Showing posts with label පාඩු ලබන ආයතන. Show all posts
Showing posts with label පාඩු ලබන ආයතන. Show all posts

Thursday, August 16, 2012

මේ ඌරො ටික කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු.



මේ දවස්වල කට්ටියක් ගජරාමෙට වැඩවර්ජනේනෙ. මම කියන්නෙ මේ අපේ ආචාර්යවරුන් ගැන නෙමෙයි, අනිත් කට්ටිය ගැන. අර දවල් 12ට කලින් නාවොත් මොනවද කරනවයි කියල තිබුනු...


ඉතින් මේගොල්ලො ඉස්ට්‍රයික් නිසා එතන වැඩ කරන මැවිසුරො ටිකටනම් මාර වාසියි. හෝ ගාල නයිට් ඩියුටි. ඒවට ඉතින්  ඕවර්ටයිම් එහෙමත් ගෙවනව ඇතිනෙ.

මට මතක් උනේ ඊයෙ පෙරේද ඔය කට්ටිය වැඩ කරන ලංකාවෙ තියන පාඩු ලබන ආයතනයෙ වෙච්ච දේවල් ටිකක්. ලගදි තිබුන ඕකෙ වැඩකරන මැවිසුරන්ගෙ වාර්ශික මහා සභා රැස්වීම. ඉතින් පොඩි රැෆල් ඩ්‍රෝ එකකුත් තිබුනලු. ඒකෙ තුන්වැනි තැන මගේ යාලුවෙකුට ඇදුන කියල තමයි ආරංචි. වැඩිය නෑ, රු: 50000 විතර වටින හෝම් තියටර් සිස්ටම් එකක්ලු. මොකක් හරි අහිංසක කොම්පැනියක් වියදම දරන්න ඇති, අපේ ලයිට් බිලෙන්ම ගියාද දන්නෙත් නෑ. තව ඒකට ආපු හැම නෝන කෙනෙක්ටම තෑගි ලෑස්තිකරල තිබුනලු. මේසෙ උඩ තිබුනු ජාති 5කින්ද කොහෙද කැමති එකක් තෝරගෙන ගෙනියන්න පුලුවන්ලු.

ලංකාවෙ අඩුවෙන්ම ලෙදවෙන මිනිස්සු වැඩ කරන්නෙත් මෙතනම තමයි. මොකෝ අවුරුද්ද අන්තිමට ඉතිරුවෙච්ච ලෙඩ නිවාඩු ටිකට පඩි දෙනවනෙ. ඉතින් කවුරුවත් ලෙඩ වෙන්නෙ නෑ. අනිත් නිවාඩු ජාති විතරයි යන්නෙ. අනේ අනිච්චන් සංසාරේ...



ප.ලි.: මේක ලියල ඉවර වෙලා දානවද නැත්ද කියල හුගක් වෙලා හිතල 'ඇත්තනෙ ලියල තියෙන්නෙ, බැනුම් ඇහුවත් මොකද කියල' ඔන්න දාල දැම්ම. වැරදි මොනව හරි ලියල තියනව කියල තේරෙන කවුරුහරි ඉන්නවනම් කොමෙන්ටුවක් දාල දැනුම් දෙනව හොදයි.

Image Source: http://romanceaddict91.wordpress.com/tag/electricity/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments