Friday, October 26, 2012

2012 පොත් ප්‍රදර්ශනයටත් ගියානෙ

දෙයියනේ, මට මේක පබ්ලිශ් කොරන්න අමතක වෙලානෙ.




අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ගොඩවැදුනෙ හොද පොත් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. වෙනද වගේම හෙන ගේමක් දීල කාර් එක පාක් කරගෙන (නයෙක් හොදෙයි ) ඇතුලට ගියා. පුරුදු පරිදිම මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය කවර් කරල අනිත් තැන් වලිනුත් පොත් එක දෙක ගත්ත. අපේ පොඩි බබාටත් පොත් ගන්න ඌන වෙලා තිබ්බ නිසා (විශේෂයෙන්ම රුසියානු සහ සිබිල් වෙත්තසිංහ/ජානකී සූරිය ආරච්චි ) මගේ පොත් ලැයිස්තුව ටිකක් පොඩියට තමයි දිවුවෙ. මේ තියෙන්නෙ ඒක තමයි.

මං ඉපදුන දා - ජානකී සූරිය ආරච්චි - මේක අපේ චූටි බබාට.

සමුදුරු පත්ලේ සවාරියක් - ජුලස් වර්න් - ධනපාල ගුනසේකර පරිවර්තනයක්
අල්යොන්කා සහ ඉවාන්, රුසියානු ජන කතා - පසන් කොඩිකාර පරිවර්තනයක්
ධනවත් පියා, දිළිදු පියා - රොබර්ට් කියොසාකි සහ ළ්. ලෙච්ටර් - ප්‍රදීප් කුමාර බාලසුරිය පරිවර්තනයක්
ව්‍යවච්ඡේදකයා - ෆෙදරිකෝ ඇන්ඩහසි - ගාමිණී වියන්ගොඩ පරිවර්තනයක්
Steve Jobs - Walter Lsaacson

අන්තිම පොත මම අවුරුද්දක විතර ඉදන් හොය හොයා හිටපු එකක්. ඒක ටිකක් ගනන් වුන නිසා වෙනින් පොත් 4-5 ගන්න තිබ්බ හැකියාව නැතිඋනා. කොහොමත් වෙනින් වෙනින් හේතු නිසා සැප්තැම්බර් මාසය ටිකක් රිම් එකෙන් දිව්වෙ. දැන් ඉතින් කියවන්න පටන් ගන්න ඕන.

ප්‍රදර්ශනයට ගිය එකෙන් වික්ටර් රත්නායකයන්ගෙ පොඩි වැඩක් ගැනත් ඔත්තුවක් ලැබුන. ඒකටත් පස්සෙ දවසෙ ආව. පොඩි සංගීත සැදෑවක් නොමිලේම වික්ටර් රසිකයන්ට. නියම අත්දැකීමක්. DVD එකකුත් ගත්ත මම. තාම සම්පූර්නයෙන්ම අහන්න නම් උනේ නෑ.


ගිය සතියෙ ගියපු යාපනයෙ ගමන ගැන ලිපි පෙලක් ලගදීම.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, October 4, 2012

මදැයි කලින් යන්නෙයි කියල කෝච්චියට ආව...


ඊයෙ ඔෆීසියෙන් පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඕන කියල හිතුන. 5 - 5.30 වගේ වෙලාවට එලියට බහිනව කියන්නෙ එපාවෙන වැඩක්නෙ, ඉතින් හිතුවා කෝච්චියේ ගියානම් හොදයි කියල.

ඉතින් පොඩ්ඩක් කලින් ඔෆීසියෙන් පැනපු මම කොහොමහරි 5.30 වෙනකොට බම්බලපිටිය ඉස්ටේශොමට ආව. ඉන්නව ඉන්නව කෝච්චියක් නෑ. ඒ මදිවට මාර විදිහට සෙනග. කොහොමින් කොහොම හරි ගාල්ලට යන සමුද්‍රදේවි ආව. ඒක ගල්කිස්සෙ නවත්තන්නෙ නෑනෙ, රත්මලානට ගිහින් යන එකත් මහ කට්ටනෙ, ඉතින් මම ඒකත නැග්ගෙ නෑ. කොහොමත් ගාල්ල ස්ලෝ එකයි අලුත්ගම එකයි දෙකම ඊලගට එන නිසා.

දැන් 5.55ත් පහුවෙලා. ඔන්න එනව ගාල්ල ස්ලෝ එක. ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඒ මදිවට නැවැත්තුවට පස්සෙ මෙන්න කියපි අලුත්ගම එක අද නෑ කියල. බැලුව එල්ලෙන්න එක දොරක්වත්, විනාඩි 10-15ට වඩා ජීවිතය වටින නිසා එල්ලුනේ නෑ. ඔන්න ඉතින් මාතර එකත් ආව විනාඩි 5ක් විතර පරක්කු වෙලා. එකේ යන්නනම් මොරටුවට ගිහින් ආපහු එන්න එපයි. අනික ඒකෙත් ඇගිල්ලක් ගහන්න බැරිතරම් සෙනග.

ඔන්න ඉතින් තවත් බලාගෙන ඉන්නකොට වෙනද වෙලාවට ඔෆීසියෙන් පිටවෙච්ච එකා දෙන්න එනව ඉස්ටේශොමට වෙනද කෝච්චියෙන් ගෙදර යන්න. මමත් ඉතින් මගේ වගේ නෙමෙයි වගේ පරන පුරුදු 6.27තේම ගෙදර ගියා අනිත් උනුත් එක්ක. බස් එකේ ගියානම් දෙපාරක් ගෙදර.

Image from: http://article.wn.com/view/2012/07/19/China_exports_120_trains_to_Sri_Lanka/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments