අධිවේගී පාරෙ වාහනයක් එලවන් ගියපු අය දන්නව ඇති 100ක වගේ වේගෙකින් යනකොට වාහනයෙ RPM අගය සාමාන්‍ය අගයට වදා ඉහලට නගිනව කියල. වාහනයක ඉන්ධන දහනය සමානුපාත වෙන්නෙ ඒකෙ එන්ජිමේ වේගයට හෙවත් RPM අගයට. ඒ අනුව අපිට දල වශයෙන් ගනනය කරගන්න පුලුවන් මොන පාරෙන් යන එකද වාසි දායක කියල.
අපි හිතමු කෙනෙකුට ඕන උනා කියල කොට්ටාවෙ ඉදල ගාල්ලට යන්න. අධිවේගී මර්ගයෙ ගියොත් 100ක වේගයෙන් පැය 1කදි යන්න පුලුවන්. අනිත් පැත්තෙන් ගියොත් 60ක වේගයෙන් පැය 2කදි වගේ යන්න පුලුවන් (සාමාන්‍ය ට්‍රැෆික් එකක් තියන කොට ).
මගේ කාර් එක 60ට යනකොට RPM එක 1700ක් වෙනව. 100ට යනකොට ඒක 2500ට වගේ නගිනව.
දැන් කාටද පුලුවන් ගනනය කරන්න ඉන්ධන දහන අනුපාතය 60ට යනකොට සහ 100ට යනකොට පාරවල් දෙකෙන්.
පිලිතුර තව දවස් 3කින් (බ්‍රහස්පතින්දා) බලාපොරොත්තු වන්න.
Imaga source: http://en.wikipedia.org/wiki/File:RI_403_freeway.jpg
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
34ට 25යි
ReplyDeleteමදුරුවගේ RPM නෑනේ. ඔය පාරෙ යන්නත් බෑනෙ. ඒ නිසා මට නම් තෙල් පිච්චෙන්නෙම නෑ.
ReplyDelete=2500/(1700x2)
ReplyDeleteHighway:Normal=25:34
ඉවසන්න ඉවසන්න බ්‍රහස්පතින්ද වෙනකම්...
ReplyDeleteමගේ වාහනේ නම් tachometer එක තියා speedometer එකවත් වැඩ කරන්නේ නෑ. ඒ වුනාට RPM එකයි fuel efficiency එකයි අතර සමානුපාතික සම්බන්ධයක් නෙමෙයි නේද තියෙන්නේ?
ReplyDelete60ට යනකොට පැය 2යි. ඒ කියන්නෙ 1700 RPM වලදි පැය 2යි. එතකොට
ReplyDelete1700*2 සමානුපාතිකයි පිච්චෙන තෙල් ප්‍රමාණයට.
100ට යනකොට පැය 1යි. ඒ කියන්නෙ 2500 RPM වලදි පැය 1යි. එතකොට
2500*1 සමානුපාතිකයි පිච්චෙන තෙල් ප්‍රමාණයට.
ඒ කියන්නෙ 25:34 යි. හැබැයි මේ තර්කයට එන්න නම් පොඩි උපකල්පනයක් කරන්න වෙනව. RPM එකයි තෙල් පිච්චීමයි අතර තියන සම්බන්ධතාවය සම අනුපාතික එකක් කියල.