Showing posts with label ආහාර. Show all posts
Showing posts with label ආහාර. Show all posts

Monday, August 20, 2012

From: Sachi To: Nimal



ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.

අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට කාල එහෙම 10ට විතර කැබ් එකක් ගෙන්න ගත්තලු බෝඩිමට යන්න.


අපි කැබ් වලට අතින් සල්ලෙ දෙන්නෙ නෑ. ණය පතක් තමයි දෙන්නෙ නැත්නම් ක්‍රෙඩිට් හයර් එකක් කියල තමයි ඕකට කියන්නෙ. ඉතින් ගමන ඉවර වෙලා පොඩි පෝරමයක් තියනව පුරවල ඩ්‍රැයිවර්ට දෙන්න. අපේ බුවත් බෝඩිම ගාවට ගිහින් ඕක පුරවන්න පටන් ගත්තලු.

ටික වෙලාවකින් මේක ඩ්‍රයිවර්ගෙ පැත්තට හැරිල, අයියෙ ඔයාගෙ නම මොකක්ද? මිනිහ ඉන්නවලු ඇහුනෙ නෑ වගේ, මේකට මොකටද මගේ නම කියල

අයියෙ, නම කියන්නකො... ආයිත් සද්දයක් නෑ. මොකක්ද අයියෙ නම කියන්නකො මට මේක පුරවල ඉවරයක් කරල දාන්න.

ඩ්‍රැයිවරයටත් දැන් මල පැනල. මල්ලි වෙනදට මගේ නම ඕන වෙන්නෙ නෑනෙ. හරි එහෙනම් ලියාගන්නවකො නිමල් කියල.අපේ බුවත් ඔන්න පුරවල දීල ආව.

බලනකොට පොර ලියල තියෙන්නෙ:

From: සචී
To: නිමල්

ප.ලි.: ටියුබ් ලයිට් කට්ටිය උඩ තියන පෝරමේ බලන්නකො. ඒත් ටියුබ් ලයිට්නම් කරන්නම දෙයක් නෑ ඉතින්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, May 29, 2012

බුහාරි එකේ බුරියානි එක.



අද හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා. උගේ මස්සිනා දවල්ට බුහාරි එකෙන් බුරියානි එකක් කාල ඇවිල්ල පලු යන්න බනිනව ඒකෙ වැරදි කියකියා. ඒක අහන් ඉදපු මට පුන්චිකාලෙ සිද්දියක් මතක් උනා.


මම පොඩි කාලෙ, ඒ කියන්න ඉස්කෝලෙ හයේ හතේ වගෙ ඉන්නකොට දවසක් මොකක් හරි සිද්දියකට කොලබ ආව. ආවෙ මොකටද උනේ මොකක්ද කියල මතක නැතිඋනත් ඒ වැඩටික ඉවරවෙලා දවල්ට මට බුහාරි එකෙන් බුරියානි එකක් අරන් දෙන බවනම් තාත්ත කියුව වගේම දවල් මරදානෙ බුහාරි එකෙන් බුරියානි එකකුත් අරන්දුන්න. ඔය දෙකම අරගත්තු අපිදෙන්න තාත්ත වැඩකරපු රේල්ලුවෙම තියන විවේකාගාරයකට ගිහින් ඔය ගත්තු ඒව කාල ඉවර කරා.


මට බුරියානි එකක් අරන් දුන්නත් තාත්ත එකක් නොගෙන දවල්ට කන්න ඉදිආප්ප 30ක් ගත්තෙ මොකද කියන එක හුග කාලයක් යනකම් මට තිබුන ප්‍රශ්නයක්. ඉගන ගෙන රස්සාවල් හොයාගෙන තනියම නැගිටින කාලෙ වෙනකොට තමයි මට හිතුනේ රජයේ සේවකයෙකු වෙච්ච අපේ තාත්තට බුරියානි දෙකකට වියදම් කරන්න තරම් වත්කමක් හරි සිතක් හරි ඒ වෙලාවෙ තියෙන්න නැතුව ඇති. ලොකු පඩි තියන රස්සාවල් කරාට බුරියානි 3-4කට වියදම් කරන්න උනොත් මට උනත් ඒක ගැන ආයිත් හිතන්න හිතෙනව.

ඇත්තටම අපේ දෙමව්පියො අපිට වඩා කොච්චර සකසුරුවම්ද....


Image Source: http://www.stopntaste.nl/menu

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, February 14, 2011

ඔබගේ වේටර් ඔබට නොකියන කරුනු 20ක්...


මේක මට ලගදි කියවන්න ලැබුන හොද ලිපියක්. හැබැයි සමහර කරුනු අපේ රටට ගැලපෙන්නෙ නෑ. ඒත් පරිවර්තනය කරන්න හිතුනා.

===============================================================



1.ඔබ ඇත්තටම බොන්නේ මොනවද කියා දන්නවද???



බොහෝ ආපන ශාලාවල රාත්‍රී 8 න් පසු ලැබෙන කෝපි කැෆේන් රහිතයි. මෙයට ප්‍රධාන හේතුව කෝපි බාජන 2ක් පිරිසිදු කිරීමට ඔවුන්ගේ ඇති අකමැත්තයි. බොහෝ විට සිදුවන්නේ සැමටම කැෆේන් රහිත කෝපි ලැබීමයි, ඔබ සාමාන්යය කෝපි එකක් ඉල්ලූවිට පවා.

2.ඔබ දැනනොගතයුතු දෙයක්...



කුඩා ලමයින්ගේ පීසා සදහා අපි සීනි විශාල වශයෙන් යොදනු ලබනව. පැනි රස වැඩි නිසා ඔවුන් වැඩියෙන් අපේ පීසා වලට කැමති වෙනව.

3.අපි බොරු කියන්නෙ මොනව ගැනද



ඔබ ශාකභක්ෂකයකුනම් සහ අපි ආහාර සදහා බාවිතා කරන්නෙ ශාක තැම්බූ වතුර පමනද(vegetable stock) කියල ඇහුවොත් අපි හැමවෙලාවෙම කියන්නෙ ඔවු කියල. මොකද අපි හොදහැටිම දන්නව ඔබට වෙනස අදුනගන්න බෑ කියල.

4.ඔබ නොදැන සිටිය යුතු දේ...



බොහෝ ආපන ශාලාවල අද විශේෂ(today special) කියල විකුනන්නෙ ඔවුන්ට ඉක්මනින්ම විකුණල ඉවර කරගන්න ඕන දෙයයි. මෙය බොහෝ දුරට ඉක්මනින් නරක්වෙන හෝ කල් ඉකුත්වෙන දෙයක්. විශේෂයෙන් දවසේ සුප් එක බොහෝදුරට හෙට නරක්වෙන දේවල්වලින් යුක්තයි.

5.ඔබ නොදැන සිටිය යුතු දේ...



ආපන ශාලාවක සේවය කරන්නෙකු විදිහට මම කවමදාවත්ම තේත් එක්ක ලෙමන් (ලෙමන් තේ) ඉල්ලනෙ නෑ. මොකද හැමෝම ඒ ලෙමන් කෑලි අල්ලනව, හැබැයි කවුරුවත්ම ඒව හෝදන්නෙ නෑ. අපි ලෙමන් ගෙනල්ල ලේබල් එක ගලවල කෑලි වලට කපල තේ එකට දමන එක විතමයි කරන්නෙ.

— Charity Ohlund, කෙන්සාස් නගරයෙහි වේටර්වරියක්.

6.ඔබ නොදැන සිටිය යුතු දේ...



ඔබ හදිසියෙවත් කෑම වේලෙහි තියන කැලරි ප්‍රමානය මගෙන් ඇහුවොත් මම හැමවෙලේම කියන්නෙ ඒ විස්තර ඉන්ටර්නෙට් මගින් බලාගන්න පුලුවන් කියල. කැලරි ප්‍රමානය මම දැනගෙන හිටියත් ලැබෙන්නෙ ඒ පිලිතුරම තමයි.

— ප්‍රසිද්ධ පීසා ආපන ශාලා සමූහයක් වේටර්වරියක්.

7.ඔබ නොදැන සිටිය යුතු දේ...



මම කවදාවත්ම දැකල නැහැ කවුරුවත් ඔබගේ කෑමට මොනවහරි කරනව. ඒ උනාට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකටනම් එහෙම නෙමෙයි. වේටර්වරයා ඔබට කැමති නැත්නම් ඔහුට කරන්න පුලුවන් හොදම දෙයක්නම් ඔබගේ ව්‍යාපාරික සගයන් හෝ පෙම්වතිය ඉදිරිපිටදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත වැඩකරන්නේ නැතිබව පවසමින් ආපසු ගෙනත් දීමයි.

— Charity Ohlund

8.ඔබ ඇත්තටම ගිලින්නේ මොනවාද?



යොදය ඉවත් කල කිරි හැමවෙලාවෙදිම යොදය ඉවත් කල කිරි වෙන්නෙ නෑ. ප්‍රසිද්ධ ගනයේ ආපනශාලා කිහිපයක පමනයි ඔබ ඉල්ලන සෑම කිරි වර්ගයක්ම තියෙන්නෙ. මොකද ප්‍රායෝගිකව එහෙම තියාගැනීම අපහසු නිසා.

— Chris

9.ඔබ ඇත්තටම ගිලින්නේ මොනවාද?



සමහර තැන් සලාද මුසුකරන්නෙ ගැලුම් ගනනින් කඩේ විකුනන්න තියන සලාද මුසු(Salad Dressing) ගෙනල්ල ඒවට තවත් ජාති කිහිපයක් කවලම් කරල. හැබැයි කියන්නෙ නම් ගෙදර හදපු(Home Made) සලාද මුසු කියල.

— අවුරුදු 10කටත් වඩා පලපුරුද්දක් තියන හිටපු වේටර් වරයකු වන Jake Blanton

10.අපිට පිස්සු වගේ වෙන්නෙ මොනව උනාමද?




ඔබගේ වේටර්වරයා ඔබට වෛර කරවීමට කලයුතු එකම දේ තමයි උණු තේ එකක් ඉල්ලීම. තවමත් කිසිම ආපන ශාලාවක උනු තේ එකක් ලබාදීමේ නවීන ක්‍රමයක් නෑ.

ඔබ භාජනයක් සොයාගත යුතුයි, වතුර උනු කල යුතුයි, ලෙමන් සහ පැනි ලබාගතයුතුයි, කෝප්පයක් සහ හැන්දක් ගෙන ආ යුතුයි. පොඩි ලාබයකට මේක හුගක් කරදරකාරී වැඩක්.


— Christopher Fehlinger

11.ඔබ දැනගත යුතුම කරුනක්



බොහොමයක් ආපනශාලාවල ටිප් එක අනිත් අය අතර බෙදීයනව. ඉතින් ඔබගේ වෙටර්වරයාගේ වැරද්දෙන් පාඩු ලබන්නෙ ඔහු විතරක්ම නෙමෙයි. ඔබගේ බීම හදපු පුද්ගලයා, වතුර වත්කරපු ලමයා, ඔබට ආසන පනවල සත්කාර කරන්නිය, කෑම එහෙ මෙහෙ ගෙනයන්න වගේම අනිත් වේටර්වරුනුත් මේකෙන් පාඩුලබනව.

— Christopher Fehlinger

12.ඔබ දැනගත යුතුම කරුනක්



ලෝකයේ හොදම උදෑසන ආහාර බුෆේ එකේ පවා 99%ක්ම තිබීමට ඉඩ තියෙන්නෙ කෘතීමව නිපදවන ලද ගසාගත් බිත්තර (scrambled eggs).

— Jake Blanton

13.ඔබ දැනගත යුතුම කරුනක්



අහාර වේල පරක්කුවෙන්න ප්‍රධාන හේතුව වන්නෙ ඔබගේ වේටර්වරයා නෙමෙයි. 90%ක්ම ඒකට හේතුව කුස්සියයි, නැත්නම් ඔබ ඉල්ලලා තියෙන්නෙ සෑහෙන පරිස්සමින් නිමකල යුතු ආහාරයක්.

— Judi Santana

14.ඔබ දැනගත යුතුම කරුනක්



ඔබ පැමිනියේ බිරිද නොවන වෙනත් කාන්තාවක් සමගනම් ඔබ අපිට ඉතාමත් හොදින් සලකනව. සමහරවිට ඒ ඔබගේ බිරිද නොවනබව අපි දන්නවයි කියල ඔබත් දන්න නිසා වෙන්න ඇති.

— Caroline Radaj

15.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?



ඔබ දිනපතා පැමිනෙන්නෙකු බව හදුනා ගන්න පහසු වෙන්නෙ සදුදා, අගහරුවාදා, බදාදා වගේ දවස්වලයි. එහෙම හදුනා ගත්තට පස්සෙ හොද දේවල් වෙන්න පටන්ගන්නව. හරියට ඔබගේ වයින් වීදුරුව බිලට එක්නොවෙනව, නැත්නම් කෝකියා ඔබට රස බැලීම සදහා සාම්පල් එකක් ගෙනත් දෙනව වගේ දේවල්.

— Christopher Fehlinger

16.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?



මවගේ දිනය, වැලන්ටයින් දිනය වැනි දේවල් පුලුවන් තරම් මගහරින්න. ඒව සෑහෙන්න කලබලකාරී දිනයන්. ඉතින් අපිට ඔබ ගැන හොයන්න වැඩිය වෙලාවල් ලැබෙන්නෙ නෑ. ඒවගේම කෑමවල තත්වයත් හොදවෙන එකක් නෑ. හැබැයි ගානනම් හුගක් වැඩිවේවි.

— Steve Dublanica

17.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?



ආපනශාලාවෙ සෙනග පිරිල නම් සහ ඔබගේ ලමය ලැජ්ජාශීලීනම් හොදම දේ තමයි එයා වෙනුවෙනුත් ඔබම කෑම ඕඩර් කිරීම. පොඩි ලමයට කවදාවත්ම කෑම එක ඕඩර් කරන්න බැරිවෙයි. හැබැයි එහා මේසෙ කට්ටිය ඔයාට කෑගහයි ඉක්මනට ඕඩර් එක දමන්න කියල මොකද එයාල බලන් ඉන්න නිසා.

— Derek Dudley

18.ඔබ ටිප් එක ගැන දැනගත යුත්තේ කුමක්ද?




හොදම ටිප් දෙන්නෙ මධ්‍යම පාන්තික පවුල්වලින් එන්නන්. මොකද එයාල උපයපු හැම සතයක් වෙනුවෙන්ම එයාල මහන්සිවෙලා තියන නිසා. හොදට සල්ලි තියන කෙනෙකු හරි වෙනත් අයකුගේ මුදල්වලින් යැපෙන දරුවෙක් හරි ඒ විදිහට ටිප් දෙන්නෙ නෑ.

අනිත් කරුන තමයි ඔබ කූපනයක් හෝ වෙනත් ප්‍රවර්ධන වැඩපිලිවෙලක් නිසා ආවට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ටිප් එක දීමේදි මුලු මුදලටම දෙන එක තමයි හොද. ඔබගේ බිලේ ගානට නෙමෙයි.


— Judi Santana

19.ඔබ ටිප් එක ගැන දැනගත යුත්තේ කුමක්ද?



හොදම ටිප් එක ලැබෙන්නෙ ආදරවන්තයන් මුලින්ම හම්බවුනු අවස්තාවක් නම් තමයි. ඔවුන් යාලුවුනේ ඉන්ටර්නෙට් හරහානම් සහ දෙන්න මුලින්ම දැක්කෙ එදානම් වඩාත් හොදයි.

— Jeremy Burton

20.ඔබ අවසාන වශයෙන් දැනගත යුත්තේ කුමක්ද?



මාලු වැනි ආහාර වේලක් ඉරිදා, සදුදා වැනි දිනකදි ඉල්ලීම එතරම්ම හොද නෑ. මොකද ඒව සෑමදාම අලුත්වට තියෙන්නෙ නැතිනිසා. හොදම දේනම් මාලු අලුතෙන් ගෙන එන්නේ කවදද කියල හොයල බලන එකයි.

— Steve Dublanica



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments