Friday, December 31, 2010

පාසිකුඩාහි තවත් උදෑසන දර්ශනයක් - Morning at Pasikuda


Morning, originally uploaded by vidulahasaranga.

පාසිකුඩා ගැන මීට පෙර මම පලකරපු ඡායාරූපය මතකයි නේ. මතක නැති අයට මෙන්න සැබදුම...

පාසිකුඩාවලින් ගෙන එන මේ දර්ශනය එහි තිබෙන ප්‍රධානතම කර්මාන්තය හා සම්බන්දයි. ඒ තමයි ධීවර කර්මාන්තය. හිරු නැගීමත පෙර පාසිකුඩා යන්න පුලුවන් වුනොත් සිතිජය පුරා කුඩා ආලෝක ලප විදියට ධීවර බෝට්ටු තිබෙන අයුරු දැකගන්න පුලුවන්. හිරු එලිය වැටීමත් සමගම එකින් එක මේ බෝට්ටු වෙරල කරා එනව.

ඉතින් පසුතලයෙහි තිබෙන හිරුගෙ අලංකාර පැහැයත් එක්ක මැවෙන දර්ශනය අතිශය අලංකාරයි.

මෙම රල නොනගින නොගැබුරු වෙරලෙහි ආශ්චර්යය ඔබත් විදගන්න... හැබැයි පරිසරය කිලිටි නොකරන්න.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 29, 2010

බුබුළු බුබුළු බුබුළු - Bubbles


Bubbles, originally uploaded by vidulahasaranga.


සබන් බුබුලු එක්ක සෙල්ලම් කරන්න අපි කොච්චර ආසද පොඩිකාලෙදි.

මේ තියෙන්නෙ නම් සබන් බුබුලු නෙවෙයි. පාසිකුඩා ගියපු වෙලාවෙ අපි පොඩි බෝට්ටු සංචාරයක යෙදුනනෙ. ඒ බෝට්ටුවෙ එන්ජිමෙන් ඇතිවුනු පෙන තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

ඡායාරූපය ගන්න එක එච්චර පහසු කටයුත්තක් උනේ නැහැ මොකද බෝට්ටුවෙ වෙගයත් එක්ක ඒක හයියෙන් පැද්දෙන නිසා. කොහොම උනත් සෑහෙන වතාවක් මහන්සි වෙලා ගත්තු ඡායාරූපය තමයි මේ.

ඔයාලත් පාසිකුඩා ගිය වෙලාවක මේ අත්දැකීම ලබන්න අමතක කරන්න එපා.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, December 26, 2010

තේරවිල්ල - පිලිතුර

ඔන්න දැන් කියන්න යන්නෙ දවස් දෙකකට කලින් මම අහපු තේරවිල්ලෙ උත්තරය. ප්‍රතිචාරනම් හොදටම මදි. ඒත් ඉතින් උත්තරය කියන්න එපයි.

මම ඇහුවෙ කටු නැති කැලේ ඉන්න ඇට නැති සතා කවුද කියලනෙ. මුලින්ම දැන ගන්න එපයි කටු නැති කැලේ මොකක්ද කියල. ඒක තමයි අපේ කොන්ඩය. නැත්නම් හිස කෙස්. ඉතින් ඔලුවෙ ඉන්න ඇට නැති සතා තමයි උකුනා.

මම හිතන්නෙ මේ තේරවිල්ල ලගදි නිර්මානය වෙච්ච එකක්. මොකද අපි පුංචි කාලෙදි මේක අහල නෑ. හුග දෙනෙක් පිලිතුරු නොදෙන්න හේතුවත් ඒක කියල හිතනව. කොහොම උනත් දැන් කවුරු කවුරුත් අලුත් දෙයක් දැන ගත්තනෙ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 24, 2010

පාසිකුඩාහීදී හිරු නගිනු දුටුවෙමි - Dawning at Pasikuda


Morning reflection, originally uploaded by vidulahasaranga.

මෙතෙක් කලක් ලංකාවේ නැගෙනහිර වෙරල තිබුනෙ අපිට තහනම් කලාපයක් වශයෙන්. ඒත් සාමයත් එක්ක නැගෙනහිර අසිරිය විදින්නත් දැන් අපිට පුලුවන්.

ලංකාවෙ නැගෙනහිරදි විතරක් දකින්න පුලුවන් දෙයක් තමයි සිතිජයෙන් හිරු නැගීම. පසුගිය දවසක පාසිකුඩා වෙරලෙදි මම දැකපු දර්ශනය තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

උදෑසන 5.30 ට පමන පාසිකුඩා වෙරලට එන්න පුලුවන්නම් මේ අලංකාර දර්ශනය දකින්න ඔබ වාසනාවන්ත වෙනව. ඒ සදහා රාත්‍රී 10 ට පමන කොලඹින් පිටත් වෙන්න හරි නැත්නම් පාසිකුඩා වල තියන සීමිත හෝටල් කිහිපයෙන් එකක ලැගුම් ගන්න හරි වෙනව. පොලොන්නරුවෙ වගේ නතරවෙලා උදේ පාන්දර එන්නත් පුලුවන්.

ආරාධනා කරනව ඔයගොල්ලො සැමටම මේ දර්ශනය විදගන්න කියල.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

අලුත්ම අලුත් තේරවිල්ලක්...

මෙන්න ගෙනාවා අලුත්ම අලුත් තේරවිල්ලක්. මම නම් මුල් වතාවට ඇහුවෙ ගිය සතියෙ. දන්නවනම් දෙන්නකො බලන්න හරි උත්තරය....

කටු නැති කැලේ ඉන්න ඇට නැති සතා කවුද?

හරි ලේසියි... :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 15, 2010

TRC විසින් කරන ලද විශේෂ නිවේදනයක්...

ජංගම දුරකතනය නැතිවුනොත් කරන්න ඕන දෙය ගැන ලිපියක් ලියුව මතක ඇති.

මට ලැබුනා ඒ සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පලකරපු දැන්වීමක්. කාගෙ කාගෙත් දැනුවත් වීම සදහා මෙන්න නැවත පලකරනව.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, December 13, 2010

මේක කොහොම උනාද මන්ද??? [How this can happen???]


එලුවෙක් වලදකට ඔලුව දාපු කතාව මතකද? මහදැනමුත්ත ගෝලයො ටිකත් එක්ක ඇවිත් මුලින් එලුවගෙ බෙල්ල කපල පස්සෙ වලදත් බිදපු කතාව...

මේ තියන පින්තූර ටිකත් ඒ වගෙයි. කොහොම ඇතිවෙච්ච ඒවද මන්ද. බලන්නකො.

සියලුම පින්තූර විද්යුත් තැපෑල මගින් ලැබුන ඒවාය.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, December 7, 2010

ඔන්න මම පියාබනවා...


Flying without wings, originally uploaded by vidulahasaranga.


මේ පනින්නෙ මම නම් නෙමෙයි. මගේ යාලුවෙක්. කැමරා එකේ බ්‍රස්ට් මූඩ් (Brust Mood) දාල යන්තම් ගත්තු පිංතූරයක් තමයි මේ.

පසුගිය දවසක අපි පාසිකුඩා වෙරලට ගියා. ලංකාවෙ තියන ලස්සනම වෙරලක් තමයි පාසිකුඩා. නිල් පාට දිය තලය. පොඩි රැල්ලක් වත් නෑ. මූද ඇතුලත මීටර 100 විතර ගියාමත් වතුර තියෙන්නෙ බෙල්ල ගාවට විතරයි. හරියට පිහිනුම් තටාකයක් වගේ.

පාසිකුඩා පිහිටල තියෙන්නෙ නැගෙනහිර වෙරල තීරයේ මඩකලපුවට ටිකක් විතර උඩින්. කඩදාසි වලට ප්‍රසිද්ධ වාලච්චේන නගරයට කිට්ටුව. කොලඹ ඉදන් යනවනම් කුරුනෑගල, හබරන, පොලොන්නරුව හරහා යන එක තමයි ලගම.

පාසිකුඩා යනවනම් පාන්දරම වෙරලට යන්න බලාගෙන යන එක තමයි සුදුසු. නිවාඩු දවසක දහවල් වෙනකොට කිට්ටු කරන්නවත් බැරිතරම් සෙනගක් එනව මෙතනට. උදෑසන හිරු නගින ලස්සන දර්ශනයත් මෙතනදි බලාගන්න පුලුවන්.

නෑමට අමතරව පොඩි බෝට්ටු ට්‍රිප් එකකුත් යන්න පුලුවන් මෙතැනදි. ඒකටනම් ටිකක් වියදම් වෙනව. බෝට්ටුවක ගෙනියන්නෙ උපරිම 6 දෙනයි. ඈතින් පෙනෙන ගල ගාවට යන්න රුපියල් 1200 ගන්නව මතක හැටියට. හැබැයි ගල උඩ නැගල පින්තූර ගන්න ඕනනම් තව 400යි :D

අවසාන වශයෙන් පොඩි දැනුවත් කිරීමකුත් කරන්න ඕන. ඒ තමයි පොලිතීන් ගෙනිහින් පාසිකුඩා වෙරල අපවිත්‍ර නොකරන්න කියල.

ඉවරයි....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, November 8, 2010

ඔබගේ ජංගම දුරකතනය නැතිවුනොත්...

ඔබ දන්නවාද දැන් ලංකාව තුලත් නැතිවූ ඕනෑම දුරකතනයක් සොයාගැනීමට පුලුවන්ය කියල. මගේ දුරකතනයත් ලගදි නැතිවුන නිසා තමයි මේක ගැන හොදින්ම දැනගන්න පුලුවන් වුනේ.

පලමුවෙන්ම පොලීසියට ගිහින් පැමිනිල්ලක් දාන්න. මතක තියාගන්න නැතිවුනා කියල මිසක් හොරකම් කලා කියල දමන්න එපා. IMEI අංකයත් පැමිනිල්ලට ඇතුලත් කරන්න.

පැමිනිල්ලෙ පිටපතක් ලබාගන්න. මේ සදහා දවස් කිහිපයක් ගතවෙන්න පුලුවන්. ඒකනිසා පැමිනිල්ල දමපු වෙලාවෙම පිටපතකුත් ඉල්ලා සිටින්න.

මීලගට කරන්න ඕන විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් ඉදිරිපත් කරන එකයි. මෙම ලිපියෙන් තමන්ගේ දුරකතනයෙහි සහ තමාගෙ සියලු විස්තර ඇතුලත් කරන්න. IMEI අංකය තිබෙනවානම් වඩාත් හොදයි.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින් දුරකතනය ලැබෙනකම් මම වගේ බලාගෙන ඉන්න එක තමයි. හැබැයි මේ විදියට දුරකතන හම්බ වෙච්ච අයත් ඉන්නව කියල තමයි ආරංචියනම්.


දුරකතන හොරුන්ට කියන්න තියන දෙයනම් හොරකම් කලාට පාවිච්චි කරන්නනම් හිතන්න එපා කියල. ඕෆ් කරල ගෙදර තියාගෙන ඉන්න තමයි වෙන්නෙ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, November 7, 2010

චොකලට් මිල්ක් එකක් හදමු...

ඔන්න මම මීට කලින් නොලියපු ජාතියේ බ්ලොග් සටහනක් තමයි ලියන්න යන්නෙ. ඒ ආහාර වට්ටෝරුවක්. මමනම් හදල බැලුව. ඔයාලත් හදලම සටහනක් දාන්නකො.

එක දෙයක් කියන්න ඌන, ඒක තමයි මේක අඩු කැලරි කෑමක් බව. ඒකනිසා ආහාර පාලනය කරන අයටත් හුගක්ම හොදයි.

චොකලට් මිල්ක්

අවශ්‍ය ද්‍රව්‍යය:
මේද අඩු කිරි (low fat milk) අවුන්ස 8 (around 250 ml)
කොකෝවා කුඩු තේ හැදි 1
සීනි හෝ පැණිරස කාරක තේ හැදි 1
උණු වතුර අවුන්ස 4 (around 125 ml)

සාදන අයුරු:

කොකෝවා සහ පැණිරස කාරකය බාජනයකට දමා කවලම් කරගන්න.

එයට උණුවතුර දමා හොදින් දියකර ගන්න.

කිරි සියල්ල එකතුකර නැවතත් හොදින් කවලම් කරන්න.

හොදින් සිසිල් කර බීමට ගන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, October 19, 2010

කලමණාකරන මායම්(Management Magics)...

Leo Club of Colombo Circle හි මාසික සගරාවකින් උපුටා ගත්තු ලිපියක් තමයි මේ පල කරන්නෙ. පරිවර්ථනය මම සතුයි. ලොකු ලොකු කොම්පැනි වල වැඩ කරන අපි කවුරිත් මේ දේවල් අත්විද තියනවත සැකයක් නෑ.


===================================

කලමණාකරන මායම්...

1. කවදාවත්ම උදේ පාන්දර මට වැඩක් පවරන්න එපා. අඩුම ගානෙ හවස 4 වෙනකම් වත් ඉන්න. එතකොත තමයි මත ඒ වැඩේ අභියෝගය හොදත බාරගන්න පුලුවන් වෙන්නෙ.

2. ඔබ මට බාරදීපු වැඩේ හුගක්ම හදිස්සි එකක් නම් අඩුම ගානෙ විනාඩි 10කට වතාවක් වත් ඇවිත් වැඩේ කොහොමද කියල අහල මට කරදර කරන්න. ඒක මට කරන ලොකු උදව්වක්. මගේ ලගට වෙලා ගැවසි ගැවසි මම කරන හැම පොඩි දෙයක් ගැනම ප්‍රශ්න අහනවනම්, උපදෙස් දෙනවනම් ඊටත් වැඩිය ලොකු උදව්වක්.

3. ඔබ කොහේ හරි යනකොට මට යන තැන කියල යන්න එපා. එතකොට කවුරුහරි ඔබ කොහෙද කියල ඇහුවම මට ලස්සන උත්තරයක් හදල කියන්න පුලුවන්.

4. මගේ වාර්ශික අරමුනු (goals) මොනවද කියන්න වර්ශ අවසාන සමාලෝචනය (year end review) වෙනකම්ම ඉන්න. මට මධ්‍යස්ත මට්ටමේ ඇගයුමක් දීල ජීවන වියදමට හරියන වැටුප් වර්ධකයක් විතරක් දෙන්න. මම කොහොමත් පඩිය බලාගෙන නෙමෙයි මෙතන වැඩකරන්නෙ.

5. ඔබ මට එක වැඩකට වඩා එකපාරට දෙනවනම් වැඩිය වැදගත් මොකක්ද කියල කියන්න ඕන නැහැ. මට දිවියඥානය තියනව ඒක දැනගන්න.

6. මාව පරක්කු වෙනකම් මෙතන තියාගන්න ඕනම දෙයක් කරන්න. වෙඩ කරන තැන තමයි මගේ පූජනීය ස්ථානය. මට වෙන යන්න තැනක් වත් කරන්න දෙයක් වත් නෑ. ඔබව හොද කලමණාකරුවෙකු කරන්න මම තව කොච්චර දේවල් කරන්න ඕනද?

:D

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, September 12, 2010

උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ

ඉස්සර අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ


ඉස්සර අපි දෙන්න දෙන්නම තමුන්ගේ
දැන්දි අපි දෙන්න දෙන්නම අනුන්ගේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුරක් දුන්නේ
යතුර දෙන්න මේ ගේදොර අනුන්ගේ

උපුටාගැනීම ඒ. එම්. කරුණාරත්න මහතාගේ උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ කෘතියෙනි.

----------------------------------------

කාලෙකින් කියවපු නවකතාවක තිබුනු ලස්සන ජන කවියක්. මේක කෘතියට නිර්මානය කලාද, නැතිනම් පුරාණයෙන් එන ජන කවියක්ද කියලනම් මම දන්නෙ නැහැ. නමුත් ලස්සන සහ අදහස නිසා බෙදාගන්න හිතුන. උපුටා ගත්තෙනම් අනවසරයෙන්.....


මේ කවියට බද්ද වෙච්ච රසවත් කතාවක් තියනව. දන්න කට්ටිය ඉන්නවනම් කියන්න බලන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, August 29, 2010

අලුත් පන්නයේ සිතිවිල්ලක්...

බලන්නකො ඒකෙත් වැඩේ හැටි...





මේක ලංකාවෙ එකක්ද මන්දා...

Friday, August 20, 2010

Step Up 3D නැරඹුවෙමි.....



ලිබර්ටි එකට අලුතින්ම ආපු චිත්‍රපටිය පලවෙනි දවසෙම ගිහින් බැලුව. කාලෙකින් බලපු අමුතු චිත්‍රපතියක් නිසා හැමෝම එක්ක බෙදාගන්න හිතුව.

----------------------------------------------------------


චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ මූස් කියන ප්‍රධාන චරිතය විශ්වවිද්‍යාලයට අලුත් ලමයෙක් විදිහට ඇතුලුවෙන අවස්තාවෙන්. එතනදි මූස්ට දකින්න ලැබෙනව වර්නවත් street dance එකක්. මූස්නුත් අවසානයෙදි ඒකට සම්බන්ද වෙනව. බලන්නකො....



ඉතින් එතනදි මූස්ත හමු වන යහලුවො සහ තරහකාරයො අතර තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මුලු ධාවන කාලය පුරාම ඇස ඉවතට ගන්න නම් හිතෙන්නෙම නැහැ. බලන්නකො පොඩි කොටස් ටිකක්...





වැඩිපුර විස්තර ඕනනම් මෙන්න තැන් ටිකක්...

ඉන්ටර්නෙට් චිත්‍රපට දත්ත ගබඩාව - http://www.imdb.com/title/tt1193631/
විකිපීඩියාව - http://en.wikipedia.org/wiki/Step_Up_3D
මූණු පොත - www.facebook.com/StepUpMovie

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, June 14, 2010

ඡායාරූප එකතුව - හබරන

පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.

ස්ථානය: සිනමන් ලොජ්, හබරන.

මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

ගණිත ගැටලුව 2 - පිලිතුර

ගැටලුවට යන්න...

පිලිතුරු දීපු සහෝදරවරු දෙන්නම හරියට දීල තිබුන. ඉතින් මම නැවතත් ඒක ලියන එක ඕන නෑ වගේ නේද? :D

තවත් ගැටලුවකින් ලගදීම හමුවෙමු.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 11, 2010

මින්නේරියේ සෆාරි ගිහින් තියනවද?

මින්නේරිය ගැන මොනවද දන්නෙ. මින්නේරිය තමයි ලංකාවෙ අලි බලන්න යන්න තියන හොදම තැන. ලොකු ලොකු අලි රංචු ලගටම ගිහින් බය නැතිව බලන්න පුලුවන්. මින්නේරියෙ අලි බලන්න යනවනම් හබරන, පොලොන්නරුව, ගිරිතලේ වගෙ තැන්වල ඉදන් උනත් යන්න පුලුවන්. එච්චරම දුරක් නෑ.

ඉතින් අලි බලන්න අපේ වාහන වලින් යන්න ටිකක් අමාරුයි. කැලෑව මැදට යන්න එපාය. ඉතින් ඒකත සෆාරි වාහනයක් ගන්න ඕන. මම කලින් කියපු හැම තැනකම සෆාරි වාහන ගන්න පහසුකම් තියනව. (හැබැයි හෝටල් මාර්ගයෙන් යන්න ගියොත් නම් ගාන සැරවේවි - සාමාන්‍යයෙන් 3000 විතර යන්න පුලුවන් එක හෝටලයෙන් 4000ක් විතර වෙනව.)

ඉතින් මම දැන් කියන්න හදන්නෙ ලගදි ඉදන් මෙහේ සෆාරි අය පතන් අරන් තියන දෙයක්. හබරන අලුතින් දාල තියනව මොකක්ද පාක් එකක් පුද්ගලික අංශයට අයිති. ඉතින් අපිව එතනට එක්ක ගියොත් මේ වාහන අයිතිකාරයන්ට ලොකු ගානක් හම්බ වෙනව. හැබැයි අලිනම් වෙඩිය නෑ. ඉතින් අපි මින්නේරියටම යන්න ඕන කියුවෙ නැත්නම් මෙයාල අපිව එක්ක යන්නෙ අලුත් තැනට. ඒකනිසා අලි බලන්න මින්නේරියෙ යනවනම් මින්නේරිය ජාතික උද්‍යානයටම යන්න. හවසට අලි වතුර බොන්න රංචුපිටින් වැව ගාවත එනව. හරිම ලස්සනයි.

දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.....

මින්නේරියෙදි මම ගත්ත ඡායාරූප ටිකක්...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

ගණිත ගැටලුව 2

පහුගිය දවස් ටිකේ හොදටම වැඩ. කිසිම බ්ලොග් සටහනක් නිදහසේ ලියාගන්න බැරිඋනානෙ. ඉතින් ආරම්බයක් විදියට තව ගණිත ගැතලුවක් දෙන්න තමයි අදහස.


ඔන්න මේ පාර ලේසිම ලෙසි ගැටලුවක් තමයි දෙන්න යන්නෙ.

කේක් ගෙඩියක් සමාන කැබලි 8 කට කපන්න පිහි පාරවල් අඩුවෙන්ම කීයක් යනවද?

හරි ලේසියි. කේක් කාල නැත්තෙ කවුද නේද? උත්තරය දන්න ලමයි අත උස්සල කොමෙන්ට් එකක් දාන්නකො....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, May 23, 2010

ගණිත ගැටලුව 1 - පිලිතුර

ගැටලුවට යන්න...

අපේ SL සහෝදරය නිවරදි පිලිතුර දීල තියනව. මම නිවරදි පිලිතුරේ සිංහල පරිවර්තනය දෙන්නම්කො.

මුලින්ම යකඩ බෝල 9, 3 බැගින් වන ගොඩවල් 3 කට වෙන් කරගන්න. දැන් ගොඩවල් 2ක් තරාදියෙ දෙපැත්තට දාල ප්‍රතිඵලය බලන්න. දෙපැත්තම සමානනම් ඒ කියන්නෙ සැහැල්ලු යකඩ බෝලය තියෙන්නෙ 3 වැනි ගොඩේ. නැත්නම් සැහැල්ලු බෝලය තියෙන්නෙ තරාදියෙ උඩ යන පැත්තෙ.

දැන් එක පාරක් අපි තරාදිය භාවිතා කරල තියෙන්නෙ.

දැන් සැහැල්ලු බෝලය අඩංගු ගොඩ ගන්න. එයින් යකඩ බෝල 2ක් තරාදියට දාල කලින් වගේම කිරන්න. තරාදියෙ දෙපසම සමාන නම් ඉතුරු බෝලය තමයි සැහැල්ලු එක. නැත්නම් තරාදියෙ උඩ යන පැත්තෙ තියන බෝලය තමයි සැහැල්ලු එක.

ඉතින් අපි දෙවරක් පමනයි තරාදිය භාවිතා කරේ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, May 20, 2010

ගණිත ගැටලුව 1

මුල් වරට මගේ බ්ලොග් එකෙන් ගණිත ගැටලුවක් ඉදිරිපත් කරන්න හිතුව.

සම්මුඛ පරීක්ෂණ වලට ගියාම එක එක විදිහෙ ගැටලු ඉදිරිපත් කරනවනෙ හැකියාව මනින්න. මේකත් ඒ ජාතියෙ ගණිත ගැටලුවක්.

මේකයි ගැටලුව:

සමාන ප්‍රමානයේ සමාන පෙනුමින් යුත් යකඩ බෝල 9ක් ඇත. එයින් එක් බෝලයක් බරින් අඩුයි. අනික් බෝල සියල්ලම සමාන බරින් යුතුයි. තැටි තරාදියක් භාවිතයෙන් බර අඩු බෝලය තෝරා ගැනීම සදහා තරාදිය භාවිතා කල යුතු අඩුම වාර ගනන කුමක්ද? ක්‍රමයද සදහන් කරන්න.

තැටි තරාදියක් කියන්නෙ කඩේ බඩු කිරන්න භාවිතා කරන එක පැත්තකට පඩියක් දාල අනික් පැත්තට භාණ්ඩය දාන තරාදි වලට.


දන්න කට්ටිය උත්තර ලියන්න බලන්න.

හරි උත්තරය ඉදිරි දවසක බලාපොරොත්තුවන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, May 17, 2010

අනේ අපේ කුනු ගෙනියන්නකො....

අපි ඉන්නෙ ගල්කිස්සේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවෙ. අපේ නගරාධිපතිතුමිය ඉස්සරනම් දවස් 2 කට සැරයක් කුනු අස් කෙරෙව්වා.

ඉතින් ලගදි මහ ඡන්දය ආවනෙ. නගර සභාව අයිති විපක්ෂයට වුනත් නගරාධිපතිතුමිය ඡන්දය ඉල්ලපු නිසා ඡන්දය දවස්වල හැමදාම වගේ කුනු ගෙනිච්චා.

අනේ ඉතින් ගිය සතියෙ මැද ඉදන් මොකද මන්ද තාම කුනු ගෙනියන්න ආවෙ නෑ.

වෙනදට පාර ගාව කුනු ට්‍රැක්ටරයක් නවත්වල තියනව අපිට කුනු ගෙනිහින් දාන්න. දැන් ඒකත් නෑ.

අනේ මන්ද මේ කුනු ටික කන්නද කියල.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, May 7, 2010

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුල ගොනුවක් සොයා ගැනීම

ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත්තු දවසෙ ඉදන්ම මත තිබුනු ප්‍රශ්නයක් තමයි ෆයිල් එකක් සොයාගන්නෙ (Search) කොහොමද කියන එක. මේකට තියන එක ක්‍රමයක් තමයි find කියන විධානය බාවිතය. ඉතින් ඒ ගැන විස්තර ටිකක් බෙදාගන තමයි මේ හදන්නෙ.


අපි හිතමු patch_24.sql කියන ගොනුව මූල ඩිරෙක්ටරියෙන් සොයාගන්න ඕන කියල.

find / -name patch_24.sql

අපි හිතමු සෙවීම කරන්න ඕන දැනට ඉන්න ඩිරෙක්ටරියෙන් කියල.

find ./ -name patch_24.sql

ගොනුවෙ නම පටන්ගන්නෙ patch කියන වචනයෙන් නම්.

find ./ -name patch*

Capital, Simple බේදය බලන්නෙ නැතිනම්.

find ./ -iname patch*


අපි දැන් ටිකක් අමාරු අවස්තා සලකල බලමු.

අපි හිතමු ගොනුවෙ ප්‍රමානය විශාල වෙන්න ඔන කියල 10000k වලට වැඩිය.

find ./ -size +10000

නැතිනම් 500k වලට වඩා අඩුනම්.

find ./ -size -500

find භාවිතා කරල තව හුගක් දේවල් කරන්න පුලුවන්. man find කියල ඇතුලු කරාම අනෙකුත් විස්තර බලාගන්න පුලුවන්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, May 5, 2010

ඉක්කාව

ඉක්කයි මමයි ගාලු ගියා
ඉක්ක දාල මම ආවා.

අපි පොඩිකාලෙ හොදට අහල පුරුදු කවියක්. හැබැයි දන්නවද ඉක්කාව ඇතිවෙන්නෙ කොහොමද කියල?























ඉක්කාව එන්න හේතුව තමයි ස්වරාලය හැකිලීම. එතකොට වැඩිපුර වාතය ගන්න ස්වරාලයේ වෙනසක් ඇතිවෙනව. ඒකට තමයි ඉක්කාව කියන්නෙ.

ඉක්කාවට හොද බෙහෙතක් තමයි උනු වතුර ටිකක් බොන එක. එතකොට නිකන්ම ස්වරාලය ලොකු වෙනව. ඉතින් ඉක්කාව නැතිවෙනව.

කොහොමද වැඩේ......


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, April 20, 2010

අඹේවෙල ලස්සන දැකල තියනවද???

ඔන්න ඉතින් ලගදි දවසක අඹේවෙල පැත්තෙ යන්න අවස්තාවක් ලැබුන. ලස්සන ඡායාරූප ටිකකුත් ගන්න අමතක උනේ නෑ.

අඹේවෙල තියන වැදගත්ම දෙය තමයි ලංකාවෙ විශාලතම කිරි ගොවිපලවල් දෙක සහ පිටිකිරි කර්මාන්ත ශාලාව. මේවායින් නැරබීමට ඉඩ තියෙන්නෙ නවසීලන්ත ගොවිපල විතරයි. අඹේවෙල ගොවිපලයි පිටි කර්මාන්ත ශාලාවයි අපිට බලන්න විදිහක් නැහැ. හැබැයි අඹේවෙල අවට දර්ශන නම් මාරම මාර ලස්සනයි.

අඹේවෙල යන්න ප්‍රධාන මාර්ග 2ක් තියනව. හොදම පාර තමයි නුවරඑලිය නානුඔය පාරෙ ඇවිල්ල මගදි වම් අත පැත්තට තියන පාරෙ ගිහින් යන එක. මේ පාරෙ කොටසක් අඹේවෙල ගොවිපල මැදින් යන එක. ඒ පැත්ත මාර ලස්සනයි. අනිත් පාර තියෙන්නෙ නුවරඑලිය පස්සර පාරෙන් ඇවිල්ල මගදි දකුනට හැරිල යන්නයි.

පාරවල් දෙකම අඹේවෙල දුම්රිය ස්ථානය ලගදි එකතුවෙනව. එතන තියන තුන්වෙනි පාරෙන් රේල්පාර හරහා ගිහිල්ල කෙලින්ම ගියාම හෝර්ටන් තැන්නට යන්න පුලුවන්. දකුනට තියන පාරෙන් ගියාම නවසීලන්ත ගොවිපලට යන්න පුලුවන්.

ඉතින් ගිහිල්ලම බලන්නකෝ......

අඹේවෙල, ශ්‍රී ලංකාව


අඹේවෙල, ශ්‍රී ලංකාව


අඹේවෙල, ශ්‍රී ලංකාව


අඹේවෙල, ශ්‍රී ලංකාව



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, April 3, 2010

මිග උයන හෙවත් The Deer Park

පහුගිය සති අන්තයක ලස්සන හෝටලයකට යන්න අවස්ථාව ලැබුන. මතක ඇතිනෙ මම කලිනුත් කන්ඩලම හෝටලයෙ අසිරිය බෙදාගත්ත බව. ඉතින් මේපාර බෙදාගන්න යන්නෙ ගිරිතලේ තියන The Deer Park හෝටලයේ විස්තරයි.



The Deer Park කියන්නෙ කලකට ඉස්සර රජයට අයිතිවෙලා තිබුණු ගිරිතලේ නිවාඩු නිකේතනයට. දඹුල්ල, හබරන හරහා පොලොන්නරුව පාරෙ ඇවිත් මින්නේරියත් පහුකරල ඊටපස්සෙ හම්බවෙන ගිරිතලේ හන්දියෙන් දකුනට හැරිල ගිරිතලේ වැව් බැම්ම දිගේ ටික දුරක් යනකොට තමයි මෙතනට එන්න පුලුවන් වෙන්නෙ.

හෝටලයක් කියුවට සාමාන්‍ය හෝටලයක වගෙ කාමර මේකෙ නෑ. තියෙන්න පොඩි පොඩි ගෙවල් වගේ ඒව (Kabana). හැම ගෙයකම කාමර 2 - 4 ප්‍රමානයක් තියනව. බොහොමයක් තට්ටු දෙකේ ඒව. සමහර කාමරත් තට්ටු දෙක පුරාම විහිදෙනව. යට තියෙන්නෙ සාලය සහ නාන කාමරය, උඩ නිදන කාමරය. නාන කාමර බොහොමයකුත් විවෘත ව්දිහට තමයි හඩල තියෙන්නෙ. ඒ කියන්නෙ ඇතුලට ගියාම අහස පේනව. පොඩි පොඩි ගස් එහෙමත් වවල තියනව.







හෝටලයෙ තියන ලස්සනම දර්ශනය තමයි කාමරයෙන් එලියට ආවම ගිරිතලේ වැව පෙනෙන එක.





උදේට මෙතන වදුරන්ගෙන් පිරිල. හරි ලස්සන දර්ශන බලාගන්න පුලුවන්. ඒවගේම තැනින් තැන පොකුණුවල නිල් මානෙල් මල් පිපිල හරිම ලස්සනයි.









ප්‍රධාන පිවිසුම





ප්‍රවේශ ශාලාව (Lobby)









කෑම කාමරය





අවට දර්ශන











මගේ Flicker ගිණුමෙනුත් ඡායාරූප කිහිපයක් බලාගන්න පුලුවන්.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments