Showing posts with label Funny. Show all posts
Showing posts with label Funny. Show all posts

Monday, December 13, 2010

මේක කොහොම උනාද මන්ද??? [How this can happen???]


එලුවෙක් වලදකට ඔලුව දාපු කතාව මතකද? මහදැනමුත්ත ගෝලයො ටිකත් එක්ක ඇවිත් මුලින් එලුවගෙ බෙල්ල කපල පස්සෙ වලදත් බිදපු කතාව...

මේ තියන පින්තූර ටිකත් ඒ වගෙයි. කොහොම ඇතිවෙච්ච ඒවද මන්ද. බලන්නකො.

සියලුම පින්තූර විද්යුත් තැපෑල මගින් ලැබුන ඒවාය.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, October 19, 2010

කලමණාකරන මායම්(Management Magics)...

Leo Club of Colombo Circle හි මාසික සගරාවකින් උපුටා ගත්තු ලිපියක් තමයි මේ පල කරන්නෙ. පරිවර්ථනය මම සතුයි. ලොකු ලොකු කොම්පැනි වල වැඩ කරන අපි කවුරිත් මේ දේවල් අත්විද තියනවත සැකයක් නෑ.


===================================

කලමණාකරන මායම්...

1. කවදාවත්ම උදේ පාන්දර මට වැඩක් පවරන්න එපා. අඩුම ගානෙ හවස 4 වෙනකම් වත් ඉන්න. එතකොත තමයි මත ඒ වැඩේ අභියෝගය හොදත බාරගන්න පුලුවන් වෙන්නෙ.

2. ඔබ මට බාරදීපු වැඩේ හුගක්ම හදිස්සි එකක් නම් අඩුම ගානෙ විනාඩි 10කට වතාවක් වත් ඇවිත් වැඩේ කොහොමද කියල අහල මට කරදර කරන්න. ඒක මට කරන ලොකු උදව්වක්. මගේ ලගට වෙලා ගැවසි ගැවසි මම කරන හැම පොඩි දෙයක් ගැනම ප්‍රශ්න අහනවනම්, උපදෙස් දෙනවනම් ඊටත් වැඩිය ලොකු උදව්වක්.

3. ඔබ කොහේ හරි යනකොට මට යන තැන කියල යන්න එපා. එතකොට කවුරුහරි ඔබ කොහෙද කියල ඇහුවම මට ලස්සන උත්තරයක් හදල කියන්න පුලුවන්.

4. මගේ වාර්ශික අරමුනු (goals) මොනවද කියන්න වර්ශ අවසාන සමාලෝචනය (year end review) වෙනකම්ම ඉන්න. මට මධ්‍යස්ත මට්ටමේ ඇගයුමක් දීල ජීවන වියදමට හරියන වැටුප් වර්ධකයක් විතරක් දෙන්න. මම කොහොමත් පඩිය බලාගෙන නෙමෙයි මෙතන වැඩකරන්නෙ.

5. ඔබ මට එක වැඩකට වඩා එකපාරට දෙනවනම් වැඩිය වැදගත් මොකක්ද කියල කියන්න ඕන නැහැ. මට දිවියඥානය තියනව ඒක දැනගන්න.

6. මාව පරක්කු වෙනකම් මෙතන තියාගන්න ඕනම දෙයක් කරන්න. වෙඩ කරන තැන තමයි මගේ පූජනීය ස්ථානය. මට වෙන යන්න තැනක් වත් කරන්න දෙයක් වත් නෑ. ඔබව හොද කලමණාකරුවෙකු කරන්න මම තව කොච්චර දේවල් කරන්න ඕනද?

:D

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, August 18, 2009

හැරල්ඩ් සහ කුමාර් ගන්තනමෝ සිර කදවුරෙන් පැනයාම...

Harold & Kumar Escape from Guantanamo Bay

කාලෙකට පස්සෙ හොද ච්ත්‍රපටයක් බැලුව. සාමන්‍යය ඉංග්‍රීසි ච්ත්‍රපට වල තියෙන්නෙ ඇමෙරිකාව උඩ තියන එකනෙ. මේක වෙනස්. ඒක ඇමෙරිකාවට ගහනව ගන්තනමො හිර කදවුරයි ත්‍රස්තවාදි ප්‍රශ්නයයි අල්ලගෙන.

කතාව ඉතින් මම කියන එක හොදද මන්ද. ඔයාලම බලන්නකො.

මේක කොමඩි එකක්. හැබැයි නරක වචන සහ නිරුවත් දර්ශන හුගක් තියනව. ඉතින් පරිස්සමින් බලන්න. :)



මේක ඇත්තටම හැරල්ඩ් සහ කුමාර් දෙවැනි චිත්‍රපටිය. මම දැනුයි දන්නෙ. පලමු එක තමයි Harold & Kumar Go to White Castle. ඒකත් ඉක්මනටම බලන්න ඕන. තව තුන්වන කොටසකුත් ලගදිම එනවලු.

IMDB විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay


Torrent විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 13, 2008

ඔබාමාගේ ජනධිපතිත්වය නිසා ඇතිවියහැකි අභියෝග...

මේ රූපය බලල මට බනින්න එහෙමනම් එපා මිනිස්සුන්ගෙ නම කැත කරනව කියල. මේක මට විද්යුත් තැපෑලෙන් අද ලැබුනෙ. තියන විනෝදවත් බව නිසාම පලකරන්න හිතුනා.


...


...


...


...


...


...


...


...


...


...





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, November 9, 2008

මම මියා... (Film MAMA MIA)

movie poster

මේ සටහන ලියන්න පටන් අරගෙන හුග දවසක් වෙනව, ඒත් ඉවර කරන්න බැරිවුනා. කොහොම හරි අද ඉවරකළා.

කාලෙකට පස්සෙ නියම චිත්‍රපටයක් බැලුවා. MC හෝල් එකට ගියේනම් කලින් හිතල එහෙම නෙමෙයි. ඒත් වැරදිලා හරි බලපු ෆිල්ම් එකනම් නියමයි.

මේක අපි කවුරුත් 70 දශකයේදි දැකපු, අහපු ABBA සංගීත කණ්ඩායමේ ගීත යොදල හදපු චිත්‍රපටයක්. හැබැයි මුල ඉදන් අගට යනකම් මාරම මාර ජොලි.

ෆිල්ම් එක බලන්න යනවනම් යන්න ඕන ෆුල් ජොලි කරන්න බලාගෙන. මම සාමාන්යයෙන් මේවගේ ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් මේක ස්ංගීතමය ෆිල්ම් එකක් නිසාද මන්දා මම පුදුම විදිහට රසවින්දා.

කතාව සැකවින් කියනවනම් මෙහෙමයි.

සොෆියා ලගදි විවාහ වෙන්න යනව. එයාට ඕන එයාගෙ තාත්තා විවාහයට ගෙන්නගන්න. හැබැයි තාත්ත ගැන අම්ම කිසිදෙයක් කියල නෑ. ඉතින් අම්මගෙ දිනපොතෙන් සොෆිය එයාගෙ තාත්ත වෙන්න පුලුවන් තුන්දෙනෙක් ගැන හොයගන්නව. ඇත්තටම සොෆියාගෙ අම්මවත් හරියටම දන්නෙ නෑ මේ අයගෙන් සොෆියාගෙ තාත්ත කවුද කියල. ඉතින් සොෆියාගෙ ආරාධනාව මත මේ තුන්දෙනාම විවාහයට සහභාගි වෙන්න එනව.

ඉතින් ඉතුරුටික ෆිල්ම් එක බලලම ධැනගන්න එක හොදයි. නැත්නම් කිසිම රසයක් නෑනෙ...


ABBA is posing on the same photo 2008; they haven't done that since 1986! From left to right Benny Andersson (ABBA), Pierce Brosnan (Sam), Amanda Seyfried (Sophie), Meryl Streep (Donna), Agnetha Fältskog (ABBA), Frida Lyngstad (ABBA), Christine Baranski (Tanya), Colin Firth (Harry), Catherine Johnson (writer), Phyllida Lloyd (director), Judy Craymer (producer), Björn Ulvaeus (ABBA) and Dominic Cooper (Sky).

--
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments