Monday, February 22, 2010

බෲනායි සංචාරය සදහා සූදානම්වීම...

මම පසුගිය දවසක බෲනායි ගැන ලිපියක් ලියුව මතක ඇතිනේ. ඒක ඇත්තටම සෑහෙන නිදිමතේ ඉදගෙන ලියපු ලිපියක්. ඒත් ඉතින් ඒකෙන් අලුත් බ්ලොග් සටහන් මාලාවකට ආරම්භයක් ලබාගන්න තමයි මේ හදන්නෙ.

රටකින් රටකට යන්න කලින් ලෑස්ති කර ගන්න ඕන දේවල් බොහොමයි. මුලින්ම ටිකට් එකක් ගන්න ඕන. ඊලගට වීසා සූදානම් කරගන්න ඕන. ඒ ඔක්කොටම වඩා මම මේ රට යන පලමු අවස්ථාව. ඉතින් තව කොච්චර දේවල් තියනවද ලෑස්තිකරගන්න.

ලංකාවෙ බෲනයි තානාපති කාර්යාලයක් නෑ. ඉතින් වීසා ගන්න එක තමයි ලොකුම වැඩේ. කොහොමින් කොහොමින් හරි මේ ගමන මගේ රාජකාරි ස්ථානයෙන් යන එකක් නිසා ඔන් අරයිවල් (On Arrival) වීසා එකක් ගන්න මට පුලුවන් උනා. ඒකෙ තෙරුම තමයි මට වීසා දෙන්න බෲනායි රට පොරොන්දු වීම. හැබැයි ඒක ලැබෙන්නෙ එහෙට ගියාම තමයි. හැබැයි වීසා දෙනව කියල පොරොන්දු වෙච්ච ලිපියක් මගේ අතට ලැබුන. (බොරු පොරොන්දු නෙමෙයි හොදද.)
ඔන්න ඉතින් ඊලග වැඩේ තමයි ටිකට් එක ගන්න එක. ලංකාවෙ ඉදන් කෙලින්ම බෲනායි යන්න බෑ. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටක් හරහා තමයි යන්න ඕන. මම හොයාගත්ත විදිහට නම් ලාභම සිංගප්පූරුව හරහා යන එක තමයි. ඉතින් මමත් සිංගප්පූරු ගුවන් සේවාවට ටිකට් එකක් වෙන්කර ගත්ත.

යන්තන් ටිකට් එකයි වීසායි හරි. ඊලගට ඉතින් වියදම් කරන්න සල්ලි එපයි. අපේ වැඩකරන තැනින් ඒකටනම් හොදට ලැබුන. දවසකට ඩොලර් 30 ගානෙ. ඒකට කියන්නෙ පර්-ඩියම් (per dium) කියල.

ඉතින් මට ලියුමක් දීල කියුව බැංකුවට ගිහින් සල්ලි අරන් එන්න කියල. ඉතින් බැංකුවට ගිහින් මගේ ටිකට් එකයි වීසා ලියුමයි පෙන්නුවම මට සල්ලි ලැබුන. රට යන බව ඔප්පු කරන්න ලියකියවිලි නැත්නම් රට සල්ලි ගන්න බෑ. අනිවාර්යයෙන්ම ටිකට් එක සහ වීසා පෙන්නන්න ඕන. සිංගප්පූරුව වගේ වීසා ඕනනැති රටවලට විතරක් ටිකට් එක පෙන්නුවම ඇති.

ඉතින් මම රට ඉන්න දවස් ගානෙ හැටියට මට ඩොලර් 600ක් විතර ලැබෙන්න තිබුන. හැබැයි කොලවලින් ලැබුනෙ 500. ඒක තමයි ගෙනියන්න පුලුවන් වැඩිම ගාන. ඉතිරිය ලැබුනෙ Travellers Cheques විදිහට.

ඉතින් දැන් යන්න සියලුම දේවල් ලෑස්තියි. කිලෝ 30 ලොකු බෑග් එකයි කිලෝ 7 පොඩි බෑග් එකයිත් හරි. ඔන්න පිටත් වෙන්න තියෙන්නෙ හෙට. ඒ විස්තර ඊලග දවසෙ ලියන්නම්.

මගදි ගත්ත පින්තූර ටිකකුත් බලාපොරොත්තුවන්න.


ප.ලි.: මේ මගේ 50 වන බ්ලොග් සටහන. ලොකු දුරක් ඇවිල්ල ඒ කියන්නෙ මම. :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 18, 2010

ආඝාතය - Stroke - වැදගත් කරුනු කිහිපයක්...

ආඝාතය හෙවත් STROKE ගැන අපි වැඩිය කරුනු දන්නෙ නෑ. මොකද අපි වැඩිය ඒවගේ ලෙඩ ගැන උනන්දු නැතිනිසා. නමුත් නියම විදියට ඉක්මනට ආඝාතය හදුන ගන්න පුලුවන් උනොත් ජීවිතයක් උනත් බේරගන්න පුලුවන්.

ආඝාතයත හේතුව මම දන්න විදිහට මොලයේ කේශනාලිකවක ලේ කැටියක් හිරවීම. ඉතින් මේක නිසා මොලයේ කොටසකට ලේ ගමනාගමනය නැතිවෙලා එම කොටස මියයෑම නිසා ශරීරයේ කොටසක් පන නැතිවෙන්න පුලුවන්.

ඉතින් හැකිතරම් ඉක්මනට රෝගය හදුන ගත්තොත් බෙහෙත් මගින් රුධිර කැටිය දියකිරීම මගින් රෝගියා බේරගන්න පුලුවන්.


ඉතින් අපි කොහොමද කාට හරි ආඝාතයක් ඇතිවීගෙන එනවද කියල අදුන ගන්නෙ???

1. අදාල පුද්ගලයාට සිනාවෙන්න කියන්න. ආඝාත තත්වයක් තියනවනම් කට ඇදවීමක් ඇතිවෙන්න පුලුවන් හිනාවෙනකොට.
2. අදාල පුද්ගලයාට සරල වචන කිහිපයක් කතාකරන්න කියන්න. උදා: දැන් වෙලාව දහයයි.
3. අදාල පුද්ගලයාට අත් දෙකම උස්සන්න කියන්න.

මේ මොනම අවස්තාවක හරි අමුතු බවක් තිබුනොත් වහාම ප්‍රතිකාර සදහා යොමු කරවන එක තමයි හොද.

වැඩි විස්තර දන්නවනම් අදහස් ලියන්න. වැරදි තියනවනම් ඒවත් පෙන්නල දෙන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, February 15, 2010

බෲනායි සංචාරය.

බෲනායි කියන රට ගැන අහල තියනවද? තියෙන්නෙ කොහෙද කියල දන්නවද? මොන වගේ රටක්ද කියල දන්නවද?

පසු ගිය කාලෙ මත අවස්ථාවක් ලැබුන බෲනායි වල සංචාරයක යෙදෙන්න. ඇත්තටම සංචාරයක් නෙමෙයි, රාජකාරි ගමනක්. ඒවුනාත ඉතින් පොඩ්ඩක් රටතොට බලාගනත් ලැබුන. ඉතින් මම කැමත්යි ඒ විස්තර හැමෝම එක්ක බෙදාගන්න.

බෲනායි මුස්ලිම් රටක්. හැබැයි ඉස්සර මේක බුද්ධාගම තිබිච්ච තැනක් හරියත මැලේසියාව වගේ. ප්‍රමානයෙන් ලංකාවෙන් 1/4 විතර ඇති. ජනගහනය නම් හුගක්ම අඩුයි. වැඩියෙන්ම ඉන්නෙ මැලේ ජාතිකයො. ඊලගට චීන ජාතිකයො. ප්‍රධාන ආගම ඉස්ලාම් කියල කියන්න ඌන නෑනෙ. ඒ වුනාත හුගක් නිදහස තියන රටක්.

බෲනායි වල අගනුවර බන්ඩාර් සේරි බගවාන් (bandar seri begawan). කතා කරන්නෙ මැලේ භාෂාවෙන්. මුදල් ඒකකය බෲනායි ඩොලර්. ඒක වටිනාකමෙන් සිංගප්පූරු ඩොලර් වලට ලගයි. ඇත්තටම සිංගප්පූරු ඩොලරුත් මුදල් විදිහත භාවිතා කරන්න පුලුවන්.

ඉතින් අදට ඇති වගේ නේද? මම මගේ කතාව මුල ඉදන් ඒලග සටහනෙන් පටන් ගන්නම්. එතකන් ඉවසන්න වෙනවා.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 11, 2010

ජාවා ස්ක්‍රිප්ට් විස්කම්....

මේක කාලෙකට ඉස්සර මම මගේ ඉංග්‍රීසි බ්ලොග් එකට ලියපු ලිපියක්. ඇත්තටම මේකෙ මූලය කොහෙද කියල හර්යටම මට මතක නෑ. නමුත් මගේ ඉංග්‍රීසි සටහන අදටත් හුගදෙනෙක් බලන නිසා මට මේක සිංහලට පරිවර්තනය කරල දාන්න හිතුන.

1: වෙබ් පිටුව කැමති පරිදි වෙනස් කිරීම.
ඔබ කැමති වෙබ් පිටුවකට ගිහින් බ්‍රවුසර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකේ පහත කේතය ටයිප් කරල එන්ටර් ඔබන්න.
javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0
දැන් පිටුවෙ තියන ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්.

2: පින්තූර පියෑබීම.
කලින් විදියටම වෙබ් පිටුවකට ගිහිල්ල (පින්තූර හුගක් තියන පිටුවක් නම් වඩා හොදයි) ස්ක්‍රිප්ට් එක එන්ටර් කරන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.images; DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);
දැන් පින්තූර ටික ලස්සනට පියාබන හැටි බලාගන්න පුලුවන්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, February 5, 2010

තැපැල් ඡන්දය....

මේපාර ඡන්දයෙන් පස්සෙ මත ලොකු ප්‍රෂ්නයක් ආව රජයේ සේවකයෙක් තැපැල් ඡන්දයට සුදුසුකම් ලබන්නෙ කොහොමද කියල.

ප්‍රශ්නයට ප්‍රධාන හේතුව උනේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ එතුමාගෙ ප්‍රකාෂකයන්ගෙ කරුනු දැක්වීමක්. එයින් කියවුනේ හමුදා සේවයෙන් ඉවත් වූ නිසා 2008 සදහා ඡන්ද හිමි නාමලේකනයේ නම නැතිබව.

සාමාන්‍යයෙන් රජයේ සේවකයකු නියම පරිදි ඡන්ද හිමි නාම ලේඛනයෙ ලියාපදිංචි වෙලා තමයි තැපැල් ඡන්දයත ඉල්ලුම් කරන්න ඕන. හමුදා සේවය සදහා මේක වෙනස්ද කියල මම හරියතම දන්නෙ නෑ. ඈ අනුව ඌනම රජයේ සේවකයකුගෙ නම අදාල ඡන්ද හිමි නාම ලේඛනයෙ තියෙන්න ඌන. සේවයෙන් විශ්‍රම ගියා කියල ඒක වෙනස් වෙන්න විදිහක් නෑ.

නමුත් කවුරු හරි දන්නවද හමුදා සේවය සදහා මේ ක්‍රමය වෙනස්ද කියල. ඒ කියන්නෙ හමුදාවෙ සේවය කරන අය ගෙදරින් ලියාපදිංචි වෙන්න ඌන නෑ, හමුදාවෙන් වෙනමම ලියාපදිංචි කරනව.

කරුනාකර අදහස් දක්වන්න...


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, February 1, 2010

හන්තාන...

හන්තාන, ශ්‍රී ලංකාව


පසුගිය දවසක මට හන්තානෙ තියන පුහුණුවීම් මධ්‍යස්ථානයකට යන්න ලැබුන. මේක ඇත්තටම අයිති කුඩා තේ වතු සංවර්දන අමාත්‍යංශයට. එතනදි ගත්ත ඡායාරූපයක් තමයි මේ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

සිංහල බ්ලොග්කරුවන්.....

අද පොඩි නිවාඩුවක් ලැබුන. ඉතින් මගෙ ගූග්ල් රීඩරය අරගෙන අපේ සිංහල බ්ලොග ටික කියවන්න ගත්ත. ඇත්තටම මම සෑහෙන කාලෙකට පස්සෙ මේ කියවන්න ගත්තෙ. මම අන්තිමටම කියවල තිබුනෙ ජනවාරි 02 වැනෙදා. උඩින් පල්ලෙන් බ්ලොග් කියවනකොට තමයි මට හිතුනෙ මේ ජනාධිපතිවරනය නිසා අපි කොතරම් දේශපාලනීය වෙලාද කියල. අපෙන් 50% විතර සාමාන්‍යය පරිදි ලියල තිබුනත් සමහරු දේශපාලනය පමනමයි තමන්ගෙ බ්ලොගයෙ ලියල තිබුනෙ. ඇයි අපි මෙච්චර කඩේ යන්නෙ? නැත්නම් කඩේ ගියේ?

මටනම් තියන ලොකුම ප්‍රශ්නය දේශපාලන මාතෘකා පමනක්ම තිබුන බ්ලොගත් මෙතන තිබීම. ඇත්තටම අපි යන්නෙ හරි පාරකද?

සංවාදයට විවෘතයි.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments