Tuesday, April 24, 2012

ඉන්ටර්විව් ගොඩ ගිය හැටි

මේක මීට මාස ගනනකට කලින් වෙච්ච දෙයක්.

අපේ කොම්පැනියෙ SSE තනතුරකට ප්‍රසිද්ද කොම්පැනියක වැඩකරන බුවෙක් ඉන්ටර්විව් එකකට ආව. වැඩේ කරන්න නියම උනේ මටයි මගේ ලොකු ටෙක්ලීඩ්ටයි. පස්සෙ බලන් යනකොට බුවා ටෙක්ලීඩ්ව අදුනනව. ඉතින් අන්තිමට මටයි තව කෙනෙකුටයි තමයි වැඩේ කරන්න උනේ.


ඉතින් ඔන්න සුපුරුදු ප්‍රශ්න ටික අහල ටික ටික අමාරු කරන්න පටන් ගත්ත අපි දෙන්නා. ඔන්න ඇහුව ජාව කලෙක්ශන් ගැන. වැඩේ ගොඩගියේ නෑ. ඊට පස්සෙ එක්සෙප්ශන් ගැන. ඒත් අප්සැට්. තව දන්න දන්න හැම පැත්තකින්ම බැලුව, ඒත් මිනිහ ගොඩ යන්නෙම නෑ.

දැන් අපි දෙන්නටත් ටිකක් අප්සැට් මොකද ටිකක් ලොකු තැනකින් හදුන්වාදීල තමයි බුවා ඇවිත් තිබුනේ. කොහොමින් කොහොම හරි පැය 2ක් විතර ගිහින් අපි දෙන්න තීරනය කරා පොර හරියන්නෙ නෑ කියල.


අපේ ලොකු මැනේජ්මන්ට් එකටත් වැඩේ ගැන අවුල්. ඒකනිසා මිනිහට වෙනින් දවසක තව ඉන්ටර්විව් එකක් තියන්න තීරනය උනා. අපිට හොදටම වැඩ වැඩි දවසක තමයි ඒක සෙට් උනේ. කරේ වෙනමම දෙන්නෙක්. කොහොම හරි අපේ වැඩ වැඩි කමට කලින් දවසෙ ඇහුවෙ මොනවද කියලවත් උන් දෙන්නට කියන්න බැරිඋනා.

අපේ උන් දෙන්නත් ගිහින් අපි අහපු ප්‍රශ්නම මේ බුවාගෙන් අහල. හොදම වැඩේ කියන්නෙ බුවත් ඒව ඔක්කොම බලන් ඇවිල්ල පොර වගේ උත්තර දීල. දැන් ඉතින් ඉන්ටර්විව් එක ගොඩ. පොර සිලෙක්ට්.


මෙහෙම සිලෙක්ට් වෙච්ච බුවා ඊලග සතියෙ අපේ මැනේජර් හම්බවෙන්න ආපු වෙලාවෙ ලොකු පඩියක් ඉල්ලල. අපේ ඔෆීසියෙ නම් දෙන්න තියා හිතන්නෙ වත් නැති. ඉතින් අපේ මැනේජර් කියල එච්චර ලොකු පඩියක් දැනට ඉන්න තැන ලැබෙනවනම් එතනම ඉන්න කියල. මොනව කියන්නද නැතිව.

අපරාදේ වාසනාව නිසා ගොඩගියපු ඉන්ටර්විව් එක.

ප. ලි. : කතාවෙන් ගන්න තියන ආදර්ශය තමයි: එකම තැනකින් දෙපාරක් ඉන්ටර්විව් එකකට එන්න කියුවොත් පලවෙනි පාර බැරිවෙච්ච ටික හොදට බලාගෙන තව තිකක් බලාගෙන යන්න.

ප. ප. ලි. : මම මගේ පරන තැන ඉන්න කාලේ ඉන්ටර්විව් කරල තෝර නොගත්ත කෙනෙක් ලගදි අලුත් තැන වැඩට ආව. පොර සමහර විට මම අහපු ප්‍රශ්න ටික ගෙදර ගිහින් හොදට බලාගන්න ඇති මෙතනට එන්න කලින්.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, April 13, 2012

ඔන්න අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවා...


මේක මම දැනට ලියල තියන කෙටිම පෝස්ට් එක උනත් අලුත් අවුරුද්දත වැඩ අල්ලන්නත් එක්ක ඔන්න ලියල දානව.

එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, April 7, 2012

On a golden king pair සහ on a pair



අද ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් මැච් එක බැලුවනම් දකින්න ඇති සංගක්කාර බැට් කරන්න ආපු ගමන් යටින් වැටුන Sangakkara - On a golden pair කියල. ඉතින් පලවෙනි බෝලෙට ගැහුව ගමන් ඒක වෙනස් උනා Sangakkara - On a pair කියල. මොකක්ද මේජෙන් අදහස් වෙන්නෙ?

මම ඉතින් ටිකක් හොයල බලනකොට විකි දෙයියෝ ගාව තිබුන ක්‍රිකට් වල පාරිභාෂිත ශබ්ද මාලාව. ඔන්න හොයාගත්ත මේ කියන්නෙ මොකක්ද කියල.

On a golden pair / on a king pair - මේකෙන් අදහස් වන්නෙ ටෙස්ට් මැච් එකක් ඉනිම් දෙකේදිම පලවෙනි බෝලෙට බිංදුවටම (පලවෙනි බෝලෙට දැවී යනවනම් ලකුනු ගහන්න විදිහක් නෑනේ කොහොමත් :D) දැවී යන එක.

On a pair - මේකෙන් අදහස් වෙන්නෙ බිංදුවට දැවී යන එක ඉනිම් දෙකේදිම. පලමුවෙනි බෝලෙටම වෙන්න ඕන නෑ.

ඉතින් මේ දක්ශකම දක්වපු කට්ටිය ගැන පොඩි විස්තරයකුත් හොයාගත්ත. මෙතනින් යන්නකො ඒකට. හොද වෙලාවට සංගක්කාර මේකට යන්නෙ නැතිව බේරුන.


Image source : http://transcurrents.com/news-views/archives/2259

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, April 4, 2012

මල කෙලියයි.. ජූලි දාහතයි.. අවුරුදු උත්සවයට එන්න වෙන්නෙ නැතෙයි...


නොවැලැක්විය හැකි හේතුවක් නිසා සයිබර් බක්මහ උලෙලට පැමිනිය නොහැකිවන බව කනගාටුවෙන් වුවත් දැනුම්දෙමි. කාරනය catch 22 (මේක ගැන පස්සෙ ලියන්නම් ) ආකාරයේ එකක් වන අතර ඒ පිලිබදව කනගාටුව පලකරමි.

අවුරුදු උත්සවයට එන බව ප්‍රකාශකර අංකයක් පවා ලබාගත් බැවින් වහාම ඒ බව හීයක් මගින් සංවිධායක මන්ඩලය වෙත දැනුම් දෙමි.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, March 31, 2012

යුරේකා... යුරේකා... කුරේ ක්‍රීඩාංගනය හොයා ගත්තා...

මේ උදේ හවස වැල්ලවත්ත හරහා ගාලු පාරේ එහේ මෙහේ යන මමවත් කුරේ ක්‍රීඩාංගනය තියන තැන දැනගෙන හිටියෙ නෑනෙ. ඒකමනේ අපේ සංවිධායක මංඩලෙන් ප්‍රශ්න වගයකුත් ඇහුවෙ.

ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක වැල්ලවත්තෙ මාර්ග තදබදයෙන් බේරෙන්න අතුරු පාරවල් වලින් දාගෙන යනකොට කුරේ ක්‍රීඩාංගනය තියනව දැක්ක. හප්පේ කොහොමද මන්ද ඕක හොයාගත්තෙ. අන්තිම අස්සකනෙ තියෙන්නෙ. පයින් එන උන්දෙලටනම් බුදුසරනයි ඉතින්.

ඒ අස්සෙ මගේ කලින් ලිපිය බලපු මගේ මරණයත් ලින්ක් එකක් දාල ගිහින්. මේ තියෙන්නෙ ඒක.

http://g.co/maps/bzexc


ඉතින් ගාලු පාරෙ එනවනම් වැල්ලවත්තෙ සැවෝයි හොල්ට් එකේ, නැත්නම් පල්ලිය ගාව හෝල්ට් එකේ (දෙකම එකයි ) බහින එක තමයි හොදම මම හිතන්නෙ. එතන ඉදන් යන හැටි මම දන්න විදිහට මේකෙ ඇදල තියනව. ලේසි විදි තව තියනවද කියල නම් දන්නෙ නෑ.




එහෙනම් ඉතින් 22 වෙනිදට සෙට් වෙමු නේද?

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, March 28, 2012

දනහිස් දෙකම තුවාල වෙච්ච ගෑනුලමයෙක් දැක්කොත්?


පහු ගිය සතියෙ මම බස් එකේ වැඩටයනකොට දෙහිවල හන්දියට කලින් බස් නැවතුමේ ඉන්නව දැක්ක ටිකක් පෙනුම තියන උස ගෑනු ලමයෙක්. දැක්ක ගමන් ආපහු බලන්න හිතෙන පෙනුමක් තිබිච්ච නිසා මමත් බස් එකේ කවුලුවෙන් ආපහු සැරයක් බැලුව.


කෙට්ටුයි, උසයි, දන හිසට වඩා පොඩ්ඩක් කොට සාය. අඩි උස සපත්තු. හෝව්..  හොව්.. මෙන්න බොලේ දනහිස් දෙකටම පැලැස්තර දෙකක් ගහලා.


ඉතින් කොහොමද දනහිස් දෙකම එකම විදිහට එකම වෙලාවෙදි තුවාල වෙන්න පුලුවන්???

1. අඩි උස සපත්තු දාගෙන ගිහින් ඇදගෙන වැටිල.
2. වැලි පොලොවක දන ගහගෙන මොනව හරි කරන්න ගිහිල්ල.
3. ඇවිදිනකොට දැක්කෙ නැතිව මොකක හරි හැප්පිල.
4. ..... ..... ..... ....... (ලියන්න මොකක්ද මොකක්ද වගේ ඒවත් හිතට එනව)


කොහොම උනත් ඒ තුවාල දෙක එදා උදේ උන ඒව වෙන්න බෑ. මොකද එහෙම උනානම් අච්චර ලස්සනට පැලැස්තර ගහගෙන එන්න පුලුවන් වෙනවද. ඉතින් මම අහන්නෙ ඕක වැහෙන විදිහට දිග කලිසමක් හරි දිග සායක් හරි ඇදගෙන එන්න බැරිඋනේ මොකද ඔය ලමයට කියල.

තුවාලෙ අපිට පෙන්නන්නද? නැත්නම් වැඩකරන තැන කාට හරි පෙන්නන්නද? නැත්නම් අහවල් දෙයකටද?





ප/ලි: අපේ නෝන මහත්තයත් පහුගිය සතියෙ අලුත් සෙරෙප්පු දෙකක් ඔෆිස් දාගෙන ගිහින් පොඩි කරනමක් ගහල දනහිස තුවාල කරගෙන ආව. හොද වෙලාවට එක දනහිසකට විතරයි ප්ලාස්ටර් ගහන්න උනේ.


Image source: http://realztenisfanz.wordpress.com/2011/06/26/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, March 21, 2012

සයිබර් බක්මහ උළෙලට ප්‍රශ්න පත්තරයක්...

බක්මහ උලෙලට තියෙන්නෙ තව දවස් 31යි. ඉතින් සංවිධායක මන්ඩලයට පොඩි ප්‍රශ්න පත්තරයක් දෙන්න ඕන කියල හිතුව. මේ ප්‍රශ්න ඉතින් ඕකට එන්න බලාගෙන ඉන්න හැමෝටම ඇතිවෙන්න පුලුවන් ඒව.

1. කුරේ ක්‍රීඩාංගනය තියෙන්නෙ කොහෙද? (වැල්ලවත්තෙ බව දන්නව. වැල්ලවත්තෙ කොහෙද?)
2. වාහෙනේකින් ආවොත් (කාර් එකකින් වගේ) නවත්තන්න තැනක් තියනවද?
3. ඇදන් එන්න ඕන විශේෂ ඇදුම් තියනවද?
4. කීයක් අය කරනවද? ඒකට කන්න බොන්න එහෙමත් හම්බවෙනවද?
5. පුංචි ලමයෙක් ආවොත් කරන්න මොනව හරි තියේවිද? එතකොට අම්මල තාත්තල එහෙම ආවොත්?
6. ගෑණු ළමය එක්කන් එන්න පුලුවන්ද?
7. ඕනනම් කලින් යන්න පුලුවන් නේද?
8. වැඩිම උනොත් කීය වෙනකොට ඉවර වෙයිද?
9. මම නිර්මාංශිකයි. අවුලක් නෑ නේද?
10. DJ පාරක් එහෙමත් තියේවි නේද?

ඔන්න දීපල්ලකො බලන්න උත්තර.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments