Monday, February 22, 2010

බෲනායි සංචාරය සදහා සූදානම්වීම...

මම පසුගිය දවසක බෲනායි ගැන ලිපියක් ලියුව මතක ඇතිනේ. ඒක ඇත්තටම සෑහෙන නිදිමතේ ඉදගෙන ලියපු ලිපියක්. ඒත් ඉතින් ඒකෙන් අලුත් බ්ලොග් සටහන් මාලාවකට ආරම්භයක් ලබාගන්න තමයි මේ හදන්නෙ.

රටකින් රටකට යන්න කලින් ලෑස්ති කර ගන්න ඕන දේවල් බොහොමයි. මුලින්ම ටිකට් එකක් ගන්න ඕන. ඊලගට වීසා සූදානම් කරගන්න ඕන. ඒ ඔක්කොටම වඩා මම මේ රට යන පලමු අවස්ථාව. ඉතින් තව කොච්චර දේවල් තියනවද ලෑස්තිකරගන්න.

ලංකාවෙ බෲනයි තානාපති කාර්යාලයක් නෑ. ඉතින් වීසා ගන්න එක තමයි ලොකුම වැඩේ. කොහොමින් කොහොමින් හරි මේ ගමන මගේ රාජකාරි ස්ථානයෙන් යන එකක් නිසා ඔන් අරයිවල් (On Arrival) වීසා එකක් ගන්න මට පුලුවන් උනා. ඒකෙ තෙරුම තමයි මට වීසා දෙන්න බෲනායි රට පොරොන්දු වීම. හැබැයි ඒක ලැබෙන්නෙ එහෙට ගියාම තමයි. හැබැයි වීසා දෙනව කියල පොරොන්දු වෙච්ච ලිපියක් මගේ අතට ලැබුන. (බොරු පොරොන්දු නෙමෙයි හොදද.)
ඔන්න ඉතින් ඊලග වැඩේ තමයි ටිකට් එක ගන්න එක. ලංකාවෙ ඉදන් කෙලින්ම බෲනායි යන්න බෑ. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටක් හරහා තමයි යන්න ඕන. මම හොයාගත්ත විදිහට නම් ලාභම සිංගප්පූරුව හරහා යන එක තමයි. ඉතින් මමත් සිංගප්පූරු ගුවන් සේවාවට ටිකට් එකක් වෙන්කර ගත්ත.

යන්තන් ටිකට් එකයි වීසායි හරි. ඊලගට ඉතින් වියදම් කරන්න සල්ලි එපයි. අපේ වැඩකරන තැනින් ඒකටනම් හොදට ලැබුන. දවසකට ඩොලර් 30 ගානෙ. ඒකට කියන්නෙ පර්-ඩියම් (per dium) කියල.

ඉතින් මට ලියුමක් දීල කියුව බැංකුවට ගිහින් සල්ලි අරන් එන්න කියල. ඉතින් බැංකුවට ගිහින් මගේ ටිකට් එකයි වීසා ලියුමයි පෙන්නුවම මට සල්ලි ලැබුන. රට යන බව ඔප්පු කරන්න ලියකියවිලි නැත්නම් රට සල්ලි ගන්න බෑ. අනිවාර්යයෙන්ම ටිකට් එක සහ වීසා පෙන්නන්න ඕන. සිංගප්පූරුව වගේ වීසා ඕනනැති රටවලට විතරක් ටිකට් එක පෙන්නුවම ඇති.

ඉතින් මම රට ඉන්න දවස් ගානෙ හැටියට මට ඩොලර් 600ක් විතර ලැබෙන්න තිබුන. හැබැයි කොලවලින් ලැබුනෙ 500. ඒක තමයි ගෙනියන්න පුලුවන් වැඩිම ගාන. ඉතිරිය ලැබුනෙ Travellers Cheques විදිහට.

ඉතින් දැන් යන්න සියලුම දේවල් ලෑස්තියි. කිලෝ 30 ලොකු බෑග් එකයි කිලෝ 7 පොඩි බෑග් එකයිත් හරි. ඔන්න පිටත් වෙන්න තියෙන්නෙ හෙට. ඒ විස්තර ඊලග දවසෙ ලියන්නම්.

මගදි ගත්ත පින්තූර ටිකකුත් බලාපොරොත්තුවන්න.


ප.ලි.: මේ මගේ 50 වන බ්ලොග් සටහන. ලොකු දුරක් ඇවිල්ල ඒ කියන්නෙ මම. :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. ගමනට සුබ පැතුම්!
    ප්ලේන් එකේ යද්දි ජනේලෙන් එළියට ඔළුව එහෙම දානව නෙවෙයි!

    ReplyDelete
  2. Congratulations on the 50th Post ! Keep on writing !

    ReplyDelete

Share/Bookmark

Recent Comments