Thursday, January 27, 2011

කාලෙකට පස්සෙ...

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න පටන් ගත්ත. පසුගිය කාලෙ විභාගක් එහෙම ලියපු නිසා අලුත් මොනවත්ම ගැන හිතන්න වෙලාවක් නැතුවයි තිබුනෙ.

ඉතින් මම මොනව ගැනද ලියන්නේ....

අපේ යාලුවො දන්නව ඇතිනේ දැන් කොලඹ හුගක් හංදිවල කැමරා සවිකරල තියනව කියල. දන්නවද සම්පූර්ණ ලැයිස්තුව. ඔන්න අරගෙන ආව ඒක. මේවයින් සමහර තැන්වල තාම සවිකරල ඉවර නෑ. හැබැයි සෙරමික් හංදිය වගේ තැන්වලනම් මේව වැඩ.

‎1. පරණ පාර්ලිමේන්තුව හංදිය, කොටුව.
2. සෙරමික් හංදිය, කොටුව.
3. දුම් රිය ස්ථානය, කොටුව.
4. මධ්‍යම බස් නැවතුම්පල, පිටකොටුව.
5. ටෙක්නිකල් හංදිය, සංගරාජ මාවත, මරදාන.
6. මරදාන පාලම.
7. ඉබ්බන්වල හංදිය, ඩාර්ලි පාර.
8. ලිප්ටන් වටරවුම.
9. ගාලු මුවදොර හංදිය.
10. ලිබර්ටි ප්ලාසා හංදිය.
11. මල් පාර (Flower Road), අගමැති කාර්යාලය පාර.
12. කොල්ලුපිටිය හංදිය.
13. තුන්මුල්ල හංදිය.
14. බම්බලපිටිය හංදිය.
15. කිරුලපන හංදිය.
16. පාමන්කඩ හංදිය.
17. වැල්ලවත්ත හංදිය.
18. නාරාහේන්පිට හංදිය.
19. මහ කනත්ත හංදිය, බොරැල්ල.
20. බොරැල්ල හංදිය.
21. ආයුර්වේද හංදිය, රාජගිරිය.
22. කන්ඩසාමි හංදිය.
23. මට්ටකුලිය හංදිය.
24. කැලණිය පාලම, කොලඹ - නුවර පාර.
25. පෑලියගොඩ පාලම - කොලඹ - මීගමුව පාර.

ඔන්න ඉතින් කට්ටිය පරිස්සමින් ඔය තැන්වලින් යනව එනව හොදයි....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, January 8, 2011

නැගෙනහිරින් දකුණු වෙරලට


නැගෙනහිර වෙරලෙ ලස්සන පහුගිය කාලෙ මම බ්ලොග් සටහන් වලින් දැම්ම මතක ඇතිනේ. මේ තියෙන්නෙ දකුණු වෙරලෙදි දැකපු ලස්සන දර්ශනයක්.

sunset at hikkaduwa

sunset at hikkaduwa

නැගෙනහිර වෙරලෙ හිරු නැගීම වගේ තමයි දකුනු සහ බස්නාහිර වෙරලවල හිරු බැසීම. ඒ වෙලාවට අහසෙ මැවෙන පාට ගැන හිතාගන්නවත් බැහැ. බලන්නකො කොච්චර ලස්සනද කියල.

ස්ථානය: හික්කඩුව, අමායා රීෆ් හෝටලය අසල වෙරල.
වේලාව: සවස 6ට පමන.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, January 2, 2011

නව වසරේ නව සිතිවිල්ලක්... නව ඉලක්කයක්...

අලුත් අවුරුද්දක් ලබපු වෙලාවෙ අලුත් සිතිවිල්ලක් ඇතිකරගන්න ඕන කියල හිතුන. මේක ඇත්තතම සිතිවිල්ලකටත් වඩා අලුත් ඉලක්කයක්. නව ඉලක්කය තමයි පසු ගිය සෑම වසරකටම වඩා වැඩිපුර බ්ලොග් සටහන් ලිවීම.

මම 2010 වසරට බ්ලොග් සටහන් 40ක් ලියා තියනව. 2009 ට 22ක් සහ මම බ්ලොග්කරනය ආරම්භ කරපු 2008 වසරෙදි 17ක්.

ඉතින් මේ වසරෙදි අඩුම තරමින් බ්ලොග් සටහන් 41ක් වත් ලියන බව තමයි ඒකෙන් අදහස් වෙන්නෙ. හැබැයි ඉතින් ඔයාලගෙ සහයෝගයත් ඒ සදහා අවශ්‍යයි. සහයෝගය තමයි නිතර බ්ලොග් අඩවියට පැමිනීම සහ කොමෙන්ටුවක් වත් දැමීමෙන් දිරිමත් කිරීම.

ඉතින් හමුවෙමු අපි ඊලග බ්ලොග් සටහනෙන්...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, January 1, 2011

සුභ නව වසරක් වේවා.....!

ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා.....!

තව තවත් බ්ලොග් කරනයේ යෙදෙන්නට වාසනාව සහ ධෛර්යය ලැබේවා.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments