Friday, February 5, 2010

තැපැල් ඡන්දය....

මේපාර ඡන්දයෙන් පස්සෙ මත ලොකු ප්‍රෂ්නයක් ආව රජයේ සේවකයෙක් තැපැල් ඡන්දයට සුදුසුකම් ලබන්නෙ කොහොමද කියල.

ප්‍රශ්නයට ප්‍රධාන හේතුව උනේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ එතුමාගෙ ප්‍රකාෂකයන්ගෙ කරුනු දැක්වීමක්. එයින් කියවුනේ හමුදා සේවයෙන් ඉවත් වූ නිසා 2008 සදහා ඡන්ද හිමි නාමලේකනයේ නම නැතිබව.

සාමාන්‍යයෙන් රජයේ සේවකයකු නියම පරිදි ඡන්ද හිමි නාම ලේඛනයෙ ලියාපදිංචි වෙලා තමයි තැපැල් ඡන්දයත ඉල්ලුම් කරන්න ඕන. හමුදා සේවය සදහා මේක වෙනස්ද කියල මම හරියතම දන්නෙ නෑ. ඈ අනුව ඌනම රජයේ සේවකයකුගෙ නම අදාල ඡන්ද හිමි නාම ලේඛනයෙ තියෙන්න ඌන. සේවයෙන් විශ්‍රම ගියා කියල ඒක වෙනස් වෙන්න විදිහක් නෑ.

නමුත් කවුරු හරි දන්නවද හමුදා සේවය සදහා මේ ක්‍රමය වෙනස්ද කියල. ඒ කියන්නෙ හමුදාවෙ සේවය කරන අය ගෙදරින් ලියාපදිංචි වෙන්න ඌන නෑ, හමුදාවෙන් වෙනමම ලියාපදිංචි කරනව.

කරුනාකර අදහස් දක්වන්න...


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. ඔතන නම් වෙලා තියෙන්නේ මේකයි.

    දැන් ෆොන්සේකාට රට පාලනය කරන්න දූෂණය නැති කරන්න රටේ සංවර්ධනය වේගවත් රටේ නැතිවුණු ප්රොජාතන්ත්රනවාදය නැවත ස්ථාපිත කරන්න හැකියාව තියෙන විශිෂ්ට නායකයෙක් නේ. (එහෙමනේ කට්ටිය කිවුවේ.)

    හැබැයි ඕවා කරන්න ඡන්දේ දාලා තියෙන්න හරි ඡන්දය දෙන්න ඕන විදිහ දැන ගන්න හරි ඡන්ද ගණන් කරලා ප්රනතිඵල එන විදිහ හරි දැන ගන්න ඕන නෑ. ඒක ප්රගජාතන්ත්රණවාදී සමාජයක පුරවැසියකුගේ මූලිකම අයිතිවාසිකම වගේම යුතුකම කියලා දැන ගන්න ඕනත් නෑ.

    ඕං ඕකයි වැඩේ.

    තේජාන් රත්නායක

    http://lankanthoughts.blogpsot.com

    ReplyDelete
  2. අනේ ඇත්ත තමයි තේජාන් යුද්ධේ ක‍්රද්දී ඔය මුකුත් ඔනේ නෑනේ ~!

    ReplyDelete

Share/Bookmark

Recent Comments