Showing posts with label ට්‍රැෆික් රාලහාමිලා. Show all posts
Showing posts with label ට්‍රැෆික් රාලහාමිලා. Show all posts

Tuesday, June 12, 2012

හොරණ පැත්තෙ ට්‍රෆික් රාලහාමිලාට හොද ආරංචියක්



අපේ රාලහාමිල හරි ආසයිනෙ අස්සවල්වල හැන්ගිල ඉදල හොර අල්ලන්න. මතකනෙ මම කලින් අනුරාධපුරේ යනකොට වෙච්ච සිද්දිය.

මම කාර් එකෙන් මාතර යනවනම්, බොහෝ වෙලාවට ගමන පටන් ගන්නෙ ගල්කිස්සෙන් නිසා පානදුරෙන් හරවල ගිහින් තමයි අධිවේගී පාරට දමන්නෙ. ඉතින් පානදුර - හොරණ - රත්නපුර පාරෙන් අධිවේගෙට හැරෙන තැන් දෙකේදීම (එකක් කොලඹ පැත්තට, අනික ගාල්ල පැත්තට ) විදුලි ආලෝක සංඥා හෙවත් කලර් ලයිට්ස් හයි කරල තියනව රථවාහන පාලනයට.

මේ ගොඩේ පැතිවලට මොන කලර් ලයිට්ද? අන්න ඒ විදිහට තමයි සමහර යතුරුපැදි සහ පා පැදි ඔය තැන් වලින් යන්නෙ. දවසක් මම හොරන පාරෙන් හරවන්න කොල ලයිට් එකේදි හදනකොටම යතුරු පැදි දෙකක් අනිත් පැත්තෙන් ඇවිල්ල මගේ ගෑවී නොගෑවී ගියේ. ගිය සතියෙ එතනින්ම හොරන පාරට හරවනකොට යතුරු පැදියයි පා පැදියයි. හැප්පුමොත් ඉතින් අපි එපයි වගකියන්න / ගුටි කන්න.

තාම ඔය තැන් දෙක ට්‍රැෆික් රාලහාමිලාට ආරංචි වෙලා නැති පාටයි. නැත්නම් මල්ල කරේ තැනක් ඕක. හික්.

Image Source: http://www.slcj.lk/gallery_detail.php?gallery_id=29

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments