Wednesday, June 27, 2012

බො** රාජේන්ද්‍ර බො**



රාජේන්ද්‍ර කියන්නෙ ඔෆීස් එකේ ඉන්න පැනි හට්ටියක්. හැබැයි කොමන් සෙන්ස් කියන ඒව නම් බිංදුවයි.

ඔන්න ඉතින් අලුත් ගෑනු ලමයෙක් ඔෆීසියෙ වැඩට ආව. ඇහැට කනට පේනව. ඉතින් රාජෙන්ද්‍රයත් කොහොම හරි මේ ලමයව තමන්ගෙ පරිවාර ගොඩට සෙට් කරගත්ත.

ඔන්න දවසක් මිනිහ පැනි පෙරාගෙන මේ ගෑනුලමයත් එක්ක චැට් එකක්. එක පාරටම චැට් එකේ brb කියල ගහපු ගෑනු ලමය අතුරුදහන් උනා. ඒ කියන්නෙ ඕෆ්ලයින් ගියා.


දැන් රාජේන්ද්‍රයට හිතාගන්න බෑ මේ මොකක්ද කියන්නෙ කියල. පොර ඇරුන එහා පැත්තෙ ඉන්න එකා ලගට.

මචං, මොකක්ද BRB කියන්නෙ.


මිනිහත් බැලුව කාගෙද චැට් එක කියල.

මචං. BRB කියන්නෙ....

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...



...


බොගක් රාජේන්ද්‍ර බොගක්.

සැයු: මේක සමහරු "බොකක් රාජේන්ද්‍ර බොකක්" කියල කියන්නත් පුලුවන් සමහර අය.


Image Source: http://photogallery.indiatimes.com/movies/regional-movies/Dream/articleshow/13149500.cms

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, June 21, 2012

If she is 7 why cant she walk??? - එයාට වයස 7 නම් ඇයි එයාට ඇවිදින්න බැරි?



ගිය ඉරිදා මගෙ බැචෙක්ගෙ පුතාගෙ දෙවැනි උපන්දිනය යෙදිල තිබුන. පුතාගෙ නම චනූ. බැචා වැඩ කරන්නෙ ලංකාවෙ තියන එකම, නැව් හදන කොම්පැනියෙ. මෙයා ටිකක් සීනියර් පොරක් නිසා නිල නිවාසයක් එහෙමත් දීල තියෙන්නෙ. උපන්දින උත්සවේ තිබුනෙත් ඔතනම තමයි.

පදුර වටේ තැලුව ඇති, දැන් කතාවට. උත්සවේට ඇවිල්ල හිටිය සෑහෙන්න පිරිසක්. අපේ යාලුවො වගේම අවට නිල නිවාසවල කට්ටියත්. පොඩි ලමයිනුත් සෑහෙන්න හිටි නිසා හරියට මොන්ටිසෝරියක් වගේ.

අපේ මාස හතේ පොඩි එක්කෙනත් එක්ක බිරිද ගියා ලමයි ඉන්න කට්ටියටම වෙන්කරපු කාමරේට පොඩි එක්කෙනගෙ ඇදුම් මාරු කරගෙන එන්න. කෙසෙක් ගෙඩියක් කාල ඒව ඇගපුරාම ගාගෙන හිටියෙ බබා ඒ වෙලාව වෙනකොට.

ඔය අස්සෙ අවුරුදු 4ක විතර පොඩි එකෙක් ඇවිල්ල මගේ බිරිදගෙන් මෙහෙම අහනව.

මෙයාට ඇවිදින්න බැරිද?
තාම බෑනෙ.

දත් තියනවද?
නෑ.

දැන් වයස කීයද?
මාස හතයි.

If she is 7, why can't she walk? චනූට හොදට ඇවිදින්න පුලුවන්නෙ.

මෙයාට තාම තේරෙන්නෙ නෑනෙ අවුරුදු 2යි මාස 7යි අතර වෙනස. ඒ වුනාට ලමා ලෝකය කොච්චර සුන්දරද?


Image Source : http://fineartamerica.com/featured/brother-and-sister-joni-mcpherson.html

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, June 14, 2012

නංගි මම කොලඹ අම්පාරෙ....



ඔන්න එක අවුරුද්දක මොරටුවෙ ගෘහනිර්මාණ ෆැකල්ටියේ රැග් එක දෙන වෙලාවක අලුත් බැචේ සෙට් එකක් අල්ලගත්තු සින්නෙක් උන්ව වාත කරනවලු. ඔන්න ඉතින් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් සින්න මෙහෙම අහනවලු:

සින්නා: නංගි, තමුසෙ කොහේද?
ජුන්නියා: අයියෙ, මම කොලඹ.
සින්නා: කොලඹ කොහේද?
ජුන්නියා: කොලඹ හොරණෙ.
සින්නා: හොරණ කොහොමද යකෝ කොලඹ වෙන්නෙ?
ජුන්නියා: නෑ අයියෙ එක බස් එකයිනෙ.


ඉතින් වාත කිසිල්ල ඉවර වේගෙන එනකොට දෙගොල්ලොම හොදට සෙට් වෙනවනෙ. ඉතින් එහෙම වේගෙන එනකොට සින්න කියනවලු මෙහෙම:

සින්නා: දැන් තමුසෙලට මගෙන් මොනවහරි අහන්න තියනවද?
ජුන්නෙක්: අයිය කොහෙද ඉන්නෙ?
සින්නා: මමත් කොලඹ තමයි ඉන්නෙ.
ජුන්නෙක්: අයිය කොලඹ කොහෙද?
සින්නා: කොලඹ අම්පාරෙ, ඇයි එක බස් එකයිනෙ මෙහෙ ඉදන්. එතකොට තමුසෙ කොහෙද?
ජුන්නෙක්: මීගමුවෙ ඉන්නෙ අයියෙ.
සින්නා: යකෝ, මීගමුවෙ නෙවෙයි, ඉතාලිය කියල කියපිය.


ප.ලි.: ටියුබ් ලයිට් කට්ටියගෙ දැන ගැනීම සදහා: කලකට පෙර මීගමුවේ සිට ඉතාලියට යාම සදහා එක බෝට්ටුවක් ප්‍රමානවත් විය.

ප.ප.ලි.: මේ කතාව කියවුනේ අපේ ඔෆීසියෙ යාලුවෙක් මුල් කරගෙන. මිනිහ බුලත්සිංහල, ඒකනිසා කොලඹ කියල කියන්න බෑ, මොකද බුලත්සිංහල ඉදන් කොලඹට බස් එකක් නෑ.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, June 12, 2012

හොරණ පැත්තෙ ට්‍රෆික් රාලහාමිලාට හොද ආරංචියක්



අපේ රාලහාමිල හරි ආසයිනෙ අස්සවල්වල හැන්ගිල ඉදල හොර අල්ලන්න. මතකනෙ මම කලින් අනුරාධපුරේ යනකොට වෙච්ච සිද්දිය.

මම කාර් එකෙන් මාතර යනවනම්, බොහෝ වෙලාවට ගමන පටන් ගන්නෙ ගල්කිස්සෙන් නිසා පානදුරෙන් හරවල ගිහින් තමයි අධිවේගී පාරට දමන්නෙ. ඉතින් පානදුර - හොරණ - රත්නපුර පාරෙන් අධිවේගෙට හැරෙන තැන් දෙකේදීම (එකක් කොලඹ පැත්තට, අනික ගාල්ල පැත්තට ) විදුලි ආලෝක සංඥා හෙවත් කලර් ලයිට්ස් හයි කරල තියනව රථවාහන පාලනයට.

මේ ගොඩේ පැතිවලට මොන කලර් ලයිට්ද? අන්න ඒ විදිහට තමයි සමහර යතුරුපැදි සහ පා පැදි ඔය තැන් වලින් යන්නෙ. දවසක් මම හොරන පාරෙන් හරවන්න කොල ලයිට් එකේදි හදනකොටම යතුරු පැදි දෙකක් අනිත් පැත්තෙන් ඇවිල්ල මගේ ගෑවී නොගෑවී ගියේ. ගිය සතියෙ එතනින්ම හොරන පාරට හරවනකොට යතුරු පැදියයි පා පැදියයි. හැප්පුමොත් ඉතින් අපි එපයි වගකියන්න / ගුටි කන්න.

තාම ඔය තැන් දෙක ට්‍රැෆික් රාලහාමිලාට ආරංචි වෙලා නැති පාටයි. නැත්නම් මල්ල කරේ තැනක් ඕක. හික්.

Image Source: http://www.slcj.lk/gallery_detail.php?gallery_id=29

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 8, 2012

රත්මලානෙ ඉදන් සිංගප්පූරුවට දොලදුක් කෑම පැකට් එකක්



මීට අවුරුදු දෙකකට විතර කලින් මට රාජකාරි වැඩකට ඕස්ට්‍රේලියාවට යන්න සිද්ද උනා. ඉතින් ටිකට් බුක් කරේ සිංගප්පූරුව හරහා යන්න. ඔය දවස්වල තමයි Airbus A380 ගුවන් යානය මුලින්ම ඇවිල්ල තිබුනෙ. සිංගප්පූරුව සහ මෙල්බර්න් අතරත් ඔයින් එකක් දිවුවා. මටත් ඕකෙම යන්න ඕන වෙච්ච නිසා ඒ විදිහට යන්න ගමන සෙට් කරගත්තා. වැඩේ උනේ එහෙම කරනකොට උදේ 6 ඉදන් රෑ 10 වෙනකම්ම සිංගප්පූරුවෙ ඉන්න වෙච්ච එකයි.

බැදගත්ත බෙරේ ගහන්නත් එපයි, මම එහේ ඉන්න යාලුවෙකුට කතා කලා දවල් වරුවෙ මොනව හරි කරන්න සෙට් වෙමු කියල. ඔන්න යන දවසෙ උදේ කෝල් එකක් එනව මචන් පොඩි පාර්සලයක් තියනව අරගෙන එන්න පුලුවන්ද කියල. මමත් ඉතින් ගොනා වගේ හා කියුව. ඔන්න රෑ 7ට විතර යාලුවගෙ නැන්දම්ම එනව තව සෙට් එකකුත් එක්ක ලොකු පාර්සල් 3ක් විතර උස්සගෙන. මම ඇහුව මොනවද කියල. බලනකොට කෑම වගයක්, දුව pregnant ලු.

මොනව කරන්නද, දොලදුක් කෑමක්නෙ. මම හා කියල බාරගත්ත. දැන් වැඩේ තමයි මේක ගෙනියන එක. මොකද මම ඕස්ට්‍රේලියාවට යන නිසා චෙක් ඉන්(Checked in) කරන බෑග් එක සිංගප්පූරුවෙදි එලියට ගන්නෙ නෑනෙ. ඉතින් ඒව ඕකෙ දාගෙන යන්න බෑ. අතේම ගෙනියන්න ඕන. ඊට අමතරව මගේ ඇදුම් දෙක තුනකුයි, ජර්සි එකයි ලැප්ටොප් එකයිත් තියනව.

මොනව කරන්නද ඉතින්, අතින් කටින් එල්ලගෙන ගියානෙ සිංගප්පූරුවට යනකම්.

හොදම වැඩේ කියන්නෙ මූ කෑම එක මගෙන් අරගෙන ගෙදර යන්න පිටත් වෙනකොට හවස 3 විතර උනා. ඒක කාල බඩේ අමාරුත් හැදුනද මන්ද.




Image Source: http://www.snurfy.com/hosted-id221-unique-lunch-packets.html

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, June 5, 2012

අපේ කට්ටිය දෙමල විභාගෙ පාස් කරපු හැටි.



රජයේ සේවයෙ ඉන්න හැමෝම සමත් වෙන්න ඕන විභාග වගයක් තියනවනෙ. ඕකට කියන්නෙ ඊබා කියලද කොහෙද. ඉතින් මගේ යාලුවෙකුත් පහුගිය දවසක ගියා ඕකෙ එක කොටසක් වෙන දෙමල විභාගෙට.

වැඩේ තියෙන්නෙ මේ දෙමල විභාගෙ කතා කරන්න ඕන ටෙස්ට් එකක් වීම. ලියල ගොඩ යනව වගේ නෙමෙයිනෙ කතාකරන එක. ඔන්න ඉතින් මගේ යාලුවා දොස්තර කෙනෙක්. කලින් වැඩකලේ නෝනා වාට්ටුවේ (LRH - Lady Ridgway Hospital). දැන් වැඩකරන්නෙ කරාපිටියෙ ETU එකේ.

කට්ටිය විබාගෙට යනකොටම දන්නම මොන වගේ දේවල්ද වැඩිපුර අහන්නෙ කියල. ඉතින් මයි සෙල්ෆ්, එතකොට ලෙඩෙකුගෙන් විස්තර අහන හැටි වගේ පොදු දේවල් ඔක්කොම වගේ ගිරව දාගෙන තමයි ගිහින් තියෙන්නෙ.

සුපුරුදු පරිදි ඉස්සෙල්ලම ඇහුවලු තමන් ගැන. ඉතින් මිනිහත් අමාරුවෙන් කියාගත්තලු තමන් ගැන. රම්පෙට පොරි හැලෙන්න, කට පාඩම් කරපුව කියාගෙන යන එකත් ගේමක්ද නේද? ඊට පස්සෙ අහනවලු කලින් වැඩ කලේ කොතනද කියල. යාලුව කියුවලු මහ ඉස්පිරිතාලේ කායික රෝග අංශයෙ කියල මොකද ලමයින්ගෙ වාට්ටුවක කියුවොත් ප්‍රශන අහනවලු හෝ ගාල දෙමලෙන්.

ඊලග ප්‍රශ්නය: දැන කොහේද වැඩකරන්නෙ? මම කලින් කියුවනෙ මිනිහ ETU කියල. හැබැයි උත්තරේ නම් මාතර රෝහලේ ලේ බැංකුව කියන එක. මොකද ETU කියුවොත් අහන ප්‍රශ්න දරුනු වැඩි නිසා.

ඔන්න ඉතින් වැඩේ නැගල යනවලු. සමහර ප්‍රශ්න වලට උත්තරේ කටේ තියනවලු, දෙමලෙන් එන්නෙ නෑලු. ඔහොම ගිහිල්ල ගිහිල්ල දොස්තරය දෙමලෙන් ඇහුවලු කෙනෙක්ගෙන් ලේ අරන් ඉවර උනාට පස්සෙ මොනවද බලන්න ඕන කියල. මෙතනදි කියන්න ඕන කලන්තෙද බලනව, බර වාහන එලවන්න එපා කියනව වගේ දේවල්. ඕකටත් යන්තන් ගලපල උත්තර දීගත්තලු.

මෙන්න බොලේ ඊට පස්සෙ අහනවලු ඔන්න එකපාරටම ලේඩාගෙ සිහිය නැති වේගෙන යනව, එතකොට ලග ඉන්න හෙදියට මොකක්ද කියන්නෙ කියල. යාලුවගෙ කටට උත්තරේ එනවලු, හැබැයි දෙමල නම් මතක් වෙන්නෙම නැතිලු. ඔන්න එතකොට තමයි මිනිහට ගනදෙවි නුවන පහල වෙලා තියෙන්නෙ. ලෙඩා එක්ක දෙමලෙන් කතා කරන්න ඕන උනාට හෙදිය එක්ක එහෙම ඕන නෑනෙ. මිනිහ කියන්න ඕන ටික ඉංග්‍රීසියෙන් කියාගෙන ගියාලු. ඉන්ටර්විව් කරපු දොස්තරයටත් කට උත්තර නැතිලු, මොකෝ වැඩේ කිසි වැරැද්දක් නෑනේ.

Image Source: http://purduecco.wordpress.com/2012/02/21/what-are-informational-interviews/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 1, 2012

රුපියල් 1100ක් අනූනවයෙන් බේරා ගතිමි.



ගිය ඉරිදා මගුල් ගෙදරකට සහභාගි වෙන්න අනුරාධපුරේ යන්න සිද්ද වුනා. හැමෝම පුත්තලම පාරෙ යන එක හොදයි කියපු නිසා මමත් ඒ පැත්තෙන්ම ගියා. පාර හොද වගේම රාලහාමිලත් හැමතැනම ඉන්නව කියල කියපු නිසා හොදට පරිස්සමින් තමයි ගියේ.


ඔන්න පුත්තලම පහුවෙලා සැතපුම් 10ක් විතර ගියාට පස්සෙ එක පාරටම වෑන් එකක් ඇවිත් මාව ඉස්සර කරගෙන ගියා. මමත් ඉතින් වෑන් එක පස්සෙන් අරල දාල යන්න පටන් ගත්ත, වැඩිය නෙමෙයි වේගය 80යි. ටික දුරක් යනකොට කොහොමහරි වෑන් එක මාව මග ඇරල ඉස්සරහටම ගියා. කොහොම හරි මමත් දන්නෙම නැතිව ටිකක් හයියෙන් ඇවිල්ල.

මෙන්න බොලේ එකපාරටම රාලහාමි කෙනෙක් පාරට පැනල මාව නැවැත්තුව. වේගය 77යි.

මම: මම ඉතින් 70 අවට තමයි ආවෙ.


රාලහාමි: මහත්තයල කොහේ ඉදන්ද එන්නෙ?
මම: අපි මාතර ඉදන්.

රාලහාමි දෙමලද කොහෙද, කැඩිච්ච සිංහලෙන් කතා කලේ.

රාලහාමි: මහත්තය මොකද කරන්නෙ?
මම: ලියන්න රාලහාමි.

මොකද කරන්නෙ කියල සාමාන්‍ය‍යෙන් අහන්නෙ ලියන්නද, පගාවක් දෙනවද කියන එකනෙ. මම ඉරිද අනුරාධපුරේ ගිහින් සදුද එන්න හිටියෙ. ඉතින් දඩයක් ලියුවත් මට සදුදට ගෙවන්න පුලුවන් නිසා මම බය නැතිව හිටියෙ. 

රාලහාමි: නෑ මම ඇහුවෙ මහත්තයගෙ රස්සාව.
මම: ආ මම ඉංජිනේරුවෙක්.

රාලහාමි: කමක් නෑ මහත්තයො ගිහින් එන්න.

මම ආපහු එනකොටත් කට්ටිය එතනම ඉදන් වැඩ.



ප.ලි.: සමහර රටවලනම් 10%ක නිරවද්‍යතාවයකට ඉඩදෙනව මේවගේ වෙලාවලදි, මොකද පොලිසිය ගාව තියන මීටරය වැරදි වෙන්නත් පුලුවන් පොඩ්ඩක් විතර, ඒ වගේම කර් එකේ මීටරයත්. ලංකාවෙ නම් නීතිය කොහොමද දන්නෙ නෑ.

Image Source: http://desktopwallpaper-s.com/19/-/Intel_Core_i7_high_speed/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments