Showing posts with label Minneriya. Show all posts
Showing posts with label Minneriya. Show all posts

Friday, June 11, 2010

මින්නේරියේ සෆාරි ගිහින් තියනවද?

මින්නේරිය ගැන මොනවද දන්නෙ. මින්නේරිය තමයි ලංකාවෙ අලි බලන්න යන්න තියන හොදම තැන. ලොකු ලොකු අලි රංචු ලගටම ගිහින් බය නැතිව බලන්න පුලුවන්. මින්නේරියෙ අලි බලන්න යනවනම් හබරන, පොලොන්නරුව, ගිරිතලේ වගෙ තැන්වල ඉදන් උනත් යන්න පුලුවන්. එච්චරම දුරක් නෑ.

ඉතින් අලි බලන්න අපේ වාහන වලින් යන්න ටිකක් අමාරුයි. කැලෑව මැදට යන්න එපාය. ඉතින් ඒකත සෆාරි වාහනයක් ගන්න ඕන. මම කලින් කියපු හැම තැනකම සෆාරි වාහන ගන්න පහසුකම් තියනව. (හැබැයි හෝටල් මාර්ගයෙන් යන්න ගියොත් නම් ගාන සැරවේවි - සාමාන්‍යයෙන් 3000 විතර යන්න පුලුවන් එක හෝටලයෙන් 4000ක් විතර වෙනව.)

ඉතින් මම දැන් කියන්න හදන්නෙ ලගදි ඉදන් මෙහේ සෆාරි අය පතන් අරන් තියන දෙයක්. හබරන අලුතින් දාල තියනව මොකක්ද පාක් එකක් පුද්ගලික අංශයට අයිති. ඉතින් අපිව එතනට එක්ක ගියොත් මේ වාහන අයිතිකාරයන්ට ලොකු ගානක් හම්බ වෙනව. හැබැයි අලිනම් වෙඩිය නෑ. ඉතින් අපි මින්නේරියටම යන්න ඕන කියුවෙ නැත්නම් මෙයාල අපිව එක්ක යන්නෙ අලුත් තැනට. ඒකනිසා අලි බලන්න මින්නේරියෙ යනවනම් මින්නේරිය ජාතික උද්‍යානයටම යන්න. හවසට අලි වතුර බොන්න රංචුපිටින් වැව ගාවත එනව. හරිම ලස්සනයි.

දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.....

මින්නේරියෙදි මම ගත්ත ඡායාරූප ටිකක්...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, April 3, 2010

මිග උයන හෙවත් The Deer Park

පහුගිය සති අන්තයක ලස්සන හෝටලයකට යන්න අවස්ථාව ලැබුන. මතක ඇතිනෙ මම කලිනුත් කන්ඩලම හෝටලයෙ අසිරිය බෙදාගත්ත බව. ඉතින් මේපාර බෙදාගන්න යන්නෙ ගිරිතලේ තියන The Deer Park හෝටලයේ විස්තරයි.



The Deer Park කියන්නෙ කලකට ඉස්සර රජයට අයිතිවෙලා තිබුණු ගිරිතලේ නිවාඩු නිකේතනයට. දඹුල්ල, හබරන හරහා පොලොන්නරුව පාරෙ ඇවිත් මින්නේරියත් පහුකරල ඊටපස්සෙ හම්බවෙන ගිරිතලේ හන්දියෙන් දකුනට හැරිල ගිරිතලේ වැව් බැම්ම දිගේ ටික දුරක් යනකොට තමයි මෙතනට එන්න පුලුවන් වෙන්නෙ.

හෝටලයක් කියුවට සාමාන්‍ය හෝටලයක වගෙ කාමර මේකෙ නෑ. තියෙන්න පොඩි පොඩි ගෙවල් වගේ ඒව (Kabana). හැම ගෙයකම කාමර 2 - 4 ප්‍රමානයක් තියනව. බොහොමයක් තට්ටු දෙකේ ඒව. සමහර කාමරත් තට්ටු දෙක පුරාම විහිදෙනව. යට තියෙන්නෙ සාලය සහ නාන කාමරය, උඩ නිදන කාමරය. නාන කාමර බොහොමයකුත් විවෘත ව්දිහට තමයි හඩල තියෙන්නෙ. ඒ කියන්නෙ ඇතුලට ගියාම අහස පේනව. පොඩි පොඩි ගස් එහෙමත් වවල තියනව.







හෝටලයෙ තියන ලස්සනම දර්ශනය තමයි කාමරයෙන් එලියට ආවම ගිරිතලේ වැව පෙනෙන එක.





උදේට මෙතන වදුරන්ගෙන් පිරිල. හරි ලස්සන දර්ශන බලාගන්න පුලුවන්. ඒවගේම තැනින් තැන පොකුණුවල නිල් මානෙල් මල් පිපිල හරිම ලස්සනයි.









ප්‍රධාන පිවිසුම





ප්‍රවේශ ශාලාව (Lobby)









කෑම කාමරය





අවට දර්ශන











මගේ Flicker ගිණුමෙනුත් ඡායාරූප කිහිපයක් බලාගන්න පුලුවන්.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments