පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.
ස්ථානය: සිනමන් ලොජ්, හබරන.
මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Showing posts with label Hotel. Show all posts
Showing posts with label Hotel. Show all posts
Monday, June 14, 2010
Saturday, April 3, 2010
මිග උයන හෙවත් The Deer Park
පහුගිය සති අන්තයක ලස්සන හෝටලයකට යන්න අවස්ථාව ලැබුන. මතක ඇතිනෙ මම කලිනුත් කන්ඩලම හෝටලයෙ අසිරිය බෙදාගත්ත බව. ඉතින් මේපාර බෙදාගන්න යන්නෙ ගිරිතලේ තියන The Deer Park හෝටලයේ විස්තරයි.

The Deer Park කියන්නෙ කලකට ඉස්සර රජයට අයිතිවෙලා තිබුණු ගිරිතලේ නිවාඩු නිකේතනයට. දඹුල්ල, හබරන හරහා පොලොන්නරුව පාරෙ ඇවිත් මින්නේරියත් පහුකරල ඊටපස්සෙ හම්බවෙන ගිරිතලේ හන්දියෙන් දකුනට හැරිල ගිරිතලේ වැව් බැම්ම දිගේ ටික දුරක් යනකොට තමයි මෙතනට එන්න පුලුවන් වෙන්නෙ.
හෝටලයක් කියුවට සාමාන්‍ය හෝටලයක වගෙ කාමර මේකෙ නෑ. තියෙන්න පොඩි පොඩි ගෙවල් වගේ ඒව (Kabana). හැම ගෙයකම කාමර 2 - 4 ප්‍රමානයක් තියනව. බොහොමයක් තට්ටු දෙකේ ඒව. සමහර කාමරත් තට්ටු දෙක පුරාම විහිදෙනව. යට තියෙන්නෙ සාලය සහ නාන කාමරය, උඩ නිදන කාමරය. නාන කාමර බොහොමයකුත් විවෘත ව්දිහට තමයි හඩල තියෙන්නෙ. ඒ කියන්නෙ ඇතුලට ගියාම අහස පේනව. පොඩි පොඩි ගස් එහෙමත් වවල තියනව.

හෝටලයෙ තියන ලස්සනම දර්ශනය තමයි කාමරයෙන් එලියට ආවම ගිරිතලේ වැව පෙනෙන එක.

උදේට මෙතන වදුරන්ගෙන් පිරිල. හරි ලස්සන දර්ශන බලාගන්න පුලුවන්. ඒවගේම තැනින් තැන පොකුණුවල නිල් මානෙල් මල් පිපිල හරිම ලස්සනයි.

ප්‍රධාන පිවිසුම

ප්‍රවේශ ශාලාව (Lobby)

කෑම කාමරය

අවට දර්ශන

මගේ Flicker ගිණුමෙනුත් ඡායාරූප කිහිපයක් බලාගන්න පුලුවන්.

Labels:
Hotel,
Minneriya,
Polonnaruwa,
Sri Lanka,
පොලොන්නරුව,
මින්නේරිය,
විස්මයජනක,
ශ්‍රී ලංකාව,
හෝටල්
Subscribe to:
Posts (Atom)