් තමයි. ඔවුන් යාලුවුනේ ඉන්ටර්නෙට් හරහානම් සහ දෙන්න මුලින්ම දැක්කෙ එදානම් වඩාත් හොදයි.

— Jeremy Burton

20.ඔබ අවසාන වශයෙන් දැනගත යුත්තේ කුමක්ද?



මාලු වැනි ආහාර වේලක් ඉරිදා, සදුදා වැනි දිනකදි ඉල්ලීම එතරම්ම හොද නෑ. මොකද ඒව සෑමදාම අලුත්වට තියෙන්නෙ නැතිනිසා. හොදම දේනම් මාලු අලුතෙන් ගෙන එන්නේ කවදද කියල හොයල බලන එකයි.

— Steve Dublanica



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments