Saturday, January 8, 2011

නැගෙනහිරින් දකුණු වෙරලට


නැගෙනහිර වෙරලෙ ලස්සන පහුගිය කාලෙ මම බ්ලොග් සටහන් වලින් දැම්ම මතක ඇතිනේ. මේ තියෙන්නෙ දකුණු වෙරලෙදි දැකපු ලස්සන දර්ශනයක්.

sunset at hikkaduwa

sunset at hikkaduwa

නැගෙනහිර වෙරලෙ හිරු නැගීම වගේ තමයි දකුනු සහ බස්නාහිර වෙරලවල හිරු බැසීම. ඒ වෙලාවට අහසෙ මැවෙන පාට ගැන හිතාගන්නවත් බැහැ. බලන්නකො කොච්චර ලස්සනද කියල.

ස්ථානය: හික්කඩුව, අමායා රීෆ් හෝටලය අසල වෙරල.
වේලාව: සවස 6ට පමන.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, January 2, 2011

නව වසරේ නව සිතිවිල්ලක්... නව ඉලක්කයක්...

අලුත් අවුරුද්දක් ලබපු වෙලාවෙ අලුත් සිතිවිල්ලක් ඇතිකරගන්න ඕන කියල හිතුන. මේක ඇත්තතම සිතිවිල්ලකටත් වඩා අලුත් ඉලක්කයක්. නව ඉලක්කය තමයි පසු ගිය සෑම වසරකටම වඩා වැඩිපුර බ්ලොග් සටහන් ලිවීම.

මම 2010 වසරට බ්ලොග් සටහන් 40ක් ලියා තියනව. 2009 ට 22ක් සහ මම බ්ලොග්කරනය ආරම්භ කරපු 2008 වසරෙදි 17ක්.

ඉතින් මේ වසරෙදි අඩුම තරමින් බ්ලොග් සටහන් 41ක් වත් ලියන බව තමයි ඒකෙන් අදහස් වෙන්නෙ. හැබැයි ඉතින් ඔයාලගෙ සහයෝගයත් ඒ සදහා අවශ්‍යයි. සහයෝගය තමයි නිතර බ්ලොග් අඩවියට පැමිනීම සහ කොමෙන්ටුවක් වත් දැමීමෙන් දිරිමත් කිරීම.

ඉතින් හමුවෙමු අපි ඊලග බ්ලොග් සටහනෙන්...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, January 1, 2011

සුභ නව වසරක් වේවා.....!

ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා.....!

තව තවත් බ්ලොග් කරනයේ යෙදෙන්නට වාසනාව සහ ධෛර්යය ලැබේවා.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 31, 2010

පාසිකුඩාහි තවත් උදෑසන දර්ශනයක් - Morning at Pasikuda


Morning, originally uploaded by vidulahasaranga.

පාසිකුඩා ගැන මීට පෙර මම පලකරපු ඡායාරූපය මතකයි නේ. මතක නැති අයට මෙන්න සැබදුම...

පාසිකුඩාවලින් ගෙන එන මේ දර්ශනය එහි තිබෙන ප්‍රධානතම කර්මාන්තය හා සම්බන්දයි. ඒ තමයි ධීවර කර්මාන්තය. හිරු නැගීමත පෙර පාසිකුඩා යන්න පුලුවන් වුනොත් සිතිජය පුරා කුඩා ආලෝක ලප විදියට ධීවර බෝට්ටු තිබෙන අයුරු දැකගන්න පුලුවන්. හිරු එලිය වැටීමත් සමගම එකින් එක මේ බෝට්ටු වෙරල කරා එනව.

ඉතින් පසුතලයෙහි තිබෙන හිරුගෙ අලංකාර පැහැයත් එක්ක මැවෙන දර්ශනය අතිශය අලංකාරයි.

මෙම රල නොනගින නොගැබුරු වෙරලෙහි ආශ්චර්යය ඔබත් විදගන්න... හැබැයි පරිසරය කිලිටි නොකරන්න.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 29, 2010

බුබුළු බුබුළු බුබුළු - Bubbles


Bubbles, originally uploaded by vidulahasaranga.


සබන් බුබුලු එක්ක සෙල්ලම් කරන්න අපි කොච්චර ආසද පොඩිකාලෙදි.

මේ තියෙන්නෙ නම් සබන් බුබුලු නෙවෙයි. පාසිකුඩා ගියපු වෙලාවෙ අපි පොඩි බෝට්ටු සංචාරයක යෙදුනනෙ. ඒ බෝට්ටුවෙ එන්ජිමෙන් ඇතිවුනු පෙන තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

ඡායාරූපය ගන්න එක එච්චර පහසු කටයුත්තක් උනේ නැහැ මොකද බෝට්ටුවෙ වෙගයත් එක්ක ඒක හයියෙන් පැද්දෙන නිසා. කොහොම උනත් සෑහෙන වතාවක් මහන්සි වෙලා ගත්තු ඡායාරූපය තමයි මේ.

ඔයාලත් පාසිකුඩා ගිය වෙලාවක මේ අත්දැකීම ලබන්න අමතක කරන්න එපා.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, December 26, 2010

තේරවිල්ල - පිලිතුර

ඔන්න දැන් කියන්න යන්නෙ දවස් දෙකකට කලින් මම අහපු තේරවිල්ලෙ උත්තරය. ප්‍රතිචාරනම් හොදටම මදි. ඒත් ඉතින් උත්තරය කියන්න එපයි.

මම ඇහුවෙ කටු නැති කැලේ ඉන්න ඇට නැති සතා කවුද කියලනෙ. මුලින්ම දැන ගන්න එපයි කටු නැති කැලේ මොකක්ද කියල. ඒක තමයි අපේ කොන්ඩය. නැත්නම් හිස කෙස්. ඉතින් ඔලුවෙ ඉන්න ඇට නැති සතා තමයි උකුනා.

මම හිතන්නෙ මේ තේරවිල්ල ලගදි නිර්මානය වෙච්ච එකක්. මොකද අපි පුංචි කාලෙදි මේක අහල නෑ. හුග දෙනෙක් පිලිතුරු නොදෙන්න හේතුවත් ඒක කියල හිතනව. කොහොම උනත් දැන් කවුරු කවුරුත් අලුත් දෙයක් දැන ගත්තනෙ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, December 24, 2010

පාසිකුඩාහීදී හිරු නගිනු දුටුවෙමි - Dawning at Pasikuda


Morning reflection, originally uploaded by vidulahasaranga.

මෙතෙක් කලක් ලංකාවේ නැගෙනහිර වෙරල තිබුනෙ අපිට තහනම් කලාපයක් වශයෙන්. ඒත් සාමයත් එක්ක නැගෙනහිර අසිරිය විදින්නත් දැන් අපිට පුලුවන්.

ලංකාවෙ නැගෙනහිරදි විතරක් දකින්න පුලුවන් දෙයක් තමයි සිතිජයෙන් හිරු නැගීම. පසුගිය දවසක පාසිකුඩා වෙරලෙදි මම දැකපු දර්ශනය තමයි මේ ඡායාරූපයට නගල තියෙන්නෙ.

උදෑසන 5.30 ට පමන පාසිකුඩා වෙරලට එන්න පුලුවන්නම් මේ අලංකාර දර්ශනය දකින්න ඔබ වාසනාවන්ත වෙනව. ඒ සදහා රාත්‍රී 10 ට පමන කොලඹින් පිටත් වෙන්න හරි නැත්නම් පාසිකුඩා වල තියන සීමිත හෝටල් කිහිපයෙන් එකක ලැගුම් ගන්න හරි වෙනව. පොලොන්නරුවෙ වගේ නතරවෙලා උදේ පාන්දර එන්නත් පුලුවන්.

ආරාධනා කරනව ඔයගොල්ලො සැමටම මේ දර්ශනය විදගන්න කියල.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments