Showing posts with label ලිනක්ස්. Show all posts
Showing posts with label ලිනක්ස්. Show all posts

Friday, May 7, 2010

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුල ගොනුවක් සොයා ගැනීම

ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත්තු දවසෙ ඉදන්ම මත තිබුනු ප්‍රශ්නයක් තමයි ෆයිල් එකක් සොයාගන්නෙ (Search) කොහොමද කියන එක. මේකට තියන එක ක්‍රමයක් තමයි find කියන විධානය බාවිතය. ඉතින් ඒ ගැන විස්තර ටිකක් බෙදාගන තමයි මේ හදන්නෙ.


අපි හිතමු patch_24.sql කියන ගොනුව මූල ඩිරෙක්ටරියෙන් සොයාගන්න ඕන කියල.

find / -name patch_24.sql

අපි හිතමු සෙවීම කරන්න ඕන දැනට ඉන්න ඩිරෙක්ටරියෙන් කියල.

find ./ -name patch_24.sql

ගොනුවෙ නම පටන්ගන්නෙ patch කියන වචනයෙන් නම්.

find ./ -name patch*

Capital, Simple බේදය බලන්නෙ නැතිනම්.

find ./ -iname patch*


අපි දැන් ටිකක් අමාරු අවස්තා සලකල බලමු.

අපි හිතමු ගොනුවෙ ප්‍රමානය විශාල වෙන්න ඔන කියල 10000k වලට වැඩිය.

find ./ -size +10000

නැතිනම් 500k වලට වඩා අඩුනම්.

find ./ -size -500

find භාවිතා කරල තව හුගක් දේවල් කරන්න පුලුවන්. man find කියල ඇතුලු කරාම අනෙකුත් විස්තර බලාගන්න පුලුවන්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments