Thursday, June 21, 2012

If she is 7 why cant she walk??? - එයාට වයස 7 නම් ඇයි එයාට ඇවිදින්න බැරි?



ගිය ඉරිදා මගෙ බැචෙක්ගෙ පුතාගෙ දෙවැනි උපන්දිනය යෙදිල තිබුන. පුතාගෙ නම චනූ. බැචා වැඩ කරන්නෙ ලංකාවෙ තියන එකම, නැව් හදන කොම්පැනියෙ. මෙයා ටිකක් සීනියර් පොරක් නිසා නිල නිවාසයක් එහෙමත් දීල තියෙන්නෙ. උපන්දින උත්සවේ තිබුනෙත් ඔතනම තමයි.

පදුර වටේ තැලුව ඇති, දැන් කතාවට. උත්සවේට ඇවිල්ල හිටිය සෑහෙන්න පිරිසක්. අපේ යාලුවො වගේම අවට නිල නිවාසවල කට්ටියත්. පොඩි ලමයිනුත් සෑහෙන්න හිටි නිසා හරියට මොන්ටිසෝරියක් වගේ.

අපේ මාස හතේ පොඩි එක්කෙනත් එක්ක බිරිද ගියා ලමයි ඉන්න කට්ටියටම වෙන්කරපු කාමරේට පොඩි එක්කෙනගෙ ඇදුම් මාරු කරගෙන එන්න. කෙසෙක් ගෙඩියක් කාල ඒව ඇගපුරාම ගාගෙන හිටියෙ බබා ඒ වෙලාව වෙනකොට.

ඔය අස්සෙ අවුරුදු 4ක විතර පොඩි එකෙක් ඇවිල්ල මගේ බිරිදගෙන් මෙහෙම අහනව.

මෙයාට ඇවිදින්න බැරිද?
තාම බෑනෙ.

දත් තියනවද?
නෑ.

දැන් වයස කීයද?
මාස හතයි.

If she is 7, why can't she walk? චනූට හොදට ඇවිදින්න පුලුවන්නෙ.

මෙයාට තාම තේරෙන්නෙ නෑනෙ අවුරුදු 2යි මාස 7යි අතර වෙනස. ඒ වුනාට ලමා ලෝකය කොච්චර සුන්දරද?


Image Source : http://fineartamerica.com/featured/brother-and-sister-joni-mcpherson.html

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. පුංච් උන්ගේ ලෝකය කොච්චර ලස්සනද .

    ReplyDelete
  2. :D ජීවිතේ සැහැල්ලුම කාලේ. ඒ වගේම දකින අහන හැම දෙයක් ගැනම ප්‍රශ්න කෝටියක් ඇති වෙන කාලේ!

    ReplyDelete
  3. මේ විදිහටම ඉස්සරහටත් සුන්දර විදිහට හිටියොත් තමා හොඳ

    ReplyDelete

Share/Bookmark

Recent Comments