Monday, February 15, 2010

බෲනායි සංචාරය.

බෲනායි කියන රට ගැන අහල තියනවද? තියෙන්නෙ කොහෙද කියල දන්නවද? මොන වගේ රටක්ද කියල දන්නවද?

පසු ගිය කාලෙ මත අවස්ථාවක් ලැබුන බෲනායි වල සංචාරයක යෙදෙන්න. ඇත්තටම සංචාරයක් නෙමෙයි, රාජකාරි ගමනක්. ඒවුනාත ඉතින් පොඩ්ඩක් රටතොට බලාගනත් ලැබුන. ඉතින් මම කැමත්යි ඒ විස්තර හැමෝම එක්ක බෙදාගන්න.

බෲනායි මුස්ලිම් රටක්. හැබැයි ඉස්සර මේක බුද්ධාගම තිබිච්ච තැනක් හරියත මැලේසියාව වගේ. ප්‍රමානයෙන් ලංකාවෙන් 1/4 විතර ඇති. ජනගහනය නම් හුගක්ම අඩුයි. වැඩියෙන්ම ඉන්නෙ මැලේ ජාතිකයො. ඊලගට චීන ජාතිකයො. ප්‍රධාන ආගම ඉස්ලාම් කියල කියන්න ඌන නෑනෙ. ඒ වුනාත හුගක් නිදහස තියන රටක්.

බෲනායි වල අගනුවර බන්ඩාර් සේරි බගවාන් (bandar seri begawan). කතා කරන්නෙ මැලේ භාෂාවෙන්. මුදල් ඒකකය බෲනායි ඩොලර්. ඒක වටිනාකමෙන් සිංගප්පූරු ඩොලර් වලට ලගයි. ඇත්තටම සිංගප්පූරු ඩොලරුත් මුදල් විදිහත භාවිතා කරන්න පුලුවන්.

ඉතින් අදට ඇති වගේ නේද? මම මගේ කතාව මුල ඉදන් ඒලග සටහනෙන් පටන් ගන්නම්. එතකන් ඉවසන්න වෙනවා.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

No comments:

Post a Comment

Share/Bookmark

Recent Comments