Showing posts with label අන්නාසි. Show all posts
Showing posts with label අන්නාසි. Show all posts

Wednesday, March 17, 2010

අන්නාසි බෙදීම සහ අන්නාසි කෑම.

  • උබ නම් හොද අන්නාසියක් කෑව නේද?

  • මචං මූ නම් අන්නාසි රට යවන එකෙක්.

  • ඒකනම් නරක් වෙච්ච අන්නාසියක්.

  • ඔන්න අන්නාසි බෙදන්න පටන් ගත්ත.
ලගදි දවසක මම වැඩකරන තැන මාරුවුනා. එතනදි නිතරම ඇහිච්ච වාක්‍ය ටිකක් තමයි මම ඔය ලියුවෙ. ඉතින් කවුරුහරි දන්නවද ඕවයෙ තේරුම?

-

-

-

-

-

-

-

-

-


මටත් මුල දවස්වල මාර ප්‍රශ්නයක් මේ අන්නාසි බෙදීම. ඒත් පස්සෙ ටික ටික හොයාගත්ත මොකක්ද අන්නාසි කියන්නෙ කියල. අන්නාසි බෙදනව කියන්නෙ උපදෙස් දෙනවට.

අපේ ඔෆිස් එකේ තියනව පොඩි බිලියඩ් මේසයක්. (දැන් දන්න කට්ටිය දන්නව ඔෆිස් එක මොකක්ද කියල.) ඉතින් ඕකෙ සෙල්ලම් කරන්න ගියාම තමයි කට්ටිය අන්නාසි බෙදන්න එන්නෙ. ඉතින් නොම්මර එකේ උපදෙස් දෙන අයට තමයි අන්නාසි රට යවන අය කියන්නෙ. උපදෙසක් අරගෙන වැඩේ ගොඩ දාගත්තනම් කියන්නෙ හොද අන්නාසියක් කෑව නේද කියල. වැරදි උපදෙසක් නම් ඒක කුනු වෙච්ච අන්නාසියක්. ඔන්න ඔහොම තමයි වැඩේ හැටි.

ඉතින් අන්නාසි ගැන කතා තියනවනම් ඔයාලත් එකතු කරන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments