ඉස්සර අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ
ඉස්සර අපි දෙන්න දෙන්නම තමුන්ගේ
දැන්දි අපි දෙන්න දෙන්නම අනුන්ගේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුරක් දුන්නේ
යතුර දෙන්න මේ ගේදොර අනුන්ගේ
උපුටාගැනීම ඒ. එම්. කරුණාරත්න මහතාගේ උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ කෘතියෙනි.
----------------------------------------
කාලෙකින් කියවපු නවකතාවක තිබුනු ලස්සන ජන කවියක්. මේක කෘතියට නිර්මානය කලාද, නැතිනම් පුරාණයෙන් එන ජන කවියක්ද කියලනම් මම දන්නෙ නැහැ. නමුත් ලස්සන සහ අදහස නිසා බෙදාගන්න හිතුන. උපුටා ගත්තෙනම් අනවසරයෙන්.....
මේ කවියට බද්ද වෙච්ච රසවත් කතාවක් තියනව. දන්න කට්ටිය ඉන්නවනම් කියන්න බලන්න.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Sunday, September 12, 2010
Sunday, August 29, 2010
Friday, August 20, 2010
Step Up 3D නැරඹුවෙමි.....
ලිබර්ටි එකට අලුතින්ම ආපු චිත්‍රපටිය පලවෙනි දවසෙම ගිහින් බැලුව. කාලෙකින් බලපු අමුතු චිත්‍රපතියක් නිසා හැමෝම එක්ක බෙදාගන්න හිතුව.
----------------------------------------------------------
චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ මූස් කියන ප්‍රධාන චරිතය විශ්වවිද්‍යාලයට අලුත් ලමයෙක් විදිහට ඇතුලුවෙන අවස්තාවෙන්. එතනදි මූස්ට දකින්න ලැබෙනව වර්නවත් street dance එකක්. මූස්නුත් අවසානයෙදි ඒකට සම්බන්ද වෙනව. බලන්නකො....
ඉතින් එතනදි මූස්ත හමු වන යහලුවො සහ තරහකාරයො අතර තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මුලු ධාවන කාලය පුරාම ඇස ඉවතට ගන්න නම් හිතෙන්නෙම නැහැ. බලන්නකො පොඩි කොටස් ටිකක්...
වැඩිපුර විස්තර ඕනනම් මෙන්න තැන් ටිකක්...
ඉන්ටර්නෙට් චිත්‍රපට දත්ත ගබඩාව - http://www.imdb.com/title/tt1193631/
විකිපීඩියාව - http://en.wikipedia.org/wiki/Step_Up_3D
මූණු පොත - www.facebook.com/StepUpMovie
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Monday, June 14, 2010
ඡායාරූප එකතුව - හබරන
පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.
ස්ථානය: සිනමන් ලොජ්, හබරන.
මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ස්ථානය: සිනමන් ලොජ්, හබරන.
මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ගණිත ගැටලුව 2 - පිලිතුර
ගැටලුවට යන්න...
පිලිතුරු දීපු සහෝදරවරු දෙන්නම හරියට දීල තිබුන. ඉතින් මම නැවතත් ඒක ලියන එක ඕන නෑ වගේ නේද? :D
තවත් ගැටලුවකින් ලගදීම හමුවෙමු.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
පිලිතුරු දීපු සහෝදරවරු දෙන්නම හරියට දීල තිබුන. ඉතින් මම නැවතත් ඒක ලියන එක ඕන නෑ වගේ නේද? :D
තවත් ගැටලුවකින් ලගදීම හමුවෙමු.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Friday, June 11, 2010
මින්නේරියේ සෆාරි ගිහින් තියනවද?
මින්නේරිය ගැන මොනවද දන්නෙ. මින්නේරිය තමයි ලංකාවෙ අලි බලන්න යන්න තියන හොදම තැන. ලොකු ලොකු අලි රංචු ලගටම ගිහින් බය නැතිව බලන්න පුලුවන්. මින්නේරියෙ අලි බලන්න යනවනම් හබරන, පොලොන්නරුව, ගිරිතලේ වගෙ තැන්වල ඉදන් උනත් යන්න පුලුවන්. එච්චරම දුරක් නෑ.
ඉතින් අලි බලන්න අපේ වාහන වලින් යන්න ටිකක් අමාරුයි. කැලෑව මැදට යන්න එපාය. ඉතින් ඒකත සෆාරි වාහනයක් ගන්න ඕන. මම කලින් කියපු හැම තැනකම සෆාරි වාහන ගන්න පහසුකම් තියනව. (හැබැයි හෝටල් මාර්ගයෙන් යන්න ගියොත් නම් ගාන සැරවේවි - සාමාන්‍යයෙන් 3000 විතර යන්න පුලුවන් එක හෝටලයෙන් 4000ක් විතර වෙනව.)
ඉතින් මම දැන් කියන්න හදන්නෙ ලගදි ඉදන් මෙහේ සෆාරි අය පතන් අරන් තියන දෙයක්. හබරන අලුතින් දාල තියනව මොකක්ද පාක් එකක් පුද්ගලික අංශයට අයිති. ඉතින් අපිව එතනට එක්ක ගියොත් මේ වාහන අයිතිකාරයන්ට ලොකු ගානක් හම්බ වෙනව. හැබැයි අලිනම් වෙඩිය නෑ. ඉතින් අපි මින්නේරියටම යන්න ඕන කියුවෙ නැත්නම් මෙයාල අපිව එක්ක යන්නෙ අලුත් තැනට. ඒකනිසා අලි බලන්න මින්නේරියෙ යනවනම් මින්නේරිය ජාතික උද්‍යානයටම යන්න. හවසට අලි වතුර බොන්න රංචුපිටින් වැව ගාවත එනව. හරිම ලස්සනයි.
දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.....
මින්නේරියෙදි මම ගත්ත ඡායාරූප ටිකක්...

Labels:
Elephants,
Minneriya,
Safari,
Sri Lanka,
අලිය,
පොලොන්නරුව,
මින්නේරිය,
ශ්‍රී ලංකාව,
සෆාරි,
සීගිරිය
ගණිත ගැටලුව 2
පහුගිය දවස් ටිකේ හොදටම වැඩ. කිසිම බ්ලොග් සටහනක් නිදහසේ ලියාගන්න බැරිඋනානෙ. ඉතින් ආරම්බයක් විදියට තව ගණිත ගැතලුවක් දෙන්න තමයි අදහස.
ඔන්න මේ පාර ලේසිම ලෙසි ගැටලුවක් තමයි දෙන්න යන්නෙ.
කේක් ගෙඩියක් සමාන කැබලි 8 කට කපන්න පිහි පාරවල් අඩුවෙන්ම කීයක් යනවද?
හරි ලේසියි. කේක් කාල නැත්තෙ කවුද නේද? උත්තරය දන්න ලමයි අත උස්සල කොමෙන්ට් එකක් දාන්නකො....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ඔන්න මේ පාර ලේසිම ලෙසි ගැටලුවක් තමයි දෙන්න යන්නෙ.
කේක් ගෙඩියක් සමාන කැබලි 8 කට කපන්න පිහි පාරවල් අඩුවෙන්ම කීයක් යනවද?
හරි ලේසියි. කේක් කාල නැත්තෙ කවුද නේද? උත්තරය දන්න ලමයි අත උස්සල කොමෙන්ට් එකක් දාන්නකො....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)