Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Tuesday, April 24, 2012

ඉන්ටර්විව් ගොඩ ගිය හැටි

මේක මීට මාස ගනනකට කලින් වෙච්ච දෙයක්.

අපේ කොම්පැනියෙ SSE තනතුරකට ප්‍රසිද්ද කොම්පැනියක වැඩකරන බුවෙක් ඉන්ටර්විව් එකකට ආව. වැඩේ කරන්න නියම උනේ මටයි මගේ ලොකු ටෙක්ලීඩ්ටයි. පස්සෙ බලන් යනකොට බුවා ටෙක්ලීඩ්ව අදුනනව. ඉතින් අන්තිමට මටයි තව කෙනෙකුටයි තමයි වැඩේ කරන්න උනේ.


ඉතින් ඔන්න සුපුරුදු ප්‍රශ්න ටික අහල ටික ටික අමාරු කරන්න පටන් ගත්ත අපි දෙන්නා. ඔන්න ඇහුව ජාව කලෙක්ශන් ගැන. වැඩේ ගොඩගියේ නෑ. ඊට පස්සෙ එක්සෙප්ශන් ගැන. ඒත් අප්සැට්. තව දන්න දන්න හැම පැත්තකින්ම බැලුව, ඒත් මිනිහ ගොඩ යන්නෙම නෑ.

දැන් අපි දෙන්නටත් ටිකක් අප්සැට් මොකද ටිකක් ලොකු තැනකින් හදුන්වාදීල තමයි බුවා ඇවිත් තිබුනේ. කොහොමින් කොහොම හරි පැය 2ක් විතර ගිහින් අපි දෙන්න තීරනය කරා පොර හරියන්නෙ නෑ කියල.


අපේ ලොකු මැනේජ්මන්ට් එකටත් වැඩේ ගැන අවුල්. ඒකනිසා මිනිහට වෙනින් දවසක තව ඉන්ටර්විව් එකක් තියන්න තීරනය උනා. අපිට හොදටම වැඩ වැඩි දවසක තමයි ඒක සෙට් උනේ. කරේ වෙනමම දෙන්නෙක්. කොහොම හරි අපේ වැඩ වැඩි කමට කලින් දවසෙ ඇහුවෙ මොනවද කියලවත් උන් දෙන්නට කියන්න බැරිඋනා.

අපේ උන් දෙන්නත් ගිහින් අපි අහපු ප්‍රශ්නම මේ බුවාගෙන් අහල. හොදම වැඩේ කියන්නෙ බුවත් ඒව ඔක්කොම බලන් ඇවිල්ල පොර වගේ උත්තර දීල. දැන් ඉතින් ඉන්ටර්විව් එක ගොඩ. පොර සිලෙක්ට්.


මෙහෙම සිලෙක්ට් වෙච්ච බුවා ඊලග සතියෙ අපේ මැනේජර් හම්බවෙන්න ආපු වෙලාවෙ ලොකු පඩියක් ඉල්ලල. අපේ ඔෆීසියෙ නම් දෙන්න තියා හිතන්නෙ වත් නැති. ඉතින් අපේ මැනේජර් කියල එච්චර ලොකු පඩියක් දැනට ඉන්න තැන ලැබෙනවනම් එතනම ඉන්න කියල. මොනව කියන්නද නැතිව.

අපරාදේ වාසනාව නිසා ගොඩගියපු ඉන්ටර්විව් එක.

ප. ලි. : කතාවෙන් ගන්න තියන ආදර්ශය තමයි: එකම තැනකින් දෙපාරක් ඉන්ටර්විව් එකකට එන්න කියුවොත් පලවෙනි පාර බැරිවෙච්ච ටික හොදට බලාගෙන තව තිකක් බලාගෙන යන්න.

ප. ප. ලි. : මම මගේ පරන තැන ඉන්න කාලේ ඉන්ටර්විව් කරල තෝර නොගත්ත කෙනෙක් ලගදි අලුත් තැන වැඩට ආව. පොර සමහර විට මම අහපු ප්‍රශ්න ටික ගෙදර ගිහින් හොදට බලාගන්න ඇති මෙතනට එන්න කලින්.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments