Tuesday, June 12, 2012

හොරණ පැත්තෙ ට්‍රෆික් රාලහාමිලාට හොද ආරංචියක්



අපේ රාලහාමිල හරි ආසයිනෙ අස්සවල්වල හැන්ගිල ඉදල හොර අල්ලන්න. මතකනෙ මම කලින් අනුරාධපුරේ යනකොට වෙච්ච සිද්දිය.

මම කාර් එකෙන් මාතර යනවනම්, බොහෝ වෙලාවට ගමන පටන් ගන්නෙ ගල්කිස්සෙන් නිසා පානදුරෙන් හරවල ගිහින් තමයි අධිවේගී පාරට දමන්නෙ. ඉතින් පානදුර - හොරණ - රත්නපුර පාරෙන් අධිවේගෙට හැරෙන තැන් දෙකේදීම (එකක් කොලඹ පැත්තට, අනික ගාල්ල පැත්තට ) විදුලි ආලෝක සංඥා හෙවත් කලර් ලයිට්ස් හයි කරල තියනව රථවාහන පාලනයට.

මේ ගොඩේ පැතිවලට මොන කලර් ලයිට්ද? අන්න ඒ විදිහට තමයි සමහර යතුරුපැදි සහ පා පැදි ඔය තැන් වලින් යන්නෙ. දවසක් මම හොරන පාරෙන් හරවන්න කොල ලයිට් එකේදි හදනකොටම යතුරු පැදි දෙකක් අනිත් පැත්තෙන් ඇවිල්ල මගේ ගෑවී නොගෑවී ගියේ. ගිය සතියෙ එතනින්ම හොරන පාරට හරවනකොට යතුරු පැදියයි පා පැදියයි. හැප්පුමොත් ඉතින් අපි එපයි වගකියන්න / ගුටි කන්න.

තාම ඔය තැන් දෙක ට්‍රැෆික් රාලහාමිලාට ආරංචි වෙලා නැති පාටයි. නැත්නම් මල්ල කරේ තැනක් ඕක. හික්.

Image Source: http://www.slcj.lk/gallery_detail.php?gallery_id=29

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. මෙන්න ආදර්ශමත් පුරුවැසියෝ :)

    ReplyDelete
  2. ඔබ තුමා නීති ගරුකව යනවා නම් එහෙම යන්න ..ඔයා බය උනා කියල අහින්සක බයික් කාරයෙක් පොලිසියට මට්ටු කරල දීල නිවට සතුටක් ලබන්න තරම් පහත්.......සමහර විට ඔබතුමාට ඊරිසිය ඇති ඔයාගේ කාර් කට්ට නවතන් ඉන්නකොට පුෂ් බයිසිකල් කාරයෙක් රිංගල යනකොට...බොහෝ විට මම ඔබතුමාට වඩා වටිනා වාහනයක පාවිච්චි කරනව ඇති..ඒත් කවදාවත් අහිංසක පුෂ් බයිසිකල් කාරයෙක් අස්සෙන් රිංගල ගිය කියල අහිතක් හිතල නෑ.එහෙම මිහිහෙක්ට අයින් වෙන්න කියල ලෙසියකට හෝන් එක ගහන්නෙත් නෑ.මොකද මමත් පොඩි කාලේ බයිසිකල් පැදලා තියන නිසා.තමුසේ වගේ නිවට ආත්මාර්ථකාමීයනව ඉතිහාසෙනුත් අතුගාල දාන්න ඕන.පොඩි මිනිහෙක්ට මිනිහෙක්ට දඩ කොලයක් ලියවල සතුටු වෙන සුනකයන්ව ගල් කණුවක් බෙල්ලේ බැදලා ගගකට දාන්න ඕන.මොකද පොව්රානික ගල් කණු බලන්න සුද්දෝ ආපු කාලේ ගියා..

    ReplyDelete
  3. @කම්බිකූරු: මමත් බයිසිකල් පැදල තියනව. පොඩි කාලෙ ඉදන් ඉස්කෝලෙ ගියේ ඒවයෙ තමයි. නැතුව අපුව කාර් වල ගෙනියන්න රජයේ සේවකයො වෙච්ච දෙමවුපියන්ට සල්ලි තිබුනෙ නෑ.

    ඒ උනත් රතු එලිය වැටිල තියනකොට තමන් යනව කියන එක මොන ලොක්ක පොඩ්ඩ කලත් වැරදියි. ඒක මොන්ටෙරෝ කාරයටත් පොදුයි. ඔයා හිතෙනවනම් හෝන් එකක් නැති නිසා එයා රතු එලියෙ යන එක හරිය කියල ඔයාගෙ තත්වය ගැන හිතාගන්න පුලුවන්. මේ රට හදන්න බැරි ඔයා වගේ අය නිසා. මොකද වැරදිලවත් අනතුරක් උනානම් කාගෙ වැරැද්ද උනත් හානි වෙන්නෙ බයිසිකල් කාරයට. කාර් එක හදාගන්න එක නම් රක්ශනයෙන් කරගන්න පුලුවන්.

    ඔයා හරියට කියන්නෙ බයිසිකල් කාරය වැරදි කරාම ලියන එක වැරදියි, සුනඛ වැඩක් කියල. මටනම් හිතෙන්නෙ ඔයා තමයි සුනඛය කියල.

    ReplyDelete

Share/Bookmark

Recent Comments