Wednesday, December 15, 2010

TRC විසින් කරන ලද විශේෂ නිවේදනයක්...

ජංගම දුරකතනය නැතිවුනොත් කරන්න ඕන දෙය ගැන ලිපියක් ලියුව මතක ඇති.

මට ලැබුනා ඒ සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පලකරපු දැන්වීමක්. කාගෙ කාගෙත් දැනුවත් වීම සදහා මෙන්න නැවත පලකරනව.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, December 13, 2010

මේක කොහොම උනාද මන්ද??? [How this can happen???]


එලුවෙක් වලදකට ඔලුව දාපු කතාව මතකද? මහදැනමුත්ත ගෝලයො ටිකත් එක්ක ඇවිත් මුලින් එලුවගෙ බෙල්ල කපල පස්සෙ වලදත් බිදපු කතාව...

මේ තියන පින්තූර ටිකත් ඒ වගෙයි. කොහොම ඇතිවෙච්ච ඒවද මන්ද. බලන්නකො.

සියලුම පින්තූර විද්යුත් තැපෑල මගින් ලැබුන ඒවාය.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, December 7, 2010

ඔන්න මම පියාබනවා...


Flying without wings, originally uploaded by vidulahasaranga.


මේ පනින්නෙ මම නම් නෙමෙයි. මගේ යාලුවෙක්. කැමරා එකේ බ්‍රස්ට් මූඩ් (Brust Mood) දාල යන්තම් ගත්තු පිංතූරයක් තමයි මේ.

පසුගිය දවසක අපි පාසිකුඩා වෙරලට ගියා. ලංකාවෙ තියන ලස්සනම වෙරලක් තමයි පාසිකුඩා. නිල් පාට දිය තලය. පොඩි රැල්ලක් වත් නෑ. මූද ඇතුලත මීටර 100 විතර ගියාමත් වතුර තියෙන්නෙ බෙල්ල ගාවට විතරයි. හරියට පිහිනුම් තටාකයක් වගේ.

පාසිකුඩා පිහිටල තියෙන්නෙ නැගෙනහිර වෙරල තීරයේ මඩකලපුවට ටිකක් විතර උඩින්. කඩදාසි වලට ප්‍රසිද්ධ වාලච්චේන නගරයට කිට්ටුව. කොලඹ ඉදන් යනවනම් කුරුනෑගල, හබරන, පොලොන්නරුව හරහා යන එක තමයි ලගම.

පාසිකුඩා යනවනම් පාන්දරම වෙරලට යන්න බලාගෙන යන එක තමයි සුදුසු. නිවාඩු දවසක දහවල් වෙනකොට කිට්ටු කරන්නවත් බැරිතරම් සෙනගක් එනව මෙතනට. උදෑසන හිරු නගින ලස්සන දර්ශනයත් මෙතනදි බලාගන්න පුලුවන්.

නෑමට අමතරව පොඩි බෝට්ටු ට්‍රිප් එකකුත් යන්න පුලුවන් මෙතැනදි. ඒකටනම් ටිකක් වියදම් වෙනව. බෝට්ටුවක ගෙනියන්නෙ උපරිම 6 දෙනයි. ඈතින් පෙනෙන ගල ගාවට යන්න රුපියල් 1200 ගන්නව මතක හැටියට. හැබැයි ගල උඩ නැගල පින්තූර ගන්න ඕනනම් තව 400යි :D

අවසාන වශයෙන් පොඩි දැනුවත් කිරීමකුත් කරන්න ඕන. ඒ තමයි පොලිතීන් ගෙනිහින් පාසිකුඩා වෙරල අපවිත්‍ර නොකරන්න කියල.

ඉවරයි....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, November 8, 2010

ඔබගේ ජංගම දුරකතනය නැතිවුනොත්...

ඔබ දන්නවාද දැන් ලංකාව තුලත් නැතිවූ ඕනෑම දුරකතනයක් සොයාගැනීමට පුලුවන්ය කියල. මගේ දුරකතනයත් ලගදි නැතිවුන නිසා තමයි මේක ගැන හොදින්ම දැනගන්න පුලුවන් වුනේ.

පලමුවෙන්ම පොලීසියට ගිහින් පැමිනිල්ලක් දාන්න. මතක තියාගන්න නැතිවුනා කියල මිසක් හොරකම් කලා කියල දමන්න එපා. IMEI අංකයත් පැමිනිල්ලට ඇතුලත් කරන්න.

පැමිනිල්ලෙ පිටපතක් ලබාගන්න. මේ සදහා දවස් කිහිපයක් ගතවෙන්න පුලුවන්. ඒකනිසා පැමිනිල්ල දමපු වෙලාවෙම පිටපතකුත් ඉල්ලා සිටින්න.

මීලගට කරන්න ඕන විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් ඉදිරිපත් කරන එකයි. මෙම ලිපියෙන් තමන්ගේ දුරකතනයෙහි සහ තමාගෙ සියලු විස්තර ඇතුලත් කරන්න. IMEI අංකය තිබෙනවානම් වඩාත් හොදයි.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින් දුරකතනය ලැබෙනකම් මම වගේ බලාගෙන ඉන්න එක තමයි. හැබැයි මේ විදියට දුරකතන හම්බ වෙච්ච අයත් ඉන්නව කියල තමයි ආරංචියනම්.


දුරකතන හොරුන්ට කියන්න තියන දෙයනම් හොරකම් කලාට පාවිච්චි කරන්නනම් හිතන්න එපා කියල. ඕෆ් කරල ගෙදර තියාගෙන ඉන්න තමයි වෙන්නෙ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, November 7, 2010

චොකලට් මිල්ක් එකක් හදමු...

ඔන්න මම මීට කලින් නොලියපු ජාතියේ බ්ලොග් සටහනක් තමයි ලියන්න යන්නෙ. ඒ ආහාර වට්ටෝරුවක්. මමනම් හදල බැලුව. ඔයාලත් හදලම සටහනක් දාන්නකො.

එක දෙයක් කියන්න ඌන, ඒක තමයි මේක අඩු කැලරි කෑමක් බව. ඒකනිසා ආහාර පාලනය කරන අයටත් හුගක්ම හොදයි.

චොකලට් මිල්ක්

අවශ්‍ය ද්‍රව්‍යය:
මේද අඩු කිරි (low fat milk) අවුන්ස 8 (around 250 ml)
කොකෝවා කුඩු තේ හැදි 1
සීනි හෝ පැණිරස කාරක තේ හැදි 1
උණු වතුර අවුන්ස 4 (around 125 ml)

සාදන අයුරු:

කොකෝවා සහ පැණිරස කාරකය බාජනයකට දමා කවලම් කරගන්න.

එයට උණුවතුර දමා හොදින් දියකර ගන්න.

කිරි සියල්ල එකතුකර නැවතත් හොදින් කවලම් කරන්න.

හොදින් සිසිල් කර බීමට ගන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, October 19, 2010

කලමණාකරන මායම්(Management Magics)...

Leo Club of Colombo Circle හි මාසික සගරාවකින් උපුටා ගත්තු ලිපියක් තමයි මේ පල කරන්නෙ. පරිවර්ථනය මම සතුයි. ලොකු ලොකු කොම්පැනි වල වැඩ කරන අපි කවුරිත් මේ දේවල් අත්විද තියනවත සැකයක් නෑ.


===================================

කලමණාකරන මායම්...

1. කවදාවත්ම උදේ පාන්දර මට වැඩක් පවරන්න එපා. අඩුම ගානෙ හවස 4 වෙනකම් වත් ඉන්න. එතකොත තමයි මත ඒ වැඩේ අභියෝගය හොදත බාරගන්න පුලුවන් වෙන්නෙ.

2. ඔබ මට බාරදීපු වැඩේ හුගක්ම හදිස්සි එකක් නම් අඩුම ගානෙ විනාඩි 10කට වතාවක් වත් ඇවිත් වැඩේ කොහොමද කියල අහල මට කරදර කරන්න. ඒක මට කරන ලොකු උදව්වක්. මගේ ලගට වෙලා ගැවසි ගැවසි මම කරන හැම පොඩි දෙයක් ගැනම ප්‍රශ්න අහනවනම්, උපදෙස් දෙනවනම් ඊටත් වැඩිය ලොකු උදව්වක්.

3. ඔබ කොහේ හරි යනකොට මට යන තැන කියල යන්න එපා. එතකොට කවුරුහරි ඔබ කොහෙද කියල ඇහුවම මට ලස්සන උත්තරයක් හදල කියන්න පුලුවන්.

4. මගේ වාර්ශික අරමුනු (goals) මොනවද කියන්න වර්ශ අවසාන සමාලෝචනය (year end review) වෙනකම්ම ඉන්න. මට මධ්‍යස්ත මට්ටමේ ඇගයුමක් දීල ජීවන වියදමට හරියන වැටුප් වර්ධකයක් විතරක් දෙන්න. මම කොහොමත් පඩිය බලාගෙන නෙමෙයි මෙතන වැඩකරන්නෙ.

5. ඔබ මට එක වැඩකට වඩා එකපාරට දෙනවනම් වැඩිය වැදගත් මොකක්ද කියල කියන්න ඕන නැහැ. මට දිවියඥානය තියනව ඒක දැනගන්න.

6. මාව පරක්කු වෙනකම් මෙතන තියාගන්න ඕනම දෙයක් කරන්න. වෙඩ කරන තැන තමයි මගේ පූජනීය ස්ථානය. මට වෙන යන්න තැනක් වත් කරන්න දෙයක් වත් නෑ. ඔබව හොද කලමණාකරුවෙකු කරන්න මම තව කොච්චර දේවල් කරන්න ඕනද?

:D

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, September 12, 2010

උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ

ඉස්සර අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ


ඉස්සර අපි දෙන්න දෙන්නම තමුන්ගේ
දැන්දි අපි දෙන්න දෙන්නම අනුන්ගේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුරක් දුන්නේ
යතුර දෙන්න මේ ගේදොර අනුන්ගේ

උපුටාගැනීම ඒ. එම්. කරුණාරත්න මහතාගේ උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට වගේ කෘතියෙනි.

----------------------------------------

කාලෙකින් කියවපු නවකතාවක තිබුනු ලස්සන ජන කවියක්. මේක කෘතියට නිර්මානය කලාද, නැතිනම් පුරාණයෙන් එන ජන කවියක්ද කියලනම් මම දන්නෙ නැහැ. නමුත් ලස්සන සහ අදහස නිසා බෙදාගන්න හිතුන. උපුටා ගත්තෙනම් අනවසරයෙන්.....


මේ කවියට බද්ද වෙච්ච රසවත් කතාවක් තියනව. දන්න කට්ටිය ඉන්නවනම් කියන්න බලන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments