Showing posts with label කෝච්චිය. Show all posts
Showing posts with label කෝච්චිය. Show all posts

Thursday, October 4, 2012

මදැයි කලින් යන්නෙයි කියල කෝච්චියට ආව...


ඊයෙ ඔෆීසියෙන් පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඕන කියල හිතුන. 5 - 5.30 වගේ වෙලාවට එලියට බහිනව කියන්නෙ එපාවෙන වැඩක්නෙ, ඉතින් හිතුවා කෝච්චියේ ගියානම් හොදයි කියල.

ඉතින් පොඩ්ඩක් කලින් ඔෆීසියෙන් පැනපු මම කොහොමහරි 5.30 වෙනකොට බම්බලපිටිය ඉස්ටේශොමට ආව. ඉන්නව ඉන්නව කෝච්චියක් නෑ. ඒ මදිවට මාර විදිහට සෙනග. කොහොමින් කොහොම හරි ගාල්ලට යන සමුද්‍රදේවි ආව. ඒක ගල්කිස්සෙ නවත්තන්නෙ නෑනෙ, රත්මලානට ගිහින් යන එකත් මහ කට්ටනෙ, ඉතින් මම ඒකත නැග්ගෙ නෑ. කොහොමත් ගාල්ල ස්ලෝ එකයි අලුත්ගම එකයි දෙකම ඊලගට එන නිසා.

දැන් 5.55ත් පහුවෙලා. ඔන්න එනව ගාල්ල ස්ලෝ එක. ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඒ මදිවට නැවැත්තුවට පස්සෙ මෙන්න කියපි අලුත්ගම එක අද නෑ කියල. බැලුව එල්ලෙන්න එක දොරක්වත්, විනාඩි 10-15ට වඩා ජීවිතය වටින නිසා එල්ලුනේ නෑ. ඔන්න ඉතින් මාතර එකත් ආව විනාඩි 5ක් විතර පරක්කු වෙලා. එකේ යන්නනම් මොරටුවට ගිහින් ආපහු එන්න එපයි. අනික ඒකෙත් ඇගිල්ලක් ගහන්න බැරිතරම් සෙනග.

ඔන්න ඉතින් තවත් බලාගෙන ඉන්නකොට වෙනද වෙලාවට ඔෆීසියෙන් පිටවෙච්ච එකා දෙන්න එනව ඉස්ටේශොමට වෙනද කෝච්චියෙන් ගෙදර යන්න. මමත් ඉතින් මගේ වගේ නෙමෙයි වගේ පරන පුරුදු 6.27තේම ගෙදර ගියා අනිත් උනුත් එක්ක. බස් එකේ ගියානම් දෙපාරක් ගෙදර.

Image from: http://article.wn.com/view/2012/07/19/China_exports_120_trains_to_Sri_Lanka/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments