Monday, June 14, 2010

ඡායාරූප එකතුව - හබරන

පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.

ස්ථානය: සිනමන් ලොජ්, හබරන.

මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

ගණිත ගැටලුව 2 - පිලිතුර

ගැටලුවට යන්න...

පිලිතුරු දීපු සහෝදරවරු දෙන්නම හරියට දීල තිබුන. ඉතින් මම නැවතත් ඒක ලියන එක ඕන නෑ වගේ නේද? :D

තවත් ගැටලුවකින් ලගදීම හමුවෙමු.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 11, 2010

මින්නේරියේ සෆාරි ගිහින් තියනවද?

මින්නේරිය ගැන මොනවද දන්නෙ. මින්නේරිය තමයි ලංකාවෙ අලි බලන්න යන්න තියන හොදම තැන. ලොකු ලොකු අලි රංචු ලගටම ගිහින් බය නැතිව බලන්න පුලුවන්. මින්නේරියෙ අලි බලන්න යනවනම් හබරන, පොලොන්නරුව, ගිරිතලේ වගෙ තැන්වල ඉදන් උනත් යන්න පුලුවන්. එච්චරම දුරක් නෑ.

ඉතින් අලි බලන්න අපේ වාහන වලින් යන්න ටිකක් අමාරුයි. කැලෑව මැදට යන්න එපාය. ඉතින් ඒකත සෆාරි වාහනයක් ගන්න ඕන. මම කලින් කියපු හැම තැනකම සෆාරි වාහන ගන්න පහසුකම් තියනව. (හැබැයි හෝටල් මාර්ගයෙන් යන්න ගියොත් නම් ගාන සැරවේවි - සාමාන්‍යයෙන් 3000 විතර යන්න පුලුවන් එක හෝටලයෙන් 4000ක් විතර වෙනව.)

ඉතින් මම දැන් කියන්න හදන්නෙ ලගදි ඉදන් මෙහේ සෆාරි අය පතන් අරන් තියන දෙයක්. හබරන අලුතින් දාල තියනව මොකක්ද පාක් එකක් පුද්ගලික අංශයට අයිති. ඉතින් අපිව එතනට එක්ක ගියොත් මේ වාහන අයිතිකාරයන්ට ලොකු ගානක් හම්බ වෙනව. හැබැයි අලිනම් වෙඩිය නෑ. ඉතින් අපි මින්නේරියටම යන්න ඕන කියුවෙ නැත්නම් මෙයාල අපිව එක්ක යන්නෙ අලුත් තැනට. ඒකනිසා අලි බලන්න මින්නේරියෙ යනවනම් මින්නේරිය ජාතික උද්‍යානයටම යන්න. හවසට අලි වතුර බොන්න රංචුපිටින් වැව ගාවත එනව. හරිම ලස්සනයි.

දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.....

මින්නේරියෙදි මම ගත්ත ඡායාරූප ටිකක්...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

ගණිත ගැටලුව 2

පහුගිය දවස් ටිකේ හොදටම වැඩ. කිසිම බ්ලොග් සටහනක් නිදහසේ ලියාගන්න බැරිඋනානෙ. ඉතින් ආරම්බයක් විදියට තව ගණිත ගැතලුවක් දෙන්න තමයි අදහස.


ඔන්න මේ පාර ලේසිම ලෙසි ගැටලුවක් තමයි දෙන්න යන්නෙ.

කේක් ගෙඩියක් සමාන කැබලි 8 කට කපන්න පිහි පාරවල් අඩුවෙන්ම කීයක් යනවද?

හරි ලේසියි. කේක් කාල නැත්තෙ කවුද නේද? උත්තරය දන්න ලමයි අත උස්සල කොමෙන්ට් එකක් දාන්නකො....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, May 23, 2010

ගණිත ගැටලුව 1 - පිලිතුර

ගැටලුවට යන්න...

අපේ SL සහෝදරය නිවරදි පිලිතුර දීල තියනව. මම නිවරදි පිලිතුරේ සිංහල පරිවර්තනය දෙන්නම්කො.

මුලින්ම යකඩ බෝල 9, 3 බැගින් වන ගොඩවල් 3 කට වෙන් කරගන්න. දැන් ගොඩවල් 2ක් තරාදියෙ දෙපැත්තට දාල ප්‍රතිඵලය බලන්න. දෙපැත්තම සමානනම් ඒ කියන්නෙ සැහැල්ලු යකඩ බෝලය තියෙන්නෙ 3 වැනි ගොඩේ. නැත්නම් සැහැල්ලු බෝලය තියෙන්නෙ තරාදියෙ උඩ යන පැත්තෙ.

දැන් එක පාරක් අපි තරාදිය භාවිතා කරල තියෙන්නෙ.

දැන් සැහැල්ලු බෝලය අඩංගු ගොඩ ගන්න. එයින් යකඩ බෝල 2ක් තරාදියට දාල කලින් වගේම කිරන්න. තරාදියෙ දෙපසම සමාන නම් ඉතුරු බෝලය තමයි සැහැල්ලු එක. නැත්නම් තරාදියෙ උඩ යන පැත්තෙ තියන බෝලය තමයි සැහැල්ලු එක.

ඉතින් අපි දෙවරක් පමනයි තරාදිය භාවිතා කරේ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, May 20, 2010

ගණිත ගැටලුව 1

මුල් වරට මගේ බ්ලොග් එකෙන් ගණිත ගැටලුවක් ඉදිරිපත් කරන්න හිතුව.

සම්මුඛ පරීක්ෂණ වලට ගියාම එක එක විදිහෙ ගැටලු ඉදිරිපත් කරනවනෙ හැකියාව මනින්න. මේකත් ඒ ජාතියෙ ගණිත ගැටලුවක්.

මේකයි ගැටලුව:

සමාන ප්‍රමානයේ සමාන පෙනුමින් යුත් යකඩ බෝල 9ක් ඇත. එයින් එක් බෝලයක් බරින් අඩුයි. අනික් බෝල සියල්ලම සමාන බරින් යුතුයි. තැටි තරාදියක් භාවිතයෙන් බර අඩු බෝලය තෝරා ගැනීම සදහා තරාදිය භාවිතා කල යුතු අඩුම වාර ගනන කුමක්ද? ක්‍රමයද සදහන් කරන්න.

තැටි තරාදියක් කියන්නෙ කඩේ බඩු කිරන්න භාවිතා කරන එක පැත්තකට පඩියක් දාල අනික් පැත්තට භාණ්ඩය දාන තරාදි වලට.


දන්න කට්ටිය උත්තර ලියන්න බලන්න.

හරි උත්තරය ඉදිරි දවසක බලාපොරොත්තුවන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, May 17, 2010

අනේ අපේ කුනු ගෙනියන්නකො....

අපි ඉන්නෙ ගල්කිස්සේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවෙ. අපේ නගරාධිපතිතුමිය ඉස්සරනම් දවස් 2 කට සැරයක් කුනු අස් කෙරෙව්වා.

ඉතින් ලගදි මහ ඡන්දය ආවනෙ. නගර සභාව අයිති විපක්ෂයට වුනත් නගරාධිපතිතුමිය ඡන්දය ඉල්ලපු නිසා ඡන්දය දවස්වල හැමදාම වගේ කුනු ගෙනිච්චා.

අනේ ඉතින් ගිය සතියෙ මැද ඉදන් මොකද මන්ද තාම කුනු ගෙනියන්න ආවෙ නෑ.

වෙනදට පාර ගාව කුනු ට්‍රැක්ටරයක් නවත්වල තියනව අපිට කුනු ගෙනිහින් දාන්න. දැන් ඒකත් නෑ.

අනේ මන්ද මේ කුනු ටික කන්නද කියල.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments