Tuesday, July 24, 2012

රතු කෙස් ළමයගෙ උත්තරේ...

මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න.

මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.

පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ඒ ගමන්ම එකතුවනුත් ලියමු.

1 x 2 x 18 = 36 --> 1 + 2 + 18 = 21
1 x 3 x 12 = 36 --> 1 + 3 + 12 = 16
1 x 4 x 9 = 36 --> 1 + 4 + 9 = 14
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 x 3 x 6 = 36 --> 2 + 3 + 6 = 11
3 x 3 x 4 = 36 --> 3 + 3 + 4 = 10

දැන් මෙතනදි තමයි අපිට දෙවැනි සහ තුන්වැනි දත්තයන් ඕන කරන්නෙ. දෙවැනි දත්තය තමයි එකතුව ඉස්සරහ ගෙදර ජනෙල් ගානට සමාන වීම. අපිට ජනෙල් ගනන නොපෙනුනාට ගැහැනු දෙදෙනටම ඒක පෙනෙනව. ඉතින් එක ගැහැනු කෙනෙක් දත්තයක් අඩුයි කියන එකෙන් අදහස්වෙන්නෙ ගෙදර ජනෙල් ගනනට හරියන උත්තර දෙකක් හෝ වැඩි ගනනක් තියන බවයි.


1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13

ඒ කියන්නෙ ගෙදර තියෙන්නෙ ජනෙල් 13යි. මෙතන ඉදන් වැඩේ හරිම ලේසියි. එක්කො නිවුන් ලොකු පුතාල දෙන්නයි, නැත්නම් එල ලොකු පුතෙක් එක්ක නිවුන් පොඩි පුතාල දෙන්නයි. ඉතින් රතු කෙස් තියෙන්නෙ ලොකු පුතාට නිසා උත්තරය වෙන්නෙ 2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13


2 - 2 - 9



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, July 23, 2012

යුරේකා... යුරේකා... අපි‍ට මේ පාර පඩිවැඩිවීම් නෑ...

මේක මාර සොයාගැනීමක්. මාව පෞද්ගලිකව දන්න අය දන්නව මාම් වැඩකරන්නෙ IT ක්ෂේත්‍රයෙ කොම්පැනියකෙයි කියල. අනික අපේ කොම්පැනිවල මොනව කලත් සල්ලි ලැබෙන්නෙ රුපියල් වලින් නෙමෙයි, ඩොලර් වලින් (අපිට නෙවෙයි, කොම්පැනියට ඕං. ඉතින් ඔන්න ඔය කරුනු පාවිච්චි කරල තමයි මගේ මේ නව සොයාගැනීම කලේ.

මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක පඩි වැඩිවීමක් ලැබුන කියල. රජයේ සේවකයෙක් එක්ක එහෙම සසදල බැලුවොත් මේක එසේ මෙසේ වැඩිවීමක් නෙමෙයිනෙ. දැන් අපි උදාහරනයක් ගත්තොතින් කලින් 50000 ලැබිච්ච එක්කෙනාට දැන් 55000 ලැබෙනව.ඉතින් ඔය 50000 ලැබෙන්න ගත්තෙ කලින් පඩි වැඩිකිරීම නිසානෙ. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ ලැබිච්ච එක නිසා.


ඔන්න ඉතින් ගිය අවුරුද්දෙ මැයි මාසෙ පඩි වැඩි වෙලා 50000ක් ගත්තු මනුස්සය මේ අවුරුද්දෙ මැයි මාසෙ ඉදන් 55000 ගන්නව. අපි නිකමට වගේ බලමුද මෙයාගෙ පඩිය ඩොලර් වලින්, මොකද කොම්පැනියට සල්ලි හම්බවෙන්නෙ ඩොලර් වලින් නෙ...


ගිය අවුරුද්දෙ මැයි --> 50000/110 = 454.54

මේ අවුරුද්දෙ මැයි --> 55000/130 = 423.07

බොලේ පඩි වැඩිවෙලා නෙමෙයිනෙ, අඩු වෙලානෙ...



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, July 18, 2012

රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්)




ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.

ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.


අනිත් අම්මත් ඉස්සරහ ගෙදර දිහා බල බල ටිකක් වෙලා කල්පනා කරා. කරල ඉවර වෙලා කියුව 'ඔයා කියපු කරුනු මදිනෙ ළමයින්ගෙ වයස හොයන්න'. අනිත් අම්ම කියනව, 'ආ මට අමතක උනානෙ කියන්න, මගේ ලොකු පුතාට තියෙන්නෙ රතු හිසකෙස්'.

ඔන්න ඒ පාර අනිත් අම්ම අර ළමයි තුන් දෙනාගෙම වයස හරියට කියුව.

දැන් කාටද පුලුවන් ළමයි තුන් දෙනාගෙ වයස හරියට කියන්න? උත්තරේ ලබන සතියෙ බලාපොරොත්තුවෙන්න.

Image Source: http://www.visualphotos.com/image/1x7471073/red_haired_boy_knows_the_answer_to_a_question



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, July 2, 2012

අන්තිම වතාවට ස බලමුද?



ඔබ කී වරක් 'ස' බලල තියනවද? මේක බන්දුල නානායක්කාරවසම්ගෙන් ඇහුවොත් කියාවි 28 වරක් කියල. මටනම් කියන්න තියෙන්නෙ දෙවරක් කියල. අපේ තාත්ත නම් පස්වරක් කියල කියාවි. හැබැයි ලගදීම දවසක් එනව මේ අගය තවත් වැඩිකරන්න බැරිවෙන. මොකද අන්තිම 'ස' ප්‍රසංගයට තියෙන්නෙ තව දින 19ක් වගේ ගානක්. 

1973 ජුලි 20 වෙනිදින ලුම්බිණි රගහලෙන් පටන් ගත්තු 'ස' ගමන 2013 ජුලි මාසෙ 20 වෙනිදින ලුම්බිණි රගහලෙන්ම නිමා වෙනව. ඒ මහාචාර්යය සුනිල් ආරියරත්නයන්ගෙ ප්‍රධානත්වයෙන්. ඊට පෙර ජුලි 19 වෙනිදා පණ්ඩිත් අමරදේවයන්ගෙ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් රගහලේදිත්, 18 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ශයන්ගෙ ප්‍රධානත්වයෙන් නෙලුම් පොකුනෙදිත් පැවැත්වෙනව. ඒ වගේම 'ස' රුහුණට සමුදීම ජුලි 8 වෙනිදා මාතර ශාන්ත තෝමස් විදිහල් රගහලේදි සිදුවෙනව. ඉතින් ජීවිතේ අවසාන වතාවට 'ස' විදගන්න තියෙන්න මේ අවස්තාවන් කිහිපය විතරයි. ඉතින් ප්‍රමාදවී පසුතැවිලි නොවන්න. 

වික්ටර් රත්නායක ගාන්ධර්වයානෙනි, ස නවතා දැමුවද අප වෙනුවෙන් ගීතයක් දෙකක් ගයන්නට ඔබට දීර්ගායුෂ ලැබේවා.......





ප.ලි.: වික්ටර් රත්නායකයන් වරක් කියුව 'මට තවදුරටත් සිංදු කියන්න බැහැයි කියල මට හැගුන දවසට මම මේ ප්‍රසන්ගය නවත්තනව' කියල. කනගාටුවෙන් උනත් ඒ දවස ඇවිත් බව තමයි මටනම් හිතෙන්නෙ.



අමතර තොරතුරු: http://www.dailynews.lk/2012/06/13/fea32.asp

Image Source : http://www.lankanartists.com/booking/Srilankan/22-victor-rathnayaka.aspx

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments