Showing posts with label ගණිත ගැටලුව. Show all posts
Showing posts with label ගණිත ගැටලුව. Show all posts

Tuesday, July 24, 2012

රතු කෙස් ළමයගෙ උත්තරේ...

මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න.

මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.

පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ඒ ගමන්ම එකතුවනුත් ලියමු.

1 x 2 x 18 = 36 --> 1 + 2 + 18 = 21
1 x 3 x 12 = 36 --> 1 + 3 + 12 = 16
1 x 4 x 9 = 36 --> 1 + 4 + 9 = 14
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 x 3 x 6 = 36 --> 2 + 3 + 6 = 11
3 x 3 x 4 = 36 --> 3 + 3 + 4 = 10

දැන් මෙතනදි තමයි අපිට දෙවැනි සහ තුන්වැනි දත්තයන් ඕන කරන්නෙ. දෙවැනි දත්තය තමයි එකතුව ඉස්සරහ ගෙදර ජනෙල් ගානට සමාන වීම. අපිට ජනෙල් ගනන නොපෙනුනාට ගැහැනු දෙදෙනටම ඒක පෙනෙනව. ඉතින් එක ගැහැනු කෙනෙක් දත්තයක් අඩුයි කියන එකෙන් අදහස්වෙන්නෙ ගෙදර ජනෙල් ගනනට හරියන උත්තර දෙකක් හෝ වැඩි ගනනක් තියන බවයි.


1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13

ඒ කියන්නෙ ගෙදර තියෙන්නෙ ජනෙල් 13යි. මෙතන ඉදන් වැඩේ හරිම ලේසියි. එක්කො නිවුන් ලොකු පුතාල දෙන්නයි, නැත්නම් එල ලොකු පුතෙක් එක්ක නිවුන් පොඩි පුතාල දෙන්නයි. ඉතින් රතු කෙස් තියෙන්නෙ ලොකු පුතාට නිසා උත්තරය වෙන්නෙ 2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13


2 - 2 - 9



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, July 18, 2012

රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්)




ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.

ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.


අනිත් අම්මත් ඉස්සරහ ගෙදර දිහා බල බල ටිකක් වෙලා කල්පනා කරා. කරල ඉවර වෙලා කියුව 'ඔයා කියපු කරුනු මදිනෙ ළමයින්ගෙ වයස හොයන්න'. අනිත් අම්ම කියනව, 'ආ මට අමතක උනානෙ කියන්න, මගේ ලොකු පුතාට තියෙන්නෙ රතු හිසකෙස්'.

ඔන්න ඒ පාර අනිත් අම්ම අර ළමයි තුන් දෙනාගෙම වයස හරියට කියුව.

දැන් කාටද පුලුවන් ළමයි තුන් දෙනාගෙ වයස හරියට කියන්න? උත්තරේ ලබන සතියෙ බලාපොරොත්තුවෙන්න.

Image Source: http://www.visualphotos.com/image/1x7471073/red_haired_boy_knows_the_answer_to_a_question



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments