Showing posts with label pregnancy. Show all posts
Showing posts with label pregnancy. Show all posts

Sunday, February 13, 2011

ගැබිනි කාලයේදී කම්මුල්ගාය හැදුනොත්??? - Mumps while you pregnant

අපි කවුරුත් දන්න දෙයක් තමයි ගැබිනි කාන්තාවො තමන්ට ලෙඩක් හැදෙනවට සෑහෙන්න බයයි. මේකට මූලික හේතුව තමයි ලෙඩේ නිසා තමන්ගෙ කුසේ ඉන්න ලමයට බලපෑමක් වෙයි කියන බය. අනිත් හේතුව තමයි ලෙඩේට බෙහෙත් බොන්න උනොත් ඒ බෙහෙත් ලමයට කොහොම බලපානවද කියන බය.

පසුගිය දවසක මගේ යාලුවෙකුටත් කම්මුල්ගාය හැදිලද කියල පොඩි සැකයක් ආව. එයා මාස 5ක ගැබිනියක්. ඉතින් අපි සේරම මේක ගැන සොයල බැලුව. ඉතින් පලමුවෙන්ම කියන්න ඕන දෙය තමයි මේක බය වෙන්න ඕන තත්වයක් නෙමෙයි කියන එක.

ගැබිනි කාලෙදි කම්මුල්ගාය හැදෙන එක සරම්ප හෝ පැපොල හැදෙන එක තරම් භයානක නැහැ. ඒ වගේම තමයි රුබෙල්ලා වගේ භයානක ප්‍රතිඵල ගෙනදෙන්නෙත් නෑ. හැබැයි මුල් මාස 4 ඇතුලත වගේ හැදුනොත් ගබ්සා වීමේ අවදානමක් නම් තියනවලු. හැබයි වෙනත් විදිහකින් ලමයාට බලපෑමක් වෙන බවටනම් කිසිම සාධකයක් නැහැ.

කම්මුල්ගාය කියන්නෙ වෛරස් රෝගයක් නිසා කිසිම ප්‍රතිකාරයක් කලයුතුත් නැහැ. ඉතින් කම්මුල්ගාය නිසා හදිස්සියෙන් ඇතිවෙන්න පුලුවන් බිහිරිබව (මවට) වගේ සමහර පොදු බලපෑම් ඇරුනුකොට බයවෙන්න ඕන කිසිම දෙයක් නැහැ.

හැබැයි ඉතින් අහල පහල ලෙඩ්ඩු ඉන්නවනම් පරිස්සම් වෙන එක තමයි වැඩියෙන්ම හොද.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments