Tuesday, June 5, 2012

අපේ කට්ටිය දෙමල විභාගෙ පාස් කරපු හැටි.



රජයේ සේවයෙ ඉන්න හැමෝම සමත් වෙන්න ඕන විභාග වගයක් තියනවනෙ. ඕකට කියන්නෙ ඊබා කියලද කොහෙද. ඉතින් මගේ යාලුවෙකුත් පහුගිය දවසක ගියා ඕකෙ එක කොටසක් වෙන දෙමල විභාගෙට.

වැඩේ තියෙන්නෙ මේ දෙමල විභාගෙ කතා කරන්න ඕන ටෙස්ට් එකක් වීම. ලියල ගොඩ යනව වගේ නෙමෙයිනෙ කතාකරන එක. ඔන්න ඉතින් මගේ යාලුවා දොස්තර කෙනෙක්. කලින් වැඩකලේ නෝනා වාට්ටුවේ (LRH - Lady Ridgway Hospital). දැන් වැඩකරන්නෙ කරාපිටියෙ ETU එකේ.

කට්ටිය විබාගෙට යනකොටම දන්නම මොන වගේ දේවල්ද වැඩිපුර අහන්නෙ කියල. ඉතින් මයි සෙල්ෆ්, එතකොට ලෙඩෙකුගෙන් විස්තර අහන හැටි වගේ පොදු දේවල් ඔක්කොම වගේ ගිරව දාගෙන තමයි ගිහින් තියෙන්නෙ.

සුපුරුදු පරිදි ඉස්සෙල්ලම ඇහුවලු තමන් ගැන. ඉතින් මිනිහත් අමාරුවෙන් කියාගත්තලු තමන් ගැන. රම්පෙට පොරි හැලෙන්න, කට පාඩම් කරපුව කියාගෙන යන එකත් ගේමක්ද නේද? ඊට පස්සෙ අහනවලු කලින් වැඩ කලේ කොතනද කියල. යාලුව කියුවලු මහ ඉස්පිරිතාලේ කායික රෝග අංශයෙ කියල මොකද ලමයින්ගෙ වාට්ටුවක කියුවොත් ප්‍රශන අහනවලු හෝ ගාල දෙමලෙන්.

ඊලග ප්‍රශ්නය: දැන කොහේද වැඩකරන්නෙ? මම කලින් කියුවනෙ මිනිහ ETU කියල. හැබැයි උත්තරේ නම් මාතර රෝහලේ ලේ බැංකුව කියන එක. මොකද ETU කියුවොත් අහන ප්‍රශ්න දරුනු වැඩි නිසා.

ඔන්න ඉතින් වැඩේ නැගල යනවලු. සමහර ප්‍රශ්න වලට උත්තරේ කටේ තියනවලු, දෙමලෙන් එන්නෙ නෑලු. ඔහොම ගිහිල්ල ගිහිල්ල දොස්තරය දෙමලෙන් ඇහුවලු කෙනෙක්ගෙන් ලේ අරන් ඉවර උනාට පස්සෙ මොනවද බලන්න ඕන කියල. මෙතනදි කියන්න ඕන කලන්තෙද බලනව, බර වාහන එලවන්න එපා කියනව වගේ දේවල්. ඕකටත් යන්තන් ගලපල උත්තර දීගත්තලු.

මෙන්න බොලේ ඊට පස්සෙ අහනවලු ඔන්න එකපාරටම ලේඩාගෙ සිහිය නැති වේගෙන යනව, එතකොට ලග ඉන්න හෙදියට මොකක්ද කියන්නෙ කියල. යාලුවගෙ කටට උත්තරේ එනවලු, හැබැයි දෙමල නම් මතක් වෙන්නෙම නැතිලු. ඔන්න එතකොට තමයි මිනිහට ගනදෙවි නුවන පහල වෙලා තියෙන්නෙ. ලෙඩා එක්ක දෙමලෙන් කතා කරන්න ඕන උනාට හෙදිය එක්ක එහෙම ඕන නෑනෙ. මිනිහ කියන්න ඕන ටික ඉංග්‍රීසියෙන් කියාගෙන ගියාලු. ඉන්ටර්විව් කරපු දොස්තරයටත් කට උත්තර නැතිලු, මොකෝ වැඩේ කිසි වැරැද්දක් නෑනේ.

Image Source: http://purduecco.wordpress.com/2012/02/21/what-are-informational-interviews/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

7 comments:

  1. පාස් කරන්නම ඔනේ ඔය නුවණට නම්.. :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දෙමළ භාෂාව ඉගනගන්ඩ උනන්දු කරන එක ගොඩක් වටිනවා.මම දෙමළ නොදන්න නිසා කොච්චර අපහසුතාවයට පත්වෙලා තියනවද

    ReplyDelete
  5. මාත් ලිව්ව. පාස්ද දන්නෙ නෑ. පාස් උනොත් ඔය කට්ට කන්න වෙනව!

    ReplyDelete
  6. හෙදිය දන්නෙත් දෙමළ විතරයි කියලා කිව්වා නම් තමා වැඩේ....

    ReplyDelete

Share/Bookmark

Recent Comments