Thursday, February 18, 2010

ආඝාතය - Stroke - වැදගත් කරුනු කිහිපයක්...

ආඝාතය හෙවත් STROKE ගැන අපි වැඩිය කරුනු දන්නෙ නෑ. මොකද අපි වැඩිය ඒවගේ ලෙඩ ගැන උනන්දු නැතිනිසා. නමුත් නියම විදියට ඉක්මනට ආඝාතය හදුන ගන්න පුලුවන් උනොත් ජීවිතයක් උනත් බේරගන්න පුලුවන්.

ආඝාතයත හේතුව මම දන්න විදිහට මොලයේ කේශනාලිකවක ලේ කැටියක් හිරවීම. ඉතින් මේක නිසා මොලයේ කොටසකට ලේ ගමනාගමනය නැතිවෙලා එම කොටස මියයෑම නිසා ශරීරයේ කොටසක් පන නැතිවෙන්න පුලුවන්.

ඉතින් හැකිතරම් ඉක්මනට රෝගය හදුන ගත්තොත් බෙහෙත් මගින් රුධිර කැටිය දියකිරීම මගින් රෝගියා බේරගන්න පුලුවන්.


ඉතින් අපි කොහොමද කාට හරි ආඝාතයක් ඇතිවීගෙන එනවද කියල අදුන ගන්නෙ???

1. අදාල පුද්ගලයාට සිනාවෙන්න කියන්න. ආඝාත තත්වයක් තියනවනම් කට ඇදවීමක් ඇතිවෙන්න පුලුවන් හිනාවෙනකොට.
2. අදාල පුද්ගලයාට සරල වචන කිහිපයක් කතාකරන්න කියන්න. උදා: දැන් වෙලාව දහයයි.
3. අදාල පුද්ගලයාට අත් දෙකම උස්සන්න කියන්න.

මේ මොනම අවස්තාවක හරි අමුතු බවක් තිබුනොත් වහාම ප්‍රතිකාර සදහා යොමු කරවන එක තමයි හොද.

වැඩි විස්තර දන්නවනම් අදහස් ලියන්න. වැරදි තියනවනම් ඒවත් පෙන්නල දෙන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

Share/Bookmark

Recent Comments