Thursday, June 14, 2012

නංගි මම කොලඹ අම්පාරෙ....



ඔන්න එක අවුරුද්දක මොරටුවෙ ගෘහනිර්මාණ ෆැකල්ටියේ රැග් එක දෙන වෙලාවක අලුත් බැචේ සෙට් එකක් අල්ලගත්තු සින්නෙක් උන්ව වාත කරනවලු. ඔන්න ඉතින් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් සින්න මෙහෙම අහනවලු:

සින්නා: නංගි, තමුසෙ කොහේද?
ජුන්නියා: අයියෙ, මම කොලඹ.
සින්නා: කොලඹ කොහේද?
ජුන්නියා: කොලඹ හොරණෙ.
සින්නා: හොරණ කොහොමද යකෝ කොලඹ වෙන්නෙ?
ජුන්නියා: නෑ අයියෙ එක බස් එකයිනෙ.


ඉතින් වාත කිසිල්ල ඉවර වේගෙන එනකොට දෙගොල්ලොම හොදට සෙට් වෙනවනෙ. ඉතින් එහෙම වේගෙන එනකොට සින්න කියනවලු මෙහෙම:

සින්නා: දැන් තමුසෙලට මගෙන් මොනවහරි අහන්න තියනවද?
ජුන්නෙක්: අයිය කොහෙද ඉන්නෙ?
සින්නා: මමත් කොලඹ තමයි ඉන්නෙ.
ජුන්නෙක්: අයිය කොලඹ කොහෙද?
සින්නා: කොලඹ අම්පාරෙ, ඇයි එක බස් එකයිනෙ මෙහෙ ඉදන්. එතකොට තමුසෙ කොහෙද?
ජුන්නෙක්: මීගමුවෙ ඉන්නෙ අයියෙ.
සින්නා: යකෝ, මීගමුවෙ නෙවෙයි, ඉතාලිය කියල කියපිය.


ප.ලි.: ටියුබ් ලයිට් කට්ටියගෙ දැන ගැනීම සදහා: කලකට පෙර මීගමුවේ සිට ඉතාලියට යාම සදහා එක බෝට්ටුවක් ප්‍රමානවත් විය.

ප.ප.ලි.: මේ කතාව කියවුනේ අපේ ඔෆීසියෙ යාලුවෙක් මුල් කරගෙන. මිනිහ බුලත්සිංහල, ඒකනිසා කොලඹ කියල කියන්න බෑ, මොකද බුලත්සිංහල ඉදන් කොලඹට බස් එකක් නෑ.




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

11 comments:

  1. බොලේ මාත් කොළඹ! :-)

    ReplyDelete
  2. අඩේ එහෙනම් මමත් ඉතාලියේ. එක බස් ඒකෙන් මීගමුවේ, මීගමුව කියන්නේ ඉතාලියනේ....... :D

    ReplyDelete
  3. බුලත්සිංහල ඉඳන් එකම එක බස් එකක් උදේට එනවා කොළඹට... අයේ හවසටත් තියෙනවා...

    ReplyDelete
  4. ආව් අම්මා.. මමත් කොළඹනේ..

    ReplyDelete
  5. ඵල ඵැල මමත් කොළඹ..

    ReplyDelete
  6. මම මීගමුවේ. ;)

    ReplyDelete
  7. ekiyenne mama kolaba idan ithaliya pahu karagena kolaba yanawa.maraine.

    ReplyDelete
  8. දැන් එතකොට මම කොහෙද බොලව්. හික්. ජය...!

    ReplyDelete
  9. මම කොළඹ නෙවෙයි!! :(( බස් දෙකක් ඕනිනේ මට!!!!

    ReplyDelete
  10. ෂා... මමත් හොංකොං :D

    ReplyDelete

Share/Bookmark

Recent Comments