Tuesday, September 27, 2011

ඔන්න මමත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියා....


හැමෝම පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් පොස්ට් එකක් දාන එකේ මමත් අතාරින්නෙ මොකද නේද?


ජයග්‍රාහී 10 වන වතාවට මම මේ පාර ප්‍රදර්ශනය බලන්න ගියා. පොත් ටිකකුත් ගත්තා. ටිකක්මත් නෙමෙයි, බලන්නකො දාල තියන ටික [තව අඩුයි මෙතන.. :-)].


මම හුගක් වෙලාවට ගන්නෙ පරිවර්තන පොත්. ඒකට ප්‍රධානම හේතුව මම කැමති ජාතියෙ යොවුන් සාහිත්‍ය පොත් ස්වතන්ත්‍ර විදිහට දැන් ලියවෙනව අඩුවීම, කුලසේන ෆොන්සේකා මහත්තයලගෙ කාලේන් පස්සෙ.

පොත් ප්‍රදර්ශනයට ගියාමත් මම ඇවිදින පිලිවෙලක් තියෙනව. සෙනග වැඩිවෙන තැන්වලට මුලින්ම. සාමන්‍යයෙන් හොදම පොත් ටිකක් අඩුවටම ගන්න පුලුවන් තැනක් තමයි විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය. හැබැයි දවල් වෙනකොට ලොකුම තදබදය තියෙන්නෙත් ඔතන. සෙනග වැඩිවෙන්න කලින් එතන පොත් ටික තෝරගෙන ඉක්මනටම මාරු උනා.

සිරිමාවො බන්ඩාරනායක ශාලාවෙ වැඩටික ඉවර කරගෙන ඉක්මනටම ගියා G ශාලාවට, මොකද සෙනග වැඩිඋනොත් ඒක වහන නිසා. එතනින් තමයි ඔය ආතර් C ක්ලාර්ක් මහත්තයගෙ පොත් එහෙම ගත්තෙ.

ඊට පස්සෙ බෞද්ධ පොත් ටිකකුත් තෝරගෙන ඉක්මනින්ම මාරුවුනා මොකද මේ අවුරුද්දෙ මගේ පොත් බජට් එක පැනපු නිසා. ආයිත් ඉතින් ලබන අවුරුද්දට තමයි.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, September 25, 2011

කෝච්චි ගැන එලකිරි පෝස්ට් එකක්....

ඊයෙ දැකපු වටිනා සටහනක් නිසා ඒකට පොඩි ප්‍රමෝශන් පාරක් දෙන්න හිතුන. මේක උඩුපුස්සැල්ලාව පැරනි දුම් රිය මාර්ගය ගැන. මමත් හුගක් පොඩි කාලේ ඕක පටන්ගන්න තැන ඉදන් ටිකදුරක් ගිහින් තියනව. බලන්නකො, ඒ වගේම මුල් අයිතිකාරයට සප් එකකුත් දීලම යන්නකො....

යන්න...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, July 23, 2011

ඇටි කෙහෙල්...


ඇටි කෙහෙල් දැකල තියනවද? ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? මෙන්න ලගදි මට යාලුවෙක් එවපු පිංතූර වගයක්. කාගෙද කියලනම් හරියට දන්නෙ නෑ. අයිතිකාරය ඉන්නවනම් සමාවෙන්න ඕන. කාගෙත් දැක ගැනීමට බ්ලොග් එකේ දානව.






විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, July 20, 2011

ලගකදි ත්‍රිකුණාමලයෙ යනවද? මෙන්න නවතින්න තැන්... (Trincomalee Accommodation)


පහුගිය දිග නිවාඩුවට ත්‍රිකුණාමලයෙ යන්න සෙට් උනා. ඉතින් නවතින්න හොද තැනක් හොයාගන්න පුදුම ගේමක් දුන්නෙ. මෙන්න හොයාගත්තු තැන් ගනන් හිලව් එක්කම කාගෙත් හිත සුව තකා.....

Welcombe Hotel - 026-2222373
FB - 11000
HB - 9200


Lotus Park Hotel - 026-2225327/8
FB - 11375
HB - 9975

Nilaveli garden Inn - 026-2232228

Green Park Beach Hotel - 026-2222369
FB - 7850
HB - 6600
RO - 4375

Medway Hotel - 0262227655

Sea View Hotel - Nilaveli - 026-4920016 / 026-4915224
RO - 3300 (Double room)
Family Room available for 8800 that can accommodate 8.

Hotel New Sea Lord - 026-2222396
FB - 4400
HB - 2200

New Silver Star Hotel - 026-2222348

Harbour View Guest House - 026-2222284
RO - 4500

Villa Guest house - 026-2222284

Palm Beach resort - 026-2221250
RO - 2500

Sarvodaya - 011-2647159


මමනම් නැවතුනේ Sea View Hotel නිලාවැලි වල. ලස්සන තැනක්, හැබැයි පහසුකම් වල හැටියට ගාන පොඩ්ඩක් සැරයි. හිරු උදාව බලන්නනම් නියම තැන. සාමාන්යයෙන් නිලාවැලි වල කාමර ගනන් වැඩියි ත්‍රිකුනාමලයට වඩා. ඒකත් මතක තියාගන්න.

මේ තැන් ගැන ගුන අගුන දන්නවනම් හරි තවත් තැන් ගැන දන්නවනම් හරි අදහස් එකතු කරන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 24, 2011

මහින්දාගමනයයි කිංහන්තරුයි...

ප්‍රසිද්ද අකුරු තුනේ සොෆ්ට්වෙයා කොම්පැනියක ඉන්නව අපි දන්න කියන ගැහැනුලමයෙක්. මේ ලමය ඉරිදට ඉරිදට ගමේ දහම් පාසලේ උගන්නන්නත් යනව.


ඉතින් පොසොන් පෝයට කලින් සතියෙ මහින්දාගමනය ෆිල්ම් එක බලන්න ගියපු මේ ලමය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලිලා ගිහින් ඊලග ඉරිදා දහම් පාසලට ගිහින් උගන්වන ගමන් මෙහෙම ඇහුව.

"ලමයි දන්නවද මහින්දාගමනය කියන්නෙ මොකක්ද කියල???"


ඔන්න ඉතින් අතවල් කිහිපයක්ම ඉස්සුනා. එක්කෙනෙක් නැගිටලම උත්තරය දුන්න.

"ටීචර්, ටීචර්, මහින්දාගමනය කියන්නෙ ගියමාසෙ ආපු ෆිල්ම් එකක්නෙ. දැන් තියෙන්නෙ ඊට වඩා හොද එකක්, කිංහන්තර්"

හික්ස්....



ප.ලි:
ටියුබ් ලයිට් කට්ටිය අත උස්සන්න බලන්න....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, June 10, 2011

මෙන්න තවත් පූසෙක්....



මෙන්න තවත් පූසෙක්.... පුලුවන් නම් හොයන්නකො බලන්න.

කලින් පූසා සොයන්න මෙතනට කොටන්න...

Tuesday, June 7, 2011

පුලුවන්නම් සොයන්න...


මේ පින්තූරෙ පූසෙක් ඉන්නව. පුලුවන් නම් හොයන්නකො බලන්න.

ඕනනම් පින්තූරෙ උඩ කොටල ලොකු කර ගන්න. ඔයාලගෙ පෙනීම කොච්චර හොදද කියල බලන්නකො...




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments