Thursday, March 25, 2010

අපේ මෙඩ්ඩො ටිකට හොද ආරංචියක්...

ඔන්න 2002/2003(A) වෛද්‍ය ශිෂ්‍යයන්ට සීමාවාසික පුහුනුව පටන්ගන්න යනවලු ලගදිම. මාර්තු 31 අයදුම්පත් භාරදෙන්න නාරාහේන්පිට ලේ බැංකු ශ්‍රවනාගාරයට එන්න කියල දන්වල තියනව.

මෙතන ඔබන්න...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, March 23, 2010

ඔබගේ වාහනයේ ආදායම් බලපත්‍රය (Revenue Licence) නිවසටම ගෙන්වා ගැනීම...

දැන් කොලඹ ලියාපදිංචි වාහන සදහා ආදායම් බලපත්‍රය නිවසටම ගෙන්වා ගන්න පුලුවන්. ඒ සදහා තිබිය යුත්තේ වලංගු රක්ෂණ සහතිකයක් සහ දුම් පරීක්ශා සහතිකයත් පමනයි.

මුලින්ම http://www.srilanka.lk/ වෙත ගොස් ගිනුමක් තනාගන්න. පසුව මුර පදය ලබාදී ගිනුම වෙත යන්න.

දැන් 'සේවාවන් එක් කරන්න' ඔස්සේ 'රාජ්‍ය සේවා' වල ඇති 'ඊ-ආදායම් බලපත්‍ර' එකතු කරන්න.

දැන් වැඩේ හරි. ඕන කරන කරුනු ටික පුරවලා ආදායම් බලපත්‍රය ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. මගේ යාලුවෙක් දැනටම මේක කරගෙන තිබුන.

මීට අමතරව දුම්රිය කාලසටහන් බලාගන්නත් දැනට මේ හරහා පුලුවන්.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, March 17, 2010

අන්නාසි බෙදීම සහ අන්නාසි කෑම.

  • උබ නම් හොද අන්නාසියක් කෑව නේද?

  • මචං මූ නම් අන්නාසි රට යවන එකෙක්.

  • ඒකනම් නරක් වෙච්ච අන්නාසියක්.

  • ඔන්න අන්නාසි බෙදන්න පටන් ගත්ත.
ලගදි දවසක මම වැඩකරන තැන මාරුවුනා. එතනදි නිතරම ඇහිච්ච වාක්‍ය ටිකක් තමයි මම ඔය ලියුවෙ. ඉතින් කවුරුහරි දන්නවද ඕවයෙ තේරුම?

-

-

-

-

-

-

-

-

-


මටත් මුල දවස්වල මාර ප්‍රශ්නයක් මේ අන්නාසි බෙදීම. ඒත් පස්සෙ ටික ටික හොයාගත්ත මොකක්ද අන්නාසි කියන්නෙ කියල. අන්නාසි බෙදනව කියන්නෙ උපදෙස් දෙනවට.

අපේ ඔෆිස් එකේ තියනව පොඩි බිලියඩ් මේසයක්. (දැන් දන්න කට්ටිය දන්නව ඔෆිස් එක මොකක්ද කියල.) ඉතින් ඕකෙ සෙල්ලම් කරන්න ගියාම තමයි කට්ටිය අන්නාසි බෙදන්න එන්නෙ. ඉතින් නොම්මර එකේ උපදෙස් දෙන අයට තමයි අන්නාසි රට යවන අය කියන්නෙ. උපදෙසක් අරගෙන වැඩේ ගොඩ දාගත්තනම් කියන්නෙ හොද අන්නාසියක් කෑව නේද කියල. වැරදි උපදෙසක් නම් ඒක කුනු වෙච්ච අන්නාසියක්. ඔන්න ඔහොම තමයි වැඩේ හැටි.

ඉතින් අන්නාසි ගැන කතා තියනවනම් ඔයාලත් එකතු කරන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, March 12, 2010

දුම්රිය සේවයේ ඩොමේනයට වෙච්ච දේ....

කාලෙකට ඉස්සර අපේ දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් වටිනා වෙබ් අඩවියක් පටන් අරන් තිබුන. දුම්රිය කාලසටහන්, ගාස්තු වගෙ වටිනා දේවල් හුගක් තිබුන ඒකෙ. මම අදත් ඒ අඩවියට (www.railway.lk) යන්න හැදුව දුම්රියක වෙලාවක් බලාගන්න. මෙන්න දැකපු දේ......







මේකට අදාල බලධාරීන් අදුනන අවුරුහරි ඉන්නවනම් දැනුම් දෙන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments