Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Thursday, January 10, 2013

මුලතිවු හරහා යාපනයට - 3


හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.

------------------------------------------------------------------------------------


කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන යකඩ එකතු කරන අයත් ඒ අතර.


--

මේ හරියෙදි වාහනේ නවත්වල ඡායාරූප ගන්න නම් ඉඩ දෙන්නෙ නෑ හමුදාවෙ මහත්තුරු. හැබැයි බස් එක ඇතුලෙ ඉදන් ගත්තුව නම් කිහිපයක් තියනව.


මේ විදිහට තව කිලෝ මීටර 2ක් විතර ගියාට පස්සෙ ආපහු දකුනට හැරිල ගිහින් තමයි ෆාරා නැව ගාවට යන්න තියෙන්නෙ. හැරෙන තැන පොඩි මුර කපොල්ලක් තියනව සොල්දාදුවො කිහිප දෙනෙක් ඉන්න. එයාල හරි කැමතියි දකුනෙන් එන අය එක්ක ටිකක් කතා කරන්න, මොකද සිංහල වචනයක් වත් ඇහෙන්නෙ ඒ වෙලාවටනෙ.

ෆාර නැව ආසන්නයේ නම් ටිකක් පහසුකම් තියනව. ඒ කියන්නෙ සිසිල් බීමක් බොන්න කඩයක් (මම දැක්ක විදිහට නම් හමුදාවෙන් තමයි පවත්වාගෙන යන්නෙ ), භාවිතා කල හැකි මට්ටමේ වැසිකිලියක් වගේ දේවල්. තව එතැන මුහුදට ඉතාමත් ආසන්නයෙන් පිහිටල තියනවා ලිදක්, හැබැයි වතුර සම්පූර්නයෙන්ම මිරිදිය වෙච්ච. නැව බලන්න විතරක් එන හුග දෙනෙකුට මගහැරෙන දෙයක් තමයි ඒක.






ෆාරා නැවේ ඡායාරූප. අවාසනාවකට වගේ අර ලිදේ ඡායාරූපයක් නෑ මගේ ලග.


ෆාරා නැවේ සහ අපි ඉදිරියෙදි ගමන් කලයුතු A35 මාර්ගයේ සිතියම.


මේ ගමන්ම මුලතිවු වෙරල ගැනත් නොකියාම බෑ. ලස්සන නම් කියල වැඩක් නෑ. සුදුම සුදු වැල්ල නිල් අහසත් එක්ක මාර ලස්සනයි. හැබැයි තාම බිම් බෝම්බ ඉවත් කරල නැ කියල හැමතැනම ගහල තියනව. ඒ නිසා පරිස්සම් විය යුතුමයි.




මුලතිවු වෙරලේ ලස්සන

අදට ඇති, ඊලගට අපි යන්නෙ කොටින්ගෙ සබ්මැරීන් බලන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 14, 2012

මුලතිවු හරහා යාපනයට - 2


ඉතින් කලින් ලිපියෙන් කියපු වගේ බස් එකට වෙච්ච අකරතැබ්බය නිසා ටයර් කඩයක් අරිනකන් වව්නියාවට වෙලා උදේට හදාගෙන ආපු කෑම කන්න පටන් ගත්ත. මහ ලොකු දෙයක් නෙමෙයි, පානුයි සීනි සම්බලුයි. ඒ අතරෙම පොඩීවුන් ටිකටත් කෑම හදාගෙන දෙයියන්ගෙ පිහිටෙන් උදේ 9ට විතර ටයර් කඩයක් හොයා ගත්ත. ඒ වැඩෙත් අහවරයි එතනින්.

කට්ටිය උයන ගමන්...

වව්නියාවෙන් මුලතිවු යන්න හොදම පාර මාන්කුලම් හරහාද?  පුලියන් කුලම් හරහාද? ඔන්න ඕක තමයි අපිට ඊලගට ආපු ගැටලුව. කොලඹදි හැමෝම කියුවෙ මාන්කුලම් පාර (මේක තමයි මුලතිවු යන ප්‍රධාන පාර ) තාම හදනව කියන එක. ඒ වගේම වවුනියාවෙ ටයර් කඩේ කට්ටිය කියුවෙ පුලියන්කුලමෙන් යන පාර හොදට හදල කියල. ඉතින් අපි උඩ තියන සිතියමේ දාල තියන විදිහටම පිලියන්කුලම් වලින් යන්න තීරනය කරා.

පුලියන්කුලම හන්දියෙන් නම් මුලතිවු පාර මැටි පාරක් උනාට ටික දුරක් යනකොට හොද තාර / කොන්ක්‍රීට් පාරක් බවට පත් උනා. එතන ඉදන් නැදුන්කර්නි වෙනකම්ම තැනින් තැන හදල ඉවර නැති උනත් පාරනම් බොහෝ දුරට හොදට තිබුන. නැදුන්කර්නි  කියන්නෙත් තුම්මං හංදියක්. එතන ඉදන් තියන පාරවල් දෙකෙන්ම මුලතිවු යන්න පුලුවන්, හැබැයි එක පාරක් කිලෝමීටර 3ක් විතර දුර වැඩියි. ඉතින් අපි එතන පොලිස් මුරපොලෙන් ඇහුව මොන පාරද හොදට හදල තියෙන්නෙ කියල. උත්තරය ඔඩ්ඩුසුඩාන් හරහා තියන දුර පාරෙන් යන්න කියන එකයි.

ඔඩ්ඩුසුඩාන් වලදිද මන්ද ප්‍රභාකරන්ගෙ තේක්ක වත්ත දැකගන්න ලැබුන පාර අයිනෙම්ම. (වත්තක් නෙමෙයි ඇත්තටම, කැලෑවක්) 

ඔඩ්ඩුසුඩාන් වල තියනව ලොකු ආමි කෑම්ප් එකකුත්, 57වන සේනාංක මූලස්ථානය වගේ තමයි මතක. හරියටම ශුවර් නෑ ඉතින්. නැදුන්කර්නි - ඔඩ්ඩුසුඩාන් පාරත් නරකම නෑ. තැනින් තැන තාම හදනව, විශේෂයෙන් පාලම් ලග. ඔඩ්ඩුසුඩාන් ඉදන් මුලතිවු වෙනකම් නම් පාර අන්තිමයි. තැනින් තැන හදනව, ඒ මදිවට මඩවෙලා වැස්සත් එක්ක. පාලම් හදන තැන් වලදි පාරෙන් එලියට ගිහින් ආයිත් පාරට එකතු වෙන්න ඕනෙ. ඒ උනාට ඊටත් වඩා නරක පාරක් ඉදිරියෙදි හම්බ වෙනව. හික්.

ඔඩ්ඩුසුඩාන් වලදි නම් අපිට හිතුන කොහොමත් මාන්කුලම් වලින් ආපු නැති එක හොදයි කියල පාරෙ හැටියට. හැබැයි තව අවුරුද්දක් වගේ යනකොටනම් මේ පාරවල් වල වැඩ ඉවරෙටම ඉවර වෙලා තියේවි.

ඔන්න ඉතින් ඔහොම ගිහින් එක පාරටම අපි මුලතිවු නගරයට සේන්දු උනා. ඒ නන්දිකඩාල් කලපුව අයිනෙන් ටික දුරක් ගමන් කිරීමෙන් පස්සෙ. ප්‍රධාන පාරෙ ඉදන් මූදටනම් ටිකක් දුරයි. මූදට යන්න ලොකු ආසාවක් තිබුනත් පරක්කු වෙලා තිබිච්ච නිසා අපි ඒ පැත්තට යන්නෙ නැතිව මුලතිවු ටවුම පහු කරන් පරන්තන් මාර්ගයේ ඉදිරියට යන්න ගත්ත.


මේ තියෙන්නෙ නන්ඩිකඩාල් කලපුව මුහුදට වැටෙන තැන. යුද්දයේ අනිතිම දවස්වල මිනිස්සු වැල නොකැඩී ආවෙ මෙතනින් තමයි.


මීලග නැවතුම - ෆාරා නෞකාව. ඊලග ලිපියෙන් හමුවෙමු.

ප. ලි. : හොද හොද සෙල්ලම් එලිවෙන ජාමටනේ. තාම බලන්න ගියපු කිසිම තැනක් ගැන ලියුවෙ නෑ. ඊලග දවසෙ නම් අනිව යාපනයට යනකම් යනව.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 8, 2012

මුලතිවු හරහා යාපනයට



ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.

කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.

ට්‍රිප් එකක් යනකොට තියන අමාරුම වැඩේනෙ නවතින තැනයි යන්න වාහනෙයි හොයාගන්න එක. කොහොමින් කොහොමහරි වැඩේ ඇදි ඇදි ගිහින් දිග නිවාඩුවට නවතින තැනක් යාපනයෙන් හොයා ගන්න බැරිඋනා. ඉතින් ඊට කලින් සතියට ට්‍රිප් එක මාරු උනා. ඒ කියන්නෙ බ්‍රහස්පතින්දා රෑ ගිහින් ඉරිද රෑට ආපහු එන්න, සිකුරාද නිවාඩුවක් අතින් දාගෙන.

ඔන්න ඉතින් කතාකරගත්තු විදිහට රෑ 9 මාරට අපේ ගෙවල් ගාවින්, ඒ කියන්නෙ ගල්කිස්සෙන් ගමන පටන්ගත්ත. අරහෙ මෙහෙ හිටපු කට්ටිය එකතු කරගෙන අන්තිමය යක්කලෙන් ගන්නකොට වෙලාව කොහොමහරි 11ත් පහුවෙලා.


බස් එක (UD NISSAN)

මෙන්න මේ වෙලාවෙ තමයි අපි දවසේ මෝඩ තීරනය ගන්නෙ. ඒ තමයි ජා ඇලෙන් හරි කටුනායකින් හරි පුත්තලම පාරට නොගිහින් පාදෙනිය හරහා අනුරාධපුරයට යන එක. යක්කල ඉදන් අබේපුස්සට යනකම්ම ලොරි තොගයක් ඉස්සර කර කර ගියපු අපි කුරුනෑගල පැනල පොඩ්ඩ දුරක් ගියපු ගමන්ම පලවෙනි අවාසනාවන්ත වැඩේ උනා. ඉස්සරහ ටයර් එකේ හුලං ගියා. මොනව කරන්නද, පැය බාගයක් විතර දගලල ඕකත් දාගෙන ආයිත් ගමන  පිටත් උනා. අපි පුත්තලම පාරෙන් ගියානම් මේ කිසිදෙයක් නොවී ෂෝක් එකේ යන්න තිබුන.

කුරුනෑගල, පාදෙනිය, අනුරාධපුරය, මැදවච්චිය පහුකරගෙන උදේ පාන්දර 5ට වගේ අපි වව්නියාවට ආව. මෙතනින් එහාට ටයර් කඩ ගැන විශ්වාසයක් නැතිනිසා තයර් එක හදාගෙනම යන්න ඕන කියල බස් එකේ කට්ටිය කියන්න ගත්ත. මොනව කරන්නද, යන්තම් ඇරපු කඩයකින් තේ එකක් බස්සගෙන අරහෙට මෙහෙට කෝල් වගයක් දීල දන්න කියන කෙනෙක් ඉන්න තැනක් හොයාගත්ත පොඩ්ඩක් මූනවත් හෝදගන්න ඕන කියල. කලින් අපි හිතාන හිටියෙ මේ වැඩේ මුලතිවු වලින්ම කරගන්න පුලුවන් කියල.

කතාව දිග වැඩියි වගේ නෙද? මම හිතන් හිටියෙනම් යාපනේට යනකම්ම මේකෙ ලියන්න. ඒත් එහෙනම් ඉතිරි ටික දෙවැනි කොටසකින් දාන්නම්.

ප. ලි. : මේ ගමන යන්න හොදම මාර්ගය තමයි මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට ගිහින් එතනින් මැදවච්චිය හරහා A9 ඔස්සේ වව්නියාවට යන එක.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, May 29, 2012

බුහාරි එකේ බුරියානි එක.



අද හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා. උගේ මස්සිනා දවල්ට බුහාරි එකෙන් බුරියානි එකක් කාල ඇවිල්ල පලු යන්න බනිනව ඒකෙ වැරදි කියකියා. ඒක අහන් ඉදපු මට පුන්චිකාලෙ සිද්දියක් මතක් උනා.


මම පොඩි කාලෙ, ඒ කියන්න ඉස්කෝලෙ හයේ හතේ වගෙ ඉන්නකොට දවසක් මොකක් හරි සිද්දියකට කොලබ ආව. ආවෙ මොකටද උනේ මොකක්ද කියල මතක නැතිඋනත් ඒ වැඩටික ඉවරවෙලා දවල්ට මට බුහාරි එකෙන් බුරියානි එකක් අරන් දෙන බවනම් තාත්ත කියුව වගේම දවල් මරදානෙ බුහාරි එකෙන් බුරියානි එකකුත් අරන්දුන්න. ඔය දෙකම අරගත්තු අපිදෙන්න තාත්ත වැඩකරපු රේල්ලුවෙම තියන විවේකාගාරයකට ගිහින් ඔය ගත්තු ඒව කාල ඉවර කරා.


මට බුරියානි එකක් අරන් දුන්නත් තාත්ත එකක් නොගෙන දවල්ට කන්න ඉදිආප්ප 30ක් ගත්තෙ මොකද කියන එක හුග කාලයක් යනකම් මට තිබුන ප්‍රශ්නයක්. ඉගන ගෙන රස්සාවල් හොයාගෙන තනියම නැගිටින කාලෙ වෙනකොට තමයි මට හිතුනේ රජයේ සේවකයෙකු වෙච්ච අපේ තාත්තට බුරියානි දෙකකට වියදම් කරන්න තරම් වත්කමක් හරි සිතක් හරි ඒ වෙලාවෙ තියෙන්න නැතුව ඇති. ලොකු පඩි තියන රස්සාවල් කරාට බුරියානි 3-4කට වියදම් කරන්න උනොත් මට උනත් ඒක ගැන ආයිත් හිතන්න හිතෙනව.

ඇත්තටම අපේ දෙමව්පියො අපිට වඩා කොච්චර සකසුරුවම්ද....


Image Source: http://www.stopntaste.nl/menu

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, May 21, 2012

මාතර බීච් එකේ බලු ශෝ එක




මාතර නගරය දන්න අය දන්නව වෙරල පාරෙ තියන මයුර හෝටලය. හවසට මයුර හෝටලය අවට ඇවිදින්න ගියොත් මීට අවුරුදු ගනනකට කලින් (මම මෙහෙම කියන්නෙ දැන් මේ දර්ශනය තියද දන්නෙ නැති නිසා) දකින්න පුලුවන් එක වයසක නෝන කෙනෙක් වටිනා කියන බල්ලෙක් අරගෙන ඇවිල්ල මුහුදු වෙරල ගාව බංකුවක වාඩිවෙලා ඉන්න හැටි.

ඉතින් තව ටිකකින් එතනින් යන කෙනෙකුට පේනව අර නෝනම වෙනින් ජාතියක වටින බල්ලෙක්ගෙ ඔලුව පීරනව.

තව ටිකකින් තව බල්ලෙක්, තව බල්ලෙක් විදිහට මේක හුගක් වෙලා කෙරෙනව. අපිත් ඉතින් සෑහෙන කාලයක් ඕකට බලු ශෝ එක කිය කිය ඉන්නකොට තමයි දන්නෙ මේ අපේ ඉස්කෝලෙ එකටම ඉන්න හොදම යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් තමයිය ශෝ එක දාන්නෙ කියල.

අපිටනම් පෙනිච්ච විදිහට යාලුවගෙ අම්ම යාලුවන්ටත් වැඩියෙන් බල්ලන්ට සැලකුව, මොකද අපි කවදාවත්ම යාලුව අම්මත් එක්ක එතන ඉන්නව දැකල නෑ.


කොහොමින් කොහොම හරි සුනාමි ආපු වෙලාවෙ යාලුවගෙ ගෙදර හොදටම කැඩිල ගියා. බල්ලො ටිකනම් ඔක්කොම වගේ ගස් ගල් වල එල්ලිල බේරුනා කියල තමයි ආරංචිය ගෙදර කට්ටියත් එක්කම.

ඊට පස්සෙ නම් සෑහෙන කාලයක් යනකම් බලු ශෝ එක තිබුනෙ නෑ අපිට බලාගන්න.



Image Source: http://www.nutrecareblog.com/2011/06/uk-dog-shows-25-26-june-2011/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, May 14, 2012

අධිවේගී පාරෙන් ගනිත ගැටලුවක්



අධිවේගී පාරෙ වාහනයක් එලවන් ගියපු අය දන්නව ඇති 100ක වගේ වේගෙකින් යනකොට වාහනයෙ RPM අගය සාමාන්‍ය අගයට වදා ඉහලට නගිනව කියල. වාහනයක ඉන්ධන දහනය සමානුපාත වෙන්නෙ ඒකෙ එන්ජිමේ වේගයට හෙවත් RPM අගයට. ඒ අනුව අපිට දල වශයෙන් ගනනය කරගන්න පුලුවන් මොන පාරෙන් යන එකද වාසි දායක කියල.

අපි හිතමු කෙනෙකුට ඕන උනා කියල කොට්ටාවෙ ඉදල ගාල්ලට යන්න. අධිවේගී මර්ගයෙ ගියොත් 100ක වේගයෙන් පැය 1කදි යන්න පුලුවන්. අනිත් පැත්තෙන් ගියොත් 60ක වේගයෙන් පැය 2කදි වගේ යන්න පුලුවන් (සාමාන්‍ය ට්‍රැෆික් එකක් තියන කොට ).

මගේ කාර් එක 60ට යනකොට RPM එක 1700ක් වෙනව. 100ට යනකොට ඒක 2500ට වගේ නගිනව.


දැන් කාටද පුලුවන් ගනනය කරන්න ඉන්ධන දහන අනුපාතය 60ට යනකොට සහ 100ට යනකොට පාරවල් දෙකෙන්.

පිලිතුර තව දවස් 3කින් (බ්‍රහස්පතින්දා) බලාපොරොත්තු වන්න.

Imaga source: http://en.wikipedia.org/wiki/File:RI_403_freeway.jpg


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, May 4, 2012

රංගය ශාන්ත සර්ට දීපු ගේම...




මුලින්ම කියන්න ඕන මේ රංග අර අපි හැමෝම දන්න ඊයෙ පෙරේද අමාරුවෙ වැටිච්ච රංග නෙමෙයි. මේ රංග හිටියෙ කැම්පස් එකේ අපේ යට බැච් එකේ.


මොරටුව තක්සලාවෙ පරිගණක දෙපාර්තුමේන්තුවෙ හොදටම නින්ද යන විදිහට උගන්වන්නෙ කවුද කියල ඇහුවොත් ඒ තමයි අපේ අනිත් කතා නායකය, ශාන්ත සර්.

ඉතින් ශාන්ත සර්ගෙ ලෙක්චර්ස් වලදි කොච්චර නින්ද යනවද කියනවනම් පහු වෙනකොට ලමයි හුගක් පුරුදු උනා හොස්ටල් එකේ ඉදන්ම නිදාගන්න. රංගයත් අයිති උනේ මේ ගොඩට තමයි. ඔන්න ඉතින් ශාන්ත සර් ලමයින්ට කරන්න ටිකක් ලොකු පැවරුමක් දුන්න, හැබැයි අර හොස්ටල් එකේ නිදාගත්ත කට්ටිය වැඩේ දැනගත්තෙ බාරදෙන්න ඕන දවසට කලින් දවසෙ. ඔන්න සෙට් එකම ගියා සර් හම්බවෙලා වැඩේ ගොඩදාගන්න. සර්නුත් ඉතින් ශෙප් මනුස්සය නිසා වැඩිපුර දවස් 10ක් දුන්න වැඩේ ඉවර කරන්න. හැබැයි රංගයට මේක හරි ගියේ නෑ. මිනිහට ඕන පැවරුම නොකර ගොඩයන්න. ඔන්න ඉතින් පොර සර් පස්සෙ යන්න ගත්ත. "අනේ සර් ගෙදර ප්‍රශ්න. සල්ලි නෑ. අරක මේක." විකාර ගොඩයි. අන්තිමට මූව සර්ට මහම මහ කරදරයක් වුනා.

දැන් සර් රංගයව මග හරිනව. නිල කාමරය පැත්තෙවත් එන්නෙ නෑ. ඒ අස්සෙ මේ යකා සර්ගෙ දුරකතන අංකය හොයාගෙන ඒකටත් කෝල් කරන්න අරන්. ඒත් වැඩේ හරියන්නෙ නැති තැන පොර සර් හොයාගෙන ගෙදර ගිහින්.

සර් කොහොම හරි ගෙදර ඉදල නෑ. ගෙදර මිනිස්සු මේ කතාව දන්නෙ නෑනෙ. ඉතින් සර් පල්ලියට ගියයි කියල ගෙදරින් කියල. රංගයත් අත අරින්නෙ නැතුව පල්ලියටත් ගිහින්. පල්ලියට යනකොට සර් පල්ලියෙ පියානො එක ගහනවලු. ඉතින් ඒ වෙලාවෙ කතාකරන එක හරි නැති නිසා රංගය පල්ලිය මැද හරියෙ බංකුවක් අල්ලගෙන වාඩිවෙලා ඉදල. සර්නුත් මූ ඉන්නව දැකලද කොහෙද පියානො ගහන එක නවත්තන්නෙම නෑලු. මේ අල්ලපනල්ලෙ කොහොම හරි රංගයට විනාඩි ගානකට නින්ද ගිහින්. නැගිටල බලනකොට සර් මාරුලු. හික්...

ප.ලි.: පස්සෙ කොහොම හරි රංගයත් පල්ලියෙ ගිටාර් ගහන්න සෙට් වෙලා ඕන කරන වැඩේ කරගත්ත කියල තමයි ආරංචිය.


Image source: http://www.animationlibrary.com/sc/291/Musicians_and_Singers/?page=18

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, May 2, 2012

ලංකාවෙ කැම්පස් කීයක් අබෞද්ද??? අසිංහලද????




මම කැම්පස් යන කාලෙ අත්වින්ද දෙයක් තමයි අපිට සිංහල අවුරුද්දට හරි වෙසක් එකට හරි වඩා නත්තලට නිවාඩු හම්බ වෙනව කියන එක. දැන් කැම්පස් එකෙන් එලියට ඇවිත් අවුරුදු 6ක් විතර උන නිසා හරියටම දින ගනන් මතක නැතිඋනත් මේ කතාව පරම සත්‍යයක් බවනම් ශුවර්.

මේ කතාව මතක් උනේ සිංහල අවුරුදු දවස් වල අහපු සිද්දි දෙකක් නිසා. අවුරුද්දට මම අවුරුදු සතියෙ දවස් 3ම නිවාඩු දාගත්ත කොහොම හරි. මගේ මැනේජර්නුත් ඒ දවස් ටිකම නිවාඩුයි. බලනකොට එයාට පස් තාච්චි (MBA) විභාග. 11 වෙනිද හවස 6 වෙනකම්ම විභාගලු. මිනිහෙකුට අවුරුද්දට ගෙදර යන්නවත් බැරිවෙන්න තමයි ඊව දාල තියෙන්නෙ. කවුරුවත් අහල තියනවද දෙසැම්බර් 24 හවස් වෙනකම් විභාග තිබිච්ච කැම්පස් එකක්???


අවුරුද්දට බිරිදගේ නෑදෑ ගෙදරක ගියා. එහේ මල්ලි ඉගෙන ගන්නෙ එක්කො රුහුන ඉංජිනේරු, නැත්නම් කැලනිය සයන්ස්. 11 වෙනිදත් ගෙදර ඇවිල්ල නෑ මොකද අවුරුද්දට පස්සෙ සතියෙ විභාග පටන් ගන්නවලු. ඉතින් මොන අවුරුදුද?

මේව ඉතින් කාට කියන්නද නේද?

Image source: http://armstrong.chem.ox.ac.uk/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, April 24, 2012

ඉන්ටර්විව් ගොඩ ගිය හැටි

මේක මීට මාස ගනනකට කලින් වෙච්ච දෙයක්.

අපේ කොම්පැනියෙ SSE තනතුරකට ප්‍රසිද්ද කොම්පැනියක වැඩකරන බුවෙක් ඉන්ටර්විව් එකකට ආව. වැඩේ කරන්න නියම උනේ මටයි මගේ ලොකු ටෙක්ලීඩ්ටයි. පස්සෙ බලන් යනකොට බුවා ටෙක්ලීඩ්ව අදුනනව. ඉතින් අන්තිමට මටයි තව කෙනෙකුටයි තමයි වැඩේ කරන්න උනේ.


ඉතින් ඔන්න සුපුරුදු ප්‍රශ්න ටික අහල ටික ටික අමාරු කරන්න පටන් ගත්ත අපි දෙන්නා. ඔන්න ඇහුව ජාව කලෙක්ශන් ගැන. වැඩේ ගොඩගියේ නෑ. ඊට පස්සෙ එක්සෙප්ශන් ගැන. ඒත් අප්සැට්. තව දන්න දන්න හැම පැත්තකින්ම බැලුව, ඒත් මිනිහ ගොඩ යන්නෙම නෑ.

දැන් අපි දෙන්නටත් ටිකක් අප්සැට් මොකද ටිකක් ලොකු තැනකින් හදුන්වාදීල තමයි බුවා ඇවිත් තිබුනේ. කොහොමින් කොහොම හරි පැය 2ක් විතර ගිහින් අපි දෙන්න තීරනය කරා පොර හරියන්නෙ නෑ කියල.


අපේ ලොකු මැනේජ්මන්ට් එකටත් වැඩේ ගැන අවුල්. ඒකනිසා මිනිහට වෙනින් දවසක තව ඉන්ටර්විව් එකක් තියන්න තීරනය උනා. අපිට හොදටම වැඩ වැඩි දවසක තමයි ඒක සෙට් උනේ. කරේ වෙනමම දෙන්නෙක්. කොහොම හරි අපේ වැඩ වැඩි කමට කලින් දවසෙ ඇහුවෙ මොනවද කියලවත් උන් දෙන්නට කියන්න බැරිඋනා.

අපේ උන් දෙන්නත් ගිහින් අපි අහපු ප්‍රශ්නම මේ බුවාගෙන් අහල. හොදම වැඩේ කියන්නෙ බුවත් ඒව ඔක්කොම බලන් ඇවිල්ල පොර වගේ උත්තර දීල. දැන් ඉතින් ඉන්ටර්විව් එක ගොඩ. පොර සිලෙක්ට්.


මෙහෙම සිලෙක්ට් වෙච්ච බුවා ඊලග සතියෙ අපේ මැනේජර් හම්බවෙන්න ආපු වෙලාවෙ ලොකු පඩියක් ඉල්ලල. අපේ ඔෆීසියෙ නම් දෙන්න තියා හිතන්නෙ වත් නැති. ඉතින් අපේ මැනේජර් කියල එච්චර ලොකු පඩියක් දැනට ඉන්න තැන ලැබෙනවනම් එතනම ඉන්න කියල. මොනව කියන්නද නැතිව.

අපරාදේ වාසනාව නිසා ගොඩගියපු ඉන්ටර්විව් එක.

ප. ලි. : කතාවෙන් ගන්න තියන ආදර්ශය තමයි: එකම තැනකින් දෙපාරක් ඉන්ටර්විව් එකකට එන්න කියුවොත් පලවෙනි පාර බැරිවෙච්ච ටික හොදට බලාගෙන තව තිකක් බලාගෙන යන්න.

ප. ප. ලි. : මම මගේ පරන තැන ඉන්න කාලේ ඉන්ටර්විව් කරල තෝර නොගත්ත කෙනෙක් ලගදි අලුත් තැන වැඩට ආව. පොර සමහර විට මම අහපු ප්‍රශ්න ටික ගෙදර ගිහින් හොදට බලාගන්න ඇති මෙතනට එන්න කලින්.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, October 21, 2011

මේ ඩාන්ස් එක දැක්කද?

පහුගිය දවසක කොටුව දුම්රිය පොල ගාව ඇත්තටම වෙච්ච දෙයක්. මේක එයාර්ටෙල් සමාගමේ ප්‍රචාරයක් විදිහට තමයි සිද්ද වෙලා තියෙන්නෙ.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, July 20, 2011

ලගකදි ත්‍රිකුණාමලයෙ යනවද? මෙන්න නවතින්න තැන්... (Trincomalee Accommodation)


පහුගිය දිග නිවාඩුවට ත්‍රිකුණාමලයෙ යන්න සෙට් උනා. ඉතින් නවතින්න හොද තැනක් හොයාගන්න පුදුම ගේමක් දුන්නෙ. මෙන්න හොයාගත්තු තැන් ගනන් හිලව් එක්කම කාගෙත් හිත සුව තකා.....

Welcombe Hotel - 026-2222373
FB - 11000
HB - 9200


Lotus Park Hotel - 026-2225327/8
FB - 11375
HB - 9975

Nilaveli garden Inn - 026-2232228

Green Park Beach Hotel - 026-2222369
FB - 7850
HB - 6600
RO - 4375

Medway Hotel - 0262227655

Sea View Hotel - Nilaveli - 026-4920016 / 026-4915224
RO - 3300 (Double room)
Family Room available for 8800 that can accommodate 8.

Hotel New Sea Lord - 026-2222396
FB - 4400
HB - 2200

New Silver Star Hotel - 026-2222348

Harbour View Guest House - 026-2222284
RO - 4500

Villa Guest house - 026-2222284

Palm Beach resort - 026-2221250
RO - 2500

Sarvodaya - 011-2647159


මමනම් නැවතුනේ Sea View Hotel නිලාවැලි වල. ලස්සන තැනක්, හැබැයි පහසුකම් වල හැටියට ගාන පොඩ්ඩක් සැරයි. හිරු උදාව බලන්නනම් නියම තැන. සාමාන්යයෙන් නිලාවැලි වල කාමර ගනන් වැඩියි ත්‍රිකුනාමලයට වඩා. ඒකත් මතක තියාගන්න.

මේ තැන් ගැන ගුන අගුන දන්නවනම් හරි තවත් තැන් ගැන දන්නවනම් හරි අදහස් එකතු කරන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, March 13, 2011

කහ උණ එන්නත ගත්තාද??? - yellow fewer vaccine

මාතෘකාව දැක්කට බයවෙන එපා, මොකද ලංකාවෙ කහ උණ නැති නිසා...


හැබැයි ලංකවෙත් කහ උණ රෝගවාහක මදුරුවා ඉන්නව, ඉතින් කවුරුහරි රට තුලට රෝගය ගෙනාවොත් බඩුම තමයි.

ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පැන්නනෙ. මම දන්න විදිහට අප්‍රිකාවට හරි දකුණු ඇමෙරිකාවට හරි යනවනම් අනිවාර්යයෙන්ම කහ උණ එන්නත අරගන්න ඕන. එන්නත ගත්තට පස්සෙ දෙන කාඩ්පත ගමන් බලපත්‍රය වගේම ලග තියා ගන්නත් ඕන. හදිස්සියෙවත් ආපහු එනකොට ඒක ලග නැත්නම් රට ඇතුලට එන එකනම් බොරු. මේක බොහොමයක් රටවලට යනකොට බලපාන නීතියක්.

ඔබ කහ උණ තියන රටකට යනවනම් ඊට දවස් 10කට පෙර එන්නත ලබාගන්න ඕන. එන්නත දෙන්නෙ බොරැල්ලෙ තියන වෛද්‍ය පරීක්ශන ආයතනයෙන්(Medical Research Institute - MRI). ඒක පිහිටල තියෙන්නෙ බේස්ලයින් පාරෙ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට පාරෙ අනිත් පැත්තෙ. එන්නත ගන්න යනකොට ගමන් බලපත්‍රය සහ එහි පිටපත් 2කුත් ගුවන් ටිකට් පතත් ගෙනියන්නම ඕන. එන්නත සදහා රුපියල් 1350ක් අය කරනව. ගුවන් ටිකට් පතනම් ඕන මොකද කියල මට තේරෙන්නෙ නෑ. මොකෝ අපි ආසාවට යනවද ඕකට.

එන්නත ගැනත් දැනගත යුතු දේවල් කිහිපයක් තියනව. එන්නත ගත්තට පස්සෙ උණක් හැදෙන්න පුලුවන් සමහරුන්ට. අනිත් එක බිත්තර ඇලජික් අයට එන්නත ගහන්නෙ නෑ. ප්‍රධානම කාරනේ තමයි එන්නත අරගෙන දවස් 2-3 යනකම් මහන්සි වෙන්න හොද නෑ සහ අරක්කු සිගරට් බොන්න හොදත් නෑ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, January 8, 2011

නැගෙනහිරින් දකුණු වෙරලට


නැගෙනහිර වෙරලෙ ලස්සන පහුගිය කාලෙ මම බ්ලොග් සටහන් වලින් දැම්ම මතක ඇතිනේ. මේ තියෙන්නෙ දකුණු වෙරලෙදි දැකපු ලස්සන දර්ශනයක්.

sunset at hikkaduwa

sunset at hikkaduwa

නැගෙනහිර වෙරලෙ හිරු නැගීම වගේ තමයි දකුනු සහ බස්නාහිර වෙරලවල හිරු බැසීම. ඒ වෙලාවට අහසෙ මැවෙන පාට ගැන හිතාගන්නවත් බැහැ. බලන්නකො කොච්චර ලස්සනද කියල.

ස්ථානය: හික්කඩුව, අමායා රීෆ් හෝටලය අසල වෙරල.
වේලාව: සවස 6ට පමන.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 31, 2010

පාසිකුඩාහි තවත් උදෑසන දර්ශනයක් - Morning at Pasikuda


Morning, originally uploaded by vidulahasaranga.

පාසිකුඩා ගැන මීට පෙර මම පලකරපු ඡායාරූපය මතකයි නේ. මතක නැති අයට මෙන්න සැබදුම...

පාසිකුඩාවලින් ගෙන එන මේ දර්ශනය එහි තිබෙන ප්‍රධානතම කර්මාන්තය හා සම්බන්දයි. ඒ තමයි ධීවර කර්මාන්තය. හිරු නැගීමත පෙර පාසිකුඩා යන්න පුලුවන් වුනොත් සිතිජය පුරා කුඩා ආලෝක ලප විදියට ධීවර බෝට්ටු තිබෙන අයුරු දැකගන්න පුලුවන්. හිරු එලිය වැටීමත් සමගම එකින් එක මේ බෝට්ටු වෙරල කරා එනව.

ඉතින් පසුතලයෙහි තිබෙන හිරුගෙ අලංකාර පැහැයත් එක්ක මැවෙන දර්ශනය අතිශය අලංකාරයි.

මෙම රල නොනගින නොගැබුරු වෙරලෙහි ආශ්චර්යය ඔබත් විදගන්න... හැබැයි පරිසරය කිලිටි නොකරන්න.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 29, 2010

බුබුළු බුබුළු බුබුළු - Bubbles


Bubbles, originally uploaded by vidulahasaranga.


සබන් බුබුලු එක්ක සෙල්ලම් කරන්න අපි කොච්චර ආසද පොඩිකාලෙදි.

මේ තියෙන්නෙ නම් සබන් බුබුලු නෙවෙයි. පාසිකුඩා ගියපු වෙලාවෙ අපි පොඩි බෝට්ටු සංචාරයක යෙදුනනෙ. ඒ බෝට්ටුවෙ එන්ජිමෙන් ඇතිවුනු පෙන තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

ඡායාරූපය ගන්න එක එච්චර පහසු කටයුත්තක් උනේ නැහැ මොකද බෝට්ටුවෙ වෙගයත් එක්ක ඒක හයියෙන් පැද්දෙන නිසා. කොහොම උනත් සෑහෙන වතාවක් මහන්සි වෙලා ගත්තු ඡායාරූපය තමයි මේ.

ඔයාලත් පාසිකුඩා ගිය වෙලාවක මේ අත්දැකීම ලබන්න අමතක කරන්න එපා.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 24, 2010

පාසිකුඩාහීදී හිරු නගිනු දුටුවෙමි - Dawning at Pasikuda


Morning reflection, originally uploaded by vidulahasaranga.

මෙතෙක් කලක් ලංකාවේ නැගෙනහිර වෙරල තිබුනෙ අපිට තහනම් කලාපයක් වශයෙන්. ඒත් සාමයත් එක්ක නැගෙනහිර අසිරිය විදින්නත් දැන් අපිට පුලුවන්.

ලංකාවෙ නැගෙනහිරදි විතරක් දකින්න පුලුවන් දෙයක් තමයි සිතිජයෙන් හිරු නැගීම. පසුගිය දවසක පාසිකුඩා වෙරලෙදි මම දැකපු දර්ශනය තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

උදෑසන 5.30 ට පමන පාසිකුඩා වෙරලට එන්න පුලුවන්නම් මේ අලංකාර දර්ශනය දකින්න ඔබ වාසනාවන්ත වෙනව. ඒ සදහා රාත්‍රී 10 ට පමන කොලඹින් පිටත් වෙන්න හරි නැත්නම් පාසිකුඩා වල තියන සීමිත හෝටල් කිහිපයෙන් එකක ලැගුම් ගන්න හරි වෙනව. පොලොන්නරුවෙ වගේ නතරවෙලා උදේ පාන්දර එන්නත් පුලුවන්.

ආරාධනා කරනව ඔයගොල්ලො සැමටම මේ දර්ශනය විදගන්න කියල.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 15, 2010

TRC විසින් කරන ලද විශේෂ නිවේදනයක්...

ජංගම දුරකතනය නැතිවුනොත් කරන්න ඕන දෙය ගැන ලිපියක් ලියුව මතක ඇති.

මට ලැබුනා ඒ සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පලකරපු දැන්වීමක්. කාගෙ කාගෙත් දැනුවත් වීම සදහා මෙන්න නැවත පලකරනව.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, December 7, 2010

ඔන්න මම පියාබනවා...


Flying without wings, originally uploaded by vidulahasaranga.


මේ පනින්නෙ මම නම් නෙමෙයි. මගේ යාලුවෙක්. කැමරා එකේ බ්‍රස්ට් මූඩ් (Brust Mood) දාල යන්තම් ගත්තු පිංතූරයක් තමයි මේ.

පසුගිය දවසක අපි පාසිකුඩා වෙරලට ගියා. ලංකාවෙ තියන ලස්සනම වෙරලක් තමයි පාසිකුඩා. නිල් පාට දිය තලය. පොඩි රැල්ලක් වත් නෑ. මූද ඇතුලත මීටර 100 විතර ගියාමත් වතුර තියෙන්නෙ බෙල්ල ගාවට විතරයි. හරියට පිහිනුම් තටාකයක් වගේ.

පාසිකුඩා පිහිටල තියෙන්නෙ නැගෙනහිර වෙරල තීරයේ මඩකලපුවට ටිකක් විතර උඩින්. කඩදාසි වලට ප්‍රසිද්ධ වාලච්චේන නගරයට කිට්ටුව. කොලඹ ඉදන් යනවනම් කුරුනෑගල, හබරන, පොලොන්නරුව හරහා යන එක තමයි ලගම.

පාසිකුඩා යනවනම් පාන්දරම වෙරලට යන්න බලාගෙන යන එක තමයි සුදුසු. නිවාඩු දවසක දහවල් වෙනකොට කිට්ටු කරන්නවත් බැරිතරම් සෙනගක් එනව මෙතනට. උදෑසන හිරු නගින ලස්සන දර්ශනයත් මෙතනදි බලාගන්න පුලුවන්.

නෑමට අමතරව පොඩි බෝට්ටු ට්‍රිප් එකකුත් යන්න පුලුවන් මෙතැනදි. ඒකටනම් ටිකක් වියදම් වෙනව. බෝට්ටුවක ගෙනියන්නෙ උපරිම 6 දෙනයි. ඈතින් පෙනෙන ගල ගාවට යන්න රුපියල් 1200 ගන්නව මතක හැටියට. හැබැයි ගල උඩ නැගල පින්තූර ගන්න ඕනනම් තව 400යි :D

අවසාන වශයෙන් පොඩි දැනුවත් කිරීමකුත් කරන්න ඕන. ඒ තමයි පොලිතීන් ගෙනිහින් පාසිකුඩා වෙරල අපවිත්‍ර නොකරන්න කියල.

ඉවරයි....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, June 14, 2010

ඡායාරූප එකතුව - හබරන

පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.

ස්ථානය: සිනමන් ලොජ්, හබරන.

මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments