Wednesday, August 22, 2012

පොටෝ ගහනවනම් මෙන්න මෙහෙම ගහන්න ඕන...

මේක ඊයෙ හීයකින් ලැබුච්ච පිංතූර ටිකක්. නමුත් වැදගත්කම සහ දෙන පණිවිඩය නිසාම බෙදාගන්න හිතුන.



















විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, August 20, 2012

From: Sachi To: Nimal



ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.

අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට කාල එහෙම 10ට විතර කැබ් එකක් ගෙන්න ගත්තලු බෝඩිමට යන්න.


අපි කැබ් වලට අතින් සල්ලෙ දෙන්නෙ නෑ. ණය පතක් තමයි දෙන්නෙ නැත්නම් ක්‍රෙඩිට් හයර් එකක් කියල තමයි ඕකට කියන්නෙ. ඉතින් ගමන ඉවර වෙලා පොඩි පෝරමයක් තියනව පුරවල ඩ්‍රැයිවර්ට දෙන්න. අපේ බුවත් බෝඩිම ගාවට ගිහින් ඕක පුරවන්න පටන් ගත්තලු.

ටික වෙලාවකින් මේක ඩ්‍රයිවර්ගෙ පැත්තට හැරිල, අයියෙ ඔයාගෙ නම මොකක්ද? මිනිහ ඉන්නවලු ඇහුනෙ නෑ වගේ, මේකට මොකටද මගේ නම කියල

අයියෙ, නම කියන්නකො... ආයිත් සද්දයක් නෑ. මොකක්ද අයියෙ නම කියන්නකො මට මේක පුරවල ඉවරයක් කරල දාන්න.

ඩ්‍රැයිවරයටත් දැන් මල පැනල. මල්ලි වෙනදට මගේ නම ඕන වෙන්නෙ නෑනෙ. හරි එහෙනම් ලියාගන්නවකො නිමල් කියල.අපේ බුවත් ඔන්න පුරවල දීල ආව.

බලනකොට පොර ලියල තියෙන්නෙ:

From: සචී
To: නිමල්

ප.ලි.: ටියුබ් ලයිට් කට්ටිය උඩ තියන පෝරමේ බලන්නකො. ඒත් ටියුබ් ලයිට්නම් කරන්නම දෙයක් නෑ ඉතින්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, August 16, 2012

මේ ඌරො ටික කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු.



මේ දවස්වල කට්ටියක් ගජරාමෙට වැඩවර්ජනේනෙ. මම කියන්නෙ මේ අපේ ආචාර්යවරුන් ගැන නෙමෙයි, අනිත් කට්ටිය ගැන. අර දවල් 12ට කලින් නාවොත් මොනවද කරනවයි කියල තිබුනු...


ඉතින් මේගොල්ලො ඉස්ට්‍රයික් නිසා එතන වැඩ කරන මැවිසුරො ටිකටනම් මාර වාසියි. හෝ ගාල නයිට් ඩියුටි. ඒවට ඉතින්  ඕවර්ටයිම් එහෙමත් ගෙවනව ඇතිනෙ.

මට මතක් උනේ ඊයෙ පෙරේද ඔය කට්ටිය වැඩ කරන ලංකාවෙ තියන පාඩු ලබන ආයතනයෙ වෙච්ච දේවල් ටිකක්. ලගදි තිබුන ඕකෙ වැඩකරන මැවිසුරන්ගෙ වාර්ශික මහා සභා රැස්වීම. ඉතින් පොඩි රැෆල් ඩ්‍රෝ එකකුත් තිබුනලු. ඒකෙ තුන්වැනි තැන මගේ යාලුවෙකුට ඇදුන කියල තමයි ආරංචි. වැඩිය නෑ, රු: 50000 විතර වටින හෝම් තියටර් සිස්ටම් එකක්ලු. මොකක් හරි අහිංසක කොම්පැනියක් වියදම දරන්න ඇති, අපේ ලයිට් බිලෙන්ම ගියාද දන්නෙත් නෑ. තව ඒකට ආපු හැම නෝන කෙනෙක්ටම තෑගි ලෑස්තිකරල තිබුනලු. මේසෙ උඩ තිබුනු ජාති 5කින්ද කොහෙද කැමති එකක් තෝරගෙන ගෙනියන්න පුලුවන්ලු.

ලංකාවෙ අඩුවෙන්ම ලෙදවෙන මිනිස්සු වැඩ කරන්නෙත් මෙතනම තමයි. මොකෝ අවුරුද්ද අන්තිමට ඉතිරුවෙච්ච ලෙඩ නිවාඩු ටිකට පඩි දෙනවනෙ. ඉතින් කවුරුවත් ලෙඩ වෙන්නෙ නෑ. අනිත් නිවාඩු ජාති විතරයි යන්නෙ. අනේ අනිච්චන් සංසාරේ...



ප.ලි.: මේක ලියල ඉවර වෙලා දානවද නැත්ද කියල හුගක් වෙලා හිතල 'ඇත්තනෙ ලියල තියෙන්නෙ, බැනුම් ඇහුවත් මොකද කියල' ඔන්න දාල දැම්ම. වැරදි මොනව හරි ලියල තියනව කියල තේරෙන කවුරුහරි ඉන්නවනම් කොමෙන්ටුවක් දාල දැනුම් දෙනව හොදයි.

Image Source: http://romanceaddict91.wordpress.com/tag/electricity/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, August 9, 2012

ඒ අම්මා අද ජීවත්ව සිටියානම්.....


මහ රෝහල අසලින් කලබලයෙන් දුවවිත් බසයට නැගුනු කෙට්ටු හීන්දෑරී තරුනයන් දෙදෙනෙකි.

1. මචං, උබ සිංදුවක් ලියන්න ඕන මේ දැන්මම.
2. මොන සිංදුද බං මේ වෙලාවෙ. අම්ම හොදටම ලෙඩවෙලා ඉස්පිරිතාලෙ.
1. ඒක තමයි මමත් කියන්නෙ, උබ දැන් අම්ම ගැන සිංදුවක් ලියන්න ඕන.


ඒ කියු අයුරින්ම ඒ ගීතය ලියවිනි. ගීතය ඇසීමට ඒ මෑණියන්ද වාසනාවන්ත වූවාය.

පලමුවැන්නා වෙන කවුරුවත් නොව වික්ටර් රත්නායකයන්ය. දෙවැන්නා ප්‍රේමකීර්ති ද අල්විස් ය.

ගීතය "ආදරයේ උල්පත වූ අම්මා" ය.







එදා මෙදා තුර මා අසා ඇති හොදම මවුගුන ගීතය මෙයවන අතර වික්ටර් රත්නායකයන් විසින් යොදන ලද මධුර තනුවද එයට බලපා ඇතැයි සිතමි.

පසු කලෙක වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයකදී හැඩූ කදුලින් යුතුව ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මෑණියන් විසින් මුල්වරට අසන ලද බව කවුරුන් විසින් හෝ මෑතකදී ගුවන් විදුලියේ පවසනු ඇසීමි.

නමුත්, වැඩිහිටියෙකු වශයෙන් ඔබගේ ඇසුර ලැබීමට අපි පින් කර නැත්තෙමු.

පේමකීර්ති ද අල්විස් - ඔබ වෙනුවෙනි මේ සටහන.

ප.ලි.: වික්තර් රත්නායකයන් 'ස' සමාප්ත කරන අවස්තාවේ ඔබ ජීවතු අතර සිටියානම් යැයි මට බොහෝ වර සිතුනි.






Image Source: http://www.dinamina.lk/2011/08/01/_art.asp?fn=f1108014&p=1

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments