ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.
කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.
ට්රිප් එකක් යනකොට තියන අමාරුම වැඩේනෙ නවතින තැනයි යන්න වාහනෙයි හොයාගන්න එක. කොහොමින් කොහොමහරි වැඩේ ඇදි ඇදි ගිහින් දිග නිවාඩුවට නවතින තැනක් යාපනයෙන් හොයා ගන්න බැරිඋනා. ඉතින් ඊට කලින් සතියට ට්රිප් එක මාරු උනා. ඒ කියන්නෙ බ්රහස්පතින්දා රෑ ගිහින් ඉරිද රෑට ආපහු එන්න, සිකුරාද නිවාඩුවක් අතින් දාගෙන.
ඔන්න ඉතින් කතාකරගත්තු විදිහට රෑ 9 මාරට අපේ ගෙවල් ගාවින්, ඒ කියන්නෙ ගල්කිස්සෙන් ගමන පටන්ගත්ත. අරහෙ මෙහෙ හිටපු කට්ටිය එකතු කරගෙන අන්තිමය යක්කලෙන් ගන්නකොට වෙලාව කොහොමහරි 11ත් පහුවෙලා.
බස් එක (UD NISSAN)
මෙන්න මේ වෙලාවෙ තමයි අපි දවසේ මෝඩ තීරනය ගන්නෙ. ඒ තමයි ජා ඇලෙන් හරි කටුනායකින් හරි පුත්තලම පාරට නොගිහින් පාදෙනිය හරහා අනුරාධපුරයට යන එක. යක්කල ඉදන් අබේපුස්සට යනකම්ම ලොරි තොගයක් ඉස්සර කර කර ගියපු අපි කුරුනෑගල පැනල පොඩ්ඩ දුරක් ගියපු ගමන්ම පලවෙනි අවාසනාවන්ත වැඩේ උනා. ඉස්සරහ ටයර් එකේ හුලං ගියා. මොනව කරන්නද, පැය බාගයක් විතර දගලල ඕකත් දාගෙන ආයිත් ගමන පිටත් උනා. අපි පුත්තලම පාරෙන් ගියානම් මේ කිසිදෙයක් නොවී ෂෝක් එකේ යන්න තිබුන.
කුරුනෑගල, පාදෙනිය, අනුරාධපුරය, මැදවච්චිය පහුකරගෙන උදේ පාන්දර 5ට වගේ අපි වව්නියාවට ආව. මෙතනින් එහාට ටයර් කඩ ගැන විශ්වාසයක් නැතිනිසා තයර් එක හදාගෙනම යන්න ඕන කියල බස් එකේ කට්ටිය කියන්න ගත්ත. මොනව කරන්නද, යන්තම් ඇරපු කඩයකින් තේ එකක් බස්සගෙන අරහෙට මෙහෙට කෝල් වගයක් දීල දන්න කියන කෙනෙක් ඉන්න තැනක් හොයාගත්ත පොඩ්ඩක් මූනවත් හෝදගන්න ඕන කියල. කලින් අපි හිතාන හිටියෙ මේ වැඩේ මුලතිවු වලින්ම කරගන්න පුලුවන් කියල.
කතාව දිග වැඩියි වගේ නෙද? මම හිතන් හිටියෙනම් යාපනේට යනකම්ම මේකෙ ලියන්න. ඒත් එහෙනම් ඉතිරි ටික දෙවැනි කොටසකින් දාන්නම්.
ප. ලි. : මේ ගමන යන්න හොදම මාර්ගය තමයි මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට ගිහින් එතනින් මැදවච්චිය හරහා A9 ඔස්සේ වව්නියාවට යන එක.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com


