Friday, December 31, 2010

පාසිකුඩාහි තවත් උදෑසන දර්ශනයක් - Morning at Pasikuda


Morning, originally uploaded by vidulahasaranga.

පාසිකුඩා ගැන මීට පෙර මම පලකරපු ඡායාරූපය මතකයි නේ. මතක නැති අයට මෙන්න සැබදුම...

පාසිකුඩාවලින් ගෙන එන මේ දර්ශනය එහි තිබෙන ප්‍රධානතම කර්මාන්තය හා සම්බන්දයි. ඒ තමයි ධීවර කර්මාන්තය. හිරු නැගීමත පෙර පාසිකුඩා යන්න පුලුවන් වුනොත් සිතිජය පුරා කුඩා ආලෝක ලප විදියට ධීවර බෝට්ටු තිබෙන අයුරු දැකගන්න පුලුවන්. හිරු එලිය වැටීමත් සමගම එකින් එක මේ බෝට්ටු වෙරල කරා එනව.

ඉතින් පසුතලයෙහි තිබෙන හිරුගෙ අලංකාර පැහැයත් එක්ක මැවෙන දර්ශනය අතිශය අලංකාරයි.

මෙම රල නොනගින නොගැබුරු වෙරලෙහි ආශ්චර්යය ඔබත් විදගන්න... හැබැයි පරිසරය කිලිටි නොකරන්න.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. සුනාමියෙන් පස්සේ පාසිකුඩා වල තත්වය හොදයිද...මේ වෙරල තිරය හරිම සුන්දරයි අපිට කියන සම්පතක්නේ මෙ සුන්දර වෙරල...අපිම තමයි විනාස කරන්නේ...හොද ඇහැක් තියෙන්නේ තව පින්තුර ටිකක් දාන්න.

    ReplyDelete
  2. ස්තූතියි.

    සුනාමියෙන් පස්සෙ සහ යුද්දයෙන් පස්සෙ මාර්ග පද්දතියෙනම් විශාල දියුනු වීමක් තියනව. ආහාර පාන සහ නවාතැන් නම් තවම ටිකක් අඩුයි. අලුතින් හෝටල් ඉදිවෙමින් පවතිනව.

    ReplyDelete

Share/Bookmark

Recent Comments