මින්නේරිය ගැන මොනවද දන්නෙ. මින්නේරිය තමයි ලංකාවෙ අලි බලන්න යන්න තියන හොදම තැන. ලොකු ලොකු අලි රංචු ලගටම ගිහින් බය නැතිව බලන්න පුලුවන්. මින්නේරියෙ අලි බලන්න යනවනම් හබරන, පොලොන්නරුව, ගිරිතලේ වගෙ තැන්වල ඉදන් උනත් යන්න පුලුවන්. එච්චරම දුරක් නෑ.
ඉතින් අලි බලන්න අපේ වාහන වලින් යන්න ටිකක් අමාරුයි. කැලෑව මැදට යන්න එපාය. ඉතින් ඒකත සෆාරි වාහනයක් ගන්න ඕන. මම කලින් කියපු හැම තැනකම සෆාරි වාහන ගන්න පහසුකම් තියනව. (හැබැයි හෝටල් මාර්ගයෙන් යන්න ගියොත් නම් ගාන සැරවේවි - සාමාන්‍යයෙන් 3000 විතර යන්න පුලුවන් එක හෝටලයෙන් 4000ක් විතර වෙනව.)
ඉතින් මම දැන් කියන්න හදන්නෙ ලගදි ඉදන් මෙහේ සෆාරි අය පතන් අරන් තියන දෙයක්. හබරන අලුතින් දාල තියනව මොකක්ද පාක් එකක් පුද්ගලික අංශයට අයිති. ඉතින් අපිව එතනට එක්ක ගියොත් මේ වාහන අයිතිකාරයන්ට ලොකු ගානක් හම්බ වෙනව. හැබැයි අලිනම් වෙඩිය නෑ. ඉතින් අපි මින්නේරියටම යන්න ඕන කියුවෙ නැත්නම් මෙයාල අපිව එක්ක යන්නෙ අලුත් තැනට. ඒකනිසා අලි බලන්න මින්නේරියෙ යනවනම් මින්නේරිය ජාතික උද්‍යානයටම යන්න. හවසට අලි වතුර බොන්න රංචුපිටින් වැව ගාවත එනව. හරිම ලස්සනයි.
දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.....
මින්නේරියෙදි මම ගත්ත ඡායාරූප ටිකක්...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Showing posts with label සීගිරිය. Show all posts
Showing posts with label සීගිරිය. Show all posts
Friday, June 11, 2010
Monday, August 10, 2009
කන්ඩලම හෝටලය
කන්ඩලම හෝටලය - ලංකාවේ ඇති අලංකාරවත්ම සහ නැරඹිය යුතුම ස්ථානයකි.
කන්ඩලම හෝටලය පිහිටා ඇත්තෙ කොලඹින් සැතපුම් 160 පමන දුරින් දඹුල්ල නගරයට කිලෝමීටර 5 පමන ඈතිනි. එමෙන්ම කන්ඩලම වැවට ඉතාමත් ආසන්නයෙන් සිගිරිය සහ දඹුල්ල පෙනෙන දුරින්. මෙය අප කවුරුත් හොදින් දන්න ජෙෆ්‍රි බාවා මහතාගේ ගෘහ නිර්මානයකි.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)




































