පසුගිය දවස්වල ලංකාවෙ ජාතික පුෂ්පය වැරදියි කියල ලොකු හාවක් ගියා මතකද දන්නෙ නෑ. මේ ඡායාරූපය මම ලගදි අවිස්සාවේල්ලෙදි ගත්ත එකක්. මේක අපේ ඇත්තම ජාතික පුෂ්පයද, වැරදිල අපි හිතන් ඉන්න එකද කියන්න නම් මම දන්නෙ නෑ. දන්න අය ඉන්නවනම් අදහසක් දාල යන්න.
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Thursday, February 17, 2011
Wednesday, February 16, 2011
ගණිත ගැටලුව 3
ඔන්න කාලෙකට පස්සෙ ගණිත ගැටලුවකුත් අරගෙන ආවා. මේක සුඩොකු වර්ගයට තරමක් සමාන ගැටලුවක්. හැබැයි ඊටවඩා වැඩිදියුනු කරපු එකක්.
කොන්දේසි මෙහෙමයි.
1. තිරස් සහ සිරස් පේලිවල 1 සිට 4 දක්වා අංක යෙදිය යුතුයි.
2. පේලියක හෝ තීරුවක එකම අංකය දෙවරක් යෙදිය නොහැකියි.
3. තද පැහැයෙන් වටවී ඇති කොටුවෙහි ඉලක්කම් වලට යම් ගණිත කර්මයක් (+, -, X, /) කිරීම මගින් කොටුවෙහි ඉහල කොනේ තියන ඉලක්කම ගොඩනැගිය හැකිවිය යුතුයි.
එහෙනම් උත්සාහ කරල බලන්නකො. රූපය පැහැදිලි මදිනම් ලොකු කිරීම සදහා ඒ මත ක්ලික් කරන්න.
උපුටා ගැනීම රීඩර්ස් ඩයජස්ට් සගරාවකිනි. පිලිතුරත් සමග ලගදීම හමුවෙමු.
Monday, February 14, 2011
ඔබගේ වේටර් ඔබට නොකියන කරුනු 20ක්...
මේක මට ලගදි කියවන්න ලැබුන හොද ලිපියක්. හැබැයි සමහර කරුනු අපේ රටට ගැලපෙන්නෙ නෑ. ඒත් පරිවර්තනය කරන්න හිතුනා.
===============================================================
1.ඔබ ඇත්තටම බොන්නේ මොනවද කියා දන්නවද???

බොහෝ ආපන ශාලාවල රාත්‍රී 8 න් පසු ලැබෙන කෝපි කැෆේන් රහිතයි. මෙයට ප්‍රධාන හේතුව කෝපි බාජන 2ක් පිරිසිදු කිරීමට ඔවුන්ගේ ඇති අකමැත්තයි. බොහෝ විට සිදුවන්නේ සැමටම කැෆේන් රහිත කෝපි ලැබීමයි, ඔබ සාමාන්යය කෝපි එකක් ඉල්ලූවිට පවා.
2.ඔබ දැනනොගතයුතු දෙයක්...

කුඩා ලමයින්ගේ පීසා සදහා අපි සීනි විශාල වශයෙන් යොදනු ලබනව. පැනි රස වැඩි නිසා ඔවුන් වැඩියෙන් අපේ පීසා වලට කැමති වෙනව.
3.අපි බොරු කියන්නෙ මොනව ගැනද

ඔබ ශාකභක්ෂකයකුනම් සහ අපි ආහාර සදහා බාවිතා කරන්නෙ ශාක තැම්බූ වතුර පමනද(vegetable stock) කියල ඇහුවොත් අපි හැමවෙලාවෙම කියන්නෙ ඔවු කියල. මොකද අපි හොදහැටිම දන්නව ඔබට වෙනස අදුනගන්න බෑ කියල.
4.ඔබ නොදැන සිටිය යුතු දේ...

බොහෝ ආපන ශාලාවල අද විශේෂ(today special) කියල විකුනන්නෙ ඔවුන්ට ඉක්මනින්ම විකුණල ඉවර කරගන්න ඕන දෙයයි. මෙය බොහෝ දුරට ඉක්මනින් නරක්වෙන හෝ කල් ඉකුත්වෙන දෙයක්. විශේෂයෙන් දවසේ සුප් එක බොහෝදුරට හෙට නරක්වෙන දේවල්වලින් යුක්තයි.
5.ඔබ නොදැන සිටිය යුතු දේ...

ආපන ශාලාවක සේවය කරන්නෙකු විදිහට මම කවමදාවත්ම තේත් එක්ක ලෙමන් (ලෙමන් තේ) ඉල්ලනෙ නෑ. මොකද හැමෝම ඒ ලෙමන් කෑලි අල්ලනව, හැබැයි කවුරුවත්ම ඒව හෝදන්නෙ නෑ. අපි ලෙමන් ගෙනල්ල ලේබල් එක ගලවල කෑලි වලට කපල තේ එකට දමන එක විතමයි කරන්නෙ.
— Charity Ohlund, කෙන්සාස් නගරයෙහි වේටර්වරියක්.
6.ඔබ නොදැන සිටිය යුතු දේ...

ඔබ හදිසියෙවත් කෑම වේලෙහි තියන කැලරි ප්‍රමානය මගෙන් ඇහුවොත් මම හැමවෙලේම කියන්නෙ ඒ විස්තර ඉන්ටර්නෙට් මගින් බලාගන්න පුලුවන් කියල. කැලරි ප්‍රමානය මම දැනගෙන හිටියත් ලැබෙන්නෙ ඒ පිලිතුරම තමයි.
— ප්‍රසිද්ධ පීසා ආපන ශාලා සමූහයක් වේටර්වරියක්.
7.ඔබ නොදැන සිටිය යුතු දේ...

මම කවදාවත්ම දැකල නැහැ කවුරුවත් ඔබගේ කෑමට මොනවහරි කරනව. ඒ උනාට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකටනම් එහෙම නෙමෙයි. වේටර්වරයා ඔබට කැමති නැත්නම් ඔහුට කරන්න පුලුවන් හොදම දෙයක්නම් ඔබගේ ව්‍යාපාරික සගයන් හෝ පෙම්වතිය ඉදිරිපිටදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත වැඩකරන්නේ නැතිබව පවසමින් ආපසු ගෙනත් දීමයි.
— Charity Ohlund
8.ඔබ ඇත්තටම ගිලින්නේ මොනවාද?

යොදය ඉවත් කල කිරි හැමවෙලාවෙදිම යොදය ඉවත් කල කිරි වෙන්නෙ නෑ. ප්‍රසිද්ධ ගනයේ ආපනශාලා කිහිපයක පමනයි ඔබ ඉල්ලන සෑම කිරි වර්ගයක්ම තියෙන්නෙ. මොකද ප්‍රායෝගිකව එහෙම තියාගැනීම අපහසු නිසා.
— Chris
9.ඔබ ඇත්තටම ගිලින්නේ මොනවාද?

සමහර තැන් සලාද මුසුකරන්නෙ ගැලුම් ගනනින් කඩේ විකුනන්න තියන සලාද මුසු(Salad Dressing) ගෙනල්ල ඒවට තවත් ජාති කිහිපයක් කවලම් කරල. හැබැයි කියන්නෙ නම් ගෙදර හදපු(Home Made) සලාද මුසු කියල.
— අවුරුදු 10කටත් වඩා පලපුරුද්දක් තියන හිටපු වේටර් වරයකු වන Jake Blanton
10.අපිට පිස්සු වගේ වෙන්නෙ මොනව උනාමද?

ඔබගේ වේටර්වරයා ඔබට වෛර කරවීමට කලයුතු එකම දේ තමයි උණු තේ එකක් ඉල්ලීම. තවමත් කිසිම ආපන ශාලාවක උනු තේ එකක් ලබාදීමේ නවීන ක්‍රමයක් නෑ.
ඔබ භාජනයක් සොයාගත යුතුයි, වතුර උනු කල යුතුයි, ලෙමන් සහ පැනි ලබාගතයුතුයි, කෝප්පයක් සහ හැන්දක් ගෙන ආ යුතුයි. පොඩි ලාබයකට මේක හුගක් කරදරකාරී වැඩක්.
— Christopher Fehlinger
11.ඔබ දැනගත යුතුම කරුනක්

බොහොමයක් ආපනශාලාවල ටිප් එක අනිත් අය අතර බෙදීයනව. ඉතින් ඔබගේ වෙටර්වරයාගේ වැරද්දෙන් පාඩු ලබන්නෙ ඔහු විතරක්ම නෙමෙයි. ඔබගේ බීම හදපු පුද්ගලයා, වතුර වත්කරපු ලමයා, ඔබට ආසන පනවල සත්කාර කරන්නිය, කෑම එහෙ මෙහෙ ගෙනයන්න වගේම අනිත් වේටර්වරුනුත් මේකෙන් පාඩුලබනව.
— Christopher Fehlinger
12.ඔබ දැනගත යුතුම කරුනක්

ලෝකයේ හොදම උදෑසන ආහාර බුෆේ එකේ පවා 99%ක්ම තිබීමට ඉඩ තියෙන්නෙ කෘතීමව නිපදවන ලද ගසාගත් බිත්තර (scrambled eggs).
— Jake Blanton
13.ඔබ දැනගත යුතුම කරුනක්

අහාර වේල පරක්කුවෙන්න ප්‍රධාන හේතුව වන්නෙ ඔබගේ වේටර්වරයා නෙමෙයි. 90%ක්ම ඒකට හේතුව කුස්සියයි, නැත්නම් ඔබ ඉල්ලලා තියෙන්නෙ සෑහෙන පරිස්සමින් නිමකල යුතු ආහාරයක්.
— Judi Santana
14.ඔබ දැනගත යුතුම කරුනක්

ඔබ පැමිනියේ බිරිද නොවන වෙනත් කාන්තාවක් සමගනම් ඔබ අපිට ඉතාමත් හොදින් සලකනව. සමහරවිට ඒ ඔබගේ බිරිද නොවනබව අපි දන්නවයි කියල ඔබත් දන්න නිසා වෙන්න ඇති.
— Caroline Radaj
15.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?

ඔබ දිනපතා පැමිනෙන්නෙකු බව හදුනා ගන්න පහසු වෙන්නෙ සදුදා, අගහරුවාදා, බදාදා වගේ දවස්වලයි. එහෙම හදුනා ගත්තට පස්සෙ හොද දේවල් වෙන්න පටන්ගන්නව. හරියට ඔබගේ වයින් වීදුරුව බිලට එක්නොවෙනව, නැත්නම් කෝකියා ඔබට රස බැලීම සදහා සාම්පල් එකක් ගෙනත් දෙනව වගේ දේවල්.
— Christopher Fehlinger
16.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?

මවගේ දිනය, වැලන්ටයින් දිනය වැනි දේවල් පුලුවන් තරම් මගහරින්න. ඒව සෑහෙන්න කලබලකාරී දිනයන්. ඉතින් අපිට ඔබ ගැන හොයන්න වැඩිය වෙලාවල් ලැබෙන්නෙ නෑ. ඒවගේම කෑමවල තත්වයත් හොදවෙන එකක් නෑ. හැබැයි ගානනම් හුගක් වැඩිවේවි.
— Steve Dublanica
17.හොද පාරිබෝගිකයකු වන්නේ කෙසේද?

ආපනශාලාවෙ සෙනග පිරිල නම් සහ ඔබගේ ලමය ලැජ්ජාශීලීනම් හොදම දේ තමයි එයා වෙනුවෙනුත් ඔබම කෑම ඕඩර් කිරීම. පොඩි ලමයට කවදාවත්ම කෑම එක ඕඩර් කරන්න බැරිවෙයි. හැබැයි එහා මේසෙ කට්ටිය ඔයාට කෑගහයි ඉක්මනට ඕඩර් එක දමන්න කියල මොකද එයාල බලන් ඉන්න නිසා.
— Derek Dudley
18.ඔබ ටිප් එක ගැන දැනගත යුත්තේ කුමක්ද?

හොදම ටිප් දෙන්නෙ මධ්‍යම පාන්තික පවුල්වලින් එන්නන්. මොකද එයාල උපයපු හැම සතයක් වෙනුවෙන්ම එයාල මහන්සිවෙලා තියන නිසා. හොදට සල්ලි තියන කෙනෙකු හරි වෙනත් අයකුගේ මුදල්වලින් යැපෙන දරුවෙක් හරි ඒ විදිහට ටිප් දෙන්නෙ නෑ.
අනිත් කරුන තමයි ඔබ කූපනයක් හෝ වෙනත් ප්‍රවර්ධන වැඩපිලිවෙලක් නිසා ආවට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ටිප් එක දීමේදි මුලු මුදලටම දෙන එක තමයි හොද. ඔබගේ බිලේ ගානට නෙමෙයි.
— Judi Santana
19.ඔබ ටිප් එක ගැන දැනගත යුත්තේ කුමක්ද?

හොදම ටිප් එක ලැබෙන්නෙ ආදරවන්තයන් මුලින්ම හම්බවුනු අවස්තාවක් නම් තමයි. ඔවුන් යාලුවුනේ ඉන්ටර්නෙට් හරහානම් සහ දෙන්න මුලින්ම දැක්කෙ එදානම් වඩාත් හොදයි.
— Jeremy Burton
20.ඔබ අවසාන වශයෙන් දැනගත යුත්තේ කුමක්ද?

මාලු වැනි ආහාර වේලක් ඉරිදා, සදුදා වැනි දිනකදි ඉල්ලීම එතරම්ම හොද නෑ. මොකද ඒව සෑමදාම අලුත්වට තියෙන්නෙ නැතිනිසා. හොදම දේනම් මාලු අලුතෙන් ගෙන එන්නේ කවදද කියල හොයල බලන එකයි.
— Steve Dublanica
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Sunday, February 13, 2011
ගැබිනි කාලයේදී කම්මුල්ගාය හැදුනොත්??? - Mumps while you pregnant
අපි කවුරුත් දන්න දෙයක් තමයි ගැබිනි කාන්තාවො තමන්ට ලෙඩක් හැදෙනවට සෑහෙන්න බයයි. මේකට මූලික හේතුව තමයි ලෙඩේ නිසා තමන්ගෙ කුසේ ඉන්න ලමයට බලපෑමක් වෙයි කියන බය. අනිත් හේතුව තමයි ලෙඩේට බෙහෙත් බොන්න උනොත් ඒ බෙහෙත් ලමයට කොහොම බලපානවද කියන බය.
පසුගිය දවසක මගේ යාලුවෙකුටත් කම්මුල්ගාය හැදිලද කියල පොඩි සැකයක් ආව. එයා මාස 5ක ගැබිනියක්. ඉතින් අපි සේරම මේක ගැන සොයල බැලුව. ඉතින් පලමුවෙන්ම කියන්න ඕන දෙය තමයි මේක බය වෙන්න ඕන තත්වයක් නෙමෙයි කියන එක.
ගැබිනි කාලෙදි කම්මුල්ගාය හැදෙන එක සරම්ප හෝ පැපොල හැදෙන එක තරම් භයානක නැහැ. ඒ වගේම තමයි රුබෙල්ලා වගේ භයානක ප්‍රතිඵල ගෙනදෙන්නෙත් නෑ. හැබැයි මුල් මාස 4 ඇතුලත වගේ හැදුනොත් ගබ්සා වීමේ අවදානමක් නම් තියනවලු. හැබයි වෙනත් විදිහකින් ලමයාට බලපෑමක් වෙන බවටනම් කිසිම සාධකයක් නැහැ.
කම්මුල්ගාය කියන්නෙ වෛරස් රෝගයක් නිසා කිසිම ප්‍රතිකාරයක් කලයුතුත් නැහැ. ඉතින් කම්මුල්ගාය නිසා හදිස්සියෙන් ඇතිවෙන්න පුලුවන් බිහිරිබව (මවට) වගේ සමහර පොදු බලපෑම් ඇරුනුකොට බයවෙන්න ඕන කිසිම දෙයක් නැහැ.
හැබැයි ඉතින් අහල පහල ලෙඩ්ඩු ඉන්නවනම් පරිස්සම් වෙන එක තමයි වැඩියෙන්ම හොද.
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Sunday, February 6, 2011
ලගකදි සීනි බැලුවද? - FBS (Fasting Blood Suger)
ඔන්න අද උදේ සීනි චෙක් කොරගත්ත. ඇති යන්තන්, තියෙන්නෙ 97යි. අපි ඉතින් එක තැන ඉන්න ටිකක් ඇගත් බර කට්ටියනෙ.
මාස 6 කට සැරයක් වත් සීනි බලාගන්න එක අපි හැමෝටම හොද දෙයක්. විශේෂයෙන්ම එක තැන ඉන්න, සෙල්ලම් නොකරන මම වගේ අයට. මේ සදහා පැය 10 - 12 අතර කාලයක් නිරාහාරව ඉන්න ඕන. ඊට වඩා ඉදීමත් හොද නෑ මොකද රුධිරයේ සීනි මට්ටම ඕනවට වඩා ඒකෙන් පහල බහින්න පුලුවන් නිසා.
නිරාහාරව ඉන්න එක ගැනත් යමක් කියන්න ඕන. මොකද මෙතනදි වතුර බීමත් තහනම් නිසා. ඒකට හේතුවනම් ආමාශයට ජලය ආවම ආහාර ජීර්නය සදහා අවශ්‍ය එන්සයිම නිපදවී ඒකෙන් රුධිරයේ සීනි මට්ටමට බලපෑමක් වෙන නිසා. හැබැයි අවශ්‍යමනම් උගුරක් විතර බිවුවට කමක් නෑ.
ඉතින් හොදම විදිය තමයි රෑ 9 වෙනකොට රාත්‍රී කෑම අවසන් කර කලින්ම නින්දට යන එක. උදේ 8ට විතර ගිහින් රුධිර සාම්පලයක් දීල එන එක.
සාමාන්‍ය රුධිර ගත සීනි මට්ටම වෙන්න ඕන 65ත් 110ත් අතර අගයක්. ඒ අතර ඉන්නවනම් බයවෙන්න දෙයක් නෑ. හැබැයි 110ට කිට්ටුනම් ටිකක් පරිස්සම් වෙන එක හොදයි.
අවසාන වශයෙන් මේ පරීක්ශනයට යන්නෙ රුපියල් 250ක් අවට මුදලක්.
හැමෝටම සීනි අඩු ප්‍රතිපලයක්.....
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, February 2, 2011
Thursday, January 27, 2011
කාලෙකට පස්සෙ...
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න පටන් ගත්ත. පසුගිය කාලෙ විභාගක් එහෙම ලියපු නිසා අලුත් මොනවත්ම ගැන හිතන්න වෙලාවක් නැතුවයි තිබුනෙ.
ඉතින් මම මොනව ගැනද ලියන්නේ....
අපේ යාලුවො දන්නව ඇතිනේ දැන් කොලඹ හුගක් හංදිවල කැමරා සවිකරල තියනව කියල. දන්නවද සම්පූර්ණ ලැයිස්තුව. ඔන්න අරගෙන ආව ඒක. මේවයින් සමහර තැන්වල තාම සවිකරල ඉවර නෑ. හැබැයි සෙරමික් හංදිය වගේ තැන්වලනම් මේව වැඩ.
1. පරණ පාර්ලිමේන්තුව හංදිය, කොටුව.
2. සෙරමික් හංදිය, කොටුව.
3. දුම් රිය ස්ථානය, කොටුව.
4. මධ්‍යම බස් නැවතුම්පල, පිටකොටුව.
5. ටෙක්නිකල් හංදිය, සංගරාජ මාවත, මරදාන.
6. මරදාන පාලම.
7. ඉබ්බන්වල හංදිය, ඩාර්ලි පාර.
8. ලිප්ටන් වටරවුම.
9. ගාලු මුවදොර හංදිය.
10. ලිබර්ටි ප්ලාසා හංදිය.
11. මල් පාර (Flower Road), අගමැති කාර්යාලය පාර.
12. කොල්ලුපිටිය හංදිය.
13. තුන්මුල්ල හංදිය.
14. බම්බලපිටිය හංදිය.
15. කිරුලපන හංදිය.
16. පාමන්කඩ හංදිය.
17. වැල්ලවත්ත හංදිය.
18. නාරාහේන්පිට හංදිය.
19. මහ කනත්ත හංදිය, බොරැල්ල.
20. බොරැල්ල හංදිය.
21. ආයුර්වේද හංදිය, රාජගිරිය.
22. කන්ඩසාමි හංදිය.
23. මට්ටකුලිය හංදිය.
24. කැලණිය පාලම, කොලඹ - නුවර පාර.
25. පෑලියගොඩ පාලම - කොලඹ - මීගමුව පාර.
ඔන්න ඉතින් කට්ටිය පරිස්සමින් ඔය තැන්වලින් යනව එනව හොදයි....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ඉතින් මම මොනව ගැනද ලියන්නේ....
අපේ යාලුවො දන්නව ඇතිනේ දැන් කොලඹ හුගක් හංදිවල කැමරා සවිකරල තියනව කියල. දන්නවද සම්පූර්ණ ලැයිස්තුව. ඔන්න අරගෙන ආව ඒක. මේවයින් සමහර තැන්වල තාම සවිකරල ඉවර නෑ. හැබැයි සෙරමික් හංදිය වගේ තැන්වලනම් මේව වැඩ.
1. පරණ පාර්ලිමේන්තුව හංදිය, කොටුව.
2. සෙරමික් හංදිය, කොටුව.
3. දුම් රිය ස්ථානය, කොටුව.
4. මධ්‍යම බස් නැවතුම්පල, පිටකොටුව.
5. ටෙක්නිකල් හංදිය, සංගරාජ මාවත, මරදාන.
6. මරදාන පාලම.
7. ඉබ්බන්වල හංදිය, ඩාර්ලි පාර.
8. ලිප්ටන් වටරවුම.
9. ගාලු මුවදොර හංදිය.
10. ලිබර්ටි ප්ලාසා හංදිය.
11. මල් පාර (Flower Road), අගමැති කාර්යාලය පාර.
12. කොල්ලුපිටිය හංදිය.
13. තුන්මුල්ල හංදිය.
14. බම්බලපිටිය හංදිය.
15. කිරුලපන හංදිය.
16. පාමන්කඩ හංදිය.
17. වැල්ලවත්ත හංදිය.
18. නාරාහේන්පිට හංදිය.
19. මහ කනත්ත හංදිය, බොරැල්ල.
20. බොරැල්ල හංදිය.
21. ආයුර්වේද හංදිය, රාජගිරිය.
22. කන්ඩසාමි හංදිය.
23. මට්ටකුලිය හංදිය.
24. කැලණිය පාලම, කොලඹ - නුවර පාර.
25. පෑලියගොඩ පාලම - කොලඹ - මීගමුව පාර.
ඔන්න ඉතින් කට්ටිය පරිස්සමින් ඔය තැන්වලින් යනව එනව හොදයි....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)
