ඔන්න එක අවුරුද්දක මොරටුවෙ ගෘහනිර්මාණ ෆැකල්ටියේ රැග් එක දෙන වෙලාවක අලුත් බැචේ සෙට් එකක් අල්ලගත්තු සින්නෙක් උන්ව වාත කරනවලු. ඔන්න ඉතින් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් සින්න මෙහෙම අහනවලු:
සින්නා: නංගි, තමුසෙ කොහේද?
ජුන්නියා: අයියෙ, මම කොලඹ.
සින්නා: කොලඹ කොහේද?
ජුන්නියා: කොලඹ හොරණෙ.
සින්නා: හොරණ කොහොමද යකෝ කොලඹ වෙන්නෙ?
ජුන්නියා: නෑ අයියෙ එක බස් එකයිනෙ.
ඉතින් වාත කිසිල්ල ඉවර වේගෙන එනකොට දෙගොල්ලොම හොදට සෙට් වෙනවනෙ. ඉතින් එහෙම වේගෙන එනකොට සින්න කියනවලු මෙහෙම:
සින්නා: දැන් තමුසෙලට මගෙන් මොනවහරි අහන්න තියනවද?
ජුන්නෙක්: අයිය කොහෙද ඉන්නෙ?
සින්නා: මමත් කොලඹ තමයි ඉන්නෙ.
ජුන්නෙක්: අයිය කොලඹ කොහෙද?
සින්නා: කොලඹ අම්පාරෙ, ඇයි එක බස් එකයිනෙ මෙහෙ ඉදන්. එතකොට තමුසෙ කොහෙද?
ජුන්නෙක්: මීගමුවෙ ඉන්නෙ අයියෙ.
සින්නා: යකෝ, මීගමුවෙ නෙවෙයි, ඉතාලිය කියල කියපිය.
ප.ලි.: ටියුබ් ලයිට් කට්ටියගෙ දැන ගැනීම සදහා: කලකට පෙර මීගමුවේ සිට ඉතාලියට යාම සදහා එක බෝට්ටුවක් ප්‍රමානවත් විය.
ප.ප.ලි.: මේ කතාව කියවුනේ අපේ ඔෆීසියෙ යාලුවෙක් මුල් කරගෙන. මිනිහ බුලත්සිංහල, ඒකනිසා කොලඹ කියල කියන්න බෑ, මොකද බුලත්සිංහල ඉදන් කොලඹට බස් එකක් නෑ.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
බොලේ මාත් කොළඹ! :-)
ReplyDeleteඅඩේ එහෙනම් මමත් ඉතාලියේ. එක බස් ඒකෙන් මීගමුවේ, මීගමුව කියන්නේ ඉතාලියනේ....... :D
ReplyDeleteබුලත්සිංහල ඉඳන් එකම එක බස් එකක් උදේට එනවා කොළඹට... අයේ හවසටත් තියෙනවා...
ReplyDeleteආව් අම්මා.. මමත් කොළඹනේ..
ReplyDeleteඵල ඵැල මමත් කොළඹ..
ReplyDeleteමම මීගමුවේ. ;)
ReplyDeleteekiyenne mama kolaba idan ithaliya pahu karagena kolaba yanawa.maraine.
ReplyDeleteela
ReplyDeleteදැන් එතකොට මම කොහෙද බොලව්. හික්. ජය...!
ReplyDeleteමම කොළඹ නෙවෙයි!! :(( බස් දෙකක් ඕනිනේ මට!!!!
ReplyDeleteෂා... මමත් හොංකොං :D
ReplyDelete