මේක මාර සොයාගැනීමක්. මාව පෞද්ගලිකව දන්න අය දන්නව මාම් වැඩකරන්නෙ IT ක්ෂේත්‍රයෙ කොම්පැනියකෙයි කියල. අනික අපේ කොම්පැනිවල මොනව කලත් සල්ලි ලැබෙන්නෙ රුපියල් වලින් නෙමෙයි, ඩොලර් වලින් (අපිට නෙවෙයි, කොම්පැනියට ඕං. ඉතින් ඔන්න ඔය කරුනු පාවිච්චි කරල තමයි මගේ මේ නව සොයාගැනීම කලේ.
මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක පඩි වැඩිවීමක් ලැබුන කියල. රජයේ සේවකයෙක් එක්ක එහෙම සසදල බැලුවොත් මේක එසේ මෙසේ වැඩිවීමක් නෙමෙයිනෙ. දැන් අපි උදාහරනයක් ගත්තොතින් කලින් 50000 ලැබිච්ච එක්කෙනාට දැන් 55000 ලැබෙනව.ඉතින් ඔය 50000 ලැබෙන්න ගත්තෙ කලින් පඩි වැඩිකිරීම නිසානෙ. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ ලැබිච්ච එක නිසා.
ඔන්න ඉතින් ගිය අවුරුද්දෙ මැයි මාසෙ පඩි වැඩි වෙලා 50000ක් ගත්තු මනුස්සය මේ අවුරුද්දෙ මැයි මාසෙ ඉදන් 55000 ගන්නව. අපි නිකමට වගේ බලමුද මෙයාගෙ පඩිය ඩොලර් වලින්, මොකද කොම්පැනියට සල්ලි හම්බවෙන්නෙ ඩොලර් වලින් නෙ...
ගිය අවුරුද්දෙ මැයි --> 50000/110 = 454.54
මේ අවුරුද්දෙ මැයි --> 55000/130 = 423.07
බොලේ පඩි වැඩිවෙලා නෙමෙයිනෙ, අඩු වෙලානෙ...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com