ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Wednesday, November 28, 2012
ෆුල් ඔප්ෂන් නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මෙහෙම තමයි වෙන්නෙ.
ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.
කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.
පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. වාහනයක් ගත්තම තව කරන්න ඕන වැඩ හොදයිනෙ. ආදායම් බලපත්‍රයක් ගන්න ඕන, රක්ශනයක් ගන්න ඕන. අපේ කිරත් හතරවටින් හොයල හොයල ෆුල් ඔෆ්ශන් එකක්ම ගත්ත මම ඇතිලු කිහිප දෙනෙක් එපයි කියද්දිම. ඔන්න දැන් හොදම හරිය.....
දවසක් අලුත්ම විවා එක ගෙදර ගේට්ටුවෙන් එලියට දාන්න ගියපු කිරා වාහනේ පැත්තක්ම ගේට්ටු කනුවෙ හැප්පුව. දැන් එක පැත්තක ඉස්සරහ දොරයි, පස්සෙ දොරයි හොදටම හීරිල, ඇතුලට තැලිල ගිහින්. මොනව කරන්නද, මිනිහ කතාකර ලයිසං තියන යාලුවෙකුට. ඊට පස්සෙ ෆුල් ඔෆ්ශන් එකට කෝල් කරල කියුව යාලුව අතින් හැප්පිච්ච විදිහට. වැඩේ අවුලක් නෑනෙ. අපි උනත් කරන්නෙ ඕකනෙ.
ඔන්න ඉතින් රක්ශනයෙන් ඇවිල්ල කතාව පිලිඅරන් ගරාජ් එකකට දාල තක්සේරුවක් අරන් දෙන්න කියනව. කිරත් ඉතින් නගරෙ තියන හොදම තැනට වාහනේ අරන් යනව. (හොදම කියන්නෙ ගනන්ම තැන බව කියන්න ඕන නෑනෙ ). තක්සේරුවකුත් හම්බ වෙනව. වාහනේ එතන තියල යන්න කියල ෆුල් ඔෆ්ශන් මහත්තය කියනව.
ඔය අස්සෙ කලු උස මහත හාදයෙක් සතියකට පස්සෙ එනව කිරා හම්බවෙන්න. ඇවිල්ල තර්ජනය කරනව, ඔයාගෙ අතින් නේද වාහනේ හැප්පුනේ, අපි ඔක්කොම දන්නව කියල. කිරා ඒක පිලිගන්නව. ඒ අස්සෙ කලු හාදය මේ කාරනේ ලිඛිතව කිරාට කියල අත්සන් කරල අරගන්නව. හැබයි කිරාට මිනිහ කියන්නෙ වෙනින් කතාවක්, හරියට වැඩේ ගොඩින් බේර ගෙන වන්දිත් අරගන්න පුලුවන් වෙන විදිහට මිනිහ කරල දෙනව වගේ. මේ යකත් මෝඩය වගේ ඔක්කොටම අත්සන් කරනව.
ෆුල් ඔෆ්ශන් පැත්තෙන් ආරංචියක් නැතිනිසා මාසෙකට පස්සෙ හොයල බලනකොට වන්දි කැන්සල්. හැබැයි මුන් ලියුමක් වත් එව්වෙ නෑ. හොදම දේ ගරාජ් කාරය වාහනේ හදල. ඇයි දෙය්යනේ තක්සේරුවක් අරන් හරි කියල ගියාට පස්සෙ වන්දි ගෙවන්න බෑ කියන්නෙ නෑනෙ කිසිම රක්ශනයක්. අන්තිමට රුපියල් ලක්ශ 2ක් විතර අතින් ගෙවල වාහනේ ගෙදර ගෙනාව.
ආයිත්නම් කිරා තියා කිරාගෙ යාලුවෙක්වත් ඔය පැත්තෙ යන්නෙ නෑ.
ප.ලි.: කිරා යනු මම නොවෙමි. වරදවා වටහා නොගන්න.
ප.ප.ලි.: කිරා අඩු ගානෙ අර කලු තඩියගෙ ID එකක්වත් බලල නෑ. ඔහොම එන අය බොහෝදුරට රක්ශනයෙ වැඩ කරන අය නෙවෙයිලු. පිට අයටලු වැඩේ බාර දෙන්නෙ. කිරා හරියට වැඩ කලානම් ඔය සිද්දිය වෙන්නෙ නැතිව ගොඩ දාගන්න තිබුන. අපි මොකටද එක එක අය කියුවට සිද්දිය මේකයි කියල පිලිගෙන කොලවල අත්සන් කරල දෙන්නෙ. පොලීසියෙන් නෙමෙයිනෙ ආවෙ.
Image Source: http://www.janashakthi.com/news_events/2010/full_option_vehicle_emergency_policy.jsp
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, November 20, 2012
බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඇත්ත තමයි...
ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.
නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ මංදා...
බල්ලොත් එක්ක බෑ වගේම තමයි බූරුවොත් එක්කත් බෑ
නාට්‍යය පටන් ගන්නකොටම රවීන්ද්‍ර ආරියරත්න ඇවිල්ල මතක් කරනව ජංගම දුරකතන තියනවනම් නිහඩ කරගන්න කියල අනි රසිකයොන්ගෙ රස වින්දනයට බාධා නොවීම සදහා. ඒ උනත් ඒක නොතේරිච්ච 3 දෙනෙක් හිටියනෙ 100ක් වත් නොහිටපු ඒ ප්‍රේක්ෂකාගාරෙ. එයාලට කියන්න ඕන බූරුවො කියලද වෙනත් අය කියලද කියල මටනම් තේරෙන්නෙ නෑ. මමනම් හිතන්නෙ චිත්‍රපටියක්, නාට්‍යයක් පටන් ගන්න කලින් ජංගම දුරකතන නිහඩ කරගන්න කියල වෙනම කියන්න ඕන නෑනෙ. මොලේ තියන මිනිස්සුන්ටනම් ඒක තේරෙන්න ඕනනෙ.
දුක හිතෙන සිද්දිය...
කතාවෙ එක තැනක තියනව ඇමති කෙනෙක්ගෙ චරිතය රගපාන විජය නන්දසිරිට හාමුදුරු කෙනෙක් විදිහට වෙස් වලාගන්න වෙන. හැබැයි විජය නන්දසිරි එන්නෙ සපත්තු දෙකකුත් දාගෙන. මම හිතුවෙ එයා ඇමති කෙනෙක් නිසා වෙස්වලාගත්තත් සපත්තු ගලවන්න අමතක වෙච්ච බව පෙන්නනය එහෙම කලේ කියල. හැබැයි නාට්‍යය ඉවර වෙලා ගෙදර එනකොට තමයි දැනගත්තෙ දියවැඩියාව නිසා එතුමගෙ එක කකුලක් කපල බොරු කකුලකින්ය රගපාන්නෙ කියල.
කොහොම උනත් සෑහෙන කාලෙකට පස්සෙ නට්‍යයක් බලල (මට මතක විදිහට අන්තිමටම බැලුවෙ චරිත හතක් එල්පින්ස්ටන් එකේදි වසර ගනනාවකට පෙර ) හොදට සතුටු උනා.
Image Source : http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=2655:q-q-&catid=61:2011-10-16-15-03-23&Itemid=75
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Labels:
වේදිකා නාට්‍යය,
ශ්‍රී ලංකාව,
සිංහල
Location:
Colombo, Sri Lanka
Wednesday, November 14, 2012
මුලතිවු හරහා යාපනයට - 2
ඉතින් කලින් ලිපියෙන් කියපු වගේ බස් එකට වෙච්ච අකරතැබ්බය නිසා ටයර් කඩයක් අරිනකන් වව්නියාවට වෙලා උදේට හදාගෙන ආපු කෑම කන්න පටන් ගත්ත. මහ ලොකු දෙයක් නෙමෙයි, පානුයි සීනි සම්බලුයි. ඒ අතරෙම පොඩීවුන් ටිකටත් කෑම හදාගෙන දෙයියන්ගෙ පිහිටෙන් උදේ 9ට විතර ටයර් කඩයක් හොයා ගත්ත. ඒ වැඩෙත් අහවරයි එතනින්.
කට්ටිය උයන ගමන්...
වව්නියාවෙන් මුලතිවු යන්න හොදම පාර මාන්කුලම් හරහාද? පුලියන් කුලම් හරහාද? ඔන්න ඕක තමයි අපිට ඊලගට ආපු ගැටලුව. කොලඹදි හැමෝම කියුවෙ මාන්කුලම් පාර (මේක තමයි මුලතිවු යන ප්‍රධාන පාර ) තාම හදනව කියන එක. ඒ වගේම වවුනියාවෙ ටයර් කඩේ කට්ටිය කියුවෙ පුලියන්කුලමෙන් යන පාර හොදට හදල කියල. ඉතින් අපි උඩ තියන සිතියමේ දාල තියන විදිහටම පිලියන්කුලම් වලින් යන්න තීරනය කරා.
පුලියන්කුලම හන්දියෙන් නම් මුලතිවු පාර මැටි පාරක් උනාට ටික දුරක් යනකොට හොද තාර / කොන්ක්‍රීට් පාරක් බවට පත් උනා. එතන ඉදන් නැදුන්කර්නි වෙනකම්ම තැනින් තැන හදල ඉවර නැති උනත් පාරනම් බොහෝ දුරට හොදට තිබුන. නැදුන්කර්නි කියන්නෙත් තුම්මං හංදියක්. එතන ඉදන් තියන පාරවල් දෙකෙන්ම මුලතිවු යන්න පුලුවන්, හැබැයි එක පාරක් කිලෝමීටර 3ක් විතර දුර වැඩියි. ඉතින් අපි එතන පොලිස් මුරපොලෙන් ඇහුව මොන පාරද හොදට හදල තියෙන්නෙ කියල. උත්තරය ඔඩ්ඩුසුඩාන් හරහා තියන දුර පාරෙන් යන්න කියන එකයි.
ඔඩ්ඩුසුඩාන් වලදිද මන්ද ප්‍රභාකරන්ගෙ තේක්ක වත්ත දැකගන්න ලැබුන පාර අයිනෙම්ම. (වත්තක් නෙමෙයි ඇත්තටම, කැලෑවක්)
ඔඩ්ඩුසුඩාන් වල තියනව ලොකු ආමි කෑම්ප් එකකුත්, 57වන සේනාංක මූලස්ථානය වගේ තමයි මතක. හරියටම ශුවර් නෑ ඉතින්. නැදුන්කර්නි - ඔඩ්ඩුසුඩාන් පාරත් නරකම නෑ. තැනින් තැන තාම හදනව, විශේෂයෙන් පාලම් ලග. ඔඩ්ඩුසුඩාන් ඉදන් මුලතිවු වෙනකම් නම් පාර අන්තිමයි. තැනින් තැන හදනව, ඒ මදිවට මඩවෙලා වැස්සත් එක්ක. පාලම් හදන තැන් වලදි පාරෙන් එලියට ගිහින් ආයිත් පාරට එකතු වෙන්න ඕනෙ. ඒ උනාට ඊටත් වඩා නරක පාරක් ඉදිරියෙදි හම්බ වෙනව. හික්.
ඔඩ්ඩුසුඩාන් වලදි නම් අපිට හිතුන කොහොමත් මාන්කුලම් වලින් ආපු නැති එක හොදයි කියල පාරෙ හැටියට. හැබැයි තව අවුරුද්දක් වගේ යනකොටනම් මේ පාරවල් වල වැඩ ඉවරෙටම ඉවර වෙලා තියේවි.
ඔන්න ඉතින් ඔහොම ගිහින් එක පාරටම අපි මුලතිවු නගරයට සේන්දු උනා. ඒ නන්දිකඩාල් කලපුව අයිනෙන් ටික දුරක් ගමන් කිරීමෙන් පස්සෙ. ප්‍රධාන පාරෙ ඉදන් මූදටනම් ටිකක් දුරයි. මූදට යන්න ලොකු ආසාවක් තිබුනත් පරක්කු වෙලා තිබිච්ච නිසා අපි ඒ පැත්තට යන්නෙ නැතිව මුලතිවු ටවුම පහු කරන් පරන්තන් මාර්ගයේ ඉදිරියට යන්න ගත්ත.
මේ තියෙන්නෙ නන්ඩිකඩාල් කලපුව මුහුදට වැටෙන තැන. යුද්දයේ අනිතිම දවස්වල මිනිස්සු වැල නොකැඩී ආවෙ මෙතනින් තමයි.
මීලග නැවතුම - ෆාරා නෞකාව. ඊලග ලිපියෙන් හමුවෙමු.
ප. ලි. : හොද හොද සෙල්ලම් එලිවෙන ජාමටනේ. තාම බලන්න ගියපු කිසිම තැනක් ගැන ලියුවෙ නෑ. ඊලග දවසෙ නම් අනිව යාපනයට යනකම් යනව.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Labels:
Jaffna,
Mulathiw,
Sri Lanka,
Travelling,
නන්ඩිකඩාල් කලපුව,
මුලතිවු,
යාපනය,
ශ්‍රී ලංකාව,
සංචාරක සටහන්
Location:
Mullaittivu, Sri Lanka
Thursday, November 8, 2012
මුලතිවු හරහා යාපනයට
ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.
කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.
ට්‍රිප් එකක් යනකොට තියන අමාරුම වැඩේනෙ නවතින තැනයි යන්න වාහනෙයි හොයාගන්න එක. කොහොමින් කොහොමහරි වැඩේ ඇදි ඇදි ගිහින් දිග නිවාඩුවට නවතින තැනක් යාපනයෙන් හොයා ගන්න බැරිඋනා. ඉතින් ඊට කලින් සතියට ට්‍රිප් එක මාරු උනා. ඒ කියන්නෙ බ්‍රහස්පතින්දා රෑ ගිහින් ඉරිද රෑට ආපහු එන්න, සිකුරාද නිවාඩුවක් අතින් දාගෙන.
ඔන්න ඉතින් කතාකරගත්තු විදිහට රෑ 9 මාරට අපේ ගෙවල් ගාවින්, ඒ කියන්නෙ ගල්කිස්සෙන් ගමන පටන්ගත්ත. අරහෙ මෙහෙ හිටපු කට්ටිය එකතු කරගෙන අන්තිමය යක්කලෙන් ගන්නකොට වෙලාව කොහොමහරි 11ත් පහුවෙලා.
බස් එක (UD NISSAN)
මෙන්න මේ වෙලාවෙ තමයි අපි දවසේ මෝඩ තීරනය ගන්නෙ. ඒ තමයි ජා ඇලෙන් හරි කටුනායකින් හරි පුත්තලම පාරට නොගිහින් පාදෙනිය හරහා අනුරාධපුරයට යන එක. යක්කල ඉදන් අබේපුස්සට යනකම්ම ලොරි තොගයක් ඉස්සර කර කර ගියපු අපි කුරුනෑගල පැනල පොඩ්ඩ දුරක් ගියපු ගමන්ම පලවෙනි අවාසනාවන්ත වැඩේ උනා. ඉස්සරහ ටයර් එකේ හුලං ගියා. මොනව කරන්නද, පැය බාගයක් විතර දගලල ඕකත් දාගෙන ආයිත් ගමන පිටත් උනා. අපි පුත්තලම පාරෙන් ගියානම් මේ කිසිදෙයක් නොවී ෂෝක් එකේ යන්න තිබුන.
කුරුනෑගල, පාදෙනිය, අනුරාධපුරය, මැදවච්චිය පහුකරගෙන උදේ පාන්දර 5ට වගේ අපි වව්නියාවට ආව. මෙතනින් එහාට ටයර් කඩ ගැන විශ්වාසයක් නැතිනිසා තයර් එක හදාගෙනම යන්න ඕන කියල බස් එකේ කට්ටිය කියන්න ගත්ත. මොනව කරන්නද, යන්තම් ඇරපු කඩයකින් තේ එකක් බස්සගෙන අරහෙට මෙහෙට කෝල් වගයක් දීල දන්න කියන කෙනෙක් ඉන්න තැනක් හොයාගත්ත පොඩ්ඩක් මූනවත් හෝදගන්න ඕන කියල. කලින් අපි හිතාන හිටියෙ මේ වැඩේ මුලතිවු වලින්ම කරගන්න පුලුවන් කියල.
කතාව දිග වැඩියි වගේ නෙද? මම හිතන් හිටියෙනම් යාපනේට යනකම්ම මේකෙ ලියන්න. ඒත් එහෙනම් ඉතිරි ටික දෙවැනි කොටසකින් දාන්නම්.
ප. ලි. : මේ ගමන යන්න හොදම මාර්ගය තමයි මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට ගිහින් එතනින් මැදවච්චිය හරහා A9 ඔස්සේ වව්නියාවට යන එක.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Labels:
Jaffna,
Mulathiw,
Sri Lanka,
Travelling,
මුලතිවු,
යාපනය,
වව්නියාව,
ශ්‍රී ලංකාව,
සංචාරක සටහන්
Location:
Mullaittivu, Sri Lanka
Friday, October 26, 2012
2012 පොත් ප්‍රදර්ශනයටත් ගියානෙ
දෙයියනේ, මට මේක පබ්ලිශ් කොරන්න අමතක වෙලානෙ.
අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ගොඩවැදුනෙ හොද පොත් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. වෙනද වගේම හෙන ගේමක් දීල කාර් එක පාක් කරගෙන (නයෙක් හොදෙයි ) ඇතුලට ගියා. පුරුදු පරිදිම මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය කවර් කරල අනිත් තැන් වලිනුත් පොත් එක දෙක ගත්ත. අපේ පොඩි බබාටත් පොත් ගන්න ඌන වෙලා තිබ්බ නිසා (විශේෂයෙන්ම රුසියානු සහ සිබිල් වෙත්තසිංහ/ජානකී සූරිය ආරච්චි ) මගේ පොත් ලැයිස්තුව ටිකක් පොඩියට තමයි දිවුවෙ. මේ තියෙන්නෙ ඒක තමයි.
මං ඉපදුන දා - ජානකී සූරිය ආරච්චි - මේක අපේ චූටි බබාට.
සමුදුරු පත්ලේ සවාරියක් - ජුලස් වර්න් - ධනපාල ගුනසේකර පරිවර්තනයක්
අල්යොන්කා සහ ඉවාන්, රුසියානු ජන කතා - පසන් කොඩිකාර පරිවර්තනයක්
ධනවත් පියා, දිළිදු පියා - රොබර්ට් කියොසාකි සහ ළ්. ලෙච්ටර් - ප්‍රදීප් කුමාර බාලසුරිය පරිවර්තනයක්
ව්‍යවච්ඡේදකයා - ෆෙදරිකෝ ඇන්ඩහසි - ගාමිණී වියන්ගොඩ පරිවර්තනයක්
Steve Jobs - Walter Lsaacson
අන්තිම පොත මම අවුරුද්දක විතර ඉදන් හොය හොයා හිටපු එකක්. ඒක ටිකක් ගනන් වුන නිසා වෙනින් පොත් 4-5 ගන්න තිබ්බ හැකියාව නැතිඋනා. කොහොමත් වෙනින් වෙනින් හේතු නිසා සැප්තැම්බර් මාසය ටිකක් රිම් එකෙන් දිව්වෙ. දැන් ඉතින් කියවන්න පටන් ගන්න ඕන.
ප්‍රදර්ශනයට ගිය එකෙන් වික්ටර් රත්නායකයන්ගෙ පොඩි වැඩක් ගැනත් ඔත්තුවක් ලැබුන. ඒකටත් පස්සෙ දවසෙ ආව. පොඩි සංගීත සැදෑවක් නොමිලේම වික්ටර් රසිකයන්ට. නියම අත්දැකීමක්. DVD එකකුත් ගත්ත මම. තාම සම්පූර්නයෙන්ම අහන්න නම් උනේ නෑ.
ගිය සතියෙ ගියපු යාපනයෙ ගමන ගැන ලිපි පෙලක් ලගදීම.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ගොඩවැදුනෙ හොද පොත් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. වෙනද වගේම හෙන ගේමක් දීල කාර් එක පාක් කරගෙන (නයෙක් හොදෙයි ) ඇතුලට ගියා. පුරුදු පරිදිම මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය කවර් කරල අනිත් තැන් වලිනුත් පොත් එක දෙක ගත්ත. අපේ පොඩි බබාටත් පොත් ගන්න ඌන වෙලා තිබ්බ නිසා (විශේෂයෙන්ම රුසියානු සහ සිබිල් වෙත්තසිංහ/ජානකී සූරිය ආරච්චි ) මගේ පොත් ලැයිස්තුව ටිකක් පොඩියට තමයි දිවුවෙ. මේ තියෙන්නෙ ඒක තමයි.
මං ඉපදුන දා - ජානකී සූරිය ආරච්චි - මේක අපේ චූටි බබාට.
සමුදුරු පත්ලේ සවාරියක් - ජුලස් වර්න් - ධනපාල ගුනසේකර පරිවර්තනයක්
අල්යොන්කා සහ ඉවාන්, රුසියානු ජන කතා - පසන් කොඩිකාර පරිවර්තනයක්
ධනවත් පියා, දිළිදු පියා - රොබර්ට් කියොසාකි සහ ළ්. ලෙච්ටර් - ප්‍රදීප් කුමාර බාලසුරිය පරිවර්තනයක්
ව්‍යවච්ඡේදකයා - ෆෙදරිකෝ ඇන්ඩහසි - ගාමිණී වියන්ගොඩ පරිවර්තනයක්
Steve Jobs - Walter Lsaacson
අන්තිම පොත මම අවුරුද්දක විතර ඉදන් හොය හොයා හිටපු එකක්. ඒක ටිකක් ගනන් වුන නිසා වෙනින් පොත් 4-5 ගන්න තිබ්බ හැකියාව නැතිඋනා. කොහොමත් වෙනින් වෙනින් හේතු නිසා සැප්තැම්බර් මාසය ටිකක් රිම් එකෙන් දිව්වෙ. දැන් ඉතින් කියවන්න පටන් ගන්න ඕන.
ප්‍රදර්ශනයට ගිය එකෙන් වික්ටර් රත්නායකයන්ගෙ පොඩි වැඩක් ගැනත් ඔත්තුවක් ලැබුන. ඒකටත් පස්සෙ දවසෙ ආව. පොඩි සංගීත සැදෑවක් නොමිලේම වික්ටර් රසිකයන්ට. නියම අත්දැකීමක්. DVD එකකුත් ගත්ත මම. තාම සම්පූර්නයෙන්ම අහන්න නම් උනේ නෑ.
ගිය සතියෙ ගියපු යාපනයෙ ගමන ගැන ලිපි පෙලක් ලගදීම.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, October 4, 2012
මදැයි කලින් යන්නෙයි කියල කෝච්චියට ආව...
ඊයෙ ඔෆීසියෙන් පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඕන කියල හිතුන. 5 - 5.30 වගේ වෙලාවට එලියට බහිනව කියන්නෙ එපාවෙන වැඩක්නෙ, ඉතින් හිතුවා කෝච්චියේ ගියානම් හොදයි කියල.
ඉතින් පොඩ්ඩක් කලින් ඔෆීසියෙන් පැනපු මම කොහොමහරි 5.30 වෙනකොට බම්බලපිටිය ඉස්ටේශොමට ආව. ඉන්නව ඉන්නව කෝච්චියක් නෑ. ඒ මදිවට මාර විදිහට සෙනග. කොහොමින් කොහොම හරි ගාල්ලට යන සමුද්‍රදේවි ආව. ඒක ගල්කිස්සෙ නවත්තන්නෙ නෑනෙ, රත්මලානට ගිහින් යන එකත් මහ කට්ටනෙ, ඉතින් මම ඒකත නැග්ගෙ නෑ. කොහොමත් ගාල්ල ස්ලෝ එකයි අලුත්ගම එකයි දෙකම ඊලගට එන නිසා.
දැන් 5.55ත් පහුවෙලා. ඔන්න එනව ගාල්ල ස්ලෝ එක. ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඒ මදිවට නැවැත්තුවට පස්සෙ මෙන්න කියපි අලුත්ගම එක අද නෑ කියල. බැලුව එල්ලෙන්න එක දොරක්වත්, විනාඩි 10-15ට වඩා ජීවිතය වටින නිසා එල්ලුනේ නෑ. ඔන්න ඉතින් මාතර එකත් ආව විනාඩි 5ක් විතර පරක්කු වෙලා. එකේ යන්නනම් මොරටුවට ගිහින් ආපහු එන්න එපයි. අනික ඒකෙත් ඇගිල්ලක් ගහන්න බැරිතරම් සෙනග.
ඔන්න ඉතින් තවත් බලාගෙන ඉන්නකොට වෙනද වෙලාවට ඔෆීසියෙන් පිටවෙච්ච එකා දෙන්න එනව ඉස්ටේශොමට වෙනද කෝච්චියෙන් ගෙදර යන්න. මමත් ඉතින් මගේ වගේ නෙමෙයි වගේ පරන පුරුදු 6.27තේම ගෙදර ගියා අනිත් උනුත් එක්ක. බස් එකේ ගියානම් දෙපාරක් ගෙදර.
Image from: http://article.wn.com/view/2012/07/19/China_exports_120_trains_to_Sri_Lanka/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Friday, September 21, 2012
ඔන්න 'ස' DVD එක එනවලු....
මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්‍රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක සිදුවෙන්නෙ.
ඔන්න කැමති සියල්ලෝම සහභාගි වෙත්වා...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)







