Showing posts with label පාසිකුඩා. Show all posts
Showing posts with label පාසිකුඩා. Show all posts

Friday, December 31, 2010

පාසිකුඩාහි තවත් උදෑසන දර්ශනයක් - Morning at Pasikuda


Morning, originally uploaded by vidulahasaranga.

පාසිකුඩා ගැන මීට පෙර මම පලකරපු ඡායාරූපය මතකයි නේ. මතක නැති අයට මෙන්න සැබදුම...

පාසිකුඩාවලින් ගෙන එන මේ දර්ශනය එහි තිබෙන ප්‍රධානතම කර්මාන්තය හා සම්බන්දයි. ඒ තමයි ධීවර කර්මාන්තය. හිරු නැගීමත පෙර පාසිකුඩා යන්න පුලුවන් වුනොත් සිතිජය පුරා කුඩා ආලෝක ලප විදියට ධීවර බෝට්ටු තිබෙන අයුරු දැකගන්න පුලුවන්. හිරු එලිය වැටීමත් සමගම එකින් එක මේ බෝට්ටු වෙරල කරා එනව.

ඉතින් පසුතලයෙහි තිබෙන හිරුගෙ අලංකාර පැහැයත් එක්ක මැවෙන දර්ශනය අතිශය අලංකාරයි.

මෙම රල නොනගින නොගැබුරු වෙරලෙහි ආශ්චර්යය ඔබත් විදගන්න... හැබැයි පරිසරය කිලිටි නොකරන්න.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 29, 2010

බුබුළු බුබුළු බුබුළු - Bubbles


Bubbles, originally uploaded by vidulahasaranga.


සබන් බුබුලු එක්ක සෙල්ලම් කරන්න අපි කොච්චර ආසද පොඩිකාලෙදි.

මේ තියෙන්නෙ නම් සබන් බුබුලු නෙවෙයි. පාසිකුඩා ගියපු වෙලාවෙ අපි පොඩි බෝට්ටු සංචාරයක යෙදුනනෙ. ඒ බෝට්ටුවෙ එන්ජිමෙන් ඇතිවුනු පෙන තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

ඡායාරූපය ගන්න එක එච්චර පහසු කටයුත්තක් උනේ නැහැ මොකද බෝට්ටුවෙ වෙගයත් එක්ක ඒක හයියෙන් පැද්දෙන නිසා. කොහොම උනත් සෑහෙන වතාවක් මහන්සි වෙලා ගත්තු ඡායාරූපය තමයි මේ.

ඔයාලත් පාසිකුඩා ගිය වෙලාවක මේ අත්දැකීම ලබන්න අමතක කරන්න එපා.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 24, 2010

පාසිකුඩාහීදී හිරු නගිනු දුටුවෙමි - Dawning at Pasikuda


Morning reflection, originally uploaded by vidulahasaranga.

මෙතෙක් කලක් ලංකාවේ නැගෙනහිර වෙරල තිබුනෙ අපිට තහනම් කලාපයක් වශයෙන්. ඒත් සාමයත් එක්ක නැගෙනහිර අසිරිය විදින්නත් දැන් අපිට පුලුවන්.

ලංකාවෙ නැගෙනහිරදි විතරක් දකින්න පුලුවන් දෙයක් තමයි සිතිජයෙන් හිරු නැගීම. පසුගිය දවසක පාසිකුඩා වෙරලෙදි මම දැකපු දර්ශනය තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

උදෑසන 5.30 ට පමන පාසිකුඩා වෙරලට එන්න පුලුවන්නම් මේ අලංකාර දර්ශනය දකින්න ඔබ වාසනාවන්ත වෙනව. ඒ සදහා රාත්‍රී 10 ට පමන කොලඹින් පිටත් වෙන්න හරි නැත්නම් පාසිකුඩා වල තියන සීමිත හෝටල් කිහිපයෙන් එකක ලැගුම් ගන්න හරි වෙනව. පොලොන්නරුවෙ වගේ නතරවෙලා උදේ පාන්දර එන්නත් පුලුවන්.

ආරාධනා කරනව ඔයගොල්ලො සැමටම මේ දර්ශනය විදගන්න කියල.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, December 7, 2010

ඔන්න මම පියාබනවා...


Flying without wings, originally uploaded by vidulahasaranga.


මේ පනින්නෙ මම නම් නෙමෙයි. මගේ යාලුවෙක්. කැමරා එකේ බ්‍රස්ට් මූඩ් (Brust Mood) දාල යන්තම් ගත්තු පිංතූරයක් තමයි මේ.

පසුගිය දවසක අපි පාසිකුඩා වෙරලට ගියා. ලංකාවෙ තියන ලස්සනම වෙරලක් තමයි පාසිකුඩා. නිල් පාට දිය තලය. පොඩි රැල්ලක් වත් නෑ. මූද ඇතුලත මීටර 100 විතර ගියාමත් වතුර තියෙන්නෙ බෙල්ල ගාවට විතරයි. හරියට පිහිනුම් තටාකයක් වගේ.

පාසිකුඩා පිහිටල තියෙන්නෙ නැගෙනහිර වෙරල තීරයේ මඩකලපුවට ටිකක් විතර උඩින්. කඩදාසි වලට ප්‍රසිද්ධ වාලච්චේන නගරයට කිට්ටුව. කොලඹ ඉදන් යනවනම් කුරුනෑගල, හබරන, පොලොන්නරුව හරහා යන එක තමයි ලගම.

පාසිකුඩා යනවනම් පාන්දරම වෙරලට යන්න බලාගෙන යන එක තමයි සුදුසු. නිවාඩු දවසක දහවල් වෙනකොට කිට්ටු කරන්නවත් බැරිතරම් සෙනගක් එනව මෙතනට. උදෑසන හිරු නගින ලස්සන දර්ශනයත් මෙතනදි බලාගන්න පුලුවන්.

නෑමට අමතරව පොඩි බෝට්ටු ට්‍රිප් එකකුත් යන්න පුලුවන් මෙතැනදි. ඒකටනම් ටිකක් වියදම් වෙනව. බෝට්ටුවක ගෙනියන්නෙ උපරිම 6 දෙනයි. ඈතින් පෙනෙන ගල ගාවට යන්න රුපියල් 1200 ගන්නව මතක හැටියට. හැබැයි ගල උඩ නැගල පින්තූර ගන්න ඕනනම් තව 400යි :D

අවසාන වශයෙන් පොඩි දැනුවත් කිරීමකුත් කරන්න ඕන. ඒ තමයි පොලිතීන් ගෙනිහින් පාසිකුඩා වෙරල අපවිත්‍ර නොකරන්න කියල.

ඉවරයි....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments