Showing posts with label පරිගනක. Show all posts
Showing posts with label පරිගනක. Show all posts

Monday, August 20, 2012

From: Sachi To: Nimal



ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.

අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට කාල එහෙම 10ට විතර කැබ් එකක් ගෙන්න ගත්තලු බෝඩිමට යන්න.


අපි කැබ් වලට අතින් සල්ලෙ දෙන්නෙ නෑ. ණය පතක් තමයි දෙන්නෙ නැත්නම් ක්‍රෙඩිට් හයර් එකක් කියල තමයි ඕකට කියන්නෙ. ඉතින් ගමන ඉවර වෙලා පොඩි පෝරමයක් තියනව පුරවල ඩ්‍රැයිවර්ට දෙන්න. අපේ බුවත් බෝඩිම ගාවට ගිහින් ඕක පුරවන්න පටන් ගත්තලු.

ටික වෙලාවකින් මේක ඩ්‍රයිවර්ගෙ පැත්තට හැරිල, අයියෙ ඔයාගෙ නම මොකක්ද? මිනිහ ඉන්නවලු ඇහුනෙ නෑ වගේ, මේකට මොකටද මගේ නම කියල

අයියෙ, නම කියන්නකො... ආයිත් සද්දයක් නෑ. මොකක්ද අයියෙ නම කියන්නකො මට මේක පුරවල ඉවරයක් කරල දාන්න.

ඩ්‍රැයිවරයටත් දැන් මල පැනල. මල්ලි වෙනදට මගේ නම ඕන වෙන්නෙ නෑනෙ. හරි එහෙනම් ලියාගන්නවකො නිමල් කියල.අපේ බුවත් ඔන්න පුරවල දීල ආව.

බලනකොට පොර ලියල තියෙන්නෙ:

From: සචී
To: නිමල්

ප.ලි.: ටියුබ් ලයිට් කට්ටිය උඩ තියන පෝරමේ බලන්නකො. ඒත් ටියුබ් ලයිට්නම් කරන්නම දෙයක් නෑ ඉතින්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 20, 2008

මූලික(Top) සුපිරි පරිගනක 500

නිකන් ඉන්නකොට එක එක අදහස් පහල වෙනවනේ. ඉතින් මට හිතුන ලෝකයේ සුපිරි පරිගනක භාවිතා කරන රටවල් සහ ඒවායේ තියන මෙහෙයුම් පද්ධති ගැන සොයා බලන්න. (නිකන් ඉන්න බැරුවට කරන වැඩ නේද...)

මම ඉතින් ගූගල් එකේ හොයනකොට හොද සයිට් එකක් හම්බවුනා. ඒකෙන් තමයි මේ තියන ඔක්කොම ඒව හොයාගත්තෙ. ඉතින් මේකෙ තියෙන්නෙ ප්‍රධානතම සුපිරි පරිගනක 500 ගැන. පුදුමයක් නොවන දේ තමයි මේවායින් බාගයකටත් වඩා ඇමෙරිකාවෙ තියන එක. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් සුපිරි පරිගනක 500 න් 8 ක්ම තියනවා. කාටද ආඩම්බර....

මේවිදිහට තමයි සුපිරි පරිගනක ටිය ලෝකයපුරා විහිදිලා තියෙන්නෙ (2008 නොවැම්බර් වෙනකොට...)



































































































































































































රටඑකතුවප්‍රතිශතය %
ඕස්ට්‍රේලියාව 1 0.20 %
බෙල්ජියම 2 0.40 %
බ්‍රසීලය 2 0.40 %
බල්ගේරියාව 1 0.20 %
කැනඩාව 2 0.40 %
චීනය 15 3.00 %
ඩෙන්මාකය 3 0.60 %
පින්ලන්තය 1 0.20 %
ප්‍රංශය 26 5.20 %
ජර්මනිය 25 5.00 %
ඉන්දියාව 8 1.60 %
අයර්ලන්තය 1 0.20 %
ඊශ්‍රායලය 1 0.20 %
ඉතාලිය 11 2.20 %
ජපානය 18 3.60 %
දකුනු කොරියාව 1 0.20 %
මැලේසියාව 1 0.20 %
මෙක්සිකෝව 1 0.20 %
නෙදර්ලන්තය 3 0.60 %
නවසීලන්තය 4 0.80 %
නෝර්වේ 2 0.40 %
පෝලන්තය 6 1.20 %
රුසියාව 8 1.60 %
සොල්වේනියාව 1 0.20 %
දකුනු අප්‍රිකාව 1 0.20 %
ස්පාන්‍යයය 6 1.20 %
ස්වීඩනය 8 1.60 %
ස්විට්සර්ලන්තය 4 0.80 %
තායිවානය 2 0.40 %
එක්සත් රාජධානිය 45 9.00 %
ඇමෙරිකා එක්සත් ජනපදය 290 58.00 %
මුළු ගනන500100%



දැන් තමයි හොදම කොටස. මොනවද මේ සුපිරි පරිගනක භාවිතා කරන මෙහෙයුම් පද්ධති. වින්ඩෝස් කැලේ. 1% පාවිච්චි කරන්නෙ. ඒකට ලිනක්ස් 87% කටත් වැඩියෙන් පාවිච්චි කරනව. පුදුමද? අනේ මන්ද.... බලන්නකො විස්තරේ...












මෙහෙයුම් පද්ධති පවුලඑකතුවප්‍රතිශතය %
ලිනක්ස්43987.80 %
වින්ඩෝස්51.00 %
යුනික්ස්234.60 %
BSD මත පදනම් වූ10.20 %
මිශ්‍ර316.20 %
මැක් මෙහෙයුම් පද්ධති10.20 %
මුළු ගනන500100%




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments