Tuesday, May 29, 2012

බුහාරි එකේ බුරියානි එක.



අද හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා. උගේ මස්සිනා දවල්ට බුහාරි එකෙන් බුරියානි එකක් කාල ඇවිල්ල පලු යන්න බනිනව ඒකෙ වැරදි කියකියා. ඒක අහන් ඉදපු මට පුන්චිකාලෙ සිද්දියක් මතක් උනා.


මම පොඩි කාලෙ, ඒ කියන්න ඉස්කෝලෙ හයේ හතේ වගෙ ඉන්නකොට දවසක් මොකක් හරි සිද්දියකට කොලබ ආව. ආවෙ මොකටද උනේ මොකක්ද කියල මතක නැතිඋනත් ඒ වැඩටික ඉවරවෙලා දවල්ට මට බුහාරි එකෙන් බුරියානි එකක් අරන් දෙන බවනම් තාත්ත කියුව වගේම දවල් මරදානෙ බුහාරි එකෙන් බුරියානි එකකුත් අරන්දුන්න. ඔය දෙකම අරගත්තු අපිදෙන්න තාත්ත වැඩකරපු රේල්ලුවෙම තියන විවේකාගාරයකට ගිහින් ඔය ගත්තු ඒව කාල ඉවර කරා.


මට බුරියානි එකක් අරන් දුන්නත් තාත්ත එකක් නොගෙන දවල්ට කන්න ඉදිආප්ප 30ක් ගත්තෙ මොකද කියන එක හුග කාලයක් යනකම් මට තිබුන ප්‍රශ්නයක්. ඉගන ගෙන රස්සාවල් හොයාගෙන තනියම නැගිටින කාලෙ වෙනකොට තමයි මට හිතුනේ රජයේ සේවකයෙකු වෙච්ච අපේ තාත්තට බුරියානි දෙකකට වියදම් කරන්න තරම් වත්කමක් හරි සිතක් හරි ඒ වෙලාවෙ තියෙන්න නැතුව ඇති. ලොකු පඩි තියන රස්සාවල් කරාට බුරියානි 3-4කට වියදම් කරන්න උනොත් මට උනත් ඒක ගැන ආයිත් හිතන්න හිතෙනව.

ඇත්තටම අපේ දෙමව්පියො අපිට වඩා කොච්චර සකසුරුවම්ද....


Image Source: http://www.stopntaste.nl/menu

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, May 21, 2012

මාතර බීච් එකේ බලු ශෝ එක




මාතර නගරය දන්න අය දන්නව වෙරල පාරෙ තියන මයුර හෝටලය. හවසට මයුර හෝටලය අවට ඇවිදින්න ගියොත් මීට අවුරුදු ගනනකට කලින් (මම මෙහෙම කියන්නෙ දැන් මේ දර්ශනය තියද දන්නෙ නැති නිසා) දකින්න පුලුවන් එක වයසක නෝන කෙනෙක් වටිනා කියන බල්ලෙක් අරගෙන ඇවිල්ල මුහුදු වෙරල ගාව බංකුවක වාඩිවෙලා ඉන්න හැටි.

ඉතින් තව ටිකකින් එතනින් යන කෙනෙකුට පේනව අර නෝනම වෙනින් ජාතියක වටින බල්ලෙක්ගෙ ඔලුව පීරනව.

තව ටිකකින් තව බල්ලෙක්, තව බල්ලෙක් විදිහට මේක හුගක් වෙලා කෙරෙනව. අපිත් ඉතින් සෑහෙන කාලයක් ඕකට බලු ශෝ එක කිය කිය ඉන්නකොට තමයි දන්නෙ මේ අපේ ඉස්කෝලෙ එකටම ඉන්න හොදම යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් තමයිය ශෝ එක දාන්නෙ කියල.

අපිටනම් පෙනිච්ච විදිහට යාලුවගෙ අම්ම යාලුවන්ටත් වැඩියෙන් බල්ලන්ට සැලකුව, මොකද අපි කවදාවත්ම යාලුව අම්මත් එක්ක එතන ඉන්නව දැකල නෑ.


කොහොමින් කොහොම හරි සුනාමි ආපු වෙලාවෙ යාලුවගෙ ගෙදර හොදටම කැඩිල ගියා. බල්ලො ටිකනම් ඔක්කොම වගේ ගස් ගල් වල එල්ලිල බේරුනා කියල තමයි ආරංචිය ගෙදර කට්ටියත් එක්කම.

ඊට පස්සෙ නම් සෑහෙන කාලයක් යනකම් බලු ශෝ එක තිබුනෙ නෑ අපිට බලාගන්න.



Image Source: http://www.nutrecareblog.com/2011/06/uk-dog-shows-25-26-june-2011/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, May 17, 2012

අධිවේගී පාරෙ ගැටලුවට පිලිතුර.


ඔන්න කියපු දවසටම පිලිතුර අරන් ආව. ගැටලුව කියවල නැත්නම් මෙතනින් ගිහින් ඉස්සෙල්ලම උත්සාහ කරල බලන්න. ඔක්කොමල වගේ හරි උත්තර දීල තිබුන. කාටද ආඩම්බර අපේ බ්ලොග් සහෝදරයොන්ගෙ දැනුම ගැන.







අධිවේගී මාර්ගයෙ යන්න ඉන්ධන දහනය = 2500 X 1 = 2500
අනිත් පැත්තෙන් යනකොට ඉන්ධන දහනය = 1700 X 2 = 3400

අනුපාතය = 2500 : 3400 -> 5 : 7 (ආසන්න වශයෙන්)

ඒ අනුව ඉස්සර 3500ක් ඉන්ධන ගියානම් දැන් යන්න ඕන 2500යයි. (මම හරිද මන්ද, වැරදි නම් අභියෝග කරන්න.)



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, May 14, 2012

අධිවේගී පාරෙන් ගනිත ගැටලුවක්



අධිවේගී පාරෙ වාහනයක් එලවන් ගියපු අය දන්නව ඇති 100ක වගේ වේගෙකින් යනකොට වාහනයෙ RPM අගය සාමාන්‍ය අගයට වදා ඉහලට නගිනව කියල. වාහනයක ඉන්ධන දහනය සමානුපාත වෙන්නෙ ඒකෙ එන්ජිමේ වේගයට හෙවත් RPM අගයට. ඒ අනුව අපිට දල වශයෙන් ගනනය කරගන්න පුලුවන් මොන පාරෙන් යන එකද වාසි දායක කියල.

අපි හිතමු කෙනෙකුට ඕන උනා කියල කොට්ටාවෙ ඉදල ගාල්ලට යන්න. අධිවේගී මර්ගයෙ ගියොත් 100ක වේගයෙන් පැය 1කදි යන්න පුලුවන්. අනිත් පැත්තෙන් ගියොත් 60ක වේගයෙන් පැය 2කදි වගේ යන්න පුලුවන් (සාමාන්‍ය ට්‍රැෆික් එකක් තියන කොට ).

මගේ කාර් එක 60ට යනකොට RPM එක 1700ක් වෙනව. 100ට යනකොට ඒක 2500ට වගේ නගිනව.


දැන් කාටද පුලුවන් ගනනය කරන්න ඉන්ධන දහන අනුපාතය 60ට යනකොට සහ 100ට යනකොට පාරවල් දෙකෙන්.

පිලිතුර තව දවස් 3කින් (බ්‍රහස්පතින්දා) බලාපොරොත්තු වන්න.

Imaga source: http://en.wikipedia.org/wiki/File:RI_403_freeway.jpg


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, May 4, 2012

රංගය ශාන්ත සර්ට දීපු ගේම...




මුලින්ම කියන්න ඕන මේ රංග අර අපි හැමෝම දන්න ඊයෙ පෙරේද අමාරුවෙ වැටිච්ච රංග නෙමෙයි. මේ රංග හිටියෙ කැම්පස් එකේ අපේ යට බැච් එකේ.


මොරටුව තක්සලාවෙ පරිගණක දෙපාර්තුමේන්තුවෙ හොදටම නින්ද යන විදිහට උගන්වන්නෙ කවුද කියල ඇහුවොත් ඒ තමයි අපේ අනිත් කතා නායකය, ශාන්ත සර්.

ඉතින් ශාන්ත සර්ගෙ ලෙක්චර්ස් වලදි කොච්චර නින්ද යනවද කියනවනම් පහු වෙනකොට ලමයි හුගක් පුරුදු උනා හොස්ටල් එකේ ඉදන්ම නිදාගන්න. රංගයත් අයිති උනේ මේ ගොඩට තමයි. ඔන්න ඉතින් ශාන්ත සර් ලමයින්ට කරන්න ටිකක් ලොකු පැවරුමක් දුන්න, හැබැයි අර හොස්ටල් එකේ නිදාගත්ත කට්ටිය වැඩේ දැනගත්තෙ බාරදෙන්න ඕන දවසට කලින් දවසෙ. ඔන්න සෙට් එකම ගියා සර් හම්බවෙලා වැඩේ ගොඩදාගන්න. සර්නුත් ඉතින් ශෙප් මනුස්සය නිසා වැඩිපුර දවස් 10ක් දුන්න වැඩේ ඉවර කරන්න. හැබැයි රංගයට මේක හරි ගියේ නෑ. මිනිහට ඕන පැවරුම නොකර ගොඩයන්න. ඔන්න ඉතින් පොර සර් පස්සෙ යන්න ගත්ත. "අනේ සර් ගෙදර ප්‍රශ්න. සල්ලි නෑ. අරක මේක." විකාර ගොඩයි. අන්තිමට මූව සර්ට මහම මහ කරදරයක් වුනා.

දැන් සර් රංගයව මග හරිනව. නිල කාමරය පැත්තෙවත් එන්නෙ නෑ. ඒ අස්සෙ මේ යකා සර්ගෙ දුරකතන අංකය හොයාගෙන ඒකටත් කෝල් කරන්න අරන්. ඒත් වැඩේ හරියන්නෙ නැති තැන පොර සර් හොයාගෙන ගෙදර ගිහින්.

සර් කොහොම හරි ගෙදර ඉදල නෑ. ගෙදර මිනිස්සු මේ කතාව දන්නෙ නෑනෙ. ඉතින් සර් පල්ලියට ගියයි කියල ගෙදරින් කියල. රංගයත් අත අරින්නෙ නැතුව පල්ලියටත් ගිහින්. පල්ලියට යනකොට සර් පල්ලියෙ පියානො එක ගහනවලු. ඉතින් ඒ වෙලාවෙ කතාකරන එක හරි නැති නිසා රංගය පල්ලිය මැද හරියෙ බංකුවක් අල්ලගෙන වාඩිවෙලා ඉදල. සර්නුත් මූ ඉන්නව දැකලද කොහෙද පියානො ගහන එක නවත්තන්නෙම නෑලු. මේ අල්ලපනල්ලෙ කොහොම හරි රංගයට විනාඩි ගානකට නින්ද ගිහින්. නැගිටල බලනකොට සර් මාරුලු. හික්...

ප.ලි.: පස්සෙ කොහොම හරි රංගයත් පල්ලියෙ ගිටාර් ගහන්න සෙට් වෙලා ඕන කරන වැඩේ කරගත්ත කියල තමයි ආරංචිය.


Image source: http://www.animationlibrary.com/sc/291/Musicians_and_Singers/?page=18

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, May 2, 2012

ලංකාවෙ කැම්පස් කීයක් අබෞද්ද??? අසිංහලද????




මම කැම්පස් යන කාලෙ අත්වින්ද දෙයක් තමයි අපිට සිංහල අවුරුද්දට හරි වෙසක් එකට හරි වඩා නත්තලට නිවාඩු හම්බ වෙනව කියන එක. දැන් කැම්පස් එකෙන් එලියට ඇවිත් අවුරුදු 6ක් විතර උන නිසා හරියටම දින ගනන් මතක නැතිඋනත් මේ කතාව පරම සත්‍යයක් බවනම් ශුවර්.

මේ කතාව මතක් උනේ සිංහල අවුරුදු දවස් වල අහපු සිද්දි දෙකක් නිසා. අවුරුද්දට මම අවුරුදු සතියෙ දවස් 3ම නිවාඩු දාගත්ත කොහොම හරි. මගේ මැනේජර්නුත් ඒ දවස් ටිකම නිවාඩුයි. බලනකොට එයාට පස් තාච්චි (MBA) විභාග. 11 වෙනිද හවස 6 වෙනකම්ම විභාගලු. මිනිහෙකුට අවුරුද්දට ගෙදර යන්නවත් බැරිවෙන්න තමයි ඊව දාල තියෙන්නෙ. කවුරුවත් අහල තියනවද දෙසැම්බර් 24 හවස් වෙනකම් විභාග තිබිච්ච කැම්පස් එකක්???


අවුරුද්දට බිරිදගේ නෑදෑ ගෙදරක ගියා. එහේ මල්ලි ඉගෙන ගන්නෙ එක්කො රුහුන ඉංජිනේරු, නැත්නම් කැලනිය සයන්ස්. 11 වෙනිදත් ගෙදර ඇවිල්ල නෑ මොකද අවුරුද්දට පස්සෙ සතියෙ විභාග පටන් ගන්නවලු. ඉතින් මොන අවුරුදුද?

මේව ඉතින් කාට කියන්නද නේද?

Image source: http://armstrong.chem.ox.ac.uk/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments